දරුවට බෙහෙත් ගන්න මන්නා පිහිය උකස් තියලා

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    දරුවට බෙහෙත් ගන්න මන්නා පිහිය උකස් තියලා

    නියඟයෙන් දැඩි පීඩාවට පත්ව කුසට ආහාරයක් හෝ සපයා ගැනීමට නොහැකි තත්ත්වයක දිවි ගෙවන මහවිලච්චිය ප්‍රදේශයේ ගොවි මහතකු තම දරුවාට බෙහෙත් ගැනීම සඳහා නිවසේ තිබූ මන්නා පිහියක් උකසට තබා රුපියල් 300ක මුදලක් ණයට ඉල්ලා ගත් පුවතක් මහවිලච්චිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

    අවස්ථා කිහිපයකදී තම දරුවන්ගේ හා බිරියගේ කුස ගිනි නිවීමට සහල් ඇතුළු බඩු බාහිරාදිය රැසක් ණයට ගෙන ඇති මෙම තැනැන්තා එම ණය මුදල් ද ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක සිටින හෙයින් නිවසේ තිබූ පිහිය උකසට තබා රුපියල් 300ක් ඉල්ලූ බව වෙළෙඳසල් හිමිකරු වන සරත් ප්‍රියංග රත්නායක මහතා පවසනවා.

    මෙකී ගොවි මහතා කළ ඉල්ලීම කෙරෙහි අනුකම්පා සහගතව බැලූ වෙළෙඳසල් හිමියා ඔහුට රුපියල් 300 ලබා දී පිහිය ද ආපසු රැගෙන යන ලෙසට පවසා තිබෙනවා.

    නමුත් තමන් කෙරෙහි දැක්වූ සහයෝගය අගයමින් එම මුදල හා පෙරදී ලබාගෙන ඇති ආහාර ද්‍රව්‍යවලට ගෙවීමට ඇති ණය මුදල් ආපසු ලබාදෙන තෙක් තමන් රැගෙන ආ පිහිය බලෙන් මෙන් වෙළෙඳසලෙහි තබා ගොවි මහතා පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

    එසේ වෙළෙඳසලේ තබෑ ගිය පිහිය රුපියල් 800ක් පමණ වටිනා බවයි වෙළෙඳසල් හිමියා පවසන්නේ. තමන් කිසිදිනෙක කිසිවක් උකසට තබාගෙන වෙළෙඳාමක් සිදුකර නොමැති බවත් හොඳ හිත ආරක්‍ෂා කර ගැනීමේ අදහසින් එම පුද්ගලයා පිහිය ඇපයට තබා යන්නට ඇති බවත් වෙළෙඳසල් හිමිකරු පවසනවා.

    නියඟයෙන් පීඩාවට පත්ව සිටින ගොවීන් ගනුදෙනුකරුවන් වශයෙන් මේ වන විට රුපියල් ලක්ෂ 10කට වැඩි මුදලක් ණය වශයෙන් කඩේට ගෙවීමට ඇති බවත් ඔවුන්ගේ දරු පවුල් බඩගින්නේ සිටින බව පවසන විට ව්‍යාපාරිකයකු වශයෙන් වෙළෙඳසලේ තිබෙන දෙයක් නොදී ආපසු හරවා යැවිය නොහැකි බවත් සරත් ප්‍රියංග රත්නායක මහතා කීයා සිටියේ.

    මෙවැනි තත්ත්වයක් හමුවේ වෙළෙඳසල පවත්වාගෙන යෑම අපහසු වී ඇතැයිද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    මහවිලච්චිය, නොච්චියාගම මාර්ගයේ බෝගහ හන්දියේ ඇති වෙළෙඳ සලකින් එම ගොවි මහතා මෙම ගනුදෙනුව සිදුකර ගෙන ඇති බවයි වාර්තා වන්නේ
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    මරා හොරා කාපුවා නිසා තමා රටට මෙහෙම වෙලා තියෙන්නෙ - sandun buwa. :lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කෘෂිකර්මේ අන්තිම අඩියේ තියෙන්නේ බන් ලංකාවේ. කිසිම කෘෂි නිෂ්පාදනයක් නෑ. ගොවීන්ට දෙන සහන කපා හැරලා. සිරිසේනගේ කයිවාරු විතරයි.. සේරම හාල් රටින් ගේන්නේ.. සහල් හිගේ නිසා ඒවායේ ගණන් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඇමතිය මේ ලගදී කතා කලේ හාල් රටින් ගේන එක ගැන හෙන උජාරුවෙන්.. :angry:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,950
    4,625
    113
    කෘෂිකර්මේ අන්තිම අඩියේ තියෙන්නේ බන් ලංකාවේ. කිසිම කෘෂි නිෂ්පාදනයක් නෑ. ගොවීන්ට දෙන සහන කපා හැරලා. සිරිසේනගේ කයිවාරු විතරයි.. සේරම හාල් රටින් ගේන්නේ.. සහල් හිගේ නිසා ඒවායේ ගණන් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඇමතිය මේ ලගදී කතා කලේ හාල් රටින් ගේන එක ගැන හෙන උජාරුවෙන්.. :angry:

    ඉස්සර් හාල් වැඩි වෙලා මත්තලත් පුරවපු උන් දැන් කිසි සද්දයක් නැහැ .මම දැක්ක ගම්මිරිසුත් 150 ට බැහැල කියලා මිනිස්සු පාරට බැහැල ඒවත් රටින් ගේනවලු දැන් .
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඉස්සර් හාල් වැඩි වෙලා මත්තලත් පුරවපු උන් දැන් කිසි සද්දයක් නැහැ .මම දැක්ක ගම්මිරිසුත් 150 ට බැහැල කියලා මිනිස්සු පාරට බැහැල ඒවත් රටින් ගේනවලු දැන් .

    සේරම රටින් ගේන්නේ බන්. කොමිස් කාක්කෝ හරක් හොරු ඉන්නේ මේ කාලකන්නි ආණ්ඩුවේ :growl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    කෘෂිකර්මේ අන්තිම අඩියේ තියෙන්නේ බන් ලංකාවේ. කිසිම කෘෂි නිෂ්පාදනයක් නෑ. ගොවීන්ට දෙන සහන කපා හැරලා. සිරිසේනගේ කයිවාරු විතරයි.. සේරම හාල් රටින් ගේන්නේ.. සහල් හිගේ නිසා ඒවායේ ගණන් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඇමතිය මේ ලගදී කතා කලේ හාල් රටින් ගේන එක ගැන හෙන උජාරුවෙන්.. :angry:

    බොරුකියන්නඑපා නාන
    පොළොන්නරුවේ ලොකුම සහල් මෝල් වලට ගිහිං බලන්න ලංකාවේ කුෂි.කර්මේ දියුණුව
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බොරුකියන්නඑපා නාන
    පොළොන්නරුවේ ලොකුම සහල් මෝල් වලට ගිහිං බලන්න ලංකාවේ කුෂි.කර්මේ දියුණුව

    සිරිශේන මාතියගේ මෝලද :sorry:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    :( kalakiruna ban. manthree la wahana ganna koti ganan mahajana mudal nikarune viyadam karanakota lamayata beheth ganna rupiyal 300k nethuwa aragalayaka inna minissu gena ahaddi kalakirenawa ban.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    දැන් අලුත්ම සෙල්ලම වියට්නාම්,බංගලදේශය වගේ රටවලින් අඩුවට කුළුබඩු ගෙනත් ලංකාවේ වගේ වැඩි මිලට europe යවන එක මේක කරන්නේ කාලකන්නි ආණ්ඩුවේ ඇමැටි සොන්නය‍ෙක්,මේ කරන වැඩ වලින් ගොවීන් අසරණ වෙලා ,අනික මේ කැත වෙන්නේ අවුරුදු ගණනක් තියාගත්ත ලංකාවේ කුළු බඩු වල නම:angry:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    දැන් අලුත්ම සෙල්ලම වියට්නාම්,බංගලදේශය වගේ රටවලින් අඩුවට කුළුබඩු ගෙනත් ලංකාවේ වගේ වැඩි මිලට europe යවන එක මේක කරන්නේ කාලකන්නි ආණ්ඩුවේ ඇමැටි සොන්නය‍ෙක්,මේ කරන වැඩ වලින් ගොවීන් අසරණ වෙලා ,අනික මේ කැත වෙන්නේ අවුරුදු ගණනක් තියාගත්ත ලංකාවේ කුළු බඩු වල නම:angry:

    ඒ නිසා වෙන්න ඕන ගම්මිරිස් මිල අඩුම වෙලා තියෙන්නේ ,මාස 2කට උඩදී අමුව 10 kg ක් දුන්න rs 350 ගානේ.දැන් 150 ය් කිලෝ එක .වය්ෆ් ලගේ ගෙදර ඒවා දෙන්නේ නැතිව ඉන්නවා මේ දවස් වල ගාන වැඩි වෙය් කියල හිතාගෙන