දරුණුතම සයිබර් හැක්ස්

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    දරුණුතම සයිබර් හැක්ස්

    දැන් ලෝකේ තොරතුරු හැමදෙයක්ම වගේ සයිබර් අවකාශය ඇතුළේ තියෙන එක නිසා අසීමිතව වැඩකටයුතු පහසු වෙලා, මුළු ලෝකෙම විශ්ව ගම්මානයක් වෙලා කියලා කිව්වට, අනික් පැත්තෙන් ගත්තහම හැම මොහොතකම ලෝකේ කොහේ හරි ඉන්න හැකර්වරු කීප දෙනෙක් හරි උත්සාහ කරනවා අනවසරයෙන් මේ තොරතුරු හොරකං කරන්න. එක්කෝ රහස් විදියට තියෙන්න ඕන තොරතුරු ලෝකෙ හැමෝටම පේන්න තියන්න. මේ කියන්න යන්නේ ඒ විදියට වෙලා තියෙන ලෝකේ වඩාත් අවධානයට ලක්වුණු දැවැන්ත තොරතුරු කාන්දුවීම් කීපයක් ගැන තමයි!



    1. Yahoo, 2013/2014

    Greatest-Cyber-Hacks-aniwa-01.jpg

    Greatest Cyber Hacks
    Source – turner.com


    2014 අවුරුද්දෙදි යාහූ සමාගමේ පරිශීලකයින් මිලියන 500 කගේ පුද්ගලික තොරතුරු හැකර්වරුන් අතට පත්වෙලා තිබුණා. එතකොට ඊට කලින් 2013 අවුරුද්දේ යාහූ පරිශීලකයින් බිලියනයකගේ තොරතුරු මේ විදියටම වැරදි අත්වලට ගිහින් තිබුණා. ඒ කියන්නේ ලෝකේ ඉන්න හැම අට දෙනෙක්ගෙන්ම එක්කෙනෙක්ගේ විස්තර! සෙල්ලං නෑනේ. පරිශීලකයින්ගේ ඊමේල් ලිපින, නම්, උපන්දින, ආරක්ෂක ප්‍රශ්න සහ උත්තර වගේම දුර්වල පාස්වර්ඩ් පවා මේ විදියට හැකර්වරු අතට ගිහින් තිබුණත් යාහූ සමාගම මේ data breach එක ගැන දැනගත්තේ අවුරුදු දෙකතුනක් ගිහින්!



    2. LinkedIn, 2012

    Greatest-Cyber-Hacks-aniwa-02.jpg

    Greatest Cyber Hacks
    Source – blogspot.com


    ලෝකේ තියෙන අංක එකේ බිස්නස්-නෙට්වර්කින්ග් වෙබ් අඩවිය වෙන LinkedIn ලාටත් 2012 දී මේ විදියේ තොරතුරු කාන්දුවීමකට මුහුණ දෙන්න වුනා. හරියටම මිලියන 165 ක් පරිශීලකයින්ගේ තොරතුරු මේ විදියට වැරදි අතකට පත් වුනත්, ඇත්තටම සැබෑ හානියක් වෙලා තිබුණේ පරිශීලක ගිණුම් මිලියන 6.5 කට විතරයි කියලා තමයි LinkedIn මුලින් කිව්වේ. හැබැයි මේ තොරතුරු හොරකම් කිරීමේ හේතුව ප්‍රකාශයට පත්වුනේ නැහැ. මේ LinkedIn හැක් කිරීම විතරක් නෙවෙයි, Dropbox සහ Formspring හැක් කිරීම් වලටත් චෝදනා ලබලා තියෙන්නේ මේ Yevgeniy Nikulin කියන හාදයා තමයි.



    3. Sony online entertainment services, 2011

    Greatest-Cyber-Hacks-aniwa-03.jpg

    Greatest Cyber Hacks
    Source – morgenpost.de


    2011 අවුරුද්දෙදි නාඳුනන හැකර් ප්‍රහාරයක් එල්ලවුනා Sony PlayStation Network එකට සහ ඔන්ලයින් මල්ටිප්ලේයර් ගේම් සහ මියුසික් ස්ට්‍රීම් කරන Sony Online Entertainment එකට. මුලින් සෝනි සමාගමෙන් කිව්වේ තමන්ගේ නෙට්වර්ක් එක පාවිච්චි කරන පරිශීලකයෝ මිලියන 78 කගේ විස්තර මෙහෙම හැකර්වරුන් අතට පත් වෙලා කියලා තමයි. විශේෂයෙන්ම නෙට්වර්ක් යූසර් නේම්, ඇත්ත නම්, ලිපින, ටෙලිෆෝන් අංක සහ ඊමේල් ලිපින තමයි මෙහෙම හොරකම් කරලා තිබුණේ. හැබැයි පස්සේ අහන්න ලැබුනා ලෝකේ පුරා ඔක්කොම පරිශීලකයෝ මිලියන 102 කගේ විස්තර මෙහෙම හොරකම් කරලා කියලා. ඒ විතරක් නෙවෙයි Sony Online Entertainment පරිශීලකයෝ 23,000 කට වැඩි පිරිසකගේ ක්‍රෙඩිට් කාඩ් විස්තරත් හැකර්ලා හොරකම් කරලා තිබුණා! මේ සිදුවීමට සම්බන්ධයි කියලා නම්බුව ගත්තේ Lulz Security නැත්තං LulzSec කියලා හැඳින්වෙන බ්ලැක්හැට් හැකර් ගෘප් එකට තමයි.



    4. eBay, 2014

    Greatest-Cyber-Hacks-aniwa-04.jpg

    Greatest Cyber Hacks
    Source – bidnessetc.com


    2014 අවුරුද්දේ පෙබරවාරි-මාර්තු මාස අතරෙදී ඊබේ සමාගමෙන් තමන්ගේ පරිශීලකයෝ මිලියන 145 කගෙන් ඉල්ලා හිටියා එකවුන්ට් පාස්වර්ඩ් මාරු කරන්න කියලා. ඒකට හේතුව විදියට කිව්වේ හැකර්වරු කඩාවැදිලා පරිශීලකයෝ දැවැන්ත ප්‍රමාණයකගේ එන්ක්‍රිප්ට් කරපු පාස්වර්ඩ් සහ වෙනත් පුද්ගලික තොරතුරු ලබාගෙන කියන එකයි. හැබැයි මෙතනින් සෑහෙන්න දෙනෙක් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්නේ පේපැල් සේවාව හරහා නිසා ලොකු ගැටළුවක් වුනේ නෑ. ඒත් පරිශීලකයන්ට උපදෙස් ලැබුණා වැඩි පරිස්සමට පාස්වර්ඩ් මාරු කරන්න කියලා.



    5. iCloud celebrity photos leak

    Greatest-Cyber-Hacks-aniwa-05.jpg

    Greatest Cyber Hacks
    Source – escanav.com


    2014 අවුරුද්දේදී සිනමා තරු, ගායන තරු ඇතුළු තරු ගණනාවකගේ පින්තූර පන්සීයකට ආසන්න ප්‍රමාණයක් 4chan කියන ඉමේජ්බෝඩ් ෆෝරම් එකේ පළ වුනා. හැබැයි මෙතන තිබුණු ප්‍රශ්නේ තමයි මේ ඡායාරූප සෑහෙන්න ප්‍රමාණයක් විශේෂයෙන්ම කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප වීම. ඒ වගේම මේ එකතුවේ නිරුවත් ඡායාරූපත් තිබුණා. පස්සේ මේ ගැන හොයලා බලනකොට දැනගන්න ලැබුනා iCloud සේවාවේ ඇප්ලිකේෂන් ප්‍රෝග්‍රැමින් ඉන්ටර්ෆේස් එකේ ආරක්ෂාවේ තිබුණු දුර්වල තැනකින් ප්‍රයෝජන අරගෙන තමයි මේ තොරතුරු හොරාගැනීම කරල තියෙන්නේ කියලා. මේ සිදුවීම කාලයක් යනකල් ටැබ්ලොයිඩ් පුවත්පත් වලට වටින නිව්ස් එකක් වෙලා තිබුණා.



    6. Panama Papers, 2016

    Greatest-Cyber-Hacks-aniwa-06.jpg

    Greatest Cyber Hacks
    Source – hakin9.org


    පැනමා පේපර්ස් ගැන ලංකාවේ “පේපර්ස්” එහෙමත් පහුගිය කාලේ සෑහෙන්න කතා කලා. මේ ඇත්තටම සිද්ධ වෙලා තිබුණේ මොසැක් ෆොන්සේකා කියන පැනමාවේ තියෙන ජාත්‍යන්තර නීති උපදේශක සමාගමක තියෙන නීතීඥ-සේවාදායක රහසිගත භාවයෙන් ආරක්ෂා වුණු රහස්‍ය ලිපි ලක්ෂ දෙකකටත් එහා ප්‍රමාණයක් ප්‍රසිද්ධ වුණු එක. මෙතනදී චෝදනා එල්ල වුනේ බොහෝ දෙනෙක් කළු සල්ලි සුදු කිරීම, ඒ කියන්නේ මුදල් විශුද්ධිකරණය සඳහා මේ සමාගමේ නීතිමය පහසුකම් පාවිච්චි කරල තියෙනවා කියන එක. ටෙක්නිකලි වෙන රටක සල්ලි ආයෝජනය කරන එක නීති විරෝධී නැහැ. හැබැයි නීතියේ තියෙන හිල් පාවිච්චි කරලා විශාල වශයෙන් කලු සල්ලි සුදු කිරීම සෑහෙන්න සිද්ධ වෙන දෙයක්. මේ සීන් එකට රුසියාවේ ලොක්කා පුටින් විතරක් නෙවෙයි, ලංකාවේ කීප දෙනෙකුත් ගෑවුණා!



    7. WikiLeaks

    Greatest-Cyber-Hacks-aniwa-07.jpg


    Greatest Cyber Hacks
    Source – inquisitr.com, rt.com


    විකිලීක්ස් භූමිකාව ඇත්තටම අපි කතා කරගෙන ආපු ඩේටා ලීක්ස් වලට වඩා වෙනස්. ජුලියන් අසාන්ජ් විසින් පිහි‍ටුවනු ලැබූ විකිලීක්ස් වෙබ් අඩවිය හරහා ඇමරිකාව වෙනත් රටවල – විශේෂයෙන්ම ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ කරපු හමුදා මෙහෙයුම් සම්බන්ධ තොරතුරු සහ ඇමරිකානු තානාපති කේබල් පණිවුඩ ප්‍රසිද්ධියට පත්වුනා. ජුලියන් අසාන්ජ් ඇමරිකාවට ද්‍රෝහියෙක්, ඇමරිකානු විරෝධීන්ට වීරයෙක් සහ ලෝකයේ අනික් රටවලට ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වුනා. විශේෂයෙන්ම ලංකාවේ පැවතුණු තිස් අවුරුදු යුද්ධයේ අවසන් කාලයේ සිදුවුණු දේවල් වගේම ශ්‍රී ලංකාව සහ යුද අපරාධ සම්බන්ධයෙන් ඇමරිකානු ප්‍රතිපත්තිය ගැන එහෙම සෑහෙන්න ප්‍රශ්නකාරී තොරතුරු විකිලීක්ස් මගින් හෙළිවුනා!



    8. එඩ්වඩ් ස්නෝඩන්

    Greatest-Cyber-Hacks-aniwa-08.jpg

    Greatest Cyber Hacks
    Source – businessinsider.com


    එඩ්වඩ් ස්නෝඩන් සිදුවීමත් හරියටම සයිබර් ඩේටා ලීක්ස් විදියට සලකන්න බැරි වුනත්, වැදගත්කම සලකලා මේ ලැයිස්තුවටම ඇතුළත් කරනවා. ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සියට වගේම සී.අයි.ඒ හෙවත් මධ්‍යම රහස් තොරතුරු ඒජන්සියටත් සේවය ලබාදීපු ස්නෝඩන් විසින් ලෝකයට හෙළිදරවු කලේ ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය විසින් පුරවැසියන්ගේ තොරතුරු රහසින් ‍රැස් කරන බව තමයි. වෙන විදියකට කියනවා නං ඇත්තටම බිග් බ්‍රදර් අපි හැමෝම ගැන ඔත්තු බලනවාය කියන එක ස්නෝඩන් හෙළිදරවු කලා. ඒ නිසාම තාමත් එඩ්වඩ් ස්නෝඩන්ව ඇමරිකාවේ ඔත්තු සේවාවන්ගෙන් දඩයම් කරන්න හොයනවා! හැබැයි ලෝකේ වෙනත් රටවලට ස්නෝඩන් කියන්නේ වීරයෙක්!

    ආ අමතක වුනා. ලංකාවේත් මේ විදියේ දැවැන්ත සයිබර් ප්‍රහාරයක් සිද්ධ වුනා. වෙන කාටවත් නෙවෙයි ඉතින් අපේ ජනාධිපතිතුමාට. හැබැයි අපේ ජනාධිපතිතුමා නියම අප්පච්චි කෙනෙක් වගේ ඒ පොඩි හැකර් ළමයට එන්ඩ කියලා සමාව දීලා, ආයෙ මේ වගේ වැඩ කරන්න එපා කියලා ලඟ තිබුණු අලුත්ම අයිෆෝන් එකත් තෑගි දුන්නා හිටං!


    www.aniwa.lk
     
    Last edited: