දයාබර අසඩක්-
සොයාදෙන්න මටත්
ගෘෂා කෙනෙක් වහ වහා
දන් දෙන්නම් මා
වැදූ මව සහ වැදූ පියා
සින්නක්කරයටම ලියවා
ගනුදෙනුවක් ලෙස
වහල් බවින් මා
නිදහස්ව නිදොස් වී
යා යුතු බැවින් හෙට
අලුත් ඉරක් සොයා
හඳ බැබළවීමට
අසඩක් මෙහෙ එන්න
අහන්න මේ පැමිණිල්ල
දඟ ගෙයට යන්නට පෙර
වැදූ මව සහ වැදූ පියා මරා
යුක්තියේ දෙවඟන දූෂණය කළ
-මාලන් විදානපතිරණ
සොයාදෙන්න මටත්
ගෘෂා කෙනෙක් වහ වහා
දන් දෙන්නම් මා
වැදූ මව සහ වැදූ පියා
සින්නක්කරයටම ලියවා
ගනුදෙනුවක් ලෙස
වහල් බවින් මා
නිදහස්ව නිදොස් වී
යා යුතු බැවින් හෙට
අලුත් ඉරක් සොයා
හඳ බැබළවීමට
අසඩක් මෙහෙ එන්න
අහන්න මේ පැමිණිල්ල
දඟ ගෙයට යන්නට පෙර
වැදූ මව සහ වැදූ පියා මරා
යුක්තියේ දෙවඟන දූෂණය කළ
-මාලන් විදානපතිරණ