දයාසිරියාගමනය හා දේශපාලනයේ මහත්තුරු!

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    දයාසිරියාගමනය හා දේශපාලනයේ මහත්තුරු!

    බොහෝ දෙනෙක්‌ බලාපොරොත්තු වුණු පරිදි දයාසිරි ජයසේකරගේ ආණ්‌ඩු පක්‍ෂ ආගමනය සිදු වුණේ නැත. ඒ වෙනුවට වුණේ දයාසිරි මල්වතු මහා නාහිමියන් බැහැදැක පක්‍ෂය දමා නොයන බවට සපථ කර පොරොන්දු වීමය. ඒත් දයාසිරි හෙට ආණ්‌ඩුවට එකතු වෙයිද, එහෙම නැත්නම් එජාපයේ වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ආණ්‌ඩුවට එකතු වෙයිද කියන බලාපොරොත්තුව නම් කා තුළත් ඇති බව බොරුවක්‌ නොවේ. කාටවුණත් එහෙම හිතෙන එක සාධාරණය. මොකද විපක්‌ෂ මන්ත්‍රීවරු මේ තරම් ප්‍රමාණයක්‌ ආණ්‌ඩු පක්‌ෂයට ගිය තත්ත්වයක්‌ ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ තවත් නම් නැති තරම්ය. අනෙක්‌ අතට දයාසිරිට පක්‌ෂය දමා යැමටත් පක්‌ෂය එපා වීමටත් ඕනෑ තරම් හේතු තිබේ. ඔහුගේ ආණ්‌ඩු පක්‌ෂ ආගමනය පිළිබඳ කසුකුසුව තවදුරටත් බොරු යෑයි කියා හිතන්නට කිසිවකුත් සූදානම් නැත්තේද ඒ නිසාය. එක්‌ අතකට තමන් පක්‌ෂය දමා යන්නේ නැතිනම් දයාසිරි ඒ බව කියා දිවුරා පොරොන්දු විය යුත්තේ පක්‌ෂ නායකත්වය ඉදිරියේය. ඒත් දයාසිරි ඒ පොරොන්දුව දුන්නේ මල්වතු මහා නාහිමියන්ටය. ඒ නිසා ද දයාසිරි ආණ්‌ඩුවට හේත්තු නොවේය යන්න එක්‌සත් ජාතික පාක්‌ෂිකයන්ටද තවදුරටත් සැකයක්‌ම පමණි.

    කොහොම වුණත් මල්වතු මහා නාහිමියන් බැහැ දුටු දයාසිරි කියා සිටියේ "මම පක්‍ෂය දාලා යන්නේ නැහැ. ඇතැම් මාධ්‍ය මාව එජාපයෙන් යවන්න උත්සාහ කරනවා" කියාය. ("දිවයින" - 2012 ජූලි 29 දා) පසුගිය ඉරිදා පුවත්පත්වලට සම්මුඛ සාකච්ඡා දෙමින්ද දයාසිරි චෝදනා කර සිටියේ තමන් ආණ්‌ඩුවට යෑවීමට වුවමනාව ඇත්තේ ඇතැම් මාධ්‍ය ආයතනවලට හා මාධ්‍යවේදීන්ට බවය. හැබැයි තමන්ට ආණ්‌ඩු පක්‌ෂයෙන් ආරාධනා ලැබෙන බවද මල්වතු නාහිමියන්ට කියා සිටින්නට දයාසිරි අමතක කළේ නැත. පක්‌ෂ නායකත්වය ගන්නා ඇතැම් ඒකාධිපති තීන්දු තීරණවලට විරුද්ධව තමන් කිසියම් දේශපාලනික තීන්දුවක්‌ ගන්නා බවද දයාසිරි මීට ඉහතදී ප්‍රකාශ කර තිබිණි. පක්‌ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ දයාසිරි කතා කළ පළමු අවස්‌ථාව මෙය නොවේ. දිගින් දිගටම එජාපය ලබන මැතිවරණ පරාජයන් හමුවේ දයාසිරිට මෙන්ම තවත් තරුණ මන්ත්‍රීවරුන් බොහෝ පිරිසකටද පක්‌ෂයේ ප්‍රතිපත්ති හා නායකත්වය පිළිබඳ ගැටලු පැවැතුණි. පක්‌ෂ නායකත්වය වසර හයක්‌ යන තුරු වෙනස්‌ නොකිරීමට එක්‌සත් ජාතික පක්‌ෂයේ කෘත්‍යාධිකාරී මණ්‌ඩලය හදිසියේ ගත් තීන්දුවත් සමග පක්‌ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සටන් කරන දයාසිරි ඇතුළු පිරිස තුළ තවදුරටත් ඇති කළේ කලකිරීමක්‌ම පමණය. එහෙත් කැරැලිකරුවන් බොහෝ දෙනකු කෘත්‍යාධිකාරී මණ්‌ඩල සාමාජිකයන් නොවන නිසා එබඳු තීන්දුවලට බලපෑම් කිරීමේ හැකියාවක්‌ ද නැත. මේ නිසා එජාපයේ තරුණ මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු සිටිනුයේ "මඟ සිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී" වැනි තත්ත්වයකය.

    2001 දී එක්‌සත් ජාතික පක්‌ෂයට එක්‌වන දයාසිරි ජයසේකර 2004 දී කුරුණෑගල ආසන සංවිධායකවරයා ලෙස පක්‌ෂය සංවිධානය කරමින් එම වසරේ මැතිවරණයේ දී මනාප ඡන්ද 52457 ක්‌ ලබා පාර්ලිමේන්තුවට පැමිණියේය. නීතිඥවරයකුද වන දයාසිරි පාර්ලිමේන්තුව තුළ දක්‌ෂ කථිකයකු ලෙස කා අතරත් ජනප්‍රියත්වය දිනාගෙන සිටී. පාර්ලිමේන්තුව තුළදී ආණ්‌ඩු පක්‌ෂ මන්ත්‍රීවරුන් ප්‍රකෝප වන්නේ සියලු තොරතුරුවලින් සන්නද්ධව දයාසිරි එල්ල කරන චෝදනාවලට පිළිතුරු දීගත නොහැකි වූ අවස්‌ථාවලය. දයාසිරිගේ මුඛරිකම නිසා ආණ්‌ඩු පක්‌ෂ මැති ඇමැතිවරුන් අපහසුතාවට පත්වන අවස්‌ථා අනන්තය. හම්බන්තොට වරාය පතුලේ විශාල ගලක්‌ ඇති බවට වරෙක දයාසිරි ආණ්‌ඩුවට එල්ල කළ ප්‍රශ්නයකදී විෂය භාර ඇමැතිවරයා කටඋත්තර නැති තත්ත්වයට පත්වූ අවස්‌ථා සිහිපත් වෙයි. දයාසිරි බොහෝ අවස්‌ථාවල ආණ්‌ඩුවේ රෙදි ගැලවූවා කීවොත් වඩාත් නිවැරැදිය.

    පාර්ලිමේන්තුව තුළ සිටින මේ කරදරකාරයාගේ කට වසා දැමීමට ආණ්‌ඩුවට ඇති වුවමනාව ගැන ආයේ දෙවරක්‌ සිතිය යුතු නැත. ඒ සඳහා මහින්ද රාජපක්‍ෂගේ ආණ්‌ඩුව සතුව ඉතා හොඳ ප්‍රතිඵල අත්කර දුන් මන්දක්‌ (උගුලක්‌) ඇත. ජනතා විමුක්‌ති පෙරමුණේ සිටි විමල් වීරවංශ බඳු කටකාරයන්ගේ කටවල් වසා දැමීමෙන් මේ මන්ද සාර්ථක බව ඔප්පු කර ඇත. එනම් ආණ්‌ඩු පක්‌ෂයට ආරාධනා කර ඇමැති හෝ නියෝජ්‍ය ඇමැති තනතුරක්‌, එහෙමත් නැත්නම් අධීක්‌ෂණ ඇමැති තනතුරක්‌ හෝ ලබාදීමය. ආණ්‌ඩුවෙන් තමන්ට ආරාධනා කරන බව දයාසිරි කියන්නේ මෙන්න මේ මන්ද දැන් ක්‍රියාත්මක වෙන්නට පටන්ගෙන ඇති නිසාය. මේ කට ආණ්‌ඩුවට ලැබුණොත් කටමැත දොඩවන ආණ්‌ඩුවේ බොහෝ මැති ඇමැතිවරුන්ට වඩා ප්‍රයෝජනයක්‌ ගත හැකි බව ද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ද හොඳින්ම දන්නා නිසාද දයාසිරිට ඉල්ලුම වැඩිය.

