'දඩ Selfie' ගැන පොලිසියේත් ප්‍රසාදය

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    'දඩ Selfie' ගැන පොලිසියේත් ප්‍රසාදය

    මේ දිනවල තරුණයන් අතර ප්‍රචලිත වෙමින් පවතින 'දඩ selfie' හෙවත් 'පොල්ෆි' රැල්ල කෙරෙහි පොලිසියේ විරෝධතාවක් නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

    'ඒෂියන් මිරර්' විසින් කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ ඇති වී තිබෙන නව රැල්ල පොලිසියේ වැඩ කටයුතු තවත් පහසු කරන බවයි.

    'දඩ selfie' නිසා පොලිස් නිලධාරීන්ට තම රාජකාරිය වඩාත් මිත්‍රශීලී ලෙස ඉටු කළ හැකි වන බවත් ඊට අමතරව නඩු කටයුත්තකදී අවශ්‍ය වුවහොත් එසේ ගන්නා ලද selfie ඡායාරූපය එම පුද්ගලයාටම එරෙහිව භාවිතා කිරීමට හැකිවනු ඇති බවත් රුවන් ගුණසේකර මහතා පවසා සිටියේ ය.

    එම නිසා රාජකාරිය අතරතුරදී එසේ ඡායාරූප ගැනීම පිලිබඳ නීතිමය ක්‍රියාමාර්ගයකට එළඹීමට බලාපොරොත්තු නොවන බව ගුණසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    ෆේස්බුක් සමාජ ජාලය තුල මේ වන විට අතිශය ජනප්‍රිය වී ඇති 'දඩ selfie' වලින් සිදු වන්නේ මාර්ග නීති කඩ කළ අවස්ථාවක පොලිසියෙන් දඩ නියමකරන විටදී එම ස්ථානයේදී ගන්නා 'සෙල්ෆි' ඡායාරූප ෆේස්බුක් අඩවිය වෙත එක් කිරීමයි.

    ඒ ඡායාරූප වෙනුවෙන් නවතම ෆේස්බුක් පිටුවක් පවා මේ වන විට නිර්මාණය වී ඇත

    Audio- https://soundcloud.com/asianmirrorlk/e384twbbct6w

    ගත්තේ මෙතනින් - http://sinhala.asianmirror.lk/local-news/item/12970-selfie-audio
     
    • Like
    Reactions: hector@troy

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    3166q1h.jpg
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :lol:

    illan kanawa kiyanne mewata thamai
    ඔව් බං එත් මට අවුල තියෙන්නේ ෆොටෝ එක ගහල කොහෙවත් දැම්මේ නැති උනොත් කොහොමද නඩු කටයුත්තට යොදා ගන්නේ කියල
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඔව් බං එත් මට අවුල තියෙන්නේ ෆොටෝ එක ගහල කොහෙවත් දැම්මේ නැති උනොත් කොහොමද නඩු කටයුත්තට යොදා ගන්නේ කියල
    itin utto photo ekak gahanne hawasata gedara gihin police karaya balan athe gahannada bola. :angry: social media wala porak wenna
     

    Similar threads