දඹදිව යනු ඉන්දියාවද ?

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ලුම්බිනි ආකෘතියේ බොරුව


    අද නේපාලයේ ඇති ලුම්බිනි ආකෘතියේ අසත්‍ය කරුනු බොහෝමයකි. නමුත් ඉන් කීපයක් දැන් හෙලිදරව් කිරීමට බලාපොරොත්තුවන අතර ඉතිරිය ඉදිරියේදී පල කිරීමට බලාපොරොත්තු වෙමි.

    සිදුහත් කුමරුන් උපත ලැබූ ස්ථානය ලෙස අද බොහෝ දෙනා වන්දනා කිරීම සදහා නේපාලයට යාමට පුරුදු වී සිටී.බ්‍රිතාන්‍යයන් විසින් ආසියාව ආක්‍රමනය කිරීමට පෙර වනාන්තරයෙන් වැසී තිබූ මෙම ස්ථාන නැවත සොයා ගනු ලැබුවේ බ්‍රිතාන්‍යන් විසිනි. බ්‍රිතාන්‍යයන් ආසියාව ආක්‍රමනය කිරීමට පෙර අපේ බෞද්ධ ජනයාට පරිනිර්වාන සූත්‍රය අමතක වී පැවතීම ගැටලුවකි.

    කෙසේ වෙතත් වනයෙන් යට වී තිබූ නේපාලයේ ඇති පුදබිමේ තිබූ අශෝක ස්ථම්භයේ සදහන් කර ඇති ශිලා ලේඛනය මුලින්ම සොයා ගත්තේ ඉංග්‍රීසි ආණ්ඩුවට මුදලට වැඩකල ජර්මන් ජාතික Alois Fuhrer. මොහුගේ නම ඉතිහාස ගතවී තිබෙන නමකි. ඒ සුචරිතවත් චරිතයක් ලෙස නොව හොර තක්කඩියෙක්ගේ චරිතයක් ලෙසය. Alois Fuhrer විසින් සොයාගත් මේ නේපාලයේ සෙල්ලිපියේද බොහෝ ව්‍යාකූල තැන් සොයාගෙන තිබේ.මෙම සිදුවීම නිසාද ඔහුට හිමිවන්නේ සුචරිතවත් චරිතයක්නම් නොවන වග මතක් කල යුතුය. .Alois Fuhrer විසින් එම ස්ථානයේ කැනීම් කිරීමට වසර 12කට පෙර එම ස්ථානය V.A.Smith මහතා විසින් පරික්ශාකර තිබේ. නමුත් ඔහුගේ වාර්ථාවලට අනුව එම ස්ථානයේ අශෝක ශිලාලේඛනයක් තිබී නොමැත. තව කරුනක් නම් අශෝක රජු විසින් කල අනිකුත් සෙල්ලිපි සමග සැසදූ විට මෙම සෙල්ලිපියේ අක්ශරවල වෙනස්කම් තිබේ. අශෝක රජුගේ වෙනත් සෙල්ලිපිවල අකුරු ලිවීමේදී වචන ඈත් නොකර එකට ලියා තිබිනත් නේපාලයෙන් හමුවන මෙම සෙල්ලිපියේදී පමනක් එම ක්‍රමය වෙනස් වී ඇත. එනම් මෙහි සෙල්ලිපිය ලිවීමෙදී එහි වචන ඈත් කිරීමක් ඇත. වැදගත්ම දෙයනම් මෙම සෙල්ලිපියේ ඇතැම් වචන වලට කිසිදු තේරුමක්ද නොමැති වීමයි. අශෝක රජු වෙනත් ලිපිවලදී එක් ආකාරයකටත් නේපාලයේදී තවත් ආකාරයකටත් එසේම තේරුම් නැති වචන භාවිතාකරමින් මෙසේ ලිවීම මධ්‍යස්ථව සිතන ඕනම කෙනෙකුට සැකයට කාරනයකි.

    ඒ නිසාම මෙම නේපාලයේ ඇති ලිපිය අශෝක රජුගේ නොව Alois Fuhrer විසින් කරන ලද ව්‍යාජ ලිපියක් බව අද වනවිට විද්වතුන් සොයාගෙන තිබේ.


    කෙසේනමුත් නේපාලයේ ලුම්බිනිය තහවුරු කිරීමට ඇති එකම සාධකය මෙය නිසා මෙම ලිපිය ව්‍යාජ එකක් බව හදුනා ගැනීම යනු නේපාලයේ ලුම්බිනිය ව්‍යාජයක් බව සනාථ වීමය. ඇතැම් විට Alois Fuhrer විසින් මෙම නේපාලයේ ලුම්බිනිය සනාථ කිරීමට වෙනත් සාධක නොමැති නිසාත් කෙසේ හෝ ලුම්බිනියක් සොයාගත යුතු නිසාත් මෙසේ අශෝක රජුගේ ස්මාරකයක් මුල්කරගෙන ව්‍යාජයක් ඇටව්වායැයි සිතිය හැක.මක්නිසාද ඔහුට නොසන්සිදෙන ආශාවක්ව තිබී ඇත්තේ නයිට් පදවියක් ලබා ගැනීමය. නමුත් කුමක් හෝ පාපයක් පටිසන් දී එම නයිට් පදවිය ඔහුට ලැබී නොමැත. තවද සමස්ත ඉන්දියාවේ ඉතිහාසය ගවේශනකල මහාචාර්ය බශාම් මහතාද මෙම නේපාලයේ අශෝක ස්ථම්බය පිහිටි ස්ථානයේ සිදුහත් උපතක් සිදුවී නොමැති බව තමන්ගේ වාර්ථාවල(අසිරිමත් ඉන්දියාව) සදහන් කර ඇත.

    නමුත් ඇතමුන් මෙම ලිපිය තවදුරටත් විශ්වාස කරයි. ඔවුන්ටත් සාධාරනයක් කල යුතු නිසා මෙම නේපාලයේ සෙල්ලිපිය අශෝක රජු විසින් කරවූ එකක් බව අකමැත්තෙන් හෝ උපකල්පනය කරමින් එම සෙල්ලිපිය භාවිතාකර ඇතැම් උගතුන් යැයි කියාගන්නා එහෙත් සෙල්ලිපි කියවීමට නොදන්නා ඇත්තන් විසින් එම සෙල්ලිපියට දෙන අර්ථකතනයන් විමසා බලමු. ඔවුන් සෙල්ලිපිය පරිවර්ථනය කර ඇති අන්දමට ඔවුන් පවසන්නේ එම සෙල්ලිපියේ ඇත්තේ මෙවැන්නක් බවයි.



    "දෙවනපියෙන පියදසින ලාජිනවිසති වසාහි සිතෙන
    අගතඅගාච මහිය්තෙ හිදබුධෙජාතෙ සාක්‍යමුනිති
    ශිලාවිගඩහිමා කලාජත සිලාථභෙච උසපාපිතෙ
    සිද භගවංජානේති ලුම්බිණිගාමේ උබලිකරට අථභාගියෙච"

    මෙහි අර්ථය ලෙස ඔවුන් දක්වන්නේ,
    දේවානංපිය දසි(රජු) ගේ අභිෂේකයෙන් අවුරුදු විස්සක් ගිය කල්හි මෙහි සාක්‍යමුනි බුදුරදුන් උපන්නේ යැයි(සලකා) තමාම පැමිණ ගෞරව කලේය. භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ මෙහි උපන්නේ යැයි අසා(ප්‍රකාශයට පත් කොට) දැඩි ඇල්මකින් යුක්තව සිලා ටැඹක් පිහි‍ටුවිය. ලුම්බිණි ග්‍රාමය බද්දෙන් නිදහස් කොට අර්ථලාභය ඇති කලේය.

    නමුත් මෙය නිවැරදි කියවීමක් නොවන බවද මෙහි අකුරුවල දෝෂ සහිත බව සෙල්ලිපි කියවීමට දන්නා ඕනම කෙනෙකුට තේරෙන දෙයකි. එසේම විද්වතුන් විසින් මෙම කියවීම නිවැරදි කොට දක්වා ඇත. මෙහි කියවීමේදී සදහන් අක්ෂර නැවත නිවැරදි කල ආකාරය මෙසේ සදහන් කල හැක.

    මෙහි පලමු පෙලෙහි හතරවන වචනයේ ඇති "හි" අක්ශරය මහප්‍රාණ "භි" අක්ශරය වශයෙන්ද, දෙවන පේලියේ ඇති "ගත" අක්ශර දෙක 'තන" වශයෙන්ද, එම පේලියේම දෙවනි වචනයෙහි "ය්" අක්ශරය "යි" ලෙස වෙනස් විය යුතුය. දෙවනි පේලියේම අවසාන වචනය වන "ක්‍ය" යන්න මෙහි පෙන්වා ඇති ආකාරයට "යො" වශයෙන්ද, "නි" අක්ශරය "නී" වශයෙන්ද වෙනස් විය යුතුය. තුන්වන පෙලෙහි පලමු වැනි වචනයේ "ශි" අක්ශරය "සි" ලෙසද 'හි මා" අක්ශර "භිඡා" ලෙසද තෙවනි පෙලෙහිම "ක" අක්ශරය සහ "ජ" අක්ශරයත් ලිපිවෙලින් "කා" සහ "පි" ලෙසද හතරවන පෙලෙහි ඇති "නෙ" අක්ශරය "තෙ" විය යුතු අතර දෙවන පදයේ ඇති "ලුම්" ලුං" වශයෙන් වෙනස් විය යුතුය.

    ඒ අනුව නිවැරදි කියවීම මෙසේ දැක්විය හැක.
    "දෙවානපියෙන පියදසින ලාජිනවීසති වසාභී සිතෙන
    අතනඅගාච මහීයිතෙ හිදබුධජාතෙ සයොමුනීති
    සිලාවිගඩභීචා(ඡා) කාලාපිත සිලාථභෙච උසපාපිතෙ
    හිද භගවංජාතෙති ලුංමිනිගාමෙ උබලිකෙකටෙ අථභාගීයෙච"

    අද තාක්ශනය දියුනුය. මිනිස්සුන් තොරතුරුවලින් සන්නද්ධය. එසේම අද බොහෝ දෙනා සෙල්ලිපි කියවීමට ඉගෙන ගෙන සිටී. ඒ නිසා කාටවත් බොරු වංචා කර ඔවුන්ව ඇන්දවිය නොහැක. මේ සෙල්ලිපියේ තියෙන්නේ මේක යැයි කීවට එකවර පිලිගන්නා යෙහෙයියන්(yesmen) ඇත්තේ සීමිත පිරිසකි. කවුරු මොනවා කිව්වත් ඒ සෙල්ලිපි තමාද කියවා බැලීම සෙල්ලිපි කියවීමට දන්නා ඇත්තන්ගේ සිරිතකි. මේ සෙල්ලිපිය බ්‍රිතාන්‍යයන් කියවා ඇති ආකාරය වැරදි නිසා පසු කාලීන උගතුන් විසින් එම වැරදි ඉවත් කොට මෙම නේපාලයේ ලිපිය නැවත කියවා නිවැරදි කර ඇත. නමුත් ඇතමුන් තවමත් අල්ලාගෙන සිටින්නේ බ්‍රිත්‍යයන් කියවා දුන් වැරදි විස්තරයයි.

    මෙහි සිදුහත් උපත දක්වා ඇත්තේ සිදුහත් යන නම වෙනුවට "සාක්‍යමුනි"යන නමින් යැයි අපේ සමහර ඇත්තන් පවසයි. එහෙත් එහි ඇත්තේ සාක්‍යමුනි ලෙස නොව "ස යො මු නී ති" ලෙසය. තවද මෙහි සාක්‍යමුනි යන වචනයේ "ක්‍ය" යන අක්ශරය බ්‍රාහ්මීය අක්ෂරවල පමනක් නොව සංස්කෘතිවලද භාවිතා කෙරෙන වචනයක් නොවේ. මේ මුල් කියවීම් සිදුකර ඇති ආකාරයට එය සාක්‍යමුනී ලෙස වැරදියට කියවා ඇතිබව පැහැදිලිය. එසේනම් මෙහි සදහන් සයොමුනිතී යනු කවරහුද?මෙවැනි නමකින් බෝසතානණ්වහන්සේව හදුන්වනවා මා අසා නැත. එසේ සදහන් තැන ක් තිබේනම් කරුනාකර දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි.

    මේ කරුනු අනුව මෙම ලිපිය උඩින්ම ප්‍රතික්ශේප වනු ඇත. එනමුදු ඇතමුන් තවත් මේ ලිපියේ එල්ලී සිටින නිසා තුන්වන වරයත් දීමට කැමතිය. ඇතමුන් පවසන අන්දමට මෙම ලිපියේ සයෝමුනිති යන්න සාක්‍යමුනි ලෙස ඇතැයි අකමැත්තෙන් හෝ උපකල්පනය කර තවත් වචනයක් දෙස බලමු. මෙම ලිපියේ සිදුහත් උපත සිදුවී ඇත්තේ මෙම ස්ථානයේ යැයි තහවුරු කර දක්වා නොමැත. එහි ඇත්තේ සලකා වැනි අර්ථයකි. මෙම ලිපිය කියවූ මුල් පුද්ගලයාද අර්ථ දක්වා ඇත්තේ එසේය. එසේම අබය අරියරත්න මහතාගේ පරිවර්තනයෙන් පෙනෙන්නේද බුදුරදුන් එහි උපන්නේ යැයි ''සලකා" ටැම් ලිපිය පිහි‍ටුවා ඇති බව මිස මෙහි ස්ථීරවම බුදුන් උපන්නේ යැයි කියා නැති බවය. මේ අපි දුන් අර්ථයක් නොව ඔවුන් විසින්ම දී තිබූ අර්ථයයි. අපිත් මේ පුන පුනා කියන්නේද එම කරුනම. එහි සිදුහත් උපතක් සිදුවී නොමැත. එහි ඇත්තේ ආකෘතියකි. රත්නපුර ප්‍රදේශයේ පුංචි දඹදිවක් පිහිටා ඇත. එයට අපි ඉන්දියාවේ දඹදිව(ආකෘතිය) ලෙස කියන්නේ නැත. එය සදහන් කරන්නේ ඉන්දියාවේ නිර්මාන සිහිවීමට සෑදූ එකක් බවය. නේපාලයේ ලිපිය කියන්නේද එම කරුනමය.

    එමෙන්ම එකම බුදුන්වහන්සේ හැදින්වීමට මෙහි නම් දෙකක් (ශාක්‍යමුනි-බුදුන්) යොදා තිබුනත් කිසිම තැනක සිදුහත්/ගෝතම යන නාම ගෑවී හෝ නොතිබීම පුදුමයකි. ඇතමුන් අපි අතපසුවීමකින් හෝ බුදුන් උපන්නා යැයි කීවිට දහසකුත් දේ කීවත් මෙම නේපාලයේ සෙල්ලිපිය පිලිබදව කටක්වත් අරින්නේ නැත. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුවන්ගේ යැයි කියන්නේ මේවාට විය හැක.

    මේ ලිපිය ගැන තවදුරටත් කථාකිරීමට අවශ්‍ය නැත. මන්දයත් මෙම ලිපිය ව්‍යාජයක් බව ජාත්‍යන්තරයම පිලිගෙන අවසානය. ඒ නිසාම සිදුහත් උපත තමන්ගේ ප්‍රාන්තයේ හෝ තමන්ගේ රටේ සිදුවී ඇති බව බොහෝ ජාතීන් මතපල කරයි. මේ නේපාලයේ ලිපිය ව්‍යාජ නොවූ හා නිවැරදි එකක් නම් අන් රටවල් තමන්ගේ ප්‍රාන්තරය සිදුහත් උපත ඈදාගැනීමට වෙහෙසෙන්නේ නැත.

    මේ ලිපිය වැරදීමත් සමග ඉන්දියාවේ බිහාරයේ ඇති ඉන්ද්‍රසාල ගුහාවද බොරුවක් බව සනාථවෙයි. මක්නිසාදයත් එම ලෙන සනාථ කිරීමට කිසිදු සාධකයක් නොමැත. ඇති එකම සාධකය ලුම්බිනි ආකෘතියේ ඇති ටැම් ලිපියයි.ටැම් ලිපි කථාව පැත්තකින් තියමු. දැන් සිදුහත් කුමරු ඉපදී ඇත්තේ කුමන වෘක්ශයක් මුලදීද යන්න ගැටලුවක් මතුවේ. ඒ අන්කිසිවක් නිසා නොව අපි නේපාලයේ ගියවිට අපිට සිදුහත් කුමරු උපන්නායැයි කියා පෙන්වන්නේ අශෝක ගසකි.

    එහෙත් අරියපර්යේෂණ සූත්‍රයට, ආචාර්යා සූත්‍රයට,සක්කපඤ්හ සූත්‍රයට අනුව සිදුහත් කුමරු උපත ලබා ඇත්තේ සල් ගසක් මූලයේදීය. එසේම පැරණි පන්සල්වල සිතුවම් කර ඇත්තේද එම සල් ගසකි. සල් හා අශෝක යනු ගස් දෙකකි. නමුත් මේ පැටලැවිල්ල නිසා ඇතමුන් සල් ගස හා අශෝක ගස යනු එක් ගසක් බවද, ඒ නම් දෙකින්ම හදුන්වන්නේ එකක් බවද පෙන්වා දෙයි නමුත් සල් ගසේ උද්භිත විද්‍යාත්මක නාමය Shorea robusta ය. අශෝක ගසේ උද්භිත විද්‍යාත්මක නාමය saraca indica ය. උද්භිත විද්‍යාත්මක නාම ශාඛ හා සතුන් හැදින්වීමට යොදාගෙන ඇත්තේ මෙවැනි පැටලෙන තැන් වලට පිලිතුරු ලෙසය. එදා මිනිසුන්ව හොද හැටි ඇන්දුවද අද එය කල නොහැක. ඒ මේ 21වෙනි සියවස නිසාය.

    මෙම අශෝක ගසට සල් ගස කියා කිසිවෙකු කියන්නේ නැත. එය එසේ කියන්නේ ඉන්දීය සංචාරකයන් හා ඔවුන්ගේ අනුගාමිකයන් ලියූ පොත්වලදී පමනි. මෙම නේපාලයේ ඇති අශෝක ශාක විශේෂය හැදින්වීමට යොදන නම් මෙසේ දැක්විය හැක.

    In Sanskrit: Sita-Ashoka, Anganapriya, Ashopalava, Ashoka, Asupala, Apashaka, Ashoka, Hemapushpa, Kankeli, Madhupushpa, Pindapushpa, Pindipushpa, Vanjula, Vishoka, Vichitra.

    Other languages: Thawgabo, Thawka (Burmese), Vand ichitrah, Vanjulam (Hindi), Oshok (Bengali), Ashoka (Oriya), Asogam (Tamil), Asokam (Malayalam), Asokamu, Vanjulamu (Telugu), Sokanam โสกน้ำ (Thai), Diyaratmal, Diyeratembela (Sinhala), Nikabilissa (Divehi), Achenge, Akshth, Ashanke, Kenkalimara, (Kannada), Gapis, Tengalan (Malay).

    කෙසේ වෙතත් මේ පිලිබදව පුදුම වීමට අවශ්‍ය නැත. මන්දයත් මේ නේපාලෙයේ ඇත්තේ ආකෘතියක් මිස සත්‍ය ස්ථානය නොවන නිසාය. හෙලදිව පිහිටි සිදුහත් කුමරු උපතලද ස්ථානයේ ඒ සල් ගස තවමත් සු‍රැකිව පවතී.එම වෘක්ෂයට එදත් කිවේ සල් කියාය අදත් කියන්නේ සල් කියාය අනාගතයෙත් එය එසේමය. අනිත් කරුනනම් එය අද ඊයේ හටගත් සල් ගසකුද නොවේ. එය වසර 3000ක්පමන පැරනි එකක් බව විද්‍යාත්මකවද සනාථ කර ඇත. එය දු‍ටු කෙනෙකුට විද්‍යාත්මක සනාථ කිරීම් කොහෙත්ම අවශ්‍ය නොවේ. මන්ද එය එතරම් පැරණි බව දු‍ටු විගස ඕනම කෙනෙකුට පසක්වන කරුනකි.


    අනිත් කරුනනම් ඉන්දියාවේ බුදුන්වහන්සේ හා සමකාලීන රාජ පරම්පරාවල් පිලිබදව අද ඉන්දියාවට ගැටලුවක් වී ඇත. ලුම්බිණිය හා එම අවට ප්‍රදේශය ගැන සදහන් කිරීමේදී වැදගත් වන්නේ සිදුහත් කුමරුන්ගේ මව් පාර්ශවයයි. මෙම තෙල්දෙනිය ප්‍රදේශයෙන් හමුවූ සෙල්ලිපියක් අද පුරාවිද්‍යා දෙපර්තුමේන්තුවේ සෙල්ලිපි ලැයිස්තුවට ඇතුලත් වී ඇත. ඒ නිසා කිසිදු බයක් හෝ සැකක් නොමැතිව මෙම සෙල්ලිපිය පිලිබදව කථාකල හැක. මෙම සෙල්ලිපිය බඹරගල රජමහාවිහාරයේ පිහිටා ඇත. එය මෙසේ දැක්විය හැක.
    "815 උතරගුත තෙරහ ලෙණෙ මනපදශනෙ කොලිගමහි තුබෙ කලතෙහි එකෙ ලෙණෙ චිත නගරහි පශදෙ" (I.C.63)

    මෙහි වැදගත් වන්නේ "කොලිගමෙහි තුබේ" යන්නයි එහි අර්ථය ලෙස දක්වන්නේ "කෝලිත වංශික ග්‍රාමයෙහි ථූපය" ලෙසයි.එසෙනම් මේ පවසන්නේ සිදුහත් කුමරුන්ගේ මව්පාර්ශවයේ ඇති ඥාතිත්වය නොවේද? එහෙත් අද නේපාලයට ඒ සදහා ඇති සාධක මොනවාද? නේපාලයේ මායා දේවි කෝවිලක්නම් පවතී. එහෙත් එමගින් මහාමායදේවිය එහි සිටියා යයි කිව නොහැක්කේ එය පසු කාලීන ඉදිකරන ලද්දක් නිසාය. විශ්නු දෙවියන්ට ලංකාවේ දේවාල තිබූ පමනින් අපි විශ්නු දෙවියෝ ලංකාවේ යැයි කියන්නේ නැත. එහෙත් ඉන්දියා චාරිකාවල මගපෙන්වනන්ගේ දේශනාවලදී නම් ඒවා හරි අපූරුවට විස්තර කර සිටී.

    සාලවනය සබැදි ඉන්ද්‍රසාල ගුහාවද සියලු සෙල්ලිපි සාධක සමග බඹරගල රජමහාවිහාරයේ පිහිටා ඇති බවද දැනටමත් සනාථ කර අවසන්ය.
    ""එවං මෙ සුතං – එකං සමයං භගවා මගධෙසු විහරති, පාචීනතො රාජගහස්‌ස අම්‌බසණ්‌ඩා නාම බ්‍රාහ්‌මණගාමො, තස්‌සුත්‌තරතො වෙදියකෙ පබ්‌බතෙ ඉන්‌දසාලගුහායං. තෙන ඛො පන සමයෙන සක්‌කස්‌ස දෙවානමින්‌දස්‌ස උස්‌සුක්‌කං උදපාදි භගවන්‌තං දස්‌සනාය. අථ ඛො සක්‌කස්‌ස දෙවානමින්‌දස්‌ස එතදහොසි – ‘‘කහං නු ඛො භගවා එතරහි විහරති අරහං සම්‌මාසම්‌බුද්‌ධො’’ති (දීඝ නිකාය සක්කපඤ්ඤ සූත්‍රය)

    "පචින රඣ නගයහ ඣය බමණ කොඣර ඣිතය උපශික දිතය ලෙණෙ" (සෙල්ලිපි අංක 814)
    මෙම ලේඛනයට හා සූත්‍රදේශනවට අනුව අම්බසණ්ඩා නම් බමුණු ගමේ ජීවත් වූ කොඣර නම් බමුණාගේ දියණිය වූ දිත්තා උපශිකාවගේ ස්වාමිපුරුෂයා වූයේ පචින රජතුමාය බව මින් පැහැදිලි වන අර්ථයයි. තවද මෙම අම්බසඛ්ඩා නම් බමුණුගම පිහිටා තිබුනේ ඇඹුලඹේ බවට ලිඛිත සාක්ෂි ශිලා ලේඛන මගින් තහවුරු වේ. වැදගත් තවත් කරුනක් වන්නේ ඉන්ද්‍රසාල ගුහාවේ තහවුරු වීමත් සමග ඒ සමග සූත්‍රයේදී විස්තරකරන මගධ රාජ්‍යයේ පිහිටීමද නිවැරදි බව සනාථ වීමයි. නමුත් ඉන්දියාවේ හා නේපාලයේ මෙම ස්ථාන තහවූරු කිරීමට ඇත්තේ කලින් සදහන් කල අශෝක ස්ථම්භයේ කොටා ඇති අරුම පුදුම සයොමුනිති උපන් බව සදහන් කල ලිපිය පමනි.
    මෙම ඉන්ද්‍රසාල ගුහාව හා එම ප්‍රදේශය අතීතයේ සිටි රජදරුවන්ගේ නොමද ගෞරවයට පාත්‍ර වූ පුද බිමකි. මේ පුදබිම ලගදී මතු වූ ස්ථානයක් නොවන බවට ඒවා හොදම නිදසුන් වේ.
    වසභ රජතුමාගේ මාලිගාවේ සිට දම් දෙසන මහ තෙරනුවන් වහන්සේ රජතුමාට මහ සායේ ධාතු නිධානය වර්ණනාව පැහැදිලි කරමින් දේශනාවක් පැවැත්වූ අතර එම සිදුවීම ඇදහිය නොහැකි සිදුවීමක් බව රජු ප්‍රකාශ කර සිටි විට තෙරනුන්වහන්සේ මේ ඉන්ද්‍රසාල ලෙනේ බුදුන්වහන්සේ සක්කස්ස දේවානමින්දට කල දේශනාව හා එම ‍රැස් වූ පිරිස පිලිබදව රජතුමාට නිදසුන් දෙමින් පැහැදිලි කල බව මහාවංශයේ වංසත්ථප්පකාසිනී නම් ටීකාවේ සදහන් කර තිබේ. මෙම ඉන්ද්‍රසාල ගුහාව එතරම් ප්‍රසිද්ධියට පත් ස්ථානයකි. එසේම මෙම ලුම්බිනිය පිහිටි බඹරගල විහාරය රජමහාවිහාරයක් ලෙස හදුන්වන්නේ එම රාජ අනුග්‍රයන් නො අඩුව ලැබුනු බව සනාථ කිරීමට නොවේද?


    තවත් වැදගත් දෙයක් වන්නේ මෙම තෙල්දෙනිය නම් නාමය සෑදුනු ආකාරයයි. සිදුහත් කුමාරයන් උප්පත්තිය ලද ස්ථානයේ ගිනිකොනට ගලා ගිය කුඩා දිය පාරක් ගැන සදහනක් වෙයි. එය තෙල්නදිය ලෙස හදුන්වා ඇත. මෙය බෝධිසත්ව ප්‍රසූතියේදී මහාමායාදේවියගේ පරිහරණයට දෙවියන් විසින් මැවූ පොකුණ්ක් යැයි සදහන්ය. පසුව එය කුඩා ගගක් බවට පත්වූ බව පැහැදිලිය. දෙවියන්ගේ මැවීමේ කථාව කෙසේ වෙතත් එතන නදියක් පිහිටි බව පැහැදිලිය. මෙම තෙල් නදිය අපට වැදගත්ය. බඹබගල රජමහාවිහාරයට නුදුරින් ලුම්බිණිය පිහිටා ඇත. එම ප්‍රදේශය හදුන්වන්නේ තෙල්දෙනිය ලෙසය. එසේනම් මෙහි ගැලපීමක් ඇති බව පැහැදිලිය. ලුම්බිනිය අසල පිහිටි තෙල්නදිය පසු කාලයේදී තෙල්දෙනිය ලෙස නම් දරා ඇත. මෙතෙක් කාලයක් තෙල්දෙනිය ග්‍රාමයට නම ලැබුනු සැටි සොයා ගැනීමට නොහැකිව සිටියේ ලුම්බිනිය හා තෙල්නදිය නේපාලයට පටවා තිබූ නිසාය. මෙතරම් අපූරු ආකාරයට ගැලපීමක් ඇති හෙලදිව ලුම්බිණිය අහලකටවත් ලංකිරීමට නේපාලයේ ආකෘතියට බැරිය.
    කෙසේ වෙතත් හෙලදිව ස්භාවිකව පිහිටි මෙම තෙල්නදිය ඇසුරු කරගෙන නේපාලයේ ලුම්බිනි ආකෘතිය අසලද දිය පොකුනක් නිර්මානය කර ඇති බවද කිව යුතුය.නමුත් එහි හරයක් හෝ කිසිදු සාධකයක් නොමැත. ඇතැම් වෙසක් කලාපවලදී සිරිපා ආකෘතිය නිර්මානය කරයි. එහිදී ඔවුන් සීත ගගුලක්ද නිර්මානය කරයි. ඒ සිරිපා අඩවිය හා සීත ගගුල සම්බන්ධ නිසාය. නමුත් එය කවදාවත් සිරිපා අඩවියේ සීත ගගුලට සමාන වන්නේ නැත. නේපාලයේ සිදුවී ඇත්තේද එවැනිම වූ සිදුවීමකි.

    නේපාලයේ ලුම්බිණිය සනාථ කිරීමට ඇති එකම සාධකයද අමූලික බොරුවකි. එසේම එහි සල්ගසක් වෙනුවට ඇත්තේ අශෝක ගසකි. මහාමායා දේවිය සිටි බව සනාත කිරීමට ඇත්තේ කෝවිලකි. තවත් පසු කාලීන නටඹුන් කීපයක් හා කුඩා දරුවෙකුගේ පා සටහනක් ඉතිරිව ඇත. බුද්ධපරිනිර්වානයෙන් වසර 218 ඇතුලත කිසිදු ආරාමයක සාධකයක් නොමැතිව විනාශ වී ගිය නේපාලයේ මේ පා සටහන පමනක් ඉතිරි වූයේ කෙසේද යන්න ගැටලුවකි. මෙය විස්තර කරන අපේ භක්තිවන්ත පින්වතුන් මහත් ආඩම්බරයෙක් කියා සිටින්නේ එය ආස්චර්යක් නිසා ඉතිරි වූ බවයි. සැබවින්ම එය ආස්චර්යක්නම් ඒ බෝසතානන් වහන්සේම මරුන් පරදා බුද්ධත්වය අවබෝධකිරීමට පිට දුන් සිරි මහ බෝධීන්වහන්සේව අශෝකගේ බිරිද විසින් ක‍ටු ගසා විනාශ කිරීමද සාදු කාර දිය යුතු ආස්චර්යකි. බුදුන්වහන්සේ වැඩ සිටි මහා ආරමයන් විනාශ වී යන කල්හි, බුදුන්වහන්සේගේ සිරිපා සටහන් ඉන්දියාවෙන් සොයා ගැනීමට නොහැකි ලෙස අතුරුදහන්වන කල්හි කෙලෙස් සහිතව සිටින බුද්ධත්වයට පත්වීමට අපේක්ශාවෙන් උපන් බෝසතානන් වහන්සේගේ පාද සටහන පමන මෙසේ ඉතිරිවූයේ කෙසේද යන්න දන්නේ දෙවියන්, ධර්මාශෝක රජු හා ලුම්බිනිය සොයාගත් සුදු ජාතිකයන්ම පමණි.

    නමුත් හෙලදිව පිහිටි නියම නිවැරදි ලුම්බිනිය එසේ වනයෙන් යට වූයේ නැත. සාධක අතුරුදහන් වූයේ නැත. සල්ගස් අශෝක ගස් බවට පත්වීයේ නැත. සියල්ල නිවැරදි ලෙස පිහිටියේය. ඉන්ද්‍රසාල ගුහාවද එසේය. ඒවා සනාථ කිරීමට සෙල්ලිපි සාධකද තිබේ. රජදරුවන්ගේ නොමද ගෞරවාදරයට පත්වූ බවද ඉතිහාසය සාක්සි දරයි. ඉන්දියාවේ ආකෘති ලුම්බිනිය සුද්ධන් විසින් සොයා දීමට ප්‍රථම අපේ මුතුන් මිත්තන්ට මහා පරිනිර්වාන සූත්‍රය අමතක වී තිබුනේ නැත. ඔවුන් මේ ස්ථාන දැක බලා වැද පුදා ගත්හ. හෙලදිව පිහිටි ලුම්බිනියට ඇත්තේ නේපාලයේ ලුම්බිනියට මෙන් අහසින් පාත්වූ ඉතිහාසයක් නොවන බවද කිව යුතුය.

    කෙටියෙන් සදහන් කරන්නේනම් පරදේශනාමාවලියට අනුවද නේපාලයේ බුදුවරු පහල වන්නේ නැත.
    “මෙයින් පිටත් බංගාලය, අරමණ ය, වඟුරට ය, කොඬ්කණ ය, කඬ්ගුදෙස ය, සින්ධු ය, ඕහළ ය, නේපාල ය, ගුර්ජ ය, තිංගුර ය, දොළුවර ය, කර්ණාට ය, ලාටා ය, පර ලාට ය, තිමිරදෙශ ය, කාකා ය, යවන ය, තුරඟ ය, අඳු ය, මඳු ය, කාම්බොජය, පූප්පොලය, කුරුකය, ඡත්තීශය, කර්ණාභාරය, චූඩය, වල්ලූරය මලයූර ය, පංඩූර ය, චීන ය, මහා චීන ය, කාශ්මිර ය, යොනක ය, බර්බර් ය, ශවර ය, වඩිගර ය, වීර ය, කල්යා ණ ය, පූරණ ය, චෝඩ ය, පාණ්ඩ ය, යනාදි මෙ කී දෙශ මධ්යයමණ්ඩලයෙන් පිටත් වූ ප්රාත්යඩන්ත දෙශ නම. මේ දෙශවල බුද්ධාදීහු නූපදනාහුය.”
    (පූජාවලිය සත්වන පරිච්ඡෙදය)
    මේවා ඉතින් ඇතමුන්ට දිරවන්නේ නැති බව කීමට අමුතුවෙන් අ‍ටුවා ටීකා ටිප්පනි අවශ්‍ය නැත. ඔවුන්ගේ ලෞකික අපේක්ශා භංගවීම සම්බන්ධයෙන් අපිට කරන්න දෙයක් නැත. මේ කරන්නේ සාසනය වෙනුවෙන් විය යුතු අපේ සේවයයි. මෙය කිසිම හේතුවක් නිසා නැවත් නවත්වන්නේ නැති බවද කිවයුතුය.

    මේ ලුම්බිනිය පෙන්වා දෙන්නේ සද්දස්සකුල පුත්‍රයන්ට විනා විනෝද චාරිකා යන සංචාරකයන්ට නොවන බව මතක තබා ගත යුතුය.



    http://hmherath.blogspot.com/2012/07/blog-post_13.html
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ධර්මය යටපත් වන කාල වලදී මෙම ස්තානයන්ද ධර්මතාවයට අනුවම ලොවින් වසන්වී සැඟවී යයි. යලිත් පිරිසිදු ධර්මය මතුවන කාලයට මෙම ස්තාන ලෝකයාට විවෘත වන්නට පටන්ගනී.එයද ධර්මතාවයයි.මේ යලිත් පිරිසිදු ධර්මය මතුවන කාලයයි.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    12742418_966547956775541_1190661191378305951_n_zpshwgvtmrq.jpg





    “ජන්බුදීපා ඉධා ගථා” යනුවෙන් පාලි මහාවංශ අ‍ටුවාවෙහි සඳහන් කර ඇති දේ නිවැරදිය. එදා “ජන්බුද්වීපය” යන නම භාවිතා කළේ දේව හෙළය යන නමින් ප්‍රසිද්ධ වූ හෙළ දිවයිනේ ම කොටසක් වූ බුදුන් උපන් ප්‍රදේශයටයි. ලෝකෝපකාරය නමැති අනුරපුර යුගයේ ලියූ පොතකද මේ හෙළබිම එදා ජන්බුද්වීප, උතුරුකුරු දීපා, අපර ගෝයානය, පූර්ව විදේහය යනුවෙන් සතර දිවයින් ලෙස නම් කර තිබූ බව ලියා දක්වා ඇත. එමෙන් ම එදා ලංකාපුර (ලකමන්දාව) යනුවෙන් භාවිතා කළේත්, හැඳින්වූයේත් යක්ඛ හෙළයේ අග නුවරටයි. ලංකා පුරය යනුවෙන් එදා යක්ඛ හෙළයේ අගනුවරට භාවිතා කළ බව විජය රජුගේ කථා පුවතෙහි ද සඳහන් කර ඇත. කුවේණිය විසින් විජය රජු ලවා යක්ඛ නායකයින් අසූ දෙනෙකු ඝාතනය කරවූයේ ද ලංකා පුරයේදීය. ලංකා පුර රාජධානිය ම පසු කලකදී අනුරාධ පුර රාජධානිය ලෙසින් ද අලුතින් නම් කර සකස් කර ගති. ලංකාපුර හා ජන්බුද්වීපය යන නම් වලින් එදා පාලි මහාවංශ අ‍ටුවාවෙහි භාවිතා කළ නම් වැරදි ආකාරයෙන් ම ප්‍රයෝජනයට ගත් පසුකාලීන ගත් කතුවරු මෙන්ම අ‍ටුවා ටීකා ටිප්පනි ලියූ බොහෝ අයද ජන්බුද්වීපය යනු කොතැනකට භාවිතා කළ නමක් ද යන්න පිලිබඳව පැහැදිලි දැනුමක් හෝ තේරුමක් නැතිවම එය ඉන්දියාවේ පිහිටි තැනකැයි අනුමානයෙන් ලියා තැබූහ. අනුරාධපුර මුල් යුගයේදී නිවැරදි ආකාරයෙන් හෙළ බසින් ලියා තිබූ මුල් ම හෙළ මහාවංශය අද දක්නට නැත. ඒවෙනුවට අද ඇත්තේ ඒ හෙළ මහාවංශයට පාලියෙන් ලියූ අ‍ටුවාවක් ම පමණි. ඒ අ‍ටුවාව ලියා ඇත්තේ මුල් හෙළ මහා වංශය ලියා වසර 500 කට පමණ පසුවය. එනම්, බුද්ධෝත්පත්තියෙන් වසර 850 කට පමණ පසුවය. මේ යුගය වන විට බුදුන් උපන් දේව හෙළය (ජන්බුද්වීපය) වන ගත වී ආරඤ්ඤ සේනාසන හා වෙහෙර විහාර ටිකක් පමණක් ඉතිරි වූ ධර්ම මාර්ගයේ ගමන් ගත් දුකසේ කල් ගෙවූ භික්ඛූන් පිරිසකගෙන් පමණක්ම සමන්විත වූ වනගත ප්‍රදේශයක් බවටද පත් විය. අනුරාධපුර යුගයේදී නිවන් දකින්නට උපකාර වූ පවිත්‍ර බුද්ධ ධර්මය යටපත් වී බුද්ධාගම නමින් ආගමක් ප්‍රචලිත වී රජ ගෙදර ආශ්‍රය කොටගත්, රජ ගෙදරින් ම දන් වැලඳූ, සත් මහල් ප්‍රාසාද වල සුවසේ වැඩ සිටි, විශාල පෘථග්ජන භික්ෂු පිරිසක් ද මේ රටේ බිහි වූහ. ඔවුන් අනුගමනය කළේ පිරිසිදු බුද්ධ ධර්ම මාර්ගය නොව පසුව සකස් කර ගත් , සම්මත කරගත්, බුද්ධාගමේ ඇදහිලි හා ලෞකික වත්පිළිවෙත්ය. නිකාය භේද, අභයගිරි-මහාවිහාර අර්බුදය, රාජ පාක්ෂික හා රාජ විරෝධී යැයි දෙපක්ෂයකට භික්ෂූන් බෙදීම, දේව ආගම් සංකල්ප ආදී සියලු දේ බුද්ධාගමේ ලක්ෂණ මිස පිරිසිදු බුද්ධ ධර්මයේ ලක්ෂණ නම් නොවේ. පොළොන්නරු යුගය වන විට මේ තත්වය තවත් දරුණු විය. උතුම් බුද්ධ ධර්මය සහමුලින් ම වෙනස් කරගත් පෘතග්ජන භික්ෂූන් දේව ආගම් සංකල්ප හිස් මුදුනින් ම පිළිගෙන ක්‍රියා කළ බවත් පෙනේ. මේ අතරම නැගෙනහිර පළාතේත්, දකුණේ සිතුල්පව්ව, කුඩුම්බිගල, තිස්සමහාරාම ආදී ප්‍රදේශ වලත් සබරගමු පළාතේත්, කෑගල්ල ආදී ප්‍රදේශවලත් මේ යුගය වන විටත් ආරඤ්ඤ වාසී, වනවාසී පිරිසිදු බුද්ධ ධර්ම මාර්ගය ‍රැකගත් ආර්යයන් වහන්සේලා පිරිසිදු නිවන් මඟ අනුගමනය කරමින් මඟපල ලබාගත් බවද පැහැදිලිය........................................




    .............'පරම සත්‍යය පෙන්වා දුන් බුද්ධ පුත්‍ර අති ගෞරවනීය ''මීවනපලානේ සිරි ධම්මාලංකාර'' තෙරුණ් වහන්සේ'..............




    මෙම උතුම් ධර්ම පුස්තකය කියවීම සදහා.....>>>>>>>

    https://drive.google.com/file/d/0B6WB__tM2BfZN2EwN2Q0OGItNzZiZi00NjgwLTg3ZGItYzlkMTkyOTc1ODk3/view
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,659
    5,783
    113
    KALUTHARA
    මම අහල තියන විදිහට නම් ලෝක විනාශයකින් පස්සේ හැදෙන්න පටන් ගද්දිම තමා ශ්‍රී මහා භොඩින් වහන්සේගේත් පහල වීම සිද්ධ වෙන්නේ. ඒ වගේම ලෝක විනාශයේදී අන්තිමටම විනාශ වෙන තහනම් එතන කියල.

    ඇත්තටම බැලුවොත් 2600 කටත් වඩා පැරණි වෙන්න ඕනේ.

    machn me gana carbon parikshanayakkarala nadda:nerd:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,659
    5,783
    113
    KALUTHARA
    Photo0082_zpswh4upxpk.jpg



    නුවර බඹරගල පිහිටි ලුම්බිනි සල් උයනේ අදටත් ඉතිරි වී ඇති සල් ගසක් ( මෙය වසට 3000ක් පැරණි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් සිදු කරන ලද කාබන් නිර්ණ පරීක්ශණයෙන් තහවුරු වී ඇත )







    Photo0085_zpsro8dplq5.jpg



    එම ගසෙහි විශාල මුල

    meke repots eliyata damme nadda.koi kale da kare:dull:
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මේ ලින්ක් එකෙන් බලන්න

    වර්ගපූර්ණිකාව බ්ලොග් එක කරපු කෙන ඒක කලේ මේ පරම සත්‍ය සොයා දේශනා කල මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන්ට සහ ඉතිහාසය ගැන ගවේශනය කර පුරාවිද්‍යාත්මක සාක්ශි සහ වෙනත් සාක්ශි විශාල ප්‍රමානයක් සොයාගත් ජයරත්න පතිරාරච්චිට අපහාස කරන්න."මීවනපලානේ ජයරත්න "යන නමින් ඔහුව හඳුන්වාගත්තේත් එලෙස අපහාස කිරීමටමයි
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    ඕක අත්තක් උනත් එලියට එන්නේ නැති වෙයි මචං ලංකාව කවද හරි ඉන්දියාවට වඩා උසස් තැනකට එනකම්. ඕක රාජත්රාන්තිකව ප්‍රශ්නයක් වෙනවා ලොකුවට ඇදුනොත්. එකක් සුද්දොන්ට අනික් එක ඉන්දියන් කාරයොන්ට. හොදම දේ තමන් දන ගත්ත ලබා ගත්ත දෙයින් සුවයක් ලබන එක.

    mamath hithanne eka thamai.. oya wage dewal eli nowi thiyena tharamata hodai :(:(
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    හෙනයා;19748498 said:
    mamath hithanne eka thamai.. oya wage dewal eli nowi thiyena tharamata hodai :(:(

    අපේ රටේ නිවැරදි ඉතිහසෙ දන්නෙ නැත්තෙ අපේ මිනිස්සු විතරයි.ඉන්දියාව ඇමරිකාව එන්ගලන්තෙ වගේ රටවල් මේව ගැන හොඳටම දන්නව.නමුත් දැන් මේව හෙලිවෙන්න සුදුසු කාලෙ ඇවිල්ලයි තියෙන්නෙ.

    මේ සක්වලේ බුදු වෙන්නෙත් සක්විති රජ වෙන්නෙත් හෙලයෙක්ම බව හෙලයින් වන වන අපිම නොදැන සිටින්නේනම් ඒක මොනතරම් අපරාදයක්ද ?
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    බුදුන් හා සම්බන්ධ ස්තාන වල සිතියම්





    බඹරගල / ලුම්බිණිය

    Screenshot%2010_zps6gi85pp1.png







    හිරිවඩුන්න ජය සිරි මහ බෝධිය / උත්තරාරාමය

    Screenshot%2011_zpsny0jegmy.png







    ඉසින්බැස්සගල / ඉසිපතනාරාමය

    Screenshot%2012_zpsxl70pu3d.png







    බුදුගල / කුසිනාරාව

    Screenshot%2013_zpshajxldpo.png







    රිටිගල / ජේතවනාරාමය

    Screenshot%2014_zpsftmwcg2y.png







    රජගල / වේලුවනාරාමය

    Screenshot%2015_zpsatvqn7cx.png
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කියන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1805721

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796385

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ජම්බුද්වීපය ජන්බුද්වීප ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1795673

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මජ්ඣිමා පටිපදා මජ්ජිමා පටිපදා ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796564

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සුන්දර යන වචනයේ අර්ථය සුන් වූ දර යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753132

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සන්නිවේදනය යන වචනයේ අර්ථය රාගය ද්වේශය මෝහය නිවේදනය කිරීම යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753493

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුද්ධිමත් යනු රාග බව දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1750773

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පංච ශික්ෂා පදයන්ගෙන් එකක් කැඩුනොත් පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1749575

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1748768
    http://www.elakiri.com/forum/showthread.php?t=1727671

    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    Skylark