දන ගස්සවා පොල් ගසයි..
නවගත්තේගම පාසලක ගුරුවරියක දණගැස්වීමේ චෝදනා පිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ආනන්ද සරත් කුමාර අද (27) ඇප මත නිදහස් විය. පොලීසිය විසින් අධිකරණය නොමග යැවීම හේතුවෙන් සැකකාර මන්ත්‍රීවරයාට ඇප හිමිවු නමුත් පුත්තලම දිස්ත්‍රීක්කයේ පාසල් වල ගුරුවරුන් අද ලෙඩ නිවාඩු වාර්තා කර මෙම සිද්ධියට විරෝධය පළ කර ඇති බව මෙම අවස්ථාවට එක්වූ ගුරු සංගම් නියෝජිතයෝ පැවසූහ. හිටපු පළාත් සභා මන්ත්‍රීවරයාගේ ආධාරකරුවන් රැසක්ද අධිකරණ භූමියට පැමිණ සිටියහ.ඇප මත නිදහස්වු ආනන්ද සරත් කුමාර මහතා ආණමඩුවේ පිහිටි අයියනායක දේවාලය වෙත ගොස් පොල් ගසා දෙවියන්ට කන්නලව් කළේය. පුත්තලම දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු, වයඹ පළාත් සභා අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා, වයඹ පළාත් සභා මන්ත්රීනී ඉන්ද්‍රණි දසනායක යන මහත්මා මහත්මීන්ද, කරුවලගස්වැව සහ නවගත්තේගම ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. මේ එකී අවස්ථාවයි.