දරුවනී! මේ නුඹලාගේ පියතුමා ද....?
ලෝක වැඩිහිටි දිනය හා ළමා දිනය eeye යෙදී තිබේ. මේ නිසාම ලොව පුරා ඔවුන් වෙනුවෙන් වැඩසටහන් රාශියකි. ලංකාවේද එසේමය. රටේ අනාගතයේ භාරකරුවන් ළමුන් බව නොරහසකි. එහෙත් රටක් වටිනා දරුවන් ලොවට බිහි කිරීමට මුල් වූ වැඩිහිටