දරුවන්ගේ හැසිරීම

Lazy_Boy

Active member
  • Feb 18, 2014
    289
    43
    28
    "දරුවන්ගේ හැසිරීම" ගැන කතාබහ කරන හැම වෙලාවකම අපි මතකතියාගන්න ඕනෙ දෙයක් තියනවා.ඒ තමයි හැසිරීම කියලා අපි කතාබහ කරන්නේ දරුවන්ගේ ක්‍රියාකාරකම් ගැන බව.දරුවෙකුගේ හැම හැසිරීමක්ම දරුවා දක්වන ප්‍රතිචාරයක් හෝ දරුවාගේ ක්‍රියාකාරකමක් බව අපි මතක තබා ගත යුතුයි. දරුවකුගේ ක්‍රියාත්මක වීම කියලා කියන්නේ දරුවකු ඔහු හෝ ඇය සිටින පරිසරයට දක්වන ප්‍රතිචාරයයි.ශාරීරිකව සමාජීයව හෝ වෙනත් යම් කිසි ආකාරයකට දරුවා ක්‍රියාත්මක වන සෑම විටකම ක්‍රියාව සහ ප්‍රතිචාර යන කරුණු මත දරුවාගේ හැසිරීම තීරණය වෙනවා.ඒ නිසා දරුවෙකුගේ හැසිරීම ගැන තීන්දු තීරණ ගන්න නම් වැඩිහිටියා ඉතාම සාධාරණ ලෙස ප්‍රතිචාරාත්මක ක්‍රියාවට මුල් වූ හේතු සලකා බැලිය යුතු වෙනවා.

    මගේ යටතේ පවතින පෙරපාසලක සිදු වූ පහත අවස්ථාව සලකා බලමු .

    වයස අවුරුදු 4ක් වූ සිනෙත් ලී කැබලි වලින් සෙල්ලම් කරමින් ඉන්නවා.ඔහුගේ පන්තිය තවත් කුඩා පිරිමි දරුවන් තුන්දෙනෙක් ඔහු වටා එක් රැස් වී සිටින අතර සිනෙත් ලී කැබලි වලින් සෙල්ලම් කරන ගමන් අනෙක් දරුවන් කරන්න ඕන දේ නියම කරමින් නායකත්වය දෙනවා. මොහොතකින් එතනට පැමිණ ගුරුතුමිය සෙල්ලම් කාලය අවසාන බවත් සිනෙත් ඇතුලු දරුවන් නැවත පන්ති කාමරයට යා යුතු බවත් පවසනවා.


    Read More
    https://www.turtty.lk/blogs/view/28

    Facebook : https://www.facebook.com/turttykids/
    Web : https://www.turtty.lk/
     
    • Like
    Reactions: hodakolla

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,132
    20,720
    113
    හස්තිශෛලපුර
    හෙට මම නුවර යනවා.. පාන් රු10කින් වැඩි වෙලා..

    වගේ එකක් තමයි කියලා තියෙන්නෙ.. කිසි ගැලපීමක් නෑ.. පෙරපාසල ගැන හිතාගත්තැකි..
     
    • Haha
    Reactions: maxtalker