දරුකමට_හදාගැනීම

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
දරුකමට_හදාගැනීම

දරුවෙකු දරුකමට හදාගැනීමේදී බලපාන නීතිමය කරුණු මොනවාද?

29301933.cms

දෙමව්පියන් සතු වටිනාම සම්පත වන්නේ දරුවන්ය. දරුවන්ගෙන් තොර ලෝකයක්‌ ඔවුන්ට නැති තරම්. එම වාසනාව ඇතැම් දෙමව්පියන්ට තිබුණද තවත් දෙමව්පියන් කොටසක්‌ දරුවන් නොමැතිව කොතරම් දුකකින් පසුවෙනවාද?

එසේ දරු සෙනෙහස තිබෙන දෙමව්පියන් තමන්ගේම හැඟීමෙන් යුතුව දරුවෙකු දරුකමට හදාගැනීම සිදු කරනු ලබනවා. මේ නිසා දරුවෙක්‌ දරුකමට හදාගැනීමට බලපාන නීතිමය සාධක මොනවාද කියලා අප මේ ලිපියෙන් ලියන්නට බලාපොරොත්තු වෙනවා.

දරුවෙකු හදාගැනීම සම්බන්ධව නීතියක්‌ අප රට තුළ ක්‍රියාත්මක වෙනවා. මේ සම්බන්ධව 1941 අංක 24, 1943 අංක 54 දරන දරුකමට හදාගැනීමේ ප්‍රඥප්තිය හා 1964 අංක 1, 1979 අංක 38 දරන පනත් මීට අදාළ වෙනවා.

දරුවෙකු දරුකමට හදාගැනීම සඳහා දරුවාගේ වයස අවුqරුදු 14 ට අඩුවිය යුතුයි. යම් දරුවෙකු දරුකමට හදාගැනීමට උනන්දුවන පාර්ශවයක්‌ 13 වැනි වගන්තිය යටතේ අධිකරණය වෙත ඉල්ලීමක්‌ කරන්න පුළුවන්.

මෙම ඉල්ලීම විවාහක යුවළක්‌ නම් දෙදෙනාගේ එකතුවෙන් කළ යුතු යි. එසේ නොමැති නම් තනි පුද්ගලයෙකුට වුවද දරුවෙකු හදා ගැනීමට ඉල්ලීමක්‌ කළ හැකියි. මෙහිදී වැදගත් වන්නේ දරුකමට හදාගැනීමට ඉල්ලීම කරන තැනැත්තා හෝ තැනැත්තිය අතර අවුරුදු විසි එකක පරතරයක්‌ තිබිය යුතු වීමයි.

උදා - දරුවාට අවුරුදු 10 නම් දෙමව්පියන්ගේ වයස අවුරුදු 31 පමණ හෝ ඊට වැඩි

තවද දරුකමට හදාගැනීමට ඉල්ලන තැනැත්තා වයස අවුරුදු 21 වඩා වැඩි විය යුතුයි. එසේ වුවද දරුකමට හදාගැනීමට ඉල්ලීම කරන තැනැත්තා දරුවාගේම පවුලේ කෙනෙකු නම් (අර්ධ හෝ පූර්ණ) හෝ තම සහකරු හෝ සහකාරිය ගේ වෙනත් විවාහයක දරුවෙකු වූ විට මෙම වයස්‌ පරතරය බලපාන්නේ නැහැ.

යම් විටෙක දරුකමට හදා ගැනීමට පිරිමියෙකු විසින් ගැහැනු දරුවෙකු ඉල්ලන්නේ නම් අධිකරණය විසින් ඉහත කරුණු සපුරා තිබුණ ද ඒ පිළිබඳව දැඩි අවධානයකින් හා සැලකිල්ලකින් යුතුව මෙම ඉල්ලීම පිළිබඳව සලකා බලනවා.

දැනට දරුවාගේ ආරක්‍ෂකයා හෝ දෙමව්පියන් සිටී නම් හෝ රැක බලාගන්නා අයගේ අකැමැත්තක්‌ තිබේ නම් දරුකමට හදාගැනීමේ ආඥාවක්‌ අධිකරණයෙන් ලබාගැනීමට නොහැකියි.එසේම දරු පැටියෙක්‌ දරුකමට හදා ගනන්ට ඉල්ලා සිටින තැනැත්තා මනා සිහි බුද්ධියකින් යුතු, නඩත්තු කිරීමේ හැකියාව ඇති අයෙකු බව අධිකරණයට ඔප්පු කළ යුතු ද වෙනවා.

දරුවෙකු හදා ගැනීමේදී පෙර විවාහයක සුජාත හෝ අනියම් දරුවෙකු පියාට හෝ මවට හදා ගැනීමට හැකියාව පවතිනවා. නමුත් එසේ සිදුකළ හැකිවන්නේ පියා හෝ මව වෙනත් විවාහයක්‌ සිදුකර ගෙන සිටී නම් එම දෙදෙනාගේම කැමැත්ත තිබෙනවා නම් පමණයි.

උදාහරණයක්‌ ලෙසට පෙන්වා දෙන්නේ නම් පෙර විවාහ වූ මවක්‌ පසුව වෙනත් විවාහයක්‌ කරගෙන තිබේ නම් එම මවට පෙර විවාහයේ සිටින දරුවාව දරුකමට හදාගැනීමට මව වගේම පසුව විවාහ වූ සැමියාගේත් කැමැත්ත තිබිය යුතුයි.

දරුවාට වයස අවුරුදු දහයට වැඩි නම් එම දරුවාගේ කැමැත්ත විමසා මිස දරුකමට හදාගැනීමේ නියෝගයක්‌ අධිකරණය විසින් නිකුත් කරන්නේ නැහැ. එමෙන්ම විදේශිකයෙකු ශ්‍රී ලාංකීය දරුවෙකු දරුකමට හදාගැනීම සඳහා ඉල්ලීම අප රටේ නීතිය අනුව සාමාන්‍යයෙන් තහනම් වුවද විදේශීක යුවළක්‌ එකමුතුව මෙම ඉල්ලීම කරන විට එය සළකා බැලීමක්‌ සිදු කරන්න පුළුවන්. එවිට ළමා රක්‍ෂක හා පරිවාස කොමසාරිස්‌වරයා ගේ වාර්තාවක්‌ ඉදිරිපත් කොට මෙම ඉල්ලීම කළ හැකියි.

මෙහිදී අධිකරණය මෙම විදේශිකයන් සම්බන්ධව දරුකමට හදාගැනීමට ඔවුන් තුළ ඇති පසුබිම සම්බන්ධව නිරීක්‍ෂණ වාර්තාවක්‌ කැඳවයි. මෙම නිරික්‌ෂණ වාර්තාවේ දක්‌වා තිබෙන්නේ මෙම විදේශික යුවළගේ මානසික, සෞඛ්‍ය, සමාජීය ආගමික සහ වත්කම් පසුබිම ආදි විස්‌තර වෙයි.

දරුකමට හදා ගැනීමේ නියෝගය දීමට පෙර දරුවාගේ ස්‌වභාවික දෙමව්පියන් තම අයිතීන් භාරදීමට කැමැති වූ පසුව ද දරුවාගේ සුබ සාධනය හා අවුරුදු දහයට වැඩිනම් විදේශිකයන් සමඟ යැමට දරුවාට ඇති කැමැත්ත ද ගරු අධිකරණය සලකා බැලීමෙන් අනතුරුවයි. සුදුසු තීරණයක්‌ ලබා දෙන්නේ.

මෙවන් දරුකමට හදාගැනීම පිළිබඳව නියෝගයක්‌ අධිකරණය ලබා දුන්විට දරුවා සම්බන්ධ සියලු අයිතිවාසිකම් යුතුකම් හා වගකීම් දෙමව්පියන්ගෙන් ඉවත් කොට දරුකමට හදාගන්නා තැනැත්තාට පැවරෙයි. ඒ වගේම හදාගන්නා දරුවා වෙනුවෙන් නව දෙමව්පියන් ඉතිරි කිරීමේ ගිණුමක්‌ ආරම්භ කළ යුතුයි.

ඉන්පසුව දරුවාගේ සියලුම අනාගතය, භාරකත්වය, නඩත්තු, අධ්‍යාපනය සහ වගකීම් නව දෙමව්පියන් සතුවෙනවා.මෙවන් නීත්‍යනුකූල ලෙස දරුකමට හදාගත් දරුවෙකුට එම අලුත් දෙමව්පියන්ගේ වාසගම හිමිවෙයි. එවිට නිත්‍යනුකූල ඔවුන්ගේ දරුවෙකු ලෙසටම දේපළ දැරීමේ අයිතිය, උරුම හිමිකම්කීමේ අයිතිය එම දරුවාට ලැබෙයි.

මෙසේ සිදුකරන දරුකමට හදාගැනීමේ නියෝග සම්බන්ධ තොරතුරු ඇතුළත් වාර්තාවක්‌ ලියාපදිංචි කිරීමේ ජෙනරාල්වරයා ළඟ තිබිය යුතුයි. මෙවන් දරුවෙකු සම්බන්ධව මෙම ප්‍රඥප්තිය යටතේ ලියාපදිංචි නොකළේ නම් එම තොරතුරු දැන්වීම කළ හැකි වුවද පනත යටතේ ලියාපදිංචිය කළ දරුවෙකු නම් ඒ පිළිබඳව තොරතුරු ලබාගැනීම කිසිවිටෙකත් හිමි නොවෙයි.

ඒ සඳහා තොරතුරු අවශ්‍ය නම් අධිකරණය මඟින් ඉල්ලීමක්‌ කළ යුතු බවත් මතක තබාගත යුතුයි.දරුකමට හදාගන්නා අය දරුවන් නිසියාකාරව රැකබලා ගැනීම නොකරන්නේ නම්, යුතුකම් පැහැර හරිනු ලබන දෙමව්පියන් සම්බන්ධයෙන් මහේස්‌ත්‍රාත් අධිකරණයේ නඩුවක්‌ ගොනු කළ හැකි අතර වරදකරු බවට සනාථ වූ විට රුපියල් 500 වැඩි දඩ මුදලකට ද මාස තුනකට නොවැඩි සිර දඬුවමකට හෝ දඬුවම් දෙකම පවරා දඬුවම් කිරීමට අධිකරණයට බලය තිබෙනවා.

තව කරුණක්‌ වන්නේ දරුවෙකු නීතියෙන් හදාගන්නට හැකියාව තිබුණද දෙමව්පියන් විසින් මුදලකට විකිණීමේ අයිතිය නොමැති වීමයි. එසේ සිදුකළේ නම් නීතිමය පියවර ගෙන ඔවුන්ට දඬූqවම් කිරීමට ද හැකියාව අධිකරණය සතුවෙයි.

නීතිඥ රොකී ආරියරත්න
සාකච්ඡා කළා - නිරෝෂි පෙරේරා
 
  • Like
Reactions: cresendo

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
1) ඇයි ඒ පිරිමි කෙනෙක් ගෑණු ලමෙක් හදාගන්න ඉල්ලද්දි විතරක් විශේෂයෙන් සලකා බලන්නෙ, පිරිමි ලමයි අපයෝජනයට ලක් කරන පෙඩ්ඩු නැද්ද :dull: :dull:

2) ඇයි අවුරුදු 10කට වැඩි ලමයින්ගෙන් විතරක් අහන්නෙ, අවුරුදු 10ට අඩු ලමයි ඔක්කොම මන්ද බුද්ධිකයොද ? :dull: :dull:

කව්ද මේ ගොබ්බ නීති හදපු එකා :dull: :dull:
 
Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
1) ඇයි ඒ පිරිමි කෙනෙක් ගෑණු ලමෙක් හදාගන්න ඉල්ලද්දි විතරක් විශේෂයෙන් සලකා බලන්නෙ, පිරිමි ලමයි අපයෝජනයට ලක් කරන පෙඩ්ඩු නැද්ද :dull: :dull:

2) ඇයි අවුරුදු 10කට වැඩි ලමයින්ගෙන් විතරක් අහන්නෙ, අවුරුදු 10ට අඩු ලමයි ඔක්කොම මන්ද බුද්ධිකයොද ? :dull: :dull:

කව්ද මේ ගොබ්බ නීති හදපු එකා :dull: :dull:

තද තද බ්‍රෝ. මේකනේ බ්‍රෝ අවුරුදු 10 කියන්නේ දරුකමට හදාගැනීමට ඉල්ලීම කරන තැනැත්තා හෝ තැනැත්තිය අතර අවුරුදු විසි එකක පරතරයක්‌ තිබිය යුතු වීමයි.

එක හරිනේ බ්‍රෝ. මොකද වයස පරතරය අඩු උනොත් දරුවට ලැබිය ය්හුතු ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් වෙනවා. එක සමාන අදහස් ඇති වීමත් ගැටළුවක්.

ගැහැණු ළමයෙක් තනිකඩ පිරිමියෙක් හදාගන්න බලනවානම් එයට විශේෂ අවධානයක් යොමු කරන්නේ අපේ රටේ ඉන්නේ සමහර පිරිමි මානසික ලෙඩ්ඩු නේ. වැඩිය ඕනේ නැහැ තමන්ගේම දරුවාව දුෂණය කරන තාත්තලා ඉන්නේ.

පිරිමි දරුවෙකුට උනත් ඔය වගේ තත්වයක් වෙන්න පුළුවන්. හැබැයි කාන්තාවක් අතින් වීමේ සම්භාවිතාව ඉතාමත් අවමයි. නොගෙනිය හැකි තරම්.
 
හරි අඩු ඇති, ඒත් ඒක නෙමේ යකෝ මම කියන්නෙ :dull: :dull:
පිරිමි අය අතවරයට ලක් කරන්නෙ ගෑණු ලමයින්ව විතරද ? :dull: :dull:
ඇයි පිරිමි ලමයින්ව අපයෝජනය කරන පෙඩ්ඩු නැද්ද ? :dull: :dull:
ඕනෙ තරං ඉන්නවනෙ බං :dull: :dull:
ඉතිං එහෙම එකේ ඇයි පිරිමි කෙනෙක් ගෑණු ලමයෙක්ව හදාගන්න ඉල්ලද්දි විතරක් විශේෂයෙන් සොයා බලන්නෙ, පිරිමි කෙනෙක් පිරිමි ලමයෙක්ව හදාගන්න ඉල්ලද්දිත් ඒ ගැන විශේෂයෙන් සොයාබැලිය යුතුයි :dull: :dull:
 
ඔව් උබ හරි . තනි පිරිමියෙක් ඉල්ලනකොට තදින් සොයා බලනවා ඇති. නමුත් ප්‍රතිශතයක් ලෙස ගත්තම ගැහැණු දරුවන්ට වෙන ලිංගික අතවර ප්‍රමාණය වැඩියි. මම කියන්නේ ප්‍රතිශතය හොඳේ.
 
toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    හරි හරි බන් ඕකට ඔච්චර දඟලන්න ඕනේ නැහැ..

    ලබන සතියේ උඹේ ගැනී හම්බ උනහම මම ලෝඩ් කරලා එවන්නම් .. එතකොට හරි නේ

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හරි හරි බන් ඕකට ඔච්චර දඟලන්න ඕනේ නැහැ..

    ලබන සතියේ උඹේ ගැනී හම්බ උනහම මම ලෝඩ් කරලා එවන්නම් .. එතකොට හරි නේ

    :lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හරි අඩු ඇති, ඒත් ඒක නෙමේ යකෝ මම කියන්නෙ :dull: :dull:
    පිරිමි අය අතවරයට ලක් කරන්නෙ ගෑණු ලමයින්ව විතරද ? :dull: :dull:
    ඇයි පිරිමි ලමයින්ව අපයෝජනය කරන පෙඩ්ඩු නැද්ද ? :dull: :dull:
    ඕනෙ තරං ඉන්නවනෙ බං :dull: :dull:
    ඉතිං එහෙම එකේ ඇයි පිරිමි කෙනෙක් ගෑණු ලමයෙක්ව හදාගන්න ඉල්ලද්දි විතරක් විශේෂයෙන් සොයා බලන්නෙ, පිරිමි කෙනෙක් පිරිමි ලමයෙක්ව හදාගන්න ඉල්ලද්දිත් ඒ ගැන විශේෂයෙන් සොයාබැලිය යුතුයි :dull: :dull:

    මම නම් හිතන්නේ පිරිමියෙක්ට විතරක් තනියම දරුවෙක් හදාගන්න දෙන ඒක හරි නෑ.. ගොඩක් හොයල බලල තමයි දෙනවා ඇත්තේ එත් වැරදිලා හරි සුදුසුකම් නැති ය ගාවට ළමයි යන්න පුළුවන්... ගෑනු කෙනෙක්ට උනත් තනියම දැරුවේක් හදන්න දෙන ඒක තරමක් දුරට වැරැදී..
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    හරි හරි බන් ඕකට ඔච්චර දඟලන්න ඕනේ නැහැ..

    ලබන සතියේ උඹේ ගැනී හම්බ උනහම මම ලෝඩ් කරලා එවන්නම් .. එතකොට හරි නේ

    නෝ ප්‍රොබ්ලම් බ්‍රෝ.. ඕන දෙයක් කියපන්.බලහන් උබේ කිසිම වැදගම්මක් තියනවද කියලා ඔහොම කියනකොට .
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව

    නෝ ප්‍රොබ්ලම් බ්‍රෝ.. ඕන දෙයක් කියපන්.බලහන් උබේ කිසිම වැදගම්මක් තියනවද කියලා ඔහොම කියනකොට .

    සෙක්ස් වලට වැදගම්මක් නැහැ.. හොඳ තත්වයේ කෙනෙක් තෝරාගැනීමක් පමණයි තියෙන්නේ..
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    සෙක්ස් වලට වැදගම්මක් නැහැ.. හොඳ තත්වයේ කෙනෙක් තෝරාගැනීමක් පමණයි තියෙන්නේ..

    සෙක්ස් වලට වැදගම්මක් නැත්නම් උබේ නංගි කෙනෙක් හරි අක්ක කෙනෙක් ව තොර ගනින්කෝ. එහෙම නැත්නම් උබේ ..... නැහැ එක්කෝ ඕනේ නැහැ.