    දේශපාලනයේ මහත්තුරු හා මහත්මා දේශපාලනය

    දයාසිරි ජයසේකර එක්‌තරා ව්‍යාපාරිකයකු සමග අරලියගහ මන්දිරයට ගොස්‌ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සමග සාකච්ඡා කළ බවත්, ඉදිරියේ දී ආණ්‌ඩු පක්‌ෂයෙන් වයඹ පළාත් සභාවේ මහ ඇමැති ධුරය සඳහා තරග කිරීමට යන බවත් ආදී විවිධ වාර්තා පුවත්පත්වල පළවිය. ජනාධිපතිවරයා හමුවීම හෝ වයඹ පළාත් මහ ඇමැති ධුරයට ආණ්‌ඩු පක්‌ෂයෙන් ඉදිරිපත් වීම කෙසේ වුවත් දයාසිරි ආණ්‌ඩු පක්‌ෂයට ගොස්‌ නියෝජ්‍ය ඇමැති ධුරය ලබා ගන්නට යනවා ය යන කතාබහ නම් කවුරුත් විශ්වාස කළේය. ඒ දයාසිරි එබඳු දේශපාලකයකු ලෙස නම්දරා සිටීම නිසා නොව විපක්‌ෂ මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමට තරම් ලඡ්ජාසහගත දේශපාලනයක ආණ්‌ඩුව නිරත වන බව කාලයක්‌ තිස්‌සේ සිදුවන සිදුවීම්වලින් කවුරුත් දන්නා නිසාය. ආණ්‌ඩුව මේ වැඩේට කොයිතරම් ඇබ්බැහි වෙලාද කියතොත් රටක දේශපාලනයේ උත්තරීතර සම්ප්‍රදායයන් අමු අමුවේ උල්ලංඝනය කරන්නේ යහපාලනය බල්ලට දමාය. නමුත් ඊනියා දේශපාලන විචාරකයන් සහ කියන වෙලාවක කඩේ යන්න මලු කරේ දමාගෙන සිටින මාධ්‍ය ඔස්‌තාර්ලා මේ තත්ත්වය ජනතාව වෙත ගෙන යන්නේ විපක්‌ෂයේ නොහැකියාව හා ආණ්‌ඩුවේ හැකියාව ලෙසය. ඒත් හැකියාව ඇති ආණ්‌ඩුවක්‌ පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වන්නේ විපක්‌ෂ මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමෙන් නොව මැතිවරණයකදී ලබන පිරිසිදු ජයග්‍රහණයකින් බව ඔවුන් රටට කියන්නේ නැත.

    ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝක දේශපාලන ඉතිහාසය තුළවත් මෙබඳු ලඡ්ජාසහගත ක්‍රමවලින් බලය පෙන්වූ ආණ්‌ඩුවක්‌ තිබූ බවට හෝ තිබෙන බවට තොරතුරු නැත. එපමණ තරමට මේ ආණ්‌ඩුව විපක්‌ෂයට බලපෑම් කර ඇත. මේ අර්බුදය විපක්‌ෂයේ දේශපාලන පක්‌ෂවල දුර්වල බව පෙන්වන්නක්‌ ලෙස විග්‍රහ කිරීමට අප උත්සාහ කළහොත් එය බුද්ධිමත් වන්නේ නැත. 1977 දී තුනෙන් දෙකක බහුතර බලයක්‌ ලබා ගැහැනියෙක්‌ පිරිමියෙක්‌ බවට පත්කිරීම හැර අන් ඕනෑම දෙයක්‌ කිරීමට තමන්ට හැකියෑයි කී හිටපු ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන රට අරාජික කිරීමේ මුල් පියවර තැබුවද විපක්‌ෂ මන්ත්‍රීවරුන් බිලි බා පාර්ලිමේන්තුව අසමබර කිරීමට තරම් බාල ප්‍රතිපත්ති අනුගමනය කළේ නැත. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමය දක්‌වා දේශපාලනයේ එබඳු ආචාර ධර්ම ආරක්‌ෂා වී තිබෙනු අපි දුටිමු. එහෙත් අද එබඳු චර්යාත්මක දේශපාලන භාවිතයක්‌ අපට දකින්නට නැත.

    මේ අවිචාරවත් ක්‍රමවේදයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ මහින්ද රාජපක්‌ෂ රජය බවට සෘජුව ඇඟිල්ල දිගු කිරීමට අපට සිදු වෙයි. 2007 වසරේÊපැවැති 2008 ට අදාළ අයවැය තෙවැනි වර කියෑවීමේ ඡන්ද විමසීමකදී විපක්‌ෂය බලවත්ව ආණ්‌ඩු පක්‌ෂය මහත් අසීරුතාවකට පත්ව සිටියේය. ආණ්‌ඩු පක්‌ෂයේ ඇමැතිවරුන් කීප දෙනකුම විපක්‌ෂයේ බලය ගැන විශ්වාසය තබා පිල් මාරු කිරීමේ සූදානමක පසුවිය. ඒ අවස්‌ථාවේ කාගේත් අවධානය යොමු වූයේ ජනතා විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රී කණ්‌ඩායමේ අයවැය පිළිබඳ මතය කුමක්‌ද යන්න ගැනය. එහෙත් ඔවුන් එදා ඉතා විශිෂ්ට ලෙස ක්‍රියා කරමින් ආණ්‌ඩුව අනතුරට පත් නොවන ලෙසත් ආණ්‌ඩුවේ ඇතැම් ක්‍රියා කලාපයන් කෙරේ වන තම විරෝධයට හානියක්‌ නොවන ලෙසත් ක්‍රියා කළේය. එදා ජවිපෙ අයවැයට විපක්‌ෂ බවට මුලදීම ප්‍රකාශ කළේ නම් අද මහින්ද රාජපක්‌ෂ ආණ්‌ඩුවකුත්, යුද්ධයේ අවසානයකුත් නොවන්නට ඉඩ තිබිණි.

    ජනතා විමුක්‌ති පෙරමුණ එදා රට වෙනුවෙන් තමන්ගේ දේශපාලන අරමුණු යටපත් කර චර්යාත්මක ලෙස ක්‍රියා කළ බවය මෙම ලියුම්කරු අදහස්‌ කරන්නේ. එහෙත් එසේ අසීරු මොහොතක සිsටි තමන්ට ඓතිහාසික සහායක්‌ පළකළ ජනතා විමුක්‌ති පෙරමුණ කැබැලිවලට කඩා පාර්ලිමේන්තුව තුළ සිටි ශක්‌තිමත්ම කටවල් කීපයක්‌ම වසා දමන්නට තරම් මේ ආණ්‌ඩුව මුග්ධ වූ බව නොලියා සිටිය නොහැක.

    දුර්වල විපක්‍ෂය!

    විපක්‌ෂයේ ප්‍රධාන පක්‌ෂය වන එක්‌සත් ජාතික පක්‍ෂයට තරම් මහින්ද රාජපක්‌ෂ ආණ්‌ඩුවේ "මන්ද" මරණීය වූ තවත් පක්‌ෂයක්‌ නැති තරම්ය. එජාපයේ මන්ත්‍රීවරුන් 17 දෙනකු එකවර ආණ්‌ඩු පක්‌ෂයට පැමිණීමෙන් ඒ බව පැහැදිලි වෙයි. එක්‌සත් ජාතික පක්‌ෂ නායක සහ විපක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහගේ අනම්‍යශීලී ප්‍රතිපත්ති රාජපක්‍ෂ රජයේ බිලි බා ගැනීමේ ප්‍රතිපත්ති හා රන් රස සේ පෑහුණු බව නම් ඇත්තය. එක්‌සත් ජාතික පක්‌ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු අධීක්‌ෂණ මන්ත්‍රී ධුරයක්‌ ලබා ආණ්‌ඩුවට එකතු වීම දක්‌වාත් එක්‌සත් ජාතික පක්‌ෂයේ නායකයන්ගේ දරදඬු ප්‍රතිපත්තිවල වෙනසක්‌ සිදු නොවුණි. පක්‌ෂ ව්‍යවස්‌ථාව හා පක්‌ෂ විනය ආරක්‌ෂා කිරීම සඳහා පක්‌ෂ නායක වික්‍රමසිංහ දැඩිව පෙනී සිටියද ආණ්‌ඩු පක්‌ෂයේ නොවැදගත් දේශපාලන භාවිතය හමුවේ සියලු දෙනාට සවන් දීමේ ක්‍රියා පිළිවෙතකට අවතීර්ණ වීමේ හදිසි අවශ්‍යතාවක්‌ දැන් පැන නැගෙමින් පවතී. එහෙත් පක්‌ෂ නායකත්වය වසර 6 ක්‌ දක්‌වා දීර්ඝ කිරීම සඳහා පසුගියදා ගත් හදිසි තීන්දුව පිළිබඳ සලකා බැලීමේදී එජාපය තුළ සංවාදයක්‌ ගොඩනැඟෙනු ඇතැයි යන්න විශ්වාසයක්‌ තැබිය නොහැක.

    අඩු වැඩි වශයෙන් ජනතා විමුක්‌ති පෙරමුණ තුළද පවතිනුයේ මෙබඳු තත්ත්වයකි. පක්‌ෂයේ පසුබෑමටත් වඩා රටට හානිදායක වූයේ ජනතා විමුක්‌ති පෙරමුණේ පසුබෑමය. මේ සිදුවෙමින් පවතින සියල්ලෙහි නරක ප්‍රතිඵල දැනටමත් රටට අත් වෙමින් පවතී. ආණ්‌ඩු පක්‌ෂයේ ප්‍රාදේශීය දේශපාලන නායකයන් අපරාධකරුවන් බවට පත්ව සිටින්නේත්, පාසල් අධ්‍යාපනයේ පටන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්‌වා සමස්‌ත අධ්‍යාපන ක්‌ෂේත්‍රයම අවුලක්‌ බවට පත්ව තිබෙන්නේත්, දේශපාලන අධිකාරිත්වයට වුවමනා පරිදි නීතිය මෙහෙයෑවෙන්නේත් වරද අමතක වීම නීතියෙන් බේරී යැමට හොඳම අවස්‌ථාවක්‌ ලෙස දේශපාලකයන් විසින්ම සමාජයට පූර්වාදර්ශ සපයන්නේත් එබඳු ප්‍රතිඵල ලෙසය.

    කෙසේ වුවත් විපක්‌ෂය ඇත්තේ දුර්වල වූ තැනක නොව දුර්වල කිරීම හේතුවෙන් පසුබෑමට ලක්‌වූ තැනකය. ජනතා විමුක්‌ති පෙරමුණෙන් බිඳී ගිය පිරිස පිහිට වූ පෙරටුගාමී සමාජවාදී පක්‌ෂයේ මංගල මහා සමුළුවට දින කීපයක්‌ තබා එහි නියමුවන් දෙදෙනකු පැහැරගෙන යැමේ සිද්ධියම ඒ සඳහා උදාහරණයකට ප්‍රමාණවත් ය. එහෙයින් දුර්වල කිරීමෙන් බේරී සිටීමේ උපක්‍රම සොයා ගැනීමට විපක්‌ෂයේ ප්‍රධාන දේශපාලන පක්‌ෂ වහා කටයුතු කළ යුතුය. අප විශ්වාස කරන්නේ එය කළ හැක්‌කේ රටේ සමස්‌ත දේශපාලනික පරිහානිය පිළිබඳ ගොඩනැඟිය හැකි සංවාදයකින්ම පමණක්‌ බවය. බිලි බෑමේ ප්‍රතිපත්තියද මිට අදාළ බව අමතක නොකළ යුතුය.

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :lol::lol::lol::lol: unp jvp ගොබිලන්ගෙ නොහැකියාව වහ ගන්ඩ ආණ්ඩුවට බනිනව, හරිම ෂෝක් ඉස්සරහටත් ඔහොමම කරගෙන පලයල්ලා :lol::P:rofl:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    418579_328362860590275_1055797011_n.jpg
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    :lol::lol::lol::lol: unp jvp ගොබිලන්ගෙ නොහැකියාව වහ ගන්ඩ ආණ්ඩුවට බනිනව, හරිම ෂෝක් ඉස්සරහටත් ඔහොමම කරගෙන පලයල්ලා :lol::P:rofl:


    උබට මෙක type කරන්න කොච්චර වෙලාවක් යන්නැද්ද. එ වෙලාවෙ උබෙ වැඩක් කරගත්තනම් හොදයිනෙ මචන්. අපරාදෙ බන් උබෙ මහන්සිය. කාට කඩේ ගියත් උබට වැඩකුත් නැ මට වැඩකුත් නැ
    ඔහොම තමයි බන් දෙශපාලනෙ හැටි
     

    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    :lol::lol::lol::lol: unp jvp ගොබිලන්ගෙ නොහැකියාව වහ ගන්ඩ ආණ්ඩුවට බනිනව, හරිම ෂෝක් ඉස්සරහටත් ඔහොමම කරගෙන පලයල්ලා :lol::P:rofl:

    Z Score එක හැදුවේ විපක්ෂෙන් ද බං ??

    මට මතක නෑ නේ බං :(:(
     

    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    :lol::lol::lol::lol: unp jvp ගොබිලන්ගෙ නොහැකියාව වහ ගන්ඩ ආණ්ඩුවට බනිනව, හරිම ෂෝක් ඉස්සරහටත් ඔහොමම කරගෙන පලයල්ලා :lol::P:rofl:

    නිලුකගේ පුහුණුකරු නැතුව 30 ක් ලන්ඩන් යැව්වේ විපක්ෂෙන් ද බං ??

    මට මතක නෑ නේ බං :(:(
     

    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    :lol::lol::lol::lol: unp jvp ගොබිලන්ගෙ නොහැකියාව වහ ගන්ඩ ආණ්ඩුවට බනිනව, හරිම ෂෝක් ඉස්සරහටත් ඔහොමම කරගෙන පලයල්ලා :lol::P:rofl:

    හෙජින් නිසා කෝටි 2200 ගෙවන්න වෙලා තියෙන්නේ විපක්ෂේ නිසා ද බං ??

    මට මතක නෑ නේ බං :(:(
     

    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    :lol::lol::lol::lol: unp jvp ගොබිලන්ගෙ නොහැකියාව වහ ගන්ඩ ආණ්ඩුවට බනිනව, හරිම ෂෝක් ඉස්සරහටත් ඔහොමම කරගෙන පලයල්ලා :lol::P:rofl:

    එකම දවසේ පොඩි ගැහැණු ළමයි දෙන්නෙක් දුෂණය කරපු මන්ත්‍රීවරු 2 ක් අහු උනේ විපක්ෂෙන් ද බං ??

    මට මතක නෑ නේ බං :(:(
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    නිලුකගේ පුහුණුකරු නැතුව 30 ක් ලන්ඩන් යැව්වේ විපක්ෂෙන් ද බං ??

    මට මතක නෑ නේ බං :(:(

    හෙජින් නිසා කෝටි 2200 ගෙවන්න වෙලා තියෙන්නේ විපක්ෂේ නිසා ද බං ??

    මට මතක නෑ නේ බං :(:(

    එකම දවසේ පොඩි ගැහැණු ළමයි දෙන්නෙක් දුෂණය කරපු මන්ත්‍රීවරු 2 ක් අහු උනේ විපක්ෂෙන් ද බං ??

    මට මතක නෑ නේ බං :(:(

    :baffled::baffled:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Z Score එක හැදුවේ විපක්ෂෙන් ද බං ??

    මට මතක නෑ නේ බං :(:(


    මටත් මතක නෑනේ බං..
    විභාගේ තිබ්බත් මතකයි..
    ප්‍රතිඵල ආවත් මතකයි..
    ඔය ZScore එක ගැන හාංකවිසියක් මතක නෑනෙ බං..
    ඒයි ඇයි බං ඒ?
    :P



    CTRL + Q to Enable/Disable GoPhoto.it




    CTRL + Q to Enable/Disable GoPhoto.it
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හෙජින් නිසා කෝටි 2200 ගෙවන්න වෙලා තියෙන්නේ විපක්ෂේ නිසා ද බං ??

    මට මතක නෑ නේ බං :(:(

    හෙජින් කියන්නේ මොකද්ද බං?
    අළුත් කුඩු ජාතියක්ද බං?
    නැත්නම් මම ලංකාවේ නැති කාලේ බැහැපු අළුත් බඩුවක්ද බං?
    මට මුකුත් මතක නෑනේ බං..
     

    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    මටත් මතක නෑනේ බං..
    විභාගේ තිබ්බත් මතකයි..
    ප්‍රතිඵල ආවත් මතකයි..
    ඔය ZScore එක ගැන හාංකවිසියක් මතක නෑනෙ බං..
    ඒයි ඇයි බං ඒ?
    :P
    ඉස්සර මචන් ඔය ZScore කියන එකේ දුන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය හරහා... දැන් මේ විපක්ෂේ ඉන්න එවුන් නිසා ZScore එක දෙන්නේ අධිකරණ අමාත්‍යාංශය හරහා...... :nerd::nerd:

    599708_462433527115348_1479253692_n.jpg