දත්ත නැති නිසා රට කරන්න බැහැ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    රජයේ දත්ත වැරදියි.. එනිසා නිවැරදි තීරණ ගන්න බෑ..- ජනපති
    image_1490817007-65f93c27f6.jpg


    පුරවැසියාට අයිතියක් වන ලෙස හා රාජ්‍ය නිලධාරියාට වගකීමක් වන ලෙස රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට රජය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
    පවතින රාජ්‍ය සේවය පිළිබඳ පුරවැසියාගේ තෘප්තිමත්භාවයක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රජයේ සේවාවන් ඩිජිටල්කරණය කිරීම තුළින් පුරවැසියන්ට කාර්යයක්ෂම සේවයක් ලබාදීමට අපේක්ෂා කරන බවද ප්‍රකාශ කළේය.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළකළේ, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (26) පැවැති අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සාකච්ඡාවේදීය.

    ලබන ජූනි මාසය වන විට රාජ්‍ය සේවයේ නිවැරදි දත්ත පද්ධතියක් සකස් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවත්, රාජ්‍ය සේවය සතු දැනට තිබෙන දත්ත ප්‍රමාණයේ විශාල වියවුලක් පවතින බැවින් ඒවා මත පදනම්ව නිවැරදි තීන්දු තීරණ ගැනීමේ හැකියාවක් නොමැති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
    රාජ්‍ය සේවකයින් සඳහා සාධාරණ මූලික වැටුප් වැඩිවීමක් මෙන්ම විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා වසර තුනක් ඇතුළත අවසන් කිරීමට අදාළ යෝජනා මෙවර අයවැයට ඉදිරිපත් කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා මෙහිදී අනාවරණය කළේය.

    රාජ්‍ය සේවය ශක්තිමත් කරන අතර රාජ්‍ය සේවයේ පිරිවැය කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

    රාජ්‍ය සේවය තුළ මේ වන විට නිර්මාණය වී ඇති අත්‍යාවශ්‍ය පුරප්පාඩු 30,000ක පමණ ප්‍රමාණය කඩිනමින් බඳවා ගැනීමේ අවශ්‍යතාව මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් වූ අතර ඊට අදාළ මුදල් වෙන් කිරීම සඳහා මෙවර අයවැයට යෝජනා ඉදිරිපත් කිරීම පි
    තාක්ෂණික ක්‍රමවේද නිසා සම්මුඛ පරීක්ෂණ ප්‍රමාද විය හැකි පුරප්පාඩු සම්බන්ධවද මෙහිදී සාකච්ඡා වූ අතර ඒකාබද්ධ රාජ්‍ය සේවයක් මගින් මානව සම්පත කළමනාකරණය කිරීම පිළිබඳවද අවධානය යොමු විය.

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ අධ්‍යාපන, සෞඛ්‍ය, වාරිමාර්ග, කෘෂිකර්මාන්ත, වන අලි ගැටලු ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය.

    අනුරාධපුර දිස්ත්‍රික්කය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට ඇති හැකියාව පිළිබඳ සාකච්ඡා කළ අතර “City Branding” ක්‍රමවේදය භාවිතා කර අනුරාධපුර නගරය සංචාරක ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණි.


    මුන් විපක්ෂයේ ඉන්න කොට නම් මුන්ට දත්ත වල අවුලක් තිබ්බේ නැහැ රාජපක්ෂගේ ජෝකා ගේ ඉදන් ගිය වියදම් මුන් රුපියලට කිව්වේ🤣🤣
    මේ මොඩයා ගේ හැල්ල මෙතනින් ඕනේ නම් බලා ගන්න Link https://lankacnews.com/රජයේ-දත්ත-වැරදියි-එනිසා-න/
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    කයිතංලාට මොන දත්තද බන්.... අත උලුක් කර කර බොරුවක් කියන්න විතරයි පුලුවන්
    බොරු කියන්නේ මේවා ගල් පැලෙන බෝරුනේ යකො මේ වෙලාවට තමා හිතෙන්නේ සජිත් ජනාධිපති උනා නම් කියලා
    ඕකා එහෙනම් මොනවා නැතත් හාල් ටික හරි දෙනවා නහයෙන් අඬන්නේ නැතුව මේ පොන්නයට මොනවත් හරියට කරගන්න බැහැ නේ
     
    • Like
    Reactions: Wickybro

    Similar threads