දරුවන්ට_පහර_දීම

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
දරුවන්ට_පහර_දීම

දරුවන්ට පහර දීම: "ගුටි කන්නේ ළමයි. ළමයින්ට ඡන්දෙ නෑ. ගහන්නේ වැඩිහිටියෝ, වැඩිහිටියන්ට ඡන්දෙ තියෙනව"


_105952603_corporalpunishmentgetty.jpg



"ගුරුතුමිය අරගත්තා අඩි රූල. අඩි රූලේ දාරෙන් මගේ වැලමිටේ ඇට ටිකට ගහගෙන ගහගෙන ගියා. මට අද වගේ මතකයි මම ගෙදර ඇවිල්ල හොඳට ම ඇඬුව. මම අම්මට කිව්ව මට පෙරදිග නැටුම් කරන්න බැහැ කියල. ඒ තමයි මගේ ජීවිතේ මම නටපු පළවෙනි සහ අවසාන දවස." උපතින් ම වැලමිටේ අස්ථිය පිහිටා ඇති ආකාරය හේතුවෙන් ගුරුතුමිය පැවසූ පරිදි "අත් දෙක රවුම් නොකිරීම" නිසා එදා එලෙස නැටුම් ගුරුතුමියගේ දැඩි පහර දීමට ලක් වූ ඒ දැරිය වර්තමානයේ ළමා අයිතිවාසිකම් පිළිබඳ විශේෂඥවරියක සහ නීති උපදේශිකාවකි.

"මම හැම අභියෝගාත්මක අවස්ථාවක් ම පසු කළා මවක් හැටියට ඒත් ආඩම්බරයි කියන්න මම මේ අත් දෙකින් මගේ දරුවෝ දෙන්නට ගහල නැහැ,," යනුවෙන් ද ආචාර්ය චාරිකා මාරසිංහ බීබීසී සිංහල සේවය සමග විස්තර කළේ නිවසේදී, ළමා පාසලේදී, පාසලේදී හෝ වෙනත් ආයතනයකදී දරුවන්ට පහර දීමේ ආදීනව ගැන බීබීසී සිංහල සේවය සමග දීර්ඝ සාකච්ඡාවකට එක්වෙමිනි. "මම එතකොට දැනගෙන හිටියේ නැහැ, අද තියෙන ස්නායු වෛද්‍ය විද්‍යාවේ සොයා ගැනීම්, අද තියෙන මනෝ වෛද්‍ය විද්‍යාවේ සොයා ගැනීම්, කුඩා කාලයේ ශාරීරික වධහිංසාවලට ලක්වෙච්ච දරුවෝ වැඩිහිටියෝ බවට පත්වුණාට පස්සේ විශේෂයෙන් ඒගොල්ලන්ගේ වෛවාහක සම්බන්ධතාවලදී විවිධ ආකාරයේ ගැටලුවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියන කාරණේ මම දැනගෙන හිටියේ නෑ."

පාසල් දරුවෙකුට අමානුෂික ලෙස පහර දීමේ චෝදනාවට වැරදිකරු බව තීරණය කෙරුණු කුරුණෑගල ප්‍රදේශයේ ගුරුවරියකට අධිකරණය විසින් දෙවසරක සිර දඬුවමක් නියම කරනු ලැබීමත් සමග දරු දැරියන්ට පහර දීම ගැන ශ්‍රී ලාංකීය සමාජය තුළ යළිත් වරක් සංවාදයක් මතු වී තිබේ.



ඒ සමග ම කොළඹ ශාන්ත පීතර විද්‍යාලය සහ ඩී එස් සේනානායක විද්‍යාලය අතර පැවති සුහද රග්බි තරගයක් අතරවාරයේ ශාන්ත පීතර විද්‍යාලයේ රග්බි පුහුණුකරු සනත් මාටිස් පාසල් ක්‍රීඩකයෙකුට ප්‍රසිද්ධියේ පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් ද ප්‍රබල අවධානයට ලක් විය. ලෝක රග්බි පරිපාලකයන් විසින් සියලු ම රග්බි තරගවලින් ඉවත් කරනු ලැබීමත් සමග පුහුණුකරු සනත් මාටිස්ගේ වැඩ තහනම් කොට ඔහු පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා රග්බි පාලක මණ්ඩලය තීරණය කර තිබේ. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රථම සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා, ළමුන්ට පහර දීමේ ආදීනව හෙළි කළේ මෑතදී තමන් හමුවට පැමිණි පාසල් ශිෂ්‍යයෙකු ගැන විස්තර කරමිනි.

"ඒ දරුවා බාස්කට් බෝල් ක්‍රීඩකයෙක්. දැන් එයා පුහුණුවීම්වලට යන්නේ නෑ. මොකද සර් බනිනව, ගහනවා. ඒ දරුවා මගේ ළඟට ඇවිල්ල අඬනව." අපේක්ෂිත පරිදි ම පාසල් දරුවාට පහර දුන් ගුරුවරියට සිර දඬුවම් නියම කිරීම සහ රගර් පුහුණුකරු සනත් මාටිස්ට එරෙහිව විනය පියවර ගැනීම ගැන ශ්‍රී ලාංකීය සමාජය තුළින් මතු වන්නේ එකිනෙකට පරස්පර අදහස්ය. විශේෂයෙන් ම සිසුවාට පහර දුන්නේ අදාළ ගුරුවරිය නොවන බව පවසමින් බොහෝ ජනමාධ්‍ය සහ ඇතැම් දේශපාලන පක්ෂ පවා ඇය නිර්දෝෂී බව හුවා දැක්වීමේ උත්සහයක නිරතව තිබිණ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද ඒ තීන්දුව විවේචනයට ලක් කර තිබිණ.

ඒ අතර මාධ්‍යවේදීන් අමතා අදහස් දක්වමින්, සිසුවාගේ මව, එම් එම් ස්වර්ණලතා සිය පුතුට පහර දීමෙන් නොනැවතී සමස්ත සමාජය තමන්ට එරෙහිව අවි අමෝරා ගත් ආකාරය හෙළි කර තිබිණ. "මේ සිදුවීමෙන් පස්සේ පුතා නන්නත්තාර වුණා. ඉස්කෝලෙ යන්න කැමති වුණේ නැහැ. අපටත් වෛර කළා. එයා මුලින් ම කියපු වෙලාවෙ අපි මොනවත් කළේ නැති බව එයා කිව්වා. එයා තමන්ට ම වෛර කරන්න ගත්තා. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න ගත්තා," යනුවෙන් සිසුවාගේ මව තමන් මුහුණ දුන් අත්දැකීම දීර්ඝව එහි විස්තර කර තිබේ. මෙලෙස වැඩිහිටියන් දරුවන්ට පහර දීම මගින් දරුවන් "අනිවාර්යයෙන් ම දැඩි මානසික පීඩාවකට ලක් වන" බව බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් කියා සිටි මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා පවසන්නේ එලෙස දරුවන්ට අමානුෂික ලෙසින් පහර දෙන වැඩිහිටියන් ද මානසික රෝගීන් බවය.

"ඔය විදියට ළමයින්ට ගහන ගුරුවරුත් මානසික ලෙඩ්ඩු. ඒ සමහර කට්ටිය ගැසීම තුළින් තෘප්තියක් ලබනවා." විශේෂයෙන් ම ළමා වියේදී පහර දීමට හෝ වෙනත් අපයෝජනයකට ලක් වන දරුවා වැඩිහිටියෙකු බවට පත් වූ විට ඔහු හෝ ඇය අපයෝජකයෙකු බවට පත් වීමේ හැකියාව ඉතා ඉහළ යයි බොහෝ පර්යේෂණවලින් අනාවරණය වී තිබෙන බව මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා සහ ආචාර්ය චාරිකා මාරසිංහ පෙන්වා දෙති. එබැවින් අපයෝජකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා අතර ම, ඔවුන් පුනරුත්ථාපනය කිරීම ද සමාජයේ වගකීමක් බව ඔවුහු පවසති.

_105996087_cce527f9-8879-4bbe-b65c-c40e653a0469.jpg


දරුවන්ට පහර දීම නිමා කිරීම පිළිබඳ චිත්‍ර තරගයක් සඳහා දරුවෙකු ඉදිරිපත් කළ චිත්‍රයක්


නීතිය කුමක්ද?

90 දශකයේදී ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියට අත්සන් තැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව 1995දී එහි ඇතැම් කරුණු ඇතුළත් කරමින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කළේය. ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 308 - ඒ වගන්තිය ප්‍රකාරව දරුවෙකුට එරෙහි කෲරත්වය වසර දෙකක් දක්වා සිර දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් කර තිබේ. දරුවෙකුට පහර දුන් කුරුණෑගල ගුරුවරියට සිර දඬුවම් නිම කරනු ලැබුවේ එම නීතිය ප්‍රකාරවය.

කෙසේ වුවත් "කෲරත්වය" යන්න විවිධ ආකාරයට අර්ථ දැක්විය හැකි බැවින් දරුවන්ට පහර දීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් නොකරන්නේ මන්දැයි ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව ශ්‍රී ලංකාවෙන් කිහිපවරක් ම ප්‍රශ්න කර තිබේ. පාසල් ගුරුවරුන් දරුවන්ට පහර නොදිය යුතු බව එවක අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් පදවිය දැරූ වෛද්‍ය තාරා ද මෙල් විසින් සියලු පාසල් ගුරුවරුන් වෙත චක්‍රලේඛයක් ද නිකුත් කරනු ලැබ තිබිණි. එහෙත් එය උපදෙසක් විනා නීතිය ඉදිරියේ වලංගු දෙයක් නොවේ.

_105804447_688d70d6-1c37-449c-9c0a-d6d7cd638fc2.jpg


එක් අතකින් පවත්නා නීතිය සංශෝධනය විය යුතු බවට ක්‍රියාකාරීන් තර්ක කරද්දී, විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නේ දරුවන්ට පහර දීම වැළැක්වීම පිණිස පවත්නා නීතිය පමණක් වුවත් ප්‍රමාණවත් බවය. "විශේෂයෙන් ඒක තහනම් කරන්න අවශ්‍ය නෑ, දැනට තියෙන නීතියෙනුත් මේකට දඬුවම් කරන්න බැරිකමක් නෑ. හැබැයි මට හිතෙන්නේ මේක නීතිය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි," ආචාර්ය හරිනි අමරසූරිය සිය අදහස පැහැදිලි කළාය. "අපේ යම්කිසි විදියක ආකල්පයක් තියෙනවා, දඬුවම් කළේ නැත්නම් විනය පිරිහෙනවා කියන එක. ඒ සඳහා ප්‍රචණ්ඩත්වය වුණත් පාවිච්චි කිරීමේ ප්‍රශ්නයක් නෑ වගේ ආකල්පයක් තියෙනවා. ඒක තමයි මම හිතන්නේ ප්‍රශ්නය."


_105804450_31048f81-a66d-4776-8df6-f427763de2b5.jpg


නිවසේදී, පාසලේදී හෝ වෙනත් ආයතනයකදී දරුවාගේ පෞරුෂ වර්ධනය සහතික කිරීමට නම් දරුවාට "ගහල හෝ හැදිය යුතු" බවට ශ්‍රී ලාංකීය සමාජය තුළ පවතින "වැරදි වික්ටෝරියානු ආකල්පය" වෙනස් විය යුතු බව ඇය අවධාරණය කරන්නීය. අනෙක් පැත්තෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී ආචාර්ය හරිනි අමරසූරිය පෙන්වා දෙන පරිදි ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ව්‍යුහය තුළ ගුරුවරුන්ට ද සේවය කිරීමට සිදු වී තිබෙන්නේ දැඩි පීඩාකාරී වාතාවරණයක් තුළ ය. මේ අතර වැරදිකරුවන්ට දඬුවම් කරන අතර ම පහර දීමට ලක් වන දරුවාට මානසික උපදේශන සේවා ලබා දීමත් අත්‍යවශ්‍ය කරුණක් බව මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා පවසයි. "දඬුවම් කරන්න ඕන කොහොමටත්. ඒ වගේ ම ගහන මිනිහගේ පුනරුත්ථාපනයත් වැදගත්. මොක ද ඒ පුද්ගලයා ගහන්නෙත් තමුන් පොඩි කාලේ ගුටි කාපු මානසිකත්වය නිසා."

එක්සත් ජාතීන්ගේ සම්මුතියේ සඳහන් වන්නේ කුමක්ද?


ආචාර්ය චාරිකා මාරසිංහ පෙන්වා දෙන පරිදි, දරුවෙකු දෙමාපියන්ගේ හෝ නීත්‍යනුකූල භාරකරුවෙකුගේ හෝ රැකවරණයේ සිටින අතරවාරයේ කිසිදු ආකාරයක ශාරීරික හෝ මානසික හිංසනයකට හෝ පීඩාවකට ලක් නොවිය යුතුය, යනුවෙන් ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 19 වන වගන්තියේ සඳහන් වේ. දරුවා කිසිදු ආකාරයක පරිභවයකට ලක් වීම, නොසලකා හැරීමට ලක් වීම මෙන් ම අයථා ලිංගික ක්‍රියාවකට පොළඹවා ගැනීමෙන් ආරක්ෂා කිරීම පිණිස රජය පියවර ගත යුතු බව එහි දැක්වේ. "ළමයෙකුගේ ළමා කාලයෙන් වැඩි ම කාලයක් ගත වෙන්නේ දෙමාපියන්ගේ රැකවරණයෙන් පරිබාහිරව, නිවසෙන් පරිබාහිරව, දරුවාගේ භාරකාරත්වය භාර ගන්න නීත්‍යනුකූල භාරකරුවන්ගේ භාරයේ. ඒ නිසා තමයි මේ වගන්තිය ඉතා වැදගත්."

_105804449_6.png


රුවන්ට ශාරීරික දඬුවම් දීම සම්බන්ධයෙන් ලොව පුරා විවිධ රටවල විවිධ ආකල්ප පවතින බැවින් ඒ තත්ත්වය සලකා බලා දරුවන්ට ශාරීරික දඬුවම් පැමිණවීම තහනම් කළ යුතු යයි එක්සත් ජාතීන්ගේ සම්මුතියේ නිශ්චිත සඳහනක් නොමැති බවත් ආචාර්ය චාරිකා මාරසිංහ පෙන්වා දෙන්නීය.

නීතිය සංශෝධනය නොවන්නේ ඇයි?

ළමුන්ට පහර දීමේ බරපතළ ආදීනව ගැන ලොව පුරා පවත්වන ලද බොහෝ පර්යේෂණවලින් අනාවරණය වී තිබියදීත් එය තහනම් කිරීමට ශ්‍රී ලංකාව පැකිළෙන්නේ දේශපාලන පක්ෂවල ආකල්ප හේතුවෙන් බව මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා සහ ආචාර්ය චාරිකා මාරසිංහ පෙන්වා දෙති. "ගුටි කන්නේ ළමයි. ළමයින්ට ඡන්දෙ නෑ. ගහන්නේ වැඩිහිටියෝ, වැඩිහිටියන්ට ඡන්දෙ තියෙනව," මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා පැවසීය. "මේ දවස්වල පවා අපිට දකින්න තියන දේ තමයි, ළමුන්ට පහර දීම දේශපාලන පක්ෂවලින් සාධාරණීකරණය කිරීමක් මේ දවස්වල පවා අපි දකිනවා." ආචාර්ය චාරිකා මාරසිංහ ද එය අනුමත කරන්නීය.

එමෙන් ම වැඩිහිටියෙකු තවත් වැඩිහිටියෙකුට පහර දීමේදී ඒ දෙදෙනා ම "බලයේ සම තත්ත්වයක සිටින" නමුත් වැඩිහිටියෙකු විසින් දරුවෙකුට පහර දෙන අවස්ථාවේ ඔවුන් දෙදෙනා "තරාදියේ ඉන්නේ සමබර මට්ටමක නොවන" බව ද ඇය පෙන්වා දෙන්නීය. මේ අතර ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී හරිනි අමරසූරිය පවසන්නේ, වැරදිකරුවන්ට මරණ දඬුවම පැනවීම අනුමත කරන ශ්‍රී ලාංකීය සමාජය දරුවන්ට පහර දීම අනුමත කිරීම අරුමයක් නොවන බවය. "සමාජය තුළ ම තියෙනව නම් විශ්වාසයක්, අපිට දේවල් වෙනස් කරන්න පුළුවන් වෙන්නේ දඬුවම් හරහා පමණක්ය කියල, ඒ කියන්නේ එල්ලුම් ගස් යවන්නත් කැමති සමාජයක ළමයින්ට ගහන එක ගැන විවේචනයක් එන්නේ නෑ." එබැවින් දරුවන්ට පහර දීම ගැන පමණක් නොව, සමස්තයක් වශයෙන් ප්‍රචණ්ඩත්වය පිළිබඳව ශ්‍රී ලාංකීය සමාජයේ ආකල්පමය වෙනසක සිදුවිය යුතු බව ඇයගේ ස්ථාවරය වී තිබේ.


BBC NEWS
 
Last edited:

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
එදා අපිට ගහපු ගුරුවරුන්ව අපි හිරේ දැම්ම නම් අපි මෙලහකට හිරේ යන මුලධර්මි ගෝත්‍රික අදහස් දරන පිරිසක් වර්තමාන ශ්‍රී ලංකික සමාජයේත් ජිවත් වනවා දැකීම අභාගයක්. නිවසේදී, පාසලේදී හෝ වෙනත් ආයතනයකදී දරුවාගේ පෞරුෂ වර්ධනය සහතික කිරීමට නම් දරුවාට "ගහල හෝ හැදිය යුතු" බවට ශ්‍රී ලාංකීය සමාජය තුළ පවතින "වැරදි වික්ටෝරියානු ආකල්පය" වෙනස් විය යුතුය. වෙන්නේ ඕකේ අනෙක් පැත්ත. කුඩා කල දරුවන්ට පහරදී ඔවුන් වැඩිහිටියන් වන විට සමාජ විරෝධී කටයුතුවල නිරත වෙලා මේ වනකොට හිරබත් කන පිරිසක් වෙන්න පුළුවන්.
 
Last edited:

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ලංකාවේ විතරක් නම් නෙවේ ලමයින් ට වැරදි කරපුවා ම ගහන්නේ. දකුණු American countries සහ Asian countries ඔක්කොම වගේ ඔය දේ කරන්වා. අනික ඔය කිසිම වරදකට නොගහ නොබැණ, හොඳීන් කියලා දීලා හදන ළමයි ඉන්න රටවල් වල ළමයි මාර විඳියට හොඳට හැදිලා ඉන්නේ. :rofl::D
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ලංකාවේ විතරක් නම් නෙවේ ලමයින් ට වැරදි කරපුවා ම ගහන්නේ. දකුණු American countries සහ Asian countries ඔක්කොම වගේ ඔය දේ කරන්වා. අනික ඔය කිසිම වරදකට නොගහ නොබැණ, හොඳීන් කියලා දීලා හදන ළමයි ඉන්න රටවල් වල ළමයි මාර විඳියට හොඳට හැදිලා ඉන්නේ. :rofl::D


    එතකොට ලංකාවේ ගහල හදපු සියලු දෙනාම මේ වෙනකොට ඉන්නේ ඉතා හොඳ විනීත මිනිස්සු වෙන්න ඇති නේද
    :D
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    ගොඩක් වෙලාවට ගුරුවරු ළමයින්ට ගහන්නේ ළමයින්ව යහමගට ගන්න හිතන් නෙවෙයි.. එවලේ තමන්ට ආපු ආවේගය පිරිමහගන්න. තව ගුරුවරු ගෙදර මහත්තයා හරි නෝනා එක්ක හරි තියෙන කේන්තිය පිට කරන්නේ ළමයින්ගෙන්. අපි අද මෙතන ඉන්නේ ගහපු නිසා කියන උන් කොතනද ඉන්නේ කියල පේනවා පොඩි ළමයෙක්ට ගහන එක රිද්දන එක සාධාරණිකරණය කරන මානසිකත්වයක් තියෙන එකෙන්ම... :dull: තව අම්මල ටිකකුත් ඉන්නවා ටීචර්ට ගිහින් කියන ලමයව මරල හරි උගන්වන්න කියලා..

    ලයිසන් නැතුව පොලිසියෙන් අල්ලලා දඩ ගැහුවහම පොන්න පොලිස් කියල බනින උන් ඉන්නෙ.. ඒත් ළමයින්ට ගහල හදන්න ඕනෙලු.. උන්ට පාරේ වැරද්දක් කලහමත් පොලිසියෙන් කනට එකක් දීලා ඇරියනම් හරි..
     
    • Like
    Reactions: 50KG

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    Lankawe lamainta gahala hadapu hinda tamai rata mechchara diyunu wela tiyenne? :D
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    එතකොට ලංකාවේ ගහල හදපු සියලු දෙනාම මේ වෙනකොට ඉන්නේ ඉතා හොඳ විනීත මිනිස්සු වෙන්න ඇති නේද
    :D


    :yes: පාරේ ලෙන් එකේ යනවා.. කඩේක ගිහින් බදු ගනිද්දී පොර කන්නේ නෑ.. පෝලිමේ යන්න දන්නවා
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    අපේ ඉස්කෝලේ හිටිය බමුණා කියල පොරක්. උගේ මුළු මුනෙම රැවුල. උගෙන් පාරක් කෑවා කියන්නේ තෙල් බෙහෙත් බඳින්න වෙන්වා. ඉස්කෝලෙන් පිටදී අල්ලාගෙන ඌට ගු යනකන්ම ගහල තාත්තල සෙට් එකක්. පොර වෙන ඉස්කෝලෙකට මැරුවෙලා ගියා.... එදා ඉඳල සතුටින් හිටිය
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    එදා අපිට ගහපු ගුරුවරුන්ව අපි හිරේ දැම්ම නම් අපි මෙලහකට හිරේ යන මුලධර්මි ගෝත්‍රික අදහස් දරන පිරිසක් වර්තමාන ශ්‍රී ලංකික සමාජයේත් ජිවත් වනවා දැකීම අභාගයක්. නිවසේදී, පාසලේදී හෝ වෙනත් ආයතනයකදී දරුවාගේ පෞරුෂ වර්ධනය සහතික කිරීමට නම් දරුවාට "ගහල හෝ හැදිය යුතු" බවට ශ්‍රී ලාංකීය සමාජය තුළ පවතින "වැරදි වික්ටෝරියානු ආකල්පය" වෙනස් විය යුතුය. වෙන්නේ ඕකේ අනෙක් පැත්ත. කුඩා කල දරුවන්ට පහරදී ඔවුන් වැඩිහිටියන් වන විට සමාජ විරෝධී කටයුතුවල නිරත වෙලා මේ වනකොට හිරබත් කන පිරිසක් වෙන්න පුළුවන්.


    අපි යන කාලෙ නම් ,


    ටියුෂන් දෙකතුන ගිහින් /නිවසෙදි මවපියා ගුරුවරු / අයියා අක්කා සිටින අය ගෙන් ඉගෙන ගෙන ඉස්කොලෙ ඇවිත් වැඩ පෙන්වන ,පොත්ත සුදු ,තාත්තාගෙ රස්සාව හොඳ ,වාරෙ අන්තිමට ගුරුතුමු/තුමාට සාරිය ,කලිසම,විදුරුසෙට් සහ අනෙකුත් තෑගි භොග දෙන ,ප්‍රින්සිපල්ගෙ ගෙවල් කිට්ටුව ප්‍රදෙශෙ වාසය කරන අය කුමන කුප්ප වැඩක් කලත් ගුටි කෑවෙ නැත.


    ගුටි කෑවානම් කෑවෙ ,


    පෙනුමෙන් සවුත්තු,පියාගෙ රැකියාව පහත් ,වාර අවසානෙ තෑගි නොගෙනෙන,
    ටියුෂන් යාමට හො නිවසෙදීවත් වැඩිදුර විභාග කෙන්ද්‍රීය අධ්‍යාපනයට වත්කමක් පහසුකමක් නොතිබ්බ අයවළුන් ය.


    හොඳ ගුරුවරුන් නැතිවාම නොවෙ.
    එහෙම සිටියෙ අතලොස්සකී.
    ඔවුන්ට හොඳවීම සහ ජනප්‍රිය වීම නිසා අනෙකුත් ගුරුවරුන්ගෙන් කැපිලි ආවෙය, පාසල හැරගියෙය.

     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    එතකොට ලංකාවේ ගහල හදපු සියලු දෙනාම මේ වෙනකොට ඉන්නේ ඉතා හොඳ විනීත මිනිස්සු වෙන්න ඇති නේද
    :D




    අපෙ හිටියා පොත්ත සුදු පොරක් .ඇත්තටම ඌ ලස්සනයි. ඌට ඒ නිසාම ගුරුවරු ආදරෙයි ,ගැහැව්වෙ නැහැ බැන්නෙ නැහැ වැරැද්දක් කලත්, අවවාදයක් විතරයි දුන්නෙ,
    ගුරුවරුන්ගෙ හොඳ දරුවෙක්.
    මෙ ලඟදි ආරංචියක් ආවා ඌ බැඳලා තියෙන්නෙ ඌ වැඩකරනතැන කෙල්ලෙක්ව .
    ඒ කිව මූ රේප් කරලා ඩි එන් ඒ ටෙස්ට් එකෙ මාට්ටු උනාහම බාරගන්න කියලාලු පොලිසියෙන් .:rofl:
    පෙනුම සවුත්තු නිසා ගුටි කාපු උන් හිටියා. උන්ගෙන් ඇතමෙක් අදටත් සමාජ විරොධි වැඩ කරනවා .
    ඇතමෙක් යම් සාර්ථක මට්ටමක ඉන්නව.

    උඹට කියන්න වහල්කම කොච්චරද කියනවානම් එකෙක් ඉන්නවා ඌ හැමදාම ගුටි කනවා.
    දැන් ඌ ත්‍රීවිල් එකක් එලවනවා.
    ඌ ෆේස්බුක් එකෙ ගුරුවරුන්ගෙ ෆොටො ඉස්සරහින් කමෙන්ට් කරන්නෙ
    "අපිට ගහලා බැනලා මෙහෙම හරි හැදුවාට ඔයාලාට ගොඩාක් පිං " කියලා :lol:

     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,750
    1,491
    113
    Hama dekama depaththak thiyenawa bn. Samahara guruwaru ae ayage prasna lamainge pitin yawanawa gahala banala. Samahara guruwaru aththatama lamainwa hada ganna daduwam karanawa.
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    :yes: පාරේ ලෙන් එකේ යනවා.. කඩේක ගිහින් බදු ගනිද්දී පොර කන්නේ නෑ.. පෝලිමේ යන්න දන්නවා




    හරියටම හරි .ඒ ගොල්ලො පොඩි කාලෙ ගුටි කාලානෙ හැදුනෙ ?
    හැදෙන්න ගහන ගුරුවරු පොඩ්ඩයි ඉන්නෙ බන් .
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2




    අපෙ හිටියා පොත්ත සුදු පොරක් .ඇත්තටම ඌ ලස්සනයි. ඌට ඒ නිසාම ගුරුවරු ආදරෙයි ,ගැහැව්වෙ නැහැ බැන්නෙ නැහැ වැරැද්දක් කලත්, අවවාදයක් විතරයි දුන්නෙ,
    ගුරුවරුන්ගෙ හොඳ දරුවෙක්.
    මෙ ලඟදි ආරංචියක් ආවා ඌ බැඳලා තියෙන්නෙ ඌ වැඩකරනතැන කෙල්ලෙක්ව .
    ඒ කිව මූ රේප් කරලා ඩි එන් ඒ ටෙස්ට් එකෙ මාට්ටු උනාහම බාරගන්න කියලාලු පොලිසියෙන් .:rofl:
    පෙනුම සවුත්තු නිසා ගුටි කාපු උන් හිටියා. උන්ගෙන් ඇතමෙක් අදටත් සමාජ විරොධි වැඩ කරනවා .
    ඇතමෙක් යම් සාර්ථක මට්ටමක ඉන්නව.

    උඹට කියන්න වහල්කම කොච්චරද කියනවානම් එකෙක් ඉන්නවා ඌ හැමදාම ගුටි කනවා.
    දැන් ඌ ත්‍රීවිල් එකක් එලවනවා.
    ඌ ෆේස්බුක් එකෙ ගුරුවරුන්ගෙ ෆොටො ඉස්සරහින් කමෙන්ට් කරන්නෙ
    "අපිට ගහලා බැනලා මෙහෙම හරි හැදුවාට ඔයාලාට ගොඩාක් පිං " කියලා :lol:



    :dull: ඇර ගෑනු ළමයට ජිවිත කළෙම රේප් කරපු එකත් එක්කද ජිවත් වෙන්න වෙන්නෙ.. කොහේ නීතිද මේවා
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    :dull: ඇර ගෑනු ළමයට ජිවිත කළෙම රේප් කරපු එකත් එක්කද ජිවත් වෙන්න වෙන්නෙ.. කොහේ නීතිද මේවා


    මූට ඩිමාන්ඩ් කරලා හිරෙ යන්න නැත්තම් බාරගන්න කියලා
    මූ දෙවෙනි එක තොරගෙන .


    ඌ විතරක් නෙමෙ තුන්දෙනෙක් .ඩී එන් ඒ එකෙදි මුගෙ කියලා මාට්ටු වෙලා .ඒක නිසා පොලිසියෙන් කියලා භාරගන්න කියලා.
    ඒ කෙල්ලෙගෙ හැටියටත් වෙන කොල්ලෙක් බලන පෙනුමක් නැහැ වල් කමට බැලුවොත් මිසක්.
    එක නිසා මූ එක්කම ඇවිත්.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ




    අපෙ හිටියා පොත්ත සුදු පොරක් .ඇත්තටම ඌ ලස්සනයි. ඌට ඒ නිසාම ගුරුවරු ආදරෙයි ,ගැහැව්වෙ නැහැ බැන්නෙ නැහැ වැරැද්දක් කලත්, අවවාදයක් විතරයි දුන්නෙ,
    ගුරුවරුන්ගෙ හොඳ දරුවෙක්.
    මෙ ලඟදි ආරංචියක් ආවා ඌ බැඳලා තියෙන්නෙ ඌ වැඩකරනතැන කෙල්ලෙක්ව .
    ඒ කිව මූ රේප් කරලා ඩි එන් ඒ ටෙස්ට් එකෙ මාට්ටු උනාහම බාරගන්න කියලාලු පොලිසියෙන් .:rofl:
    පෙනුම සවුත්තු නිසා ගුටි කාපු උන් හිටියා. උන්ගෙන් ඇතමෙක් අදටත් සමාජ විරොධි වැඩ කරනවා .
    ඇතමෙක් යම් සාර්ථක මට්ටමක ඉන්නව.

    උඹට කියන්න වහල්කම කොච්චරද කියනවානම් එකෙක් ඉන්නවා ඌ හැමදාම ගුටි කනවා.
    දැන් ඌ ත්‍රීවිල් එකක් එලවනවා.
    ඌ ෆේස්බුක් එකෙ ගුරුවරුන්ගෙ ෆොටො ඉස්සරහින් කමෙන්ට් කරන්නෙ
    "අපිට ගහලා බැනලා මෙහෙම හරි හැදුවාට ඔයාලාට ගොඩාක් පිං " කියලා :lol:


    Ok thamayi saba thathwe
     

    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63

    ගොඩක් වෙලාවට ගුරුවරු ළමයින්ට ගහන්නේ ළමයින්ව යහමගට ගන්න හිතන් නෙවෙයි.. එවලේ තමන්ට ආපු ආවේගය පිරිමහගන්න.

    konde hariyata kapan giye naththan ape iskole maha ekaa patha wewalen oluwata thuna hathara dunna bn
    paya 2,3 yanakan oluwe kakkuma
     

    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    api iskole yana kale guruwaru apitah gahuwa e wewalen atata hari kakul walata hari. eka normal ban...e kale pina gen guti kapu nathi ekek hoyanawa kiyanne ithin....dan inna un athin pain gahanne...kan adi palenna,,nahaya kata kadenna....ehema gahanna un hadapu daruwoda ban...
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ




    අපෙ හිටියා පොත්ත සුදු පොරක් .ඇත්තටම ඌ ලස්සනයි. ඌට ඒ නිසාම ගුරුවරු ආදරෙයි ,ගැහැව්වෙ නැහැ බැන්නෙ නැහැ වැරැද්දක් කලත්, අවවාදයක් විතරයි දුන්නෙ,
    ගුරුවරුන්ගෙ හොඳ දරුවෙක්.
    මෙ ලඟදි ආරංචියක් ආවා ඌ බැඳලා තියෙන්නෙ ඌ වැඩකරනතැන කෙල්ලෙක්ව .
    ඒ කිව මූ රේප් කරලා ඩි එන් ඒ ටෙස්ට් එකෙ මාට්ටු උනාහම බාරගන්න කියලාලු පොලිසියෙන් .:rofl:
    පෙනුම සවුත්තු නිසා ගුටි කාපු උන් හිටියා. උන්ගෙන් ඇතමෙක් අදටත් සමාජ විරොධි වැඩ කරනවා .
    ඇතමෙක් යම් සාර්ථක මට්ටමක ඉන්නව.

    ඹට කියන්න වහල්කම කොච්චරද කියනවානම් එකෙක් ඉන්නවා ඌ හැමදාම ගුටි කනවා.
    දැන් ඌ ත්‍රීවිල් එකක් එලවනවා.
    ඌ ෆේස්බුක් එකෙ ගුරුවරුන්ගෙ ෆොටො ඉස්සරහින් කමෙන්ට් කරන්නෙ
    "අපිට ගහලා බැනලා මෙහෙම හරි හැදුවාට ඔයාලාට ගොඩාක් පිං " කියලා
    :lol:



    :yes::yes: