දරුවන් මේ ලෝකෙට බිහි කරන එක වැරද්දක්ද?

sahases

Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    ඕව හොදයි මුලික අධ්‍යපනයක් වත් නැති වැද්දෙක් ට කියන්න. . :lol:
    හා.. මම වාද කරන්නේ නෑ. :giggle:

    බුදු දහමෙ කතන්දර අමතක කරල බැලුවොත් මේ කතාව ඇත්ත බව තේරුම් ගන්න කිසිම අපහසුවක් නෑ.ළමයි හදන එක සදාචාරාත්මකව වැරදියි.ආයෙ ඒකෙ තර්ක කරන්න කිසිම දෙයක් නෑ.
    ඊලඟට ගබ්සාව ගැනත් කතාවක් ඇදිල තිබුනා.ඒකත් ආගම් කතන්දර අමතක කරල හිතුවොත් සමහර තත්ව වලදි වැරදි නෑ.උදා විදියට කාන්තාව දුෂණයට ලක් වෙලා ගැබ් ගත්තම,කාන්තාව බාලවයස්කාරියක් නම්,කලලය රෝගී නම් වගේ තත්ව වලදි ගබ්සාව වැරදි නෑ මට නම්.
    සදාචාරාත්මක වැරැද්ද පැහැදිලි කරන්න පුළුවන් ද?

    කාන්තාව දුෂණයට ලක් වෙලා ගැබ් ගත්තම,කාන්තාව බාලවයස්කාරියක් නම්, වගේ තත්ව වලදි ගබ්සාව වැරදි නෑ මට නම්.
    සමාජයට හා පවුලට මුහුණ දෙන්න බැහැ, අන් අයෙක්ගේ දරුවෙක්, බාලවයස්කාරියක් නම් තවත් ගැටළු ආදී බොහෝ දෑ
    අපි එහෙම හිතුවට නමුත් ලෝකස්වභාවයට අපගේ හේතු කාරණා අදාළ නැහැනේ :-(

    එමනිසා ආරක්‍ෂාකාරීව සිටීම, යහපත් පුද්ගලයින් ඇසුරු කිරීම, සමාජය යහපත් හා ගුණගරුක තත්වයකට පත් කිරීමට කටයුතු කිරීම ආදී දෑ විසඳුම් නේ. දැන් මේ කෙළවෙලා තියෙන රට අපිම ගොඩ දාගන්න එපෑයැ, ඒකට කුඩු විකුණලා සල්ලි හොයලා හරියන්නේ නැහැනේ. නැතිනම් ජීවන වියදම් විතරක් නෙවෙයි අපායක් වෙනවා.

    කලලය රෝගී නම්
    රෝගී කලල බොහෝ විට මියැදෙනවා. කලලය ප්‍රකෘතිමත් කිරීමට නොහැකිව දෙදෙනාම මරණය සමඟ සටන් කරනවා නම් එක් අයෙක්වත් බේරා ගැනීම කළ හැකියි.
     
    • Like
    Reactions: S_M_S

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    හා.. මම වාද කරන්නේ නෑ. :giggle:

    සදාචාරාත්මක වැරැද්ද පැහැදිලි කරන්න පුළුවන් ද?

    සමාජයට හා පවුලට මුහුණ දෙන්න බැහැ, අන් අයෙක්ගේ දරුවෙක්, බාලවයස්කාරියක් නම් තවත් ගැටළු ආදී බොහෝ දෑ
    අපි එහෙම හිතුවට නමුත් ලෝකස්වභාවයට අපගේ හේතු කාරණා අදාළ නැහැනේ :-(

    එමනිසා ආරක්‍ෂාකාරීව සිටීම, යහපත් පුද්ගලයින් ඇසුරු කිරීම, සමාජය යහපත් හා ගුණගරුක තත්වයකට පත් කිරීමට කටයුතු කිරීම ආදී දෑ විසඳුම් නේ. දැන් මේ කෙළවෙලා තියෙන රට අපිම ගොඩ දාගන්න එපෑයැ, ඒකට කුඩු විකුණලා සල්ලි හොයලා හරියන්නේ නැහැනේ. නැතිනම් ජීවන වියදම් විතරක් නෙවෙයි අපායක් වෙනවා.

    රෝගී කලල බොහෝ විට මියැදෙනවා. කලලය ප්‍රකෘතිමත් කිරීමට නොහැකිව දෙදෙනාම මරණය සමඟ සටන් කරනවා නම් එක් අයෙක්වත් බේරා ගැනීම කළ හැකියි.
    සදාචාරාත්මක වරද අර පොඩ්කාස්ට් එකේ කියනවනෙ. අපේ ආත්මාර්ථකාමී ආසාව නිසා, කන්සෙන්ට් ගන්නෙත් නැතුව, සතුටට වඩා දුක/හිස්කම වැඩි, ලෝකෙකට අලුත් ජීවිතයක් ගෙනත් අතාරින එක තමයි වරද.

    දූෂණය ලෝකස්වභාවයක් නම් ගබ්සාවත් ලෝකස්වභාවයක් තමා.ඔය කියන විසඳුම් ඔක්කොම කරගෙන හිටියත් ඔහොම දෙයක් නොවෙයි කියල ගැරන්ට් කරන්න බෑ.වෙන්න පුලුවන්.උදාහරණයක් විදියට නිවස ඇතුලෙම තමන්ගෙ තාත්ත අතින් දූෂණයට ලක්වෙන දැරිවියකට ඔය දේවල් කරා කියල ගැලවෙන්න පුලුවන්ද?
    කුඩු විකුණල සල්ලි හොයන එකයි මේකයි සසඳන එක නම් මෝඩයි ඉතින්.ඒ වගේම අපි කාටවත් අයිතියක් නෑ වෙන කෙනෙක්ගෙ ඇඟක් ගැන තීරණ ගන්න.ඒ අයිතිය තියෙන්නෙ ඇඟේ අයිතිකාරියට විතරයි.එයාට දූෂකයගෙ දරුවා/රෝගී දරුවා හදාගන්න අවශ්‍ය නම් ඒකට ඉඩ දෙන්න ඕන වගේම හදාගන්න අවශ්‍ය නැත්තම් ඒකටත් ඉඩ දෙන්න ඕන.

    ඩවුන්ස්,අංගවිකල වගේ කලින් අඳුරගන්න පුලුවන් රෝග තියෙන කළල ගැන මම කිව්වේ.ඔයාගෙ රිප්ලයි එක තුල බොහෝවිට කියන වචනය තියෙනවා. ඒ කියන්නෙ ගැරන්ට් කරන්න බෑ. මේකටත් උඩ කතාවම තමා කියන්න වෙන්නෙ. ඇඟ ගැන තීරණ ගන්න ඕන ඇඟේ අයිතිකාරිය.
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    සදාචාරාත්මක වරද අර පොඩ්කාස්ට් එකේ කියනවනෙ. අපේ ආත්මාර්ථකාමී ආසාව නිසා, කන්සෙන්ට් ගන්නෙත් නැතුව, සතුටට වඩා දුක/හිස්කම වැඩි, ලෝකෙකට අලුත් ජීවිතයක් ගෙනත් අතාරින එක තමයි වරද.
    නමුත්, භවයෙන් භවයට අපමණ දුක් විඳිමින්, ඇතැම් විට විවිධ රූපස්වභාව ද ගනිමින්, බිඳවැටෙමින්, තවත් විටක විවිධ ශරීරයන්ට ඇතුළු වෙමින්, පිටවෙමින් ද සිදුවන නවත්වා ගැනීමට නොහැකි ගමන නතර කරගන්න විසඳුම මේ ලොවේ ඇත්නම් නම් මනුෂ්‍යයින්ට එම අවස්ථාව තිබෙනවා නම්, තමන් තනියම ගොඩයන්නේ නැතිව තවත් කෙනෙකුටත් එන්න අවස්ථාව සලසලා මාර්ගය පෙන්වීම වරදක් වෙන්නේ නැහැ.

    ලෝකයේ තිබෙන දර්ශන හා ආගම්වල ගුරුවරුන් ඔවුන්ට හැකි පමණින් මෙලොව ඉපදෙන මිනිසුන්ට ගොඩයන්න හෝ තවත් වලේ නොවැටී තමන්ගේ තත්වය උසස් කර ගන්න පාර පෙන්නලා දුන්නා.

    ඇඟ ගැන තීරණ ගන්න ඕන ඇඟේ අයිතිකාරිය.
    ඔය මේ කාලයේ තරුණ, තරුණියන්ගේ ඔලුවලට දාන දෙයක්. ඒ මත තමයි නිදහස යන්න මූලික කරගෙන සමාජයට පැමිණෙන ඕනම දෙයක් වැළඳ ගැනීමට, අනුගමනයට, වින්දනය යන විඳවීමට ද යොමු වෙන්නේ. ඇඟ ගැන ඇඟේ අයිතිකාරයා/අයිතිකාරියයි තීරණය කරන්නේ යන මතයට අනුවයි අන් අය නොසලකා ගැහැණු, පිරිමි මාරු කිරීමටත් තීන්දු, තීරණ ගන්නේ.

    ඔබට ඇඟ අයිති නැහැ. විවේකයක් තියනව නම් අයිතිකාරයාව හොයලා බලන්න
     
    Last edited:
    • Like
    Reactions: S_M_S

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    නමුත්, භවයෙන් භවයට අපමණ දුක් විඳිමින්, ඇතැම් විට විවිධ රූපස්වභාව ද ගනිමින්, බිඳවැටෙමින්, තවත් විටක විවිධ ශරීරයන්ට ඇතුළු වෙමින්, පිටවෙමින් ද සිදුවන නවත්වා ගැනීමට නොහැකි ගමන නතර කරගන්න විසඳුම මේ ලොවේ ඇත්නම් නම් මනුෂ්‍යයින්ට එම අවස්ථාව තිබෙනවා නම්, තමන් තනියම ගොඩයන්නේ නැතිව තවත් කෙනෙකුටත් එන්න අවස්ථාව සලසලා මාර්ගය පෙන්වීම වරදක් වෙන්නේ නැහැ.

    ඔය මේ කාලයේ තරුණ, තරුණියන්ගේ ඔලුවලට දාන දෙයක්. ඒ මත තමයි නිදහස යන්න මූලික කරගෙන සමාජයට පැමිණෙන ඕනම දෙයක් වැළඳ ගැනීමට, අනුගමනයට, වින්දනය යන විඳවීමට ද යොමු වෙන්නේ. ඇඟ ගැන ඇඟේ අයිතිකාරයා/අයිතිකාරියයි තීරණය කරන්නේ යන මතයට අනුවයි අන් අය නොසලකා ගැහැණු, පිරිමි මාරු කිරීමටත් තීන්දු, තීරණ ගන්නේ.

    ඔබට ඇඟ අයිති නැහැ. විවේකයක් තියනව නම් අයිතිකාරයාව හොයලා බලන්න
    ඔයාගෙ ඇඟ ඔයාට අයිති නැද්ද මම දන්නෑ.හැබැයි මගෙ ඇඟ අයිති මට.ඒක ගැන තීරණ ගන්නෙත් මම.ඒ වගේම මම අනිත් අයටත් ඒ අයිතිය තියෙන බව පිලිගන්නවා.ඔයා වගේ ඔයාගෙ ආගමේ ඉගැන්වීම් අනිත් අය මත බලෙන් පටවන්න යන්නෙ නෑ.
    ඔයා ඔය කියන්නෙ ඔයාගෙ ආගමේ උත්තර. මම මුලින්ම කිව්වනෙ තමන්ට කියල මතයක් දරන්න පුරුදු වෙන්න කියලා. එහෙම කරන්න බැරි නම් මගෙ පිලිතුර ඔයාට තේරුම් ගන්න බෑ.
    තමන්ටම කියල මතයක් අදහසක් තියාගන්න. හිතන්න පතන්න පුලුවන්නේ. හැමදේම ගැනම ආගම කියන කන්නාඩියෙන් බලන්න එපා.
    තද වැසි ඇතිවෙන්නේ වැස්ස වලාහක දෙවියන්ට සෙක්ස් කරන්න හිතුනම කියලා සූත්‍ර පිටකයෙ තියෙනවා. ඔයා ඒක පිලිගන්නවද? එතකොට ජල චක්‍රය ගැන මොකද හිතන්නේ?
     
    • Like
    Reactions: dilann

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    ඔයාගෙ ඇඟ ඔයාට අයිති නැද්ද මම දන්නෑ.හැබැයි මගෙ ඇඟ අයිති මට.ඒක ගැන තීරණ ගන්නෙත් මම.
    ප්‍රායෝගිකව ඔබගේ ඇඟ ගැන ඉතා සරල කරුණු කිහිපයකට හැරුනු විට ඔබට තීරණය ගන්න බැහැ.

    මම මුලින්ම කිව්වනෙ තමන්ට කියල මතයක් දරන්න පුරුදු වෙන්න කියලා. එහෙම කරන්න බැරි නම් මගෙ පිලිතුර ඔයාට තේරුම් ගන්න බෑ. තමන්ටම කියල මතයක් අදහසක් තියාගන්න.
    සමාවන්න, මම කිසිවිටෙක තමන්ට කියලා මතයක් හදාගන්න, එය විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. මතයක් නිත්‍ය, ඒකාන්තයෙන්ම නිවරදි නොවන නිසා එසේ මතයක් මා තුළම ගොඩනැගුනත් එය සාමාන්‍යයෙන් ප්‍රතික්‍ෂේප කරනවා. ඔබ පවසන මත ඔබගේ සිත තුළ ඉබේ ගොඩනැගුන, ඔබගේ කොන්දේසි වලට අනුව සැකසුනු හෝ නවීන පන්නයේ සමාජය මෙහෙයවන පුද්ගලයින්ගේ අභිමතයට අනුව සම්පාදනය කළ දෑ.

    @Sathira529 කාන්තාව දුෂණයට ලක් වෙලා ගැබ් ගත්තම,කාන්තාව බාලවයස්කාරියක් නම්, වගේ තත්ව වලදි ගබ්සාව වැරදි නෑ මට නම්.

    ඒ ඔබගේ මතයට අනුවයි, කාන්තාවට හෝ බාලවයස්කාර දැරියට වාසි සහගත වුවද කුස තුළ සිටින තවත් එවන් දරුවකුට හෝ අනාගත කාන්තාවකට අසාධාරණය සිදු වන්නේ. ඕනෙනම්, ධර්මයට අනුව පවසන්නත් පුළුවන්.

    @Sathira529 කලලය රෝගී නම්
    @sahases රෝගී කලල බොහෝ විට මියැදෙනවා. කලලය ප්‍රකෘතිමත් කිරීමට නොහැකිව දෙදෙනාම මරණය සමඟ සටන් කරනවා නම් එක් අයෙක්වත් බේරා ගැනීම කළ හැකියි.
    ඩවුන්ස්,අංගවිකල වගේ කලින් අඳුරගන්න පුලුවන් රෝග තියෙන කළල ගැන මම කිව්වේ.ඔයාගෙ රිප්ලයි එක තුල බොහෝවිට කියන වචනය තියෙනවා. ඒ කියන්නෙ ගැරන්ට් කරන්න බෑ.
    නැහැ. බොහෝ විට යන්නෙන් අදහස් කළේ ඇතැම් කළල ප්‍රකෘතිමත් කර දෙදෙනාටම ජීවත් වෙන්න අවස්ථාව ලබා දෙන්න හැකි නිසයි.
    @Sathira529 ඩවුන්ස්,අංගවිකල වගේ කලින් අඳුරගන්න පුලුවන් රෝග තියෙන කළල ගැන මම කිව්වේ.
    එවැනි කලල නොවේ. ඉහත කාරණය යයි මා අදහස් කළේ. ඇතැම් අය ඉපදුනු පසුව සුව කරන්න පුළුවන්.
    .ඔයා වගේ ඔයාගෙ ආගමේ ඉගැන්වීම් අනිත් අය මත බලෙන් පටවන්න යන්නෙ නෑ.
    ඔයා ඔය කියන්නෙ ඔයාගෙ ආගමේ උත්තර.
    නැතැයි. මා පවසන ඇතැම් කරුණු අන් ආගම්වල මූලික හා මූලික නොවූ ග්‍රන්ථයන්හි හා පරිබාහිර ඓතිහාසික මූලාශ්‍රවල පවා සඳහන්ව තිබෙනවා. අවශ්‍ය නම් උපුටා දක්වන්න පුළුවන්. ඔබගේ ආගම පැවසුවහොත් බොහෝ විට සාධනීය තොරතුරු සොයා දෙන්න බැරි නැහැ.

    එතකොට ජල චක්‍රය ගැන මොකද හිතන්නේ?
    දේශීය ජෝතිෂය හා කෘෂිකාර්මික ග්‍රන්ථ (මෑත ජල චක්‍රය සඳහා වූ අධ්‍යාපනික පොත්පත් නොවේ), ධර්ම ග්‍රන්ථ, යන්ත්‍ර මන්ත්‍ර ග්‍රන්ථ, අතීත තාක්ෂණික ග්‍රන්ථවල (පුස්කොල) ක්‍රියාකාරිත්වය, හැසිරවීම ආදී වු බොහොමයක් වත්මන් සමාජය නොදන්නා තොරතුරු තිබෙනවා.

    තද වැසි ඇතිවෙන්නේ වැස්ස වලාහක දෙවියන්ට සෙක්ස් කරන්න හිතුනම කියලා සූත්‍ර පිටකයෙ තියෙනවා.
    ඔහොම ඒවා නෑ. :sleep:
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113

    දරුවන් මේ ලෝකෙට බිහි කරන එක වැරද්දක්ද? - පේජ් ගානක් ත්‍රෙඩ් එක ගිහින් නිසා කියවුවේ නැත.... දරුවන් බිහි කිරීම මොන විදියෙන්වත් පාපයක් විය නොහැකියි.... දරුවන් බිහි කරන්න.. ඒ උපදින දරුවා ලෝකය වෙනස් කරන දරුවා විය හැක....

    දැන් මේ ඕඩියෝ එක ඇහුවේ.. පිස්සෙක්...තමන්ගේ මතයක් නෑ...බුදු දහම ඇසුරෙන් වෙන එකෙක්ගේ මතයක් විස්තර කරනවා...
    ------ Post added on Jan 1, 2023 at 11:37 PM
     
    • Like
    Reactions: dilann
    මේක මන් නිකමට දැකල රිප්ලයි කරන්නේ. මන් budst නෙවේ. මන් පොඩ්ඩක් ඕක කියෝලා තියෙනවා. ඔහොම මිනිස්සු දියුණු වෙලා මහන වෙලා රාගයෙන් සම්පුර්ණයෙන් ඈත උන දවසට මානව සංහතිය නැති වෙනවා නේද කියල. හැබැයි එක එහෙම වෙන්නේ නැහැ, නිකමට හිතන්න ශිෂණයක් තිබුනට එකෙක් වත් sex කරන නැති උනාම එක ක්ෂය වෙනවා. පරිනාමවාදයේ තියරියක් ඕක. එහෙම උනාම ඕපපාතික ඉපදීම ඇති වෙනවා. මේක නිශ්චිත නැහැ. ඒ කියන්නේ මේක හෙට ඉදන් අතින් කරන දෙයක් වෙන්න පුළුවන්. සමහරවිට කෙල බිදකින් වෙන්න පුළුවන්. කොටින්ම sex නැතුව ප්‍රජනනය වෙන්න පුළුවන් විදියට පරිනාමය වෙනවා. මේක මට මතක නැහැ කොතනද තියෙන්නේ කියල , හැබැයි මේ ඕපපාතික ඉපදීම ගැන බුදු දහමේ තියෙනවා.

    සමහර වෙලාවට මට හිතෙනවා "ඕපපාතික ඉපදීම" කියන්නේ "ද්විඛණ්ඩනය" හෝ "බහුඛණ්ඩනය" වගේ දෙයක් කියලා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,941
    167,724
    113
    එකමත් එක රටක
    සමහර වෙලාවට මට හිතෙනවා "ඕපපාතික ඉපදීම" කියන්නේ "ද්විඛණ්ඩනය" හෝ "බහුඛණ්ඩනය" වගේ දෙයක් කියලා.
    අම්බපාලි ද්විඛණ්ඩනය වෙලා ද බහුඛණ්ඩයන වෙලාද ඉපදිලා තියෙන්නේ ?
     
    • Like
    Reactions: Schrodinger Cat

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    අම්බපාලි ද්විඛණ්ඩනය වෙලා ද බහුඛණ්ඩයන වෙලාද ඉපදිලා තියෙන්නේ ?
    මම තීපිටකය 100%ක් විස්වාස කරන කෙනෙක් නෙමේ...හබැයිපටිච්චසමුපාදය 100%විස්වාස කරන කෙනෙක්(පටිච්ච සමුපාදය තියෙන්නේත් තීපිටක ඇතුලේ) තීපිටකයේ තියෙන ගොඩක් දේවක් ප්‍රායෝගිකව අත්දකින්න බෑ... ..උබේ කමෙන්ට් එකේ තියෙනවා වගේ ඕපපාතක ඉපදුන අය තීපිටකයේ අපිට හමබ වෙනවා...හැබැයි ප්‍රායෝගිකව හම්බවෙන් නෑ... හැබැයි මොනම වෙලාවකවත් පටිච්ච සමුප්පාදයේදි එහෙම වෙන්ස් දේවල් හමබ වෙන් නෑ... ...මනසින් අවබොද කර ගත්තොත් කර ගත්තම තමා.... මේ කතාවෙදිකියන්න දේවල් බෝමයි...කම්මැලියි ටයිප් කරන්න .....පොඩි දෙයක් කියන්නම්...සංසාටයේ හැම දාම ගමනක් යන සත්වයාගේ ගමන නිමාකරන මාර්ගය බුද්ද දර්ශනයේතියෙනවා... ඉතින් කෙනෙක්ට යන්නත් පුලුවන් නවතින්නත් පුලුවන්...
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,182
    6,697
    113
    කොහෙ හරි කනත්තක
    ඔව් ඔව් එහෙම තමයි 😅මන් ඔය මේරිගේ කතාව අහල තියෙනවා කලින්.. හැබැයි මට දැනුයි මතක් උනේ බුද්ධාගමේ තියෙන ඔය seen එක.. 😂

    මගේ හිත කියල එකකුත් නෑ නේ බන් ඔක්කොම මායාවක් නේ.. එතකොට කොහොමද emios කියලා එකෙක් මගේ හිත ඇතුළේ ඉන්නේ 🤔
    ------ Post added on Jan 1, 2023 at 6:06 PM
    මේ යෝදය මම කියල එකෙකුත් නෑ කියපු හින්ද නිකමට කලු ගලක් උඩ දාල ඔලුව ඇල්ලුව. දැන් තට්ටෙ පැලිල ලේ ගලනව. එතකොට ඇත්තටම තට්ටෙ පැලිල නැද්ද? ඒකත් මායාවක්ද? මං මැහුම් ගහන්න ඕනෙ නැද්ද?🤔
     
    • Haha
    Reactions: Schrodinger Cat

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    මේකෙ ඉන්න එවුන්ට මේ ප්‍රශ්නෙට උත්තරයක් ගන්න බැරි උඹලා මේක බුදුදහම කියන පෙනේරෙට දාලා පෙරන්න හදන නිසා. මචංලා තමන්ට කියල මතවාදයක් අදහසක් තියාගනිල්ලා. හැම එකම ආගමෙන් කියල තියෙන දේම හොයන්න එපා.

    තමන්ගෙ මතවාදයක් නැහැ නෙමෙයි තමන්ගෙ මතවාදයක් ඉඳගෙන උත්තරයක් අරන් තියනවා. එකම වෙනස බුදුදහම ගැන අවබෝධයක් තියනවානම් ඔයවගේ ප්‍රශ්න ජෙනරලයිස් කරන්නෙ නැහැ.

    බෞද්ධයන්ටත් තමන්ට කියලා මතවාදයක් තියනවා. බුදුහාමුදුරුවො කිව්වෙ මේකයි කියලා ඒ ඒ අයට සාපේක්ෂ දැනුමක් තියනවා, ජීවත් විය යුත්තෙ මෙසේයි කියලා ගහගත්ත සාරධර්ම පද්ධතියක් තියනවා. ඒකයි බෞද්ධ වුනත් ඔය ගැන විවිධ මත එලියට එන්නෙ. ඔයා උනත් ස්වමතයක් දරන්නෙ ඔයා විසින් ඇත්ත හෝ හරියි කියලා හිතන වැලියු සෙට් එකකට සාපේක්ෂවනෙ. ආපස්සට ප්‍රශ්නකරන් ගියොත් ඔකෙත් අත්දකින්න බැරිව "හුදෙක්" ඇත්ත ලෙස ගන්න සිද්දවෙන දේවල්, ව්ශ්වාස පෙන්වන්න පුලුවන්. ඉතින් බෞද්ධ අය විශ්වාසයක් මත පදනම් වීම කිසි ගැටළුවක් නැහැ.

    ඒකත් ආගම් කතන්දර අමතක කරල හිතුවොත් සමහර තත්ව වලදි වැරදි නෑ.උදා විදියට කාන්තාව දුෂණයට ලක් වෙලා ගැබ් ගත්තම,කාන්තාව බාලවයස්කාරියක් නම්,කලලය රෝගී නම් වගේ තත්ව වලදි ගබ්සාව වැරදි නෑ මට නම්.

    ඔන්න ඔතන බෝල්ඩ් කරපු ටිකේදි තමයි අපි ඔක්කොම නවතින්නෙ. ඔව්වා අපි තනි තනිව වැල්ලෙ අඳින ඉරි වගේ. ටික ටික හේදිලා යනවා. එහෙම යනවා කියලා මමත් ඉරි නෑඳ ඉන්නෑ. ඉර මේ රැල්ලෙන් නැතිනම් ඊලඟ රැල්ලෙන් හරි මැකෙන බව දැනගෙනම ඉරි අඳිනවා. ඉරක් වෙනුවෙන් පෙනී සිටිනවා. හැබැයි මට සැනසුමක් තියනවා ඉරි ඇඳීම දියුණුව කියලා හිතාගෙන ඉන්න ලෝකයක, පිළිගත්ත සාරධර්ම (අන්‍යන්ට හානි අවම වෙන පරිදි) පද්ධතියක් මත පදනම්ව ඉරි අඳින්නැතිව ඉන්න පුලුවන් කමක් සහ ඉරි සදහටම මකන ප්‍රතිපදාවක් ඉදිරිපත් කරපු වර්ණනා කරපු සහ පෙන්වපු ශාස්තෘවරයෙක් සිටීම ගැන. ඒ නිසා දැනගෙනමයි බෞද්ධයෙක් විදිහට මම ඉරි අඳින්නෙ. මෙයම සත්‍යය අන් සියල්ල අසත්‍යය කියලා ඒකාන්තව කියන්න බැරි බව පැහැදිලිව දැනගෙන යි සමාජයේ වැඩ කරන්නෙ.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,941
    167,724
    113
    එකමත් එක රටක
    මේක මන් නිකමට දැකල රිප්ලයි කරන්නේ. මන් budst නෙවේ. මන් පොඩ්ඩක් ඕක කියෝලා තියෙනවා. ඔහොම මිනිස්සු දියුණු වෙලා මහන වෙලා රාගයෙන් සම්පුර්ණයෙන් ඈත උන දවසට මානව සංහතිය නැති වෙනවා නේද කියල. හැබැයි එක එහෙම වෙන්නේ නැහැ, නිකමට හිතන්න ශිෂණයක් තිබුනට එකෙක් වත් sex කරන නැති උනාම එක ක්ෂය වෙනවා. පරිනාමවාදයේ තියරියක් ඕක. එහෙම උනාම ඕපපාතික ඉපදීම ඇති වෙනවා. මේක නිශ්චිත නැහැ. ඒ කියන්නේ මේක හෙට ඉදන් අතින් කරන දෙයක් වෙන්න පුළුවන්. සමහරවිට කෙල බිදකින් වෙන්න පුළුවන්. කොටින්ම sex නැතුව ප්‍රජනනය වෙන්න පුළුවන් විදියට පරිනාමය වෙනවා. මේක මට මතක නැහැ කොතනද තියෙන්නේ කියල , හැබැයි මේ ඕපපාතික ඉපදීම ගැන බුදු දහමේ තියෙනවා.
    එහෙම වෙන්නේ කොහොමද ?
    sex කරන උන්ගෙන් තමයි ඉදිරි පරම්පරාව හැදෙන්නේ.
    ඉතින් sex නොකරන උන් ගේ ජාන නෙවෙයි ඉස්සරහට යන්නේ , sex කරන උන්ගේ ජාන.

    අනිත් එක ශිෂ්ණය තියෙන්නේ sex කරන්න විතරක් නෙවෙයි.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,316
    10,627
    113
    ප්ලෑන් එකක් නැතුව හදන් ඔක්කොම උන් වැරදීම් තමා 🤭
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,120
    2,657
    113
    එහෙම වෙන්නේ කොහොමද ?
    sex කරන උන්ගෙන් තමයි ඉදිරි පරම්පරාව හැදෙන්නේ.
    ඉතින් sex නොකරන උන් ගේ ජාන නෙවෙයි ඉස්සරහට යන්නේ , sex කරන උන්ගේ ජාන.
    එක වෙනම කතාවක් බන්. sex කියන එක හරියට මල් වගේ. බබරු ඇදිල එනවා. හැබැයි උන් නොදැනුවත්වම පාරගනය කරලා ප්‍රජනන ක්‍රියාවලියේ කොටසක් වෙනවා, අපිටත් එහෙමයි. sex , ලව් විශේෂයෙන් කොල්ලෙක්ට තාත්ත කෙනෙක් වෙන්න කෙල්ලෙක්ට අම්ම කෙනෙක් වෙන්න තියෙන ආසාව වගේ දේවල් හින්ද අපිත් නොදැනුවත්වම ප්‍රජනනය බාර ගන්නවා. අපි මේක දැන ගත්තට අපිට තේරුම් අරන් එකෙන් අයින් වෙන්න බැහැනේ. මටත් එක එහෙමයි. හැබැයි හිතපන් බුදුහාමුදුරුවෝ වගේ සේරම මේක තේරුම් අරන් මහණදම් පුරලා බුදු උනොත් ? තවදුරටත් මිනිස්සු පවතින් නැහැ. මේක නිසා ස්වාභාවදර්මයෙන් වෙන විදියකට පරිනාමය වෙනවා. ඕපපාතික ඉපදීම කියන එක ගොඩක් කම්ප්ලේක්ස්. ඕපපතිකයි කියන්නේ කොහෙන් හරි කඩා පාත් වීම වගේ තේරුමක් තියෙන්නේ. සමහරවිට අමිබාව වගේ අලිංගික ප්‍රජනනයක් වෙන්නත් බැරි නැහැ.

    අනිත් එක ශිෂ්ණය තියෙන්නේ sex කරන්න විතරක් නෙවෙයි.
    ශිෂ්ණය තියෙන්නේ sex කරන්න තමයි. ගැහැනුන්ට එහෙම අවශ්‍ය නැති නිසා තමා එක නැති වෙලා පොඩියට ක්ලිට් එක විදියට තියෙන්නේ. මුත්‍රා කිරීමට විතරක් පුළුවන් වෙන විදියට ශිෂ්ණය කුඩා වෙලා කිසිම තේරුමක් නැති දගලිලක් නැති විදියට දෙන්නෙක් එකතු වෙනවා කියල හිතන්න. හරියට අපිට නැට්ට නැති උනා වගේ ශිෂ්ණය අඩු වෙලා යන්න පුළුවන් කියල මන් උදාහරණයක් කිව්වේ. තව විදියකින් විස්තර කලොත් දැනට හොයාගෙන තියෙනවා ශිෂ්ණය ඇත්තටම ටික ටික පොඩි වෙනවා කියල. තව ශිෂ්ණය ඇතුලේ තියෙන කාටිලේජ අස්ථිය ටික ටික දිග අඩු වෙනවා කියල හොයාගෙන තියෙනවා. එකට හේතුව මේකයි. බල්ලන්ගේ කොටියන්ගේ අශ්වයන්ගේ වගේ සත්තුන්ගේ ශිෂ්නයේ අස්ථියක් තියෙනවා. මොකද එයාලගේ ගැහැණු සතුන් පහසුවෙන් sex වලට ඉඩ දෙන්නේ නැති නිසා. නමුත් මිනිස්සු ක්‍රමයෙන් ශිෂ්ට වීමත් එක්ක තවදුරටත් එහෙම බලහත්කාරයෙන් කරන්නේ නැති නිසා හා එහෙම බලහත්කාරයෙන් වෙන්නේ ඉතාම අල්ප වශයෙන් කියල ගත්තොත් දැන් මිනිස්සුන්ට එහෙම ලොකු දරදඩු එකක් වැඩක් නැහැ. ඉතින් එක ටික ටික අඩු වෙනවා.

    මේවා මගේ හිතට එන නිසා කියන ඒවා නෙවේ. අනික මන් කතෝලික. මන් බුදු දහම ගැන වැඩිය දන්නේ නැහැ. හැබැයි මන් අභිදර්මය වගේ ඒවා ටිකක් ෆලෝ කරනවා. සහ මන් මේ නෙට් එකෙන් කියවපු දේවල් පැහැදිලි කලේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,941
    167,724
    113
    එකමත් එක රටක
    ක වෙනම කතාවක් බන්. sex කියන එක හරියට මල් වගේ. බබරු ඇදිල එනවා. හැබැයි උන් නොදැනුවත්වම පාරගනය කරලා ප්‍රජනන ක්‍රියාවලියේ කොටසක් වෙනවා, අපිටත් එහෙමයි. sex , ලව් විශේෂයෙන් කොල්ලෙක්ට තාත්ත කෙනෙක් වෙන්න කෙල්ලෙක්ට අම්ම කෙනෙක් වෙන්න තියෙන ආසාව වගේ දේවල් හින්ද අපිත් නොදැනුවත්වම ප්‍රජනනය බාර ගන්නවා. අපි මේක දැන ගත්තට අපිට තේරුම් අරන් එකෙන් අයින් වෙන්න බැහැනේ. මටත් එක එහෙමයි. හැබැයි හිතපන් බුදුහාමුදුරුවෝ වගේ සේරම මේක තේරුම් අරන් මහණදම් පුරලා බුදු උනොත් ? තවදුරටත් මිනිස්සු පවතින් නැහැ. මේක නිසා ස්වාභාවදර්මයෙන් වෙන විදියකට පරිනාමය වෙනවා. ඕපපාතික ඉපදීම කියන එක ගොඩක් කම්ප්ලේක්ස්. ඕපපතිකයි කියන්නේ කොහෙන් හරි කඩා පාත් වීම වගේ තේරුමක් තියෙන්නේ. සමහරවිට අමිබාව වගේ අලිංගික ප්‍රජනනයක් වෙන්නත් බැරි නැහැ.
    sex කරන sex වලට ආස අයගෙන් විතරයි ඊලග පරම්පරාවක් හැදෙන්නේ.
    sex වලට කැමති නැති උන් ඒක නොකරාම ඒ ජාතියේ උන් හැදෙන්නේ නෑ . උන් වද වෙලා යනවා.

    හැමෝම තියා ඔය කියන මාර්ගපල ලබපු එකෙක්වත් ඉන්නවද ලෝකේ . 🙃
    ආගම කියන පුංචි හිලෙන් ලෝකේ දිහා බලන්න ගියාම ඔහොම මනස්ගාත හිතෙන්න පුලුවන්. ලෝකයක ඉන්න බිලියන 8ක් විතර වෙච්ච මිනිස්සු තමන්ගේ ආගමේ තරාදියට දාගෙන කිරන්න බෑ . ඔය කියන බුද්ධත්වගේ ඉදන් මාර්ග පල උබ ඔය හිතන් ඉන්න විදියට වැඩ කරනවා කියල හරියටම කියනන්ත් බෑ . ඕව සාපේක්ෂ කතන්දර ලෝකෙට. තම තමන්ට විශ්වාස .
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,120
    2,657
    113
    sex කරන sex වලට ආස අයගෙන් විතරයි ඊලග පරම්පරාවක් හැදෙන්නේ.
    sex වලට කැමති නැති උන් ඒක නොකරාම ඒ ජාතියේ උන් හැදෙන්නේ නෑ . උන් වද වෙලා යනවා.

    හැමෝම තියා ඔය කියන මාර්ගපල ලබපු එකෙක්වත් ඉන්නවද ලෝකේ . 🙃
    ආගම කියන පුංචි හිලෙන් ලෝකේ දිහා බලන්න ගියාම ඔහොම මනස්ගාත හිතෙන්න පුලුවන්. ලෝකයක ඉන්න බිලියන 8ක් විතර වෙච්ච මිනිස්සු තමන්ගේ ආගමේ තරාදියට දාගෙන කිරන්න බෑ . ඔය කියන බුද්ධත්වගේ ඉදන් මාර්ග පල උබ ඔය හිතන් ඉන්න විදියට වැඩ කරනවා කියල හරියටම කියනන්ත් බෑ . ඕව සාපේක්ෂ කතන්දර ලෝකෙට. තම තමන්ට විශ්වාස .
    එකෙන්ම මේවා ඔප්පු කරන්න බැහැ. මොකද එහෙම පැහැදිලි වෙනසක් දකින්න අවුරුදු බිලියන ගණන් යනවා. දකින්න අහන්න තියෙන දේවල් බලල තීරණයක් ගන්න. ඔයා දක්ෂය.