දරුවට බෙහෙත් ගන්න මන්නා පිහිය උකස් තියලා
නියඟයෙන් දැඩි පීඩාවට පත්ව කුසට ආහාරයක් හෝ සපයා ගැනීමට නොහැකි තත්ත්වයක දිවි ගෙවන මහවිලච්චිය ප්‍රදේශයේ ගොවි මහතකු තම දරුවාට බෙහෙත් ගැනීම සඳහා නිවසේ තිබූ මන්නා පිහියක් උකසට තබා රුපියල් 300ක මුදලක් ණයට ඉල්ලා ගත් පුවතක් මහවිලච්චිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
අවස්ථා කිහිපයකදී තම දරුවන්ගේ හා බිරියගේ කුස ගිනි නිවීමට සහල් ඇතුළු බඩු බාහිරාදිය රැසක් ණයට ගෙන ඇති මෙම තැනැන්තා එම ණය මුදල් ද ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක සිටින හෙයින් නිවසේ තිබූ පිහිය උකසට තබා රුපියල් 300ක් ඉල්ලූ බව වෙළෙඳසල් හිමිකරු වන සරත් ප්‍රියංග රත්නායක මහතා පවසනවා.
මෙකී ගොවි මහතා කළ ඉල්ලීම කෙරෙහි අනුකම්පා සහගතව බැලූ වෙළෙඳසල් හිමියා ඔහුට රුපියල් 300 ලබා දී පිහිය ද ආපසු රැගෙන යන ලෙසට පවසා තිබෙනවා.
නමුත් තමන් කෙරෙහි දැක්වූ සහයෝගය අගයමින් එම මුදල හා පෙරදී ලබාගෙන ඇති ආහාර ද්‍රව්‍යවලට ගෙවීමට ඇති ණය මුදල් ආපසු ලබාදෙන තෙක් තමන් රැගෙන ආ පිහිය බලෙන් මෙන් වෙළෙඳසලෙහි තබා ගොවි මහතා පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එසේ වෙළෙඳසලේ තබෑ ගිය පිහිය රුපියල් 800ක් පමණ වටිනා බවයි වෙළෙඳසල් හිමියා පවසන්නේ. තමන් කිසිදිනෙක කිසිවක් උකසට තබාගෙන වෙළෙඳාමක් සිදුකර නොමැති බවත් හොඳ හිත ආරක්ෂා කර ගැනීමේ අදහසින් එම පුද්ගලයා පිහිය ඇපයට තබා යන්නට ඇති බවත් වෙළෙඳසල් හිමිකරු පවසනවා.
නියඟයෙන් පීඩාවට පත්ව සිටින ගොවීන් ගනුදෙනුකරුවන් වශයෙන් මේ වන විට රුපියල් ලක්ෂ 10කට වැඩි මුදලක් ණය වශයෙන් කඩේට ගෙවීමට ඇති බවත් ඔවුන්ගේ දරු පවුල් බඩගින්නේ සිටින බව පවසන විට ව්‍යාපාරිකයකු වශයෙන් වෙළෙඳසලේ තිබෙන දෙයක් නොදී ආපසු හරවා යැවිය නොහැකි බවත් සරත් ප්‍රියංග රත්නායක මහතා කීයා සිටියේ.
මෙවැනි තත්ත්වයක් හමුවේ වෙළෙඳසල පවත්වාගෙන යෑම අපහසු වී ඇතැයිද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මහවිලච්චිය, නොච්චියාගම මාර්ගයේ බෝගහ හන්දියේ ඇති වෙළෙඳ සලකින් එම ගොවි මහතා මෙම ගනුදෙනුව සිදුකර ගෙන ඇති බවයි වාර්තා වන්නේ