අපි බොහොම ලෙහෙසියට පහසුවට ඩොනේෂන් එකක් බාර ගන්න බැහැයි කිව්වට, ඒක රාජකාරිමය වශයෙන් ලොකු ප්‍රශ්නයක්. හිඟන්නෙකුට සල්ලි එපා කිවා වගේ හැඟීමක් අපට ආවට, අමාත්‍යංශයේ අනුමැතියක් නැතිව ඩොනේෂන් එකක් බාර ගැනීම කියන්නේ ලොකු ප්‍රශ්නයක්.
කොළඹින් පිට දිස්ත්‍රික්කයක දුෂ්කර රෝහලක ජල ප්‍රශ්නය විසඳන්න (එකල හිටපු රජ බිසව ඒ නගරයේ සංචාරයකට එන නිසා, දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගේ කට වචනය විශ්වාස කරලා) ආධාර අරගෙන, ඒ ප්‍රශ්නය විසඳපු එහි එවකට DMO වෙලා හිටපු මගේ මල්ලී, වැඩ තහනම් නොවී බේරුනේ අනූනමයෙන්. හේතුව, "අමාත්‍යංශයේ පූර්ව අනුමැතිය නොමැතිව ඩොනේෂන් බාර ගැනීම".
1990 දශකයේ, යුද්ධය බොහොම දරුණුවට යන කාලේ ,ඕස්ට්‍රේලියාවේ යම් ශ්‍රී ලංකික සංවිධානයකින් උතුරු මැද පළාතේ ප්‍රධාන රෝහලකට නවීන පහසුකම් සහිත වාට්ටුවක් සාදා දීම සඳහා මුදල් එකතු කර (එය රුපියල් වලින් නම් කෝටි ගණනක්), එය රෝහලට ලබා දීමට වසර ගණනාවක් තිස්සේ විඳපු කරදරය සහ ඒ මුදල් බාර නොගැනීමේ හේතු කාරනා පැහැදිලි කිරීම් සම්බන්ධයෙනුත් මටත් අත්දැකීමක් තියනවා. ඒකට රෝහල බාර වෛද්‍යවරයාට දොස් කියලා වැඩක් නැහැ. යල් පැනපු නීතිරීති, කීයක් හරි කඩා ගන්න බලාගෙන ඉන්න දේශපාලුවන්/නිලධාරීන්, හොඳින් අවංකව වැඩ කරන රාජ්‍ය සේවකයන්ට අංචි අදින්න බලාගෙන ඉන්න අපතයන් වැනි දහසකුත් එකක් බාධා තියනවා.
හොඳම, පහසුම දේ, ආධාර ප්‍රතිෂේප කරලා, නැති කරදර හදා ගන්නේ නැතුව ඉන්න එකයි.