දරුණු වෛරස් ගබඩා කළ රුසියානු විද්‍යාගාරය

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    දරුණු වෛරස් ගබඩා කළ රුසියානු විද්‍යාගාරය

    දරුණු වෛරස් ගබඩා කළ රුසියානු විද්‍යාගාරයක පිපිරීමක්

    image_97e70f795a.jpg


    නිරිතදිග සයිබීරියාවේ කොල්ට්සෝවෝ නගරයේ පිහිටි වෙක්ටර් යනුවෙන් හඳුන්වන වෛරස් විද්‍යා සහ ජීව තාක්ෂණවේදය පිළිබඳ රාජ්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයේ පසුගියදා ගෑස් පිපිරීමක් හා ගින්නක් ඇතිවිය. මෙම මධ්‍යස්ථානය ලෝකයේ භයානකම වෛරස් ගබඩාවක් වන අතර එබෝලා, ඇන්ත්‍රැක්ස්, හෙපටයිටිස්, එච්.අයි.වී. සහ වසූරිය වැනි මාරාන්තික වෛරස් රැසක් ඒ අතර වේ.

    පිපිරීම පිළිබඳව අදහස් දක්වන නගරයේ පුරපතිවරයා වන නිකොලායි ක්‍රස්නිකෝව් සඳහන් කරන්නේ මධ්‍යස්ථානය අවට වෙසෙන්නන්ට බියවෙන්නට කිසිවක් නොමැති බවයි.
    වයස හෝ ස්ත්‍රී පුරුෂ භාවය හෙළි නොකළ එක් තැනැත්තෙක් පමණක් සිද්ධිය නිසා රෝහල්ගත කර ඇත. එම තැනැත්තා දැඩි සත්කාර ඒකකයේ පසුවෙන බවද වාර්තා වේ. වෙක්ටර් ආයතනය මගින් කළ නිවේදනයක දැක්වෙන්නේ තට්ටු හයක විද්‍යාගාර ගොඩනැගිල්ලක, පස්වැනි තට්ටුවේ පිපිරීම සිදුවූ බවය. ගිනි නිවන රථ 13ක් හා ගිනි භටයින් 38 දෙනෙක් පමණ ගින්න නිවීමට කැඳවා තිබුණු බව සඳහන්ය.


    වසූරිය වෛරසය තිබෙන්නේ ලෝකයෙන්ම ස්ථාන දෙකක පමණි. වෙක්ටර් එක් ස්ථානයක් වන අතර අනෙක් ස්ථානය ඇ​ෙමරිකා එක්සත් ජනපදයේ ඇට්ලන්ටාහි රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයයි.

    මෙම වෙක්ටර් මධ්‍යස්ථානය සෝවියට් සංගමය පැවති කාලයේ ජෛව අවි නිපැයුම් මධ්‍යස්ථානයක්ව පැවති බව වාර්තා වේ. එබෝලා වෛරසය සහිත ඉදිකටුවක් ස්පර්ශ වීමෙන් මෙහි විද්‍යාඥයෙක් 2004 වසරේදී මිය ගියේය.


    නිසංසලා දිසානායක