දන්න Facebook ගැන නොදන්න කරුණු කිහිපයක්

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    දන්න Facebook ගැන නොදන්න කරුණු කිහිපයක්

    දන්න Facebook ගැන නොදන්න කරුණු කිහිපයක්
    attachment.php



    Facebook කියනකොට අද ලෝකයේ නොදන්න කෙනෙක් නැති තරම්. පාසල් යන පොඩි ලමයගේ ඉදන් මහලු වියේ සිටිනා කෙනෙකු වුනත් Facebook කියන්නේ මොකක්ද කියලා දන්නවා. පසුගිය පෙබරවාරි 4 වෙනිදට Facebook පටන් අරගෙන අවුරුදු 15ක් ගෙවුනා. ඔයාලා හැමදාම Facebook පාවිච්චි කලාට, අපි අද කියන්න යන මේ දේවල් ගැන අහලා නැහැ කියලා විශ්වාසයි.

    Facebook කියන නම හැදුනේ කොහොමද?
    ඇමරිකාවේ විශ්වවිද්‍යාල වල අලුත් වර්ශයක් පටන් ගන්නකොටම ඒ වර්ෂයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයන්ගේ පින්තූර සහ විස්තර ඇතුලත් පොඩි පොතක් එලි දක්වනවා. මේක හැම අවුරුද්දකම වෙන දෙයක්. මේ පොත් වලට කියන්නේ “Face Books” කියලා. මෙන්න මේ නම ආශ්‍රෙයන් තමයි Facebook කියන නම හැදිලා තියෙන්නේ.



    ඇයි Facebook ප්‍රධාන පාට ලෙස නිල් පාට යොදාගෙන තියෙන්නේ?

    මේ සම්බන්ධයෙන් නම් විවිධ අදහස් පල වෙලා තියෙනවා. ඒ අතරින් ජනප්‍රියම හේතුව ලෙස සදහන් වෙන්නේ Facebook නිර්මාතෘ වන Mark Zukerburg වර්ණ අන්ධතාවයෙන් පෙලෙන නිසා ඔහුට රතු සහ කොල පාට හදුනා ගන්න බැහැ. ඒ නිසා ඔහු Facebook සදහා ප්‍රධාන වර්ණය ලෙස නිල් පාට තෝරාගෙන තියෙනවා කියලා තමයි අපිට දැනගන්න පුලුවන් වුනේ.



    කහ පාට Facebook එකකුත් තියෙනවා(ලු)?
    අපිට දැක ගන්න පුලුවන් නිල් වර්ණයෙන් යුක්ත Facebook එක වුනත්, සමහර අය කියන විදිහට කහ වර්ණයෙන් යුක්ත අනුවාදයකුත් තියෙනවලු. ඒක භාවිතා කරන්න අවසර ලබා දී තියෙන්නේ Facebook ආයතනයේ වැඩ කරන සමහරක් සේවකයන්ට විතරයි. එයාලා තමයි Facebook එකෙන් අලුත් විශේෂාංග අපිට ලබා දෙන්න කලින් ඒක අත්හදා බලන්නේ.



    Facebook මුල්ම ලෝගෝ එකේ නලුවෙකුගේ මුහුණක්!



    Facebook වෙබ් අඩවියේ මුල්ම ලෝගෝ එක නිර්මාණය කරන්නේ Mark Zukerbug ගේ පංතියේ යාලුවෙක් වෙන Andrew McCollum, ඒ 2004 වර්ෂයේදි. ඒ ලාංඡනයේ අපිට යම් කිසි පුද්ගලයෙකුගේ මුහුණක් දැක ගන්න පුලුවන්. ඒ මුණ හදලා තියෙන්නේ 1 සහ 0 ගොඩක එකතුවකින්. ඒ වෙබ් අඩවියේ ක්‍රමලේඛන පැත්ත උලුප්පනයි. ගොඩක් දෙනෙක් ඒ කාලයේදි මේ කාගේ මුහුණද කියලා දැනගෙන හිටියේ නෑ. හැබැයි ඒ ලාංඡනයේ හිටියේ හොලිවුඩයේ ජනප්‍රිය නලුවෙක් වුන Al Pacino කියන පුද්ගලයායි.



    Facebook.com ඩොමේන් එක ගන්න ලොකු ගාණක් වියදම් වෙලා!
    Facebook වෙබ් අඩවියේ මුල්ම ඩොමේන් එක වෙලා තියෙන්නේ thefacebook.com කියන එක. ඒ මොකද ඒ වෙනකොට facebook.com කියන ඩොමේන් එක වෙන ආයතනයක් විසින් අරගෙන තිබුන නිසා. Facebook ආයතනය ජනප්‍රිය වීමත් සමග මෙයාලා facebook.com කියන ඩොමේන් නාමය ඇමරිකානු ඩෝලර් 2,00,000 මුදලක් ලබා දීලා මිලදී අරගෙන තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 35,732,000 පමණ.



    කොච්චර ඕන වුනත් අපිට Mark Zukerburgව බ්ලොක් කරන්නත් බෑ

    ඔයාලා ඒ පුද්ගලයට කොච්චර අකමැති වුනත්, ඔයාලට එයාව අනිත් අයව block කරනවා වගේ block කරන්න නම් බැහැ. මේ ගැන දැනගෙන හිටියේ නෑ නේද? උත්සහ කරලා බලන්නකෝ පුලුවන්ද කියලා
     

    Attachments

    • facebook.jpg
      facebook.jpg
      29.3 KB · Views: 122
    Last edited:
    • Like
    Reactions: dina84