දත්_වල_පිහිටීම

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    දත්_වල_පිහිටීම

    ඔබගේ දත් වල පිහිටීම දෙස බලා පැවසිය හැකි විශ්මිත දේවල් ගැන ඔබ දන්නවාද?


    54ffdccd126d6-white-teeth-orig-master-1.jpg


    ඔබගේ දත් වල පිහිටීම දෙස බලා පැවසිය හැකි විශ්මිත දේවල් ගැන ඔබ දන්නවාද?
    යමෙකුගේ දත් වල හැඩය වර්ණය හා දත්වල පිහිටීම උපයෝගී කරගෙන බොහෝ දුරට අනාවැකි කීමේ හැකියාවක් දේහ ලක්ෂණ විද්‍යාවට ඇත. තවත් විදිහකින් කියනවා නම් චරිතය ගති ගුණ හා ජීවන තොරතුරු බොහෝමයක් විස්තර කිරීමට හැකි බවයි.

    - යමෙකුට කිරි පැහැයට හුරු දත් දෙතිසක් වේ නම් එය ඉතා වාසනාවන්ත පිහිටීමකි. මෙහිදී දත් අතර හිඩැස් නොමැති වීමෙන් මුඛය වසා ගත් පසුව දත් පිටතට නොපෙනීමත් විය යුතුයි. ධන ධාන්‍යාදි සම්පත් නොඅඩුව භුක්ති විදීමේ වාසනාව හිමිය. මිතුරන්ගේ මෙන්ම අසල්වාසීන්ගේද ගෞරව සැලකිලි ලබයි. අනවශ්‍ය බැදීම් ඇති කර ගන්නන් නොවේ.ප්‍රීතිමත් විවාහ දිවියකට සුබ ලකුණකි. යහපත් කාලත්‍ර හා දරු සම්පත් හිමිය. ප්‍රභූන්ගේ පවා ගරු සැලකිලි ලබන නොකැලැල් කීර්ති නාමයක් දරන කෙනෙකු බවට පත් වේ.

    - දත් 31 ක් පිහිටීමද සුබ පල ගෙන දෙයි. ගේ දොර යාන වාහන ලබා සැප සම්පත් පිරි ජීවිතයකට හිමිකම් කියයි.

    - දත් 30 හිමි තැනැත්තා පෙර තරමටම නැතත් සුව පහසු දිවියක් ගෙවන්නෙකි. ආර්ථික වාසි අත්වේ.

    - දත් 29 ක් ඇත්නම් එය අශුභ ලකුණකි. දිළිදු දුකින් පිරුණු දිවියකි. අන්‍යයන්ගේ අප්‍රසාදයට ලක් වේ. වැඩට කම්මැලිය. ඉදිරිය ගැන එතරම් සිතන්නෙ නැත

    - දත් 28 ක් ඇත්නම් කෙසේ හෝ අනාගතය දීප්තිමත් කර ගනී. තරමක් කම්මැලි උනත් වැඩ කටයුතු කර ගනී. අනාගත බලාපොරොත්තු සහිතව කටයුතු කරයි. ජනප්‍රිය වෙයි.

    - උඩු ඇන්දේත් යටි ඇන්දේත් දත් එක සමානව පිහිටයි නම් ශුභ ප්‍රතිපල ගෙන දෙයි. රාජ්‍ය අංශයට නෑකම් කියයි. ධනවත්ය. ප්‍රියමනාපය. වැඩ කටයුතු ක්‍රමාණුකූලය.

    - තුනී දත් පිහිටියේ නම් හිතුවක්කාරය. නොයෙක් පාඩු සිදු කර ගනී. දත් විකාර ලෙස පිහිටියේ නම් විස්වාස කිරීමට අපහසු අයවලුන්ය. විවාහ දිවියට අයහපත් පිහිටීමකි. බොල්ලෑ දත් ඇති අය වචනය වදරවා හැසිරේ.

    - යම් ස්ත්‍රියකගේ යටි ඇන්දේ දත් වැඩිපුර පිහිටියේ නම් අවාසනාවන්තය. මවට අයහපත් පිහිටිමකි. රැකවරණය අහිමිය.

    දත් අතර හිඩැස් ඇත්නම් එය ද ස්ත්‍රියට අශුභ ලක්ෂණයකි. හිඩැස යටි ඇන්දේ නම් චරිතය ගති ගුණ නරක අතට හැරේ. විවාහයටපෙර සිටම ලිංගික අත්දැකීම් ලබයි. දෙඇන්දේම දත් අතර හිඩැස් ඇත්නම් අවාසනාවන්ත අත්දැකීම් ලබන රැකවරණය අහිමි වන කාන්තාවකි. පර පුරුෂයන් කෙරේ නැමුණු සිතය. වයසට ගිය ද එහි අඩුවක් නොවන ගතියක් වෙයි. ස්වාමි පුරුෂයා බය කර ගනී. සමහර විට ස්වාමියාගේ හැරයාම හෝ මිය යැමට ද හේතු වේ. අනෙක් ශුභ ලකුණු වලින් මේවා වැලකෙන අවස්ථා ද ඇත.

    - දෙතොලින් එලියට පැමිණි දත් අපිරිසිදු නම් ඇයට බොහෝ දුක් කරදර වීදීමට සිදුවේ. දරුවන්ටද අශුභයි. බොරු අහංකාරකම් සහිතයි.

    - උඩු ඇන්දේ පමණක් දත් එකිනෙකට දුරස් නම් යුග දිවිය අවාසනාවන්තය. සැමියා අවනත කර ගනී. සැමියා ඉක්මනින් සුව නොවන රෝග ඇත්තෙකි. ආයුෂ ද හීනය. පර පුරුෂයන් පතයි. ඥාතීන්ගේ අප්‍රසාදයට ලක් වේ.

    - හිඩැස නොමැතිව විශාල දතක් දත් අතරින් පැමිනීම දිළිදු බවේ ලකුනකි. යටි ඇන්දේ දත් පළල් නම් පුරුෂ ගති ගුණ පිහිටයි. රන්ඩු දඹර වලට පැටලේ. අධ්‍යාපන කටයුතු වලට බාධා පැමිණේ.

    - සුදු පැහැයෙන් මිදුණු පලල් දත් ඇත්නම් ඇත්නම් දුක් කරදර පිරුණු දිවියකි. විවාහයටද අනර්ථකාරිය.

    - මුවෙහි වම් පසෙහි විරුපි නොවු නල දතක් ඇත්නම් ඇය වාසනාවන්තය.
     

    Similar threads