දරුවන් පිළිකා රෝහලට යවන වස ආහාර ලයිස්තුව මෙන්න…
රසායනික විද්‍යාඥයෙකුගෙන් රටටම පාඩමක් !
දරුවාට රසකර ලබාදෙන සුප් කැටය තවත් අවුරුදු දහයකින් දරුවාට පිළිකා රෝහලට යාමට මග පාදන බවට සමාජයේ ප්‍රකට කියමනක් තිබෙන බවත් මේ ආකාරයෙන් වස විස ආහාර දිගින් දිගටම පරිභෝජනය කළහොත් ලංකාවේ අනාගත පුරවැසියෙකුගේ ආයු අපේක්ෂාව අවුරුදු 35 ක් තරම් අඩු ප්‍රමාණයකට වැටෙනු ඇතැයි කර තිබෙන පුරෝකතනයද සත්‍ය වනු ඇති බවත් ප්‍රකට රසායනික විද්‍යාඥයෙකු අනතුරු හඟවයි.
රසායනික විද්‍යාඥයෙකු වන ආචාර්ය පියල් ආරියනන්ද මහතා පෙන්වා දෙන්නේ වෙනත් රටවල අස්වැන්න නෙලීමට දින 14 කට කලින් කෘෂි බෝග සඳහා රසායනික පොහොර සහ පළිබෝධ නාශක යෙදීම තහනම් වුවත් ලංකාවේ එවැනි තහනමක් තවමත් ක්‍රියාත්මක නොවන බවයි. එසේම, වෙළෙඳපොලේ තිබෙන ඇපල් ඉටි වැස්මක් මගින් ආවරණය කර තිබෙන බවත් වෙළෙඳපොළේ තිබෙන සමහර නූඩ්ල්ස් සහ සුප්කැට මෙන්ම කෙටි ආහාර වර්ග දරුවන්ට ලබාදීම ඉතාමත් අහිතකර බවත් ඔහු පෙන්වාදී ඇත.


