දරා ගත්තේ කෙලෙස මේ දුක....?

Sakwithi R

Member
Feb 1, 2013
4
1
0
දරා ගත්තේ කෙලෙස මේ දුක....?

ගිනි ගහන වැලි කතරෙන්.....සිසිල ගෙන
වලාකුළු නැති අහසෙන්....සෙවන ගෙන
සිතිජ දහසක්.....මෙපිට තනිවූ
මගෙ හිතට සෙනෙහස් පවන් සලනා
දයාබර ඔබේ හිත......

ඔබෙ දුකක් මට කීවානම්....
අපෙ වියෝගය ගැනම නොවේද?
ගලක් සේ යැයි ඔබම කියනා
මගෙම හිත මෙතරම් තැවෙද්දී....
කඳුළු බිඳුවක පහස නොමදත්
මගෙම නෙත් මෙතරම් තෙමෙද්දී.......

රැවුමකට වුව කඩා හැලෙනා
දයාබර වූ ඔබේ ඔය හිත......
දරා ගත්තේ කෙලෙස මේ දුක....?
ඔබව තනිකොට දමා එද්දී....
 
  • Like
Reactions: rcccc

waima

Well-known member
  • 11.gif