දරුවන්ට ක්‍රමවත් විභාග නැතුව ලකුණු දෙන්න හදපු Module system එක සර්ථක ද ?

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,107
    10,684
    113
    මේ තමයි, 6 ශ්‍රේනියෙ ඉඳලා ඉහළට පාසල් වල විභාග ඔක්කොම නැති කරලා, දරුවන්ට ක්‍රමවත් විභාග නැතුව ලකුණු දෙන්න හදපු Module system එකේ ලකුණු වගුව.

    ❌
    ඔය තුන්වෙනි තීරුවේ තියෙන ජී.පී වී අගය හැදෙන්නේ, පන්ති කාමරයේ ළමයා වැඩ කරන විදිය අනුව 70%කුත්, එක මොඩියුල් එකක් අවසානයේ තියෙන මාසික පරීක්ෂණය වගේ සුළු ඇගයීමකින් 30%ක් වශයෙන් ලකුණු එකතුවෙලා.

    ❌
    අධ්‍යාපනයේ විභාග තරගකාරී බව අඩුකරන්න, පාවිච්චි කරන්න යෝජනා කරපු ක්‍රමය තමයි විභාග සම්පූර්ණයෙන්ම නැති කරලා දාන එක.
    හය වසරෙන් පස්සේ ටෙක්නිකලි ඕ ලෙවල් වෙනකන් තියෙන සියලු විභාග අවලංගු වෙනවා මේ ක්‍රමයට අනුව.

    ❌
    පාසල් වල මේ වෙනකොට තියෙන්නේ Exam Based ranking එකක්. අඩුම ගානේ තමන්ගේ පළාත් සභාවෙන්වත් එවන standard Test paper එකක් තමයි හැම ළමයෙකුටම ලැබෙන්නේ.
    ඒ කිව්වේ ඒක ගුරුවරුන්ටවත් විදුහල්පතිටවත් පාසලේ ආදි ශිෂ්‍ය සංගමයටවත්, දෙමව්පියන්ටත් පහසුවෙන් බලපෑම් කරන්න පුළුවන් සිස්ටම් එකක් නෙවෙයි. බලපෑම් කරන්න බෑ කියලා නෙවෙයි කියන්නේ, බලපෑම් කරන්න තියෙන අවස්ථාව අඩුයි කියලා.

    ❌
    මේ ස්වාධීන (Objective) ක්‍රමය අයින් කරලා, විභාග ටික දිය කරලා දාලා, GPV ලකුන, ඉතා පහසුවෙන් පක්ෂග්‍රාහී විදියට වෙනස් කරන්න පුළුවන් තැනට පහල දාන එකේ අරමුණ මොකද්ද කියලා පැහැදිලි නෑ.

    ❌
    අපේ රටේ පාසල් පද්ධතිය සහ ඒවගේ ෆේවරේෂන් වෙන හැටි ගැන සාමාන්‍ය අවබෝධයක් තියෙන කිසිම අම්මා තාත්තා කෙනෙක් මේ වගේ සිස්ටම් එකකට කැමති වෙන්න හේතුවක් නෑ.

    ❌
    මේ විසඳුමෙන් වෙන්නේ, ප්‍රශ්නය විසඳෙන එක වෙනුවට ප්‍රශ්නය විස්ථාපනය වෙන එක.
    ඒ කිව්වේ, දැන් ටියුෂන් ගිහිල්ලා උත්සාහ කරලා විභාගයෙන් වැඩි ලකුණක් ගන්න ක්‍රමය, වඩා සරල කරලා ඒ බලය ගමට, පාසලට දෙමව්පියන්ගෙ අතට බෙදලා දීපු එක තමයි මේ වෙලා තියෙන්නේ.
    දැන් දරුවා ටියුෂන් යවලා මහන්සි වෙන්න අවශ්‍ය නෑ, ඉතා පහසුවෙන් පාසලට අල්ලස් දීල ළමයගේ ජී.පී වී එක වැඩි කරගන්න පුළුවන්.
    ඒක විභාගයකින් ලකුණු ගන්නවට වඩා ලේසියි. මේවට කියන්නෙ Subjective Assessment methods කියලා. අන්ත දූෂිත ක්‍රම.

    ❌
    අමතක නොකර සඳහන් කරන්න ඕන කාරණය තමයි, ඉස්කෝලෙන් අස් වෙනකොට දෙන අස්වීම් සහතිකේ පවා මේ GPV, GPA අගයන්, වසරෙන් වසර සහ විෂයගෙන් විෂයට වෙනම සඳහන් කරනවා කියලා තියනවා.
    ඒ කියන්නේ රස්සාවකට යනකොට, කොතැනක හෝ තරගකාරී තේරීමක් තියෙන තැනකදි මේ ගන්න ජී.පී.ඒ අගය ජීවිත කාලය පුරාම හොල්මන් කරනවා.

    ❌
    අපි වගේ ඉතාම සීමිත අවස්ථා තියන රටක, දරුවන්ගේ අධ්‍යාපනයේ එක ලකුණක් හෝ වැඩි කරගන්න දෙමව්පියෝ නොකරන දෙයක් නෑ. (Parents go any length)
    ඉතින් ඔයාලට ඉස්සරහට, බොහෝ විට ටියුෂන් ක්ෂේත්‍රය ක්ශය වෙලා යනවා බලන්න පුළුවන් වගේම, විවිධ ආකාරයේ අල්ලස් පාසල් පද්ධතිය ගිල ගන්න හැටිත් බලාගන්න පුලුවන් වෙයි.

    ❌
    ලෝකයේ නවෝත්පාදන අඩු, වේගවත් ආර්ථික වර්ධනයක් නැති, ස්වභාවික සම්පත් අඩු රටක තරගකාරී නොවන අධ්‍යාපන ක්‍රම පවතින්නෙ නෑ.
    පින් ලන්තයේ, ස්වීඩනයේ වගේ උතුරු යුරෝපීය රටවල්වල තියෙන කැඳයො හදන ඉන්හෙරිටන්ට්ලි ඔතෑනි අසාර්ථක අධ්‍යාපන ක්‍රම අපේ රටට ගැලපෙන්නෙ නෑ.ඒ ගැන වෙනම දවසක කතා කරමු.
    ඉලක්ක, කඩයිම්, තරඟ විභාග නැති උනාම වෙන්නේ අනාගත පරම්පරාව මෝඩයෝ වෙන එක විතරයි. (Good times create weak men).

    ❌
    අපි කැමැති උනත් අකමැතිි වුණත්, මේ ලෝකය කියන්නේම තරඟයක් තමයි. පාසල්වල විභාග ඒකෙ කොටසක්.

    ❌
    කරුණාකරලා,මේ කන්සෙප්ට් පේපර් එක කියවලා වෙන අවශේෂ කුණුහරුප නැතුව, මේ මාතෘකාව කතා කරන්න
    කුනුහරුප වෙබ් සයිට් වත්, ධර්ම චක්‍රයේ හැඩයවත් නෙවෙයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල තියෙන ගැඹුරු ප්‍රශ්නය. කරුණාකර ප්‍රශ්නය නිවැරදිව ග්‍රහණය කරගන්න.
    එහෙම නැත්නම්, තව අවුරුදු දහයක් විතර ගිහිල්ලා, මේ වගේ ප්‍රතිඵල රටක් විදියටම විඳින්නත් අපි හැමෝම හිත හදාගන්න.
    🙏

    උපුටා ගැනීමකි

    620135018_4083380698641019_8290073932831732_n.jpg
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    ගැනියි මිනිහයි දෙන්නම රස්සා කරලා tax එකත් ගෙවන එකාගේ දරුවට කෙලවලා මුකුත් නොකර අස්වසුමත් අරගෙන ටීචට මුට්ටි අල්ල අල්ල ඉන්න එවුන්ගේ ළමයි ගොඩ දාන වැඩක් ඕක. අන්තිමට tax ගෙවන එකාට එකත් ගෙවල ළමයි private school එකට දම්මවන එක තමා අරමුණ.
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,332
    768
    113
    සිරිලංකාවේ..
    අපේ රටේ පාසල් පද්ධතිය සහ ඒවගේ ෆේවරේෂන් වෙන හැටි ගැන සාමාන්‍ය අවබෝධයක් තියෙන කිසිම අම්මා තාත්තා කෙනෙක් මේ වගේ සිස්ටම් එකකට කැමති වෙන්න හේතුවක් නෑ.

    100% aththa brother
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    මම හිතන්නේ මේක කෙල වෙයි කියලා.. මේ ක්‍රමය හරි යන්නේ..
    විභාග ක්‍රමයත් එක්කම ප්‍රතිසංස්කරණ උනා නම් තමයි හොඳ..
    A/L වගේ ඒව ඔය වගේ තරඟකාරී නොවුන නම් ළමයි පාඩම් කරන්නේ නෑ.. concept මතක තියා ගන්නේ නෑ
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    මම හිතන්නේ මේක කෙල වෙයි කියලා.. මේ ක්‍රමය හරි යන්නේ..
    විභාග ක්‍රමයත් එක්කම ප්‍රතිසංස්කරණ උනා නම් තමයි හොඳ..
    A/L වගේ ඒව ඔය වගේ තරඟකාරී නොවුන නම් ළමයි පාඩම් කරන්නේ නෑ.. concept මතක තියා ගන්නේ නෑ

    Gen z ඉඳන් කවුරුවත් ඉගෙනගන්න මහන්සි වෙන එකක් නෑ.
    AI වලින් සේරම උත්තර හොයාවි.

    දඩයම් යුගෙන් පස්සේ බතලයො හැදුනා වගේ.
    AI යුගෙන් මැටි අලයන්ට පරිණාමය වේවි.
    මතකෙ වැදගත් දෙයක් නෙමෙයි ඉස්සරහට.

    wall-e GIF
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,704
    13,485
    113
    //
    ❌

    අපේ රටේ පාසල් පද්ධතිය සහ ඒවගේ ෆේවරේෂන් වෙන හැටි ගැන සාමාන්‍ය අවබෝධයක් තියෙන කිසිම අම්මා තාත්තා කෙනෙක් මේ වගේ සිස්ටම් එකකට කැමති වෙන්න හේතුවක් නෑ.//

    මේක තමයි ප්‍රශ්නේ ගොඩක් ගුරුවරු තමන්ගේ පාසලටම තමයි තමන්ගේ ලමයව දාගන්නේ . මගේ පුතාගේ ඉස්කෝලේ බෑන්ඩ් කණ්ඩායමේ, ප්රිෆෙක්ට් , චිත්‍රතරග, ඉංග්‍රීසි තරග ඔක්කොටම තෝරාගන්නේ ඒ ගුරුවරුන්ගේ ළමයි
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,000
    11,743
    113
    මේ ක්‍රමය කරන්නම ඕනෙ නම් මේ කොන්දේසි වලට යටත්ව කරන්න ඕනේ 👇🏽

    6-9 දක්වා පහත සඳහන් විශයන් වලට ඉතාම තරඟකාරී විභාග පැවැත්විය යුතුමයි:

    1.Maths
    2.Science
    3.Technology/ICT/Electronics or any other technical subject

    English වලට IELTS ආකාරයේ (listening, reading, writing & speaking) විභාගක් පැවැත්විය යුතුමයි.

    අනෙකුත් විශයන් සඳහා මෙම ක්‍රමය අනුගමනය කිරීමෙන් ලොකු බලපෑමක් නෑ කියන එක තමා මගේ අදහස.

    මොකෝ කියන්නේ?

    @hi.dushan @rangana26 @ozykolla @OpenSpace @scorpion MW @djprabhath @McGayan
    ------ Post added on Jan 30, 2026 at 9:46 AM

    මේ සම්බන්දව මගේ පැහැදිලි කිරීම:

    මේවා මුළු ජීවිතකාලෙටම ඕනෙ වෙන විශයන් එම නිසා මෙම විශය කරුණු ඉතා අවධානයෙන් ඉගෙනගත යුතුමයි.

    තර්කන හැකියාව හා විද්‍යාව ඉගෙනගන්න පදනම ලැබෙන්නේ ගණිතයෙන්

    අපේ වටපිටාවේ සිදුවන සියළුම දේ පැහැදිලි වෙන්නේ විද්‍යාවෙන්

    අපිට ජීවිතකාලෙම ප්‍රයොජනවත් වෙන කුසලතාවයක් ලැබෙන්නේ තාක්ශණික/කාර්මික විශයකින්

    අන්තර්ජාතික භාශාව වන English භාශාවෙහි ප්‍රවීනයෙක් විය යුතුමයි
    ------ Post added on Jan 30, 2026 at 10:11 AM
     
    Last edited:

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042

    තර්කන හැකියාව හා විද්‍යා ඉගෙනගන්න පදනම ලැබෙන්නේ ගණිතයෙන්

    අපේ වටපිටාවේ සිදුවන සියළුම දේ පැහැදිලි වෙන්නේ විද්‍යාවෙන්

    අපිට ජීවිතකාලෙම ප්‍රයොජනවත් වෙන කුසලතාවයක් ලැබෙන්නේ තාක්ශණික/කාර්මික විශයකින්

    අන්තර්ජාතික භාශාව English
    ------ Post added on Jan 30, 2026 at 10:11 AM
    fadding-smart.gif
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,578
    3,193
    113
    මේ ක්‍රමය කරන්නම ඕනෙ නම් මේ කොන්දේසි වලට යටත්ව කරන්න ඕනේ 👇🏽

    6-9 දක්වා පහත සඳහන් විශයන් වලට ඉතාම තරඟකාරී විභාග පැවැත්විය යුතුමයි:

    1.Maths
    2.Science
    3.Technology/ICT/Electronics or any other technical subject

    English වලට IELTS ආකාරයේ (listening, reading, writing & speaking) විභාගක් පැවැත්විය යුතුමයි.

    අනෙකුත් විශයන් සඳහා මෙම ක්‍රමය අනුගමනය කිරීමෙන් ලොකු බලපෑමක් නෑ කියන එක තමා මගේ අදහස.

    මොකෝ කියන්නේ?

    @hi.dushan @rangana26 @ozykolla @OpenSpace @scorpion MW @djprabhath @McGayan
    ------ Post added on Jan 30, 2026 at 9:46 AM

    මේ සම්බන්දව මගේ පැහැදිලි කිරීම:

    මේවා මුළු ජීවිතකාලෙටම ඕනෙ වෙන විශයන් එම නිසා මෙම විශය කරුණු ඉතා අවධානයෙන් ඉගෙනගත යුතුමයි.

    තර්කන හැකියාව හා විද්‍යාව ඉගෙනගන්න පදනම ලැබෙන්නේ ගණිතයෙන්

    අපේ වටපිටාවේ සිදුවන සියළුම දේ පැහැදිලි වෙන්නේ විද්‍යාවෙන්

    අපිට ජීවිතකාලෙම ප්‍රයොජනවත් වෙන කුසලතාවයක් ලැබෙන්නේ තාක්ශණික/කාර්මික විශයකින්

    අන්තර්ජාතික භාශාව වන English භාශාවෙහි ප්‍රවීනයෙක් විය යුතුමයි
    ------ Post added on Jan 30, 2026 at 10:11 AM
    මේක නම් හොදයි හැබැයි. දැන් ඉන්න උන් ඉතිහාසයටත් class යනවනේ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    lankawe modeyo hadunama rassa walata indiyan kareyo gena eka thama meke aramuna!

    Gen z ඉඳන් කවුරුවත් ඉගෙනගන්න මහන්සි වෙන එකක් නෑ.
    AI වලින් සේරම උත්තර හොයාවි.

    දඩයම් යුගෙන් පස්සේ බතලයො හැදුනා වගේ.
    AI යුගෙන් මැටි අලයන්ට පරිණාමය වේවි.
    මතකෙ වැදගත් දෙයක් නෙමෙයි ඉස්සරහට.

    wall-e GIF
    minis shareeraya dan hariyanne na ban!

    igena ganipu deyak thawa kenekta kiyala deela aluth ekek hadanna awurudu 30kata wada yanawa! e 30di oota kanna bonna - beheth - yana enna mara sampath godak waya karanna wenawa. igena gaththath oo kalin eka wagema 100% sarthaka wenna thiyena hakiyawa adui!

    dan minissu mecanical - repairable body walata maru wenna - thamange copy gahanna puluwan wenna ona kaleta awilla!

    loketa supiri dewal hadana buwala marila yanawa - meka wenas wenna ona!

    issarahata robot body with human mind ewei. e body awurudu 1000s ganak duwawi. duppath un awurudu 10n 20n kela wela yawi. maithree buduhamuduruwo awurudu 80000 k inne ohomai!

    kalinuth brahmadaththa rajawaru awurudu 10000 / 8000 idiya kiyenne ohomai!

    ------ Post added on Jan 30, 2026 at 10:54 AM
     
    • Wow
    Reactions: ozykolla

    TheShadow

    Well-known member
  • May 19, 2019
    194
    361
    63
    Malabe
    මේ ක්‍රමය කරන්නම ඕනෙ නම් මේ කොන්දේසි වලට යටත්ව කරන්න ඕනේ 👇🏽

    6-9 දක්වා පහත සඳහන් විශයන් වලට ඉතාම තරඟකාරී විභාග පැවැත්විය යුතුමයි:

    1.Maths
    2.Science
    3.Technology/ICT/Electronics or any other technical subject
    තරගකාරී විභාග නෙවේ Maths වලට තියන පීරියඩ් ගාන බාගයක් අඩු කරලා ඒ වෙලාවේ පොල් ගස් වවන හැටියි මැණික් ගරන හැටියි කියලා දෙනවලු.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    අපිට ඕනේ නැති උනාට කසාදෙන් පස්සේ සමලිංගික වෙච්ච ජෙපි අම්මලාට , තාත්තලාට , ළමයිට ඕනේ කියලා උද්ගෝෂණ කරන්නේ ?? 🤌🤣
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    මේ ක්‍රමය කරන්නම ඕනෙ නම් මේ කොන්දේසි වලට යටත්ව කරන්න ඕනේ 👇🏽

    6-9 දක්වා පහත සඳහන් විශයන් වලට ඉතාම තරඟකාරී විභාග පැවැත්විය යුතුමයි:

    1.Maths
    2.Science
    3.Technology/ICT/Electronics or any other technical subject

    English වලට IELTS ආකාරයේ (listening, reading, writing & speaking) විභාගක් පැවැත්විය යුතුමයි.

    අනෙකුත් විශයන් සඳහා මෙම ක්‍රමය අනුගමනය කිරීමෙන් ලොකු බලපෑමක් නෑ කියන එක තමා මගේ අදහස.

    මොකෝ කියන්නේ?

    @hi.dushan @rangana26 @ozykolla @OpenSpace @scorpion MW @djprabhath @McGayan
    ------ Post added on Jan 30, 2026 at 9:46 AM

    මේ සම්බන්දව මගේ පැහැදිලි කිරීම:

    මේවා මුළු ජීවිතකාලෙටම ඕනෙ වෙන විශයන් එම නිසා මෙම විශය කරුණු ඉතා අවධානයෙන් ඉගෙනගත යුතුමයි.

    තර්කන හැකියාව හා විද්‍යාව ඉගෙනගන්න පදනම ලැබෙන්නේ ගණිතයෙන්

    අපේ වටපිටාවේ සිදුවන සියළුම දේ පැහැදිලි වෙන්නේ විද්‍යාවෙන්

    අපිට ජීවිතකාලෙම ප්‍රයොජනවත් වෙන කුසලතාවයක් ලැබෙන්නේ තාක්ශණික/කාර්මික විශයකින්

    අන්තර්ජාතික භාශාව වන English භාශාවෙහි ප්‍රවීනයෙක් විය යුතුමයි
    ------ Post added on Jan 30, 2026 at 10:11 AM
    හරි.. වැනෙන අධ්‍යාපන ක්‍රම තුළින් කෙල වෙන එක තමයි වෙන්නේ..
    ගණිතය සහ මතකය පරීක්ෂා කිරීම aniwa කරන්න ඕන
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,858
    113
    මාලඹේ
    ළමයින්ට ලොකු අසාධාරණයක් වෙනවා බන්
    Oya Wage Moda Chuun Ne Lankawe ewun illanne ban . Jeppan ge Mole haetiyata thama weda😅

    Ilaga Awurudu 15 ethulataha Schools walin Out wenne Meeharak Tikak

    Meke wenne Salli Thiyena Aya Lamai Private Schools walata dagannava GOVERNMENT Schools Awul Nisa
    Salli Thiyena pawul Wala evun igena gannava Salli naethi duppath pawul Wala evun Government Schools gihin gonnu wela eliyata enava😅😅

    Itta passe e Gonnu tika Parata behala Udhgoshanaya karanava😂😂

    Weredda thiyenne NPP wage harak tikakata Chande Diipu evun ge 😀😀
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,811
    5,823
    113
    ඕක ගැන ඉතින් හරි අදහසක් ගන්න පුළුවන් ඊළඟ OL විභාගෙන්. මට හිතෙන විදිහට පොඩි ඉස්කෝල වල ඉන්න උන් සෑහෙන ගානකට කෙලවෙයි OL. මොකද උන් පලවෙනි වතාවට තරග විභාගයක් කියන දේට මුහුණ දෙන්නේ. අපි ol ලියන කොට අවුරුදු හතක් විභාග දාහතරක් ලියලා තිබ්බා. Ol වලට විතරක් විභාග දෙකක් ලිව්වා. ඒ කරලත් අපේ පන්තියේ දෙකක් ෆේල්. ලංකාවේ ලොකුම ඉස්කෝලයක් වෙලා සෑහෙන තරඟයක් තිබිලා ඒ. ගම්වල ඉස්කෝල වල එක දෙක වෙන් එකත් සමහර විට ඒ හයක් වගේ ගන්නේ OL වලට. ඉතින් විභාග නොලියා වරෙන්කෝ එකපාර OL ලියන්න.
     
    • Wow
    Reactions: greenad