දන් දෙන්න මුදල් අවශ්‍යය නැහැ

Al_Nujum

Member
Aug 3, 2014
260
30
0
كوكب الأرض
දන් දෙන්න මුදල් අවශ්‍යය නැහැ

දන් දීම් මගින් අපිට බොහෝ පින් රැස්කරගන්න පුළුවන් සහෝදරවුනේ. මුදල් නොමැති නිසා අපිට දන් දෙන්න විදිහක් නෑ කියලා කී දෙනෙක් දන් දීමේ අගනා අවස්ථාව මගහැරලා ඇත්ද ? අද මම ඔයගොල්ලොන්ට කියලා දෙන්න යන්නේ මුදල් නැතුව දන් දෙන්න පුළුවන් ක්‍රම හතරක්.

* පලවෙනි ක්‍රමය

http://freerice.com/ වෙබ් අඩවියට ගිහිල්ලා සාමාන්‍ය දැනීම ප්‍රශ්න වලට උත්තර සපයන්න. ඔබ සපයන නිවැරදි පිළිතුරු වලට ප්‍රතිචාරයක් වශයෙන් ෆ්‍රී රයිස් වෙබ් අඩවිය වර්ල්ඩ් ෆුඩ් ප්‍රෝග්‍රෑම් බඩගින්නේ ඉන්න පුද්ගලයන් වෙනුවෙන් ආහාර ආධාර කරනු ඇත.

* දෙවැනි ක්‍රමය

ජලය සුළු වශයෙන් තියෙන ප්‍රදේශ වල සිටින දරුවන්ට පානීය ජලය ලබා දීම සඳහා ජංගම දුරකථනය භාවිතා නොකර සිටින්න. ජලය කියන්නේ අත්‍යවශ්‍යය දෙයක්. අද අපි අත්‍යවශ්‍යය භාණ්ඩයක් කරගෙන තියෙන ජංගම දුරකථයෙන් ඈත් වෙලා අපිට කොච්චර කාලයක් ඉන්න පුළුවන් ? පැයක් ? පැය දෙකක් ? මේක හරිම අමාරු වැඩක් නේද ? අද අපි ජංගම දුරකථනයක් නැතුව ඉන්න බැහැ කියලා හිතන මේ මොහාතේ අද අපිට බොන්න වතුර ලැබෙයිද කියලා හිතාගෙන ඉන්න කොට්ටාශයක් මේ ලෝකේ ඉන්නවා. ඔබ ජංගම දුරකථනයෙන් දුරස් වී සිටින සෑම මොතාකටම UNICEF විසින් පානීය ජලය නොමැති දරුවන්ට පානීය ජලය ලාබා දෙන බව ඔබ දන්නවද ? මේ ගැන වැදී විස්තර දැන ගන්න UNICEF ටැප් ප්‍රොජෙක්ට් වෙබ් අඩවියට පිවිසෙන්න. http://tap.unicefusa.org


* තුන්වෙනි ක්‍රමය

ටැබ් ඕපන් කිරීම මගින් ආධාරයක් කරන්න. මේක කරන විදිහ දැනගන්න http://www.tabforacause.org/ වෙබ් අඩවියට පිවිසෙන්න


* හතරවෙනි ක්‍රමය

එකෝසියා වෙබ් search engine එක මගින් ඔබ කැමති වෙබ් අඩවි හොයලා බ්‍රසීලයේ ගස් වවන්න උපකාර කරන්න. එකෝසියා සමාගම තම ආධයමෙන් 80%ක් මේ සඳහා ආධාර කරනු ඇත.

මෙන්න එකෝසියා සමාගමේ වෙබ් පිටුව https://www.ecosia.org



ඔන්න එහෙනම් මම දන්න ක්‍රම ටික මේකේ කෙටුවා. ඔයගොල්ලොත් මේ වගේ ක්‍රම දන්නවා ඇතිනේ. දන්න කෙනක් ඉන්නවා නම මේ ත්‍රෙඩ් එකේ තමන් දන්නා ක්‍රමය ගැන සඳහන් කරන්න.
.
 
Last edited:
  • Like
Reactions: shenic and maxboysl

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    good post amachn
    api lankave deyak patan gamu neda ban
    mulin ape rata hadaganna oni
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මහ මෝඩ වැඩක් නෙහ් අහිංසක මිනිස්සුන්ට ආධාර කරන්න අපි ප්‍රශ්න වලට උත්තර දෙනකන්ම ඉන්නෝනෙද කෙලින්ම ආධාර කළා නං ඉවරයි නේ.
     

    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    මහ මෝඩ වැඩක් නෙහ් අහිංසක මිනිස්සුන්ට ආධාර කරන්න අපි ප්‍රශ්න වලට උත්තර දෙනකන්ම ඉන්නෝනෙද කෙලින්ම ආධාර කළා නං ඉවරයි නේ.

    :yes: owa boru wada ban.
    traffic tika ganna thamai.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,587
    113
    මහ මෝඩ වැඩක් නෙහ් අහිංසක මිනිස්සුන්ට ආධාර කරන්න අපි ප්‍රශ්න වලට උත්තර දෙනකන්ම ඉන්නෝනෙද කෙලින්ම ආධාර කළා නං ඉවරයි නේ.

    :yes: owa boru wada ban.
    traffic tika ganna thamai.

    මුල් එකට ගිහින් බැලුවා. බොරුවක් කියලනම් හිතෙන්නෙ නෑ. අනික සමහර ඒවා World Food Programme/UNICEF එකේ ඒවා නේද?
     

    Al_Nujum

    Member
    Aug 3, 2014
    260
    30
    0
    كوكب الأرض
    මුල් එකට ගිහින් බැලුවා. බොරුවක් කියලනම් හිතෙන්නෙ නෑ. අනික සමහර ඒවා World Food Programme/UNICEF එකේ ඒවා නේද?

    මේවා බොරු නෙවෙයි මිත්‍රයා. ත්‍රෙඩ් එක මුස්ලිම් මම දාපු නිසයි මේක මේ අයට මේක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. හැමදාම කියනවා වගේ මට විරුද්ධව මොනවහරි කියන්න එපැයි. මම කිසිම දවසක හිතුවේ නැහැ මේ අය ජාතිවාදයෙන් අන්ධ වෙලා මේ වගේ දේවලුත් හෙලා දකීයි කියලා. මේ ගැන හිතනකොට දුක හිතෙනවා. අද අපේ රටේ සමහරක් අය මේ තරම් පහත් මට්ටමකට වැටිලා.
     
    Last edited:
    • Like
    Reactions: සොහොන

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන් අපි කාටවත් ආගම් එක්කලා තරහක් නැ උබ කරන්නේ හොද වැඩක් නම් එක අගය කරන කට්ට්යක් එව් :yes:
     
    • Like
    Reactions: Al_Nujum

    Al_Nujum

    Member
    Aug 3, 2014
    260
    30
    0
    كوكب الأرض
    සොහොන;17069257 said:
    මචන් අපි කාටවත් ආගම් එක්කලා තරහක් නැ උබ කරන්නේ හොද වැඩක් නම් එක අගය කරන කට්ට්යක් එව් :yes:

    දැනටමත් ඇවිල්ලා කියලයි හිතෙන්නේ. :yes: කමෙන්ට් කරාට ස්තූතියි.