දමිළ සොයුරන්ට ඇති තර්ජනය!

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දමිළ සොයුරන්ට ඇති තර්ජනය!

    13718771_610071429161988_3625602260390072434_n.png

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    තොපිට ගැට බෙරය ඇලජික් උනාට තොපේ කවඩි සද්දෙට අපි නැතුව පර දෙමලුනි
     
    waligamaya

    Well-known member
  • මට මතකයි අපි උනිවෙර්සිට්ය් ඉනනකොට දීපාවලි දාට අපේ දෙමල කොල්ලොත් එක්ක කැටීමේ කෙහෙල් ගස් වලින් සරසලා. කොහොම කොළ ගෙන්ලා. අර පට පාට රටා හදන්න උදව් කරලා. උන් හදන රස දේව දානේ උදේම කනවා. පස්සේ උන් එක්කම ගාල්ලේ තියන හැම කොවිලකටම හිගින් දෙවියන් වැඩලා බඩ පැලෙන්න දෙව දානේ කනවා. පුසරි මාමා මුළු හට්ටියම අපිට තමයි දුන්නේ. කාපියව් කොලානේ කියල. අපි එන්න ඕන එතනට. නමුත් ජාති වාදියෝ ඒ තැනට එන එකට හැමදාම වල කපනවා.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Yes , all Sinhala, Tamil, Muslim Brothers, We were together as human lives in University of Peradeniya. We helped each other. Can you remember tamil brothers. Even war was in Srilanka. But we were together as human brothers. I have helped tamil brothers. So please Tamil brothers,
    profilepic409399_1.gif
    do not hate me please.
     
    waligamaya

    Well-known member
  • දිනය : 2006 ඔක්තෝබර් 18
    වෙලාව : උදේ 8.00 පමණ
    එවකට මා රුහුණ විශ්ව විද්‍යාලයේ,ඉංජිනේරු පීඨයේ 1 වන වසර සිසුවෙකි.එවක අප කණ්ඩායමේ උතුරු නැගෙනහිර පළාත්වලින් ඇතුලත් වූ දමිළ සිසු සිසුවියන් 20ක් පමණ ඉගෙනුම ඉගෙනුම ලැබූහ.එවකට පිඨය ඇතුලත තිබූ නේවාසිකාගාර සියලුම ශිෂ්‍යයන්ට ප්‍රමාණවත් නොවූයෙන් 1 වන වසර සිසුන්ට නේවාසිකාගාර පහසුකම් ලබා දී තිබුනේ ඉංජිනේරු පීඨය පිහිටාතිබූ හපුගල(ගාල්ල) ගම්මානයෙන් කුලී පදනම මත ලබාගත් නිවාස මගිනි.
    එදා උදැසනින් මා පිඨය වෙත පැමිණෙන විට දැකගත හැකිවූයේ දැකගත හැකිවූයේ පාර දෙපස සිටින සෙනග නොසන්සුන් වී ඇති බවකි.කාන්තාවක් දරුවෙක් අතින් රැගෙන හඬා වැටෙයි.හේතුව විමසනවිට ඔවුන් පැවසුවේ ගාල්ල වරාය හරහා නගරයට කොටි ත්‍රස්තවාදීන් ඇතුළු වී ඇති බවත් ඔවුන් දැන් දක්ෂිණ නාවික කඳවුරට පහරදෙමින් සිටින බවත්ය.තවත් කට කතාවකින් කියවුනේ ත්‍රස්තවාදීන්ගෙන් පිරිසක් රූමස්සල කන්ද මුදුනට නැග R.P.G. අවිවලින් හතර වටේටම පහරදෙන බවයි.සරසවියට පිවිසේද්දීද දැකගත හැකිවූයේ පිඨය තුල සිටින සහෝදර සහෝදරියන්ටද මෙය ආරන්චි වී ඇති බවත් ඔවුන් මේ පිලිබඳ කතාබහ වන බවත්ය. එහිදී අපහට සිහිපත් වුයේ අප සමග ඉගෙනුම ලබන දමිළ සිසුන්ගෙන් බොහෝ පිරිසක් තවමත් සිටින්නේ බාහිර නේවාසිකාගාර තුළ බවත් ඔවුන්ට ගම්වාසීන්ගෙන් යම් ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ ඇති බවත්ය.ඒ හදිසි ආවේගයෙන් ක්‍රියාකරන,පටු විදියට සිතන පුද්ගලයන් අප සමාජයේ ඕනෑ තරම් සිටින බව අප අත්දැකීමෙන්ම දැනසිටි බැවිනි.වහාම ක්‍රියාත්මක වූ ජේෂ්ඨ සිසු සිසුවියන් ප්‍රමුඛ අනෙකුත් සිසු සිසුවියන් බාහිර නේවාසිකාගාරවල සිටි දමිළ සිසුන් අභ්‍යන්තර නේවාසිකාගාර තුලට රැගෙන ඒමට කටයුතු කෙරුනි.ඒ මොහොතේ ඇඳුම් මලු කරතබාගෙන සරසවියට තුළට ඇතුළු වූ මගේ කණ්ඩායමේම දමිළ සොහොයුරෙකුගේ බිය රැඳුනු දෑස් මතක් වනවිට අදද මගේ හදවත බරවෙයි.
    මා විසින් මෙම පුර්විකාව පැවසුයේ විශ්ව විද්‍යාල සිසුවා තුළ පවතින පැවතිය යුතු ප්‍රබුද්ධ නිරවුල් මානසිකත්වය පෙන්වා දීමටයි.ඇසට ඇසක්,ලෙයට ලෙය ඉල්ලන මානසිකත්වය ඔවුන් තුල නැත.එසේනම් යාපනය විශ්ව විද්‍යාලය තුල සිදුවුයේ කුමක්ද?එම ජාතිවාදී සිදුවීම විශ්ව විද්‍යාලයකට තබා රටේ කිසිම ස්ථානයකට ගැලපෙන්නේ නැත.උවමනාද නැත. වර්තමාන ජනාධිපති වරයා අප රට තුළ සංහිඳියාව ඇති කරන්නට උත්සාහ කරන මොහොතේ, ඒ සඳහා යම් යම් සාධනීය පියවරවල්ද ගෙන ඇති මොහොතේ, සාමය නමැති කිරි කලයට මේ එක්වුයේ ගොම තලියකි.ඇත්ත වශයෙන්ම අමාරුම දේ සාමය ඇති කිරීමයි.එදා ශ්‍රී ලංකා හමුදාව කොටි ත්‍රස්තවාදීන් හා යුධ වැදුනේ සාමය වෙනුවෙනි.ඒ සිංහල මිනිසුන්ගේම දමිළ,මුස්ලිම් සියලුම වැසියන්ගේ උස් නිදහස වෙනුවෙනි.එහිදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති වරයාගේ නායකත්වය යටතේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැදුණු අතර බිහිසුණු ත්‍රස්තවාදය සාර්ථකව අවසන් කිරීමට රාජපක්ෂ ජනාධිපතිවරයාට හැකිවිය.දෙවැනි පියවර වුයේ රටතුළ සාමය හිත් තුළසංහිඳියාව ඇති කීරීමයි.මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එහිදී අසමත් විය.සෑම තප්පරයකටම ,සෑම තැනකටම මුරකාවල් වට කඩුලු යොදා සාමය,සංහිඳියාව ඇතිකළ නොහැක.එය තාවකාලිකය.හරියට රබර් බෝලයක් දිය යට තබාගෙන සිටිනවා වැනිය.අත ගත් විගස එය උඩට පැමිණෙනවා ඇත.එබැවින් එය ඉතා පරිස්සමින් හා පිරිසිදු චේතනාවෙන් පුද්ගලයන්ගේ මනෝභාවයන් තේරුම්ගෙන කල යුත්තකි.වර්තමාන ජනාධිපතිවරයා ඒ සඳහා යම් උත්සාහයක් ගනිමින් සිටියේදී මේ ඇතිවූ සිදුවීම විශ්ව විද්‍යාලයකට කොහෙත්ම ගැලපෙන්නක් නොවේ.
    පහර කෑමට ලක්වූ සිසුන් පවසන පරිදි විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකදී සිංහල සංස්කෘතික අංගයක් ඉදිරිපත් කිරීමට විරෝධය පා මෙම පහරදීම සිදුකර ඇති අතර එයට යාපනය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ශිෂ්‍ය සංගම් නායකයන්ද සහභාගී වී ඇත. ශිෂ්‍ය සංගම් නායකයන් මෙසේ හැසිරේනම් කිව හැක්කේ ඔවුන් නායකත්වයට කිසිසේත්ම නොසුදුසු මෝඩ තකතීරුවන් බවයි.එබැවින් පළමුව රජය හා විශ්ව විද්‍යාලිය පාලන අධිකාරිය කල යුත්තේ පිඩිත සිසුන් ඇතුළු යාපනය විශ්ව විද්‍යාලය තුල සියළුම සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමයි,වෙනත් විශ්ව විද්‍යාලයන් තුලද මෙවැනි ගැටුම් ඇතිවූ විට එයට සම්බන්ධ සිසුන්ට විනය ක්‍රියාමාර්ග ගන්නා අතර එපරිද්දෙන්ම මේ සිදුවීමට අදාලව විනය ක්‍රියාමාර්ග ගත යුතුය.
    තවද මේ පිළිබඳව සොයාබැලීමට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය වහා මැදිහත් විය යුතු අතර දෙපිරිසෙන්ම කරුණු විමසා බලා දෙපිරිස අතර සමගිය ගොඩ නැංවීමට ක්‍රියා කල යුතුය.ජවිපෙ ඇතුළු අනෙකුත් දේශපාලන නායකයන්ද වහාම මෙයට මැදිහත් විය යුතු අතර,මේ පිළිබඳව පුද්ගලිකවම සහභාගී වී මෙම සිසුන් ආමන්ත්‍රණය කල යුතුය.මේ විසිවෙන ජාතිවාදයේ ගිණි පුපුරු ගිණි ජාලාවක් ඇති කිරීමට කලින් නිවා දැමිය යුතුය.
    ලලිත්ලා, කුගන්ලා අතුරු දහන් කර ඇති අතර මේ කැත,ගඳ ගහන ලේ වැකුණු ජාතිවාදය පරාජය කිරීමට අලුත් ලලිත්ලා, කුගන්ලා දෙමළ ජනතාව අතරින් පත්විය යුතුය.නැතිනම් මෙපමණ කලක් සිදු වූවාක් මෙන් මේ මෝඩ ඌරන් කැකුණ තලද්දී ජාති වාදයේ කර මතින් ගොස් හබන් කුකුළන් රජ මගුල් කනු ඇත.

    13775402_10210565606202800_8960743771452345329_n.jpg

    උපුටාගැනීම මගේ විශ්වවිද්‍යල සහුර්දයකුගේ FB පිටුවෙනි
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මට මතකයි අපි උනිවෙර්සිට්ය් ඉනනකොට දීපාවලි දාට අපේ දෙමල කොල්ලොත් එක්ක කැටීමේ කෙහෙල් ගස් වලින් සරසලා. කොහොම කොළ ගෙන්ලා. අර පට පාට රටා හදන්න උදව් කරලා. උන් හදන රස දේව දානේ උදේම කනවා. පස්සේ උන් එක්කම ගාල්ලේ තියන හැම කොවිලකටම හිගින් දෙවියන් වැඩලා බඩ පැලෙන්න දෙව දානේ කනවා. පුසරි මාමා මුළු හට්ටියම අපිට තමයි දුන්නේ. කාපියව් කොලානේ කියල. අපි එන්න ඕන එතනට. නමුත් ජාති වාදියෝ ඒ තැනට එන එකට හැමදාම වල කපනවා.

    උඹලා එහෙම කලාට උන් වෙසක් එකට කූඩු හදන්න උඹලත් එක්ක එන්නෑ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දිනය : 2006 ඔක්තෝබර් 18
    වෙලාව : උදේ 8.00 පමණ
    එවකට මා රුහුණ විශ්ව විද්‍යාලයේ,ඉංජිනේරු පීඨයේ 1 වන වසර සිසුවෙකි.එවක අප කණ්ඩායමේ උතුරු නැගෙනහිර පළාත්වලින් ඇතුලත් වූ දමිළ සිසු සිසුවියන් 20ක් පමණ ඉගෙනුම ඉගෙනුම ලැබූහ.එවකට පිඨය ඇතුලත තිබූ නේවාසිකාගාර සියලුම ශිෂ්‍යයන්ට ප්‍රමාණවත් නොවූයෙන් 1 වන වසර සිසුන්ට නේවාසිකාගාර පහසුකම් ලබා දී තිබුනේ ඉංජිනේරු පීඨය පිහිටාතිබූ හපුගල(ගාල්ල) ගම්මානයෙන් කුලී පදනම මත ලබාගත් නිවාස මගිනි.
    එදා උදැසනින් මා පිඨය වෙත පැමිණෙන විට දැකගත හැකිවූයේ දැකගත හැකිවූයේ පාර දෙපස සිටින සෙනග නොසන්සුන් වී ඇති බවකි.කාන්තාවක් දරුවෙක් අතින් රැගෙන හඬා වැටෙයි.හේතුව විමසනවිට ඔවුන් පැවසුවේ ගාල්ල වරාය හරහා නගරයට කොටි ත්‍රස්තවාදීන් ඇතුළු වී ඇති බවත් ඔවුන් දැන් දක්ෂිණ නාවික කඳවුරට පහරදෙමින් සිටින බවත්ය.තවත් කට කතාවකින් කියවුනේ ත්‍රස්තවාදීන්ගෙන් පිරිසක් රූමස්සල කන්ද මුදුනට නැග R.P.G. අවිවලින් හතර වටේටම පහරදෙන බවයි.සරසවියට පිවිසේද්දීද දැකගත හැකිවූයේ පිඨය තුල සිටින සහෝදර සහෝදරියන්ටද මෙය ආරන්චි වී ඇති බවත් ඔවුන් මේ පිලිබඳ කතාබහ වන බවත්ය. එහිදී අපහට සිහිපත් වුයේ අප සමග ඉගෙනුම ලබන දමිළ සිසුන්ගෙන් බොහෝ පිරිසක් තවමත් සිටින්නේ බාහිර නේවාසිකාගාර තුළ බවත් ඔවුන්ට ගම්වාසීන්ගෙන් යම් ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ ඇති බවත්ය.ඒ හදිසි ආවේගයෙන් ක්‍රියාකරන,පටු විදියට සිතන පුද්ගලයන් අප සමාජයේ ඕනෑ තරම් සිටින බව අප අත්දැකීමෙන්ම දැනසිටි බැවිනි.වහාම ක්‍රියාත්මක වූ ජේෂ්ඨ සිසු සිසුවියන් ප්‍රමුඛ අනෙකුත් සිසු සිසුවියන් බාහිර නේවාසිකාගාරවල සිටි දමිළ සිසුන් අභ්‍යන්තර නේවාසිකාගාර තුලට රැගෙන ඒමට කටයුතු කෙරුනි.ඒ මොහොතේ ඇඳුම් මලු කරතබාගෙන සරසවියට තුළට ඇතුළු වූ මගේ කණ්ඩායමේම දමිළ සොහොයුරෙකුගේ බිය රැඳුනු දෑස් මතක් වනවිට අදද මගේ හදවත බරවෙයි.
    මා විසින් මෙම පුර්විකාව පැවසුයේ විශ්ව විද්‍යාල සිසුවා තුළ පවතින පැවතිය යුතු ප්‍රබුද්ධ නිරවුල් මානසිකත්වය පෙන්වා දීමටයි.ඇසට ඇසක්,ලෙයට ලෙය ඉල්ලන මානසිකත්වය ඔවුන් තුල නැත.එසේනම් යාපනය විශ්ව විද්‍යාලය තුල සිදුවුයේ කුමක්ද?එම ජාතිවාදී සිදුවීම විශ්ව විද්‍යාලයකට තබා රටේ කිසිම ස්ථානයකට ගැලපෙන්නේ නැත.උවමනාද නැත. වර්තමාන ජනාධිපති වරයා අප රට තුළ සංහිඳියාව ඇති කරන්නට උත්සාහ කරන මොහොතේ, ඒ සඳහා යම් යම් සාධනීය පියවරවල්ද ගෙන ඇති මොහොතේ, සාමය නමැති කිරි කලයට මේ එක්වුයේ ගොම තලියකි.ඇත්ත වශයෙන්ම අමාරුම දේ සාමය ඇති කිරීමයි.එදා ශ්‍රී ලංකා හමුදාව කොටි ත්‍රස්තවාදීන් හා යුධ වැදුනේ සාමය වෙනුවෙනි.ඒ සිංහල මිනිසුන්ගේම දමිළ,මුස්ලිම් සියලුම වැසියන්ගේ උස් නිදහස වෙනුවෙනි.එහිදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති වරයාගේ නායකත්වය යටතේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැදුණු අතර බිහිසුණු ත්‍රස්තවාදය සාර්ථකව අවසන් කිරීමට රාජපක්ෂ ජනාධිපතිවරයාට හැකිවිය.දෙවැනි පියවර වුයේ රටතුළ සාමය හිත් තුළසංහිඳියාව ඇති කීරීමයි.මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එහිදී අසමත් විය.සෑම තප්පරයකටම ,සෑම තැනකටම මුරකාවල් වට කඩුලු යොදා සාමය,සංහිඳියාව ඇතිකළ නොහැක.එය තාවකාලිකය.හරියට රබර් බෝලයක් දිය යට තබාගෙන සිටිනවා වැනිය.අත ගත් විගස එය උඩට පැමිණෙනවා ඇත.එබැවින් එය ඉතා පරිස්සමින් හා පිරිසිදු චේතනාවෙන් පුද්ගලයන්ගේ මනෝභාවයන් තේරුම්ගෙන කල යුත්තකි.වර්තමාන ජනාධිපතිවරයා ඒ සඳහා යම් උත්සාහයක් ගනිමින් සිටියේදී මේ ඇතිවූ සිදුවීම විශ්ව විද්‍යාලයකට කොහෙත්ම ගැලපෙන්නක් නොවේ.
    පහර කෑමට ලක්වූ සිසුන් පවසන පරිදි විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකදී සිංහල සංස්කෘතික අංගයක් ඉදිරිපත් කිරීමට විරෝධය පා මෙම පහරදීම සිදුකර ඇති අතර එයට යාපනය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ශිෂ්‍ය සංගම් නායකයන්ද සහභාගී වී ඇත. ශිෂ්‍ය සංගම් නායකයන් මෙසේ හැසිරේනම් කිව හැක්කේ ඔවුන් නායකත්වයට කිසිසේත්ම නොසුදුසු මෝඩ තකතීරුවන් බවයි.එබැවින් පළමුව රජය හා විශ්ව විද්‍යාලිය පාලන අධිකාරිය කල යුත්තේ පිඩිත සිසුන් ඇතුළු යාපනය විශ්ව විද්‍යාලය තුල සියළුම සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමයි,වෙනත් විශ්ව විද්‍යාලයන් තුලද මෙවැනි ගැටුම් ඇතිවූ විට එයට සම්බන්ධ සිසුන්ට විනය ක්‍රියාමාර්ග ගන්නා අතර එපරිද්දෙන්ම මේ සිදුවීමට අදාලව විනය ක්‍රියාමාර්ග ගත යුතුය.
    තවද මේ පිළිබඳව සොයාබැලීමට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය වහා මැදිහත් විය යුතු අතර දෙපිරිසෙන්ම කරුණු විමසා බලා දෙපිරිස අතර සමගිය ගොඩ නැංවීමට ක්‍රියා කල යුතුය.ජවිපෙ ඇතුළු අනෙකුත් දේශපාලන නායකයන්ද වහාම මෙයට මැදිහත් විය යුතු අතර,මේ පිළිබඳව පුද්ගලිකවම සහභාගී වී මෙම සිසුන් ආමන්ත්‍රණය කල යුතුය.මේ විසිවෙන ජාතිවාදයේ ගිණි පුපුරු ගිණි ජාලාවක් ඇති කිරීමට කලින් නිවා දැමිය යුතුය.
    ලලිත්ලා, කුගන්ලා අතුරු දහන් කර ඇති අතර මේ කැත,ගඳ ගහන ලේ වැකුණු ජාතිවාදය පරාජය කිරීමට අලුත් ලලිත්ලා, කුගන්ලා දෙමළ ජනතාව අතරින් පත්විය යුතුය.නැතිනම් මෙපමණ කලක් සිදු වූවාක් මෙන් මේ මෝඩ ඌරන් කැකුණ තලද්දී ජාති වාදයේ කර මතින් ගොස් හබන් කුකුළන් රජ මගුල් කනු ඇත.

    13775402_10210565606202800_8960743771452345329_n.jpg

    උපුටාගැනීම මගේ විශ්වවිද්‍යල සහුර්දයකුගේ FB පිටුවෙනි

    මොනාද අරන් තියෙන පියවරවල්?
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ජාති වාදය ගැන කවුරු මොනා කිව්වත්, දකුණට වඩා උතුරේ ජාති වාදියෝ ඉන්නවා. දකුණේ ජාති වාදියෝ කියලා කියාගන්නා උන්ගෙන් බහුතරයක් දේශපාලන වාසි ගන්න කහින එවුන්. ඒත් උතුරේ එහෙම නෑ. උන් උන්ගේ ජාතිවාදය වෙනුවෙන් පොලු මුගුරු තුවක්කු නෙවෙයි ජීවිතයෙන් උනත් කැප කරන්න ලෑස්තියි.

    ජාත්‍යන්තරයත් හිතාගෙන හිටියේ සිංහළුන්ගේ ජාතිවාදය ගැනනේ. දැන් උතුරේ ජාතිවාදය ඉක්මවා ගිහින් උන්ගේ හිතේ තියෙන මිලේඡ්ඡ ත්‍රස්ථවාදය මුළු ජාත්‍යන්තරයටම පෙන්නන්න මේක හොඳ අවස්ථාවක්. උතුරේ ජාතිවාදයේ සැබෑ ස්වරූපය හෙලි කරන්න හොඳ අවස්ථාවක්. ඒ නිසා පිස්සු කෙලින්නේ නැතුව මෝඩ සිංහළුනේ මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගමු. මැරයින්ට රටේ නීතිය ක්‍රියාත්මක කරන්න බලපෑම් කරමු.