දතක් පිරෙව්වා. 🦷🦷🦷 ගාල්ලේ අයට වැදගත්

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    පහුගිය කාලෙ හක්කෙ දත්ක් හෑරිලා තිබුනේ. මන් හිතුවෙ ගලවන්න වෙයි කියල. කැක්කුමක් නැති නිසා ඔහේ තිබුනා යන්න උවමනාවක් උනෙත් නෑ. යාලුවෙකුත් දතක් ගලවන්න ඕන කියල කිය කිය ඉදලා ඊයේ කෝල් කරල කිව්ව මහමෝදර ක්ලින්ක් එකට.දැන් මාතෲ හා ලමා ඒකකය කරාපිටියට ගෙනිහින් නිසා කිසිම රශ් එකක් නෑ. සෙනගත් නෑ.
    මාත් ගියා උදේ අටට ගියේ අටහමාරට නම් රෙජිස්ටර් කරගත්තා. ඊට පස්සෙ අංක පිළිවෙලට ඩෙන්ටල් රූම් එකට කතා කරලා පිරෙව්වා. දත චෙක් කරල පුරවල බලල අවුලක් උනොත් සති තුනකින් එන්න කිව්ව. මේක කරාපිටියෙන් කරන්න නම් හෙන වෙලාවක් යනවා. පැය දෙකෙන් කරගත්තා.

    දත උගුල්ලනවනම් මුලින් ඉන්ජෙක්ශන් එක ගහල ටිකක් ඉන්න කියනවා. අමාරු කේස් එකක් නම් එක්ස් රේ එකක් ගන්න වෙනව එහෙම උනොත් වැඩේ අමාරුයි එක්ස් රේ එක පිටින් හරි, නැත්නම් කරාපිටි යන්න වෙනවා කරාපිටියෙ දින දෙනවා මාස ගනන් ඉස්සරහට දාලා. :dull: :dull: :dull:

    මාත් එක්ක ගියපු එකාට එක්ස්‍රේ එකක් ගන්න කිව්ව නිසා වැඩේ කරගන්න බැරි උනා ඌට. 😑😑😑

    ගාල්ලෙ කට්ටිය මහමෝදරට යන්න, ලේසියි. සෙනගත් නෑ.නම්බර්ස් 40ක් දෙනවලු. උදේ දහයහ මාරට කලින් යන්න ඕන හැබැයි.:yes::yes:

    විශේශයෙන් කියන්න ඕන ස්ටාෆ් එකත් මරු හැම දේම කරුණාවෙන් කියල දෙනවා. :love2: :love2: :love2:



    සල්ලි කාරයෝ ප්‍රයිවට් ඩෙන්ටල් එකකට ගියාට කමක් නෑ.🤑🤑🤑
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    දත් සුද්ද කරන්න කීයක් ගන්නවද?
    රජයෙ එක්කින් කීවනෙ සුද්ද කරන ඒවා රජයෙ ඒවගෙ කරන් නෑ කියල
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    දත් සුද්ද කරන්න කීයක් ගන්නවද?
    රජයෙ එක්කින් කීවනෙ සුද්ද කරන ඒවා රජයෙ ඒවගෙ කරන් නෑ කියල
    සුද්ද කරන සීන් එකනම් දන්නෙ නෑ. සායනේට ගිහින් තියෙන අවුල කිව්වම කරන්න ඕන දේවල් එයාල කරනවා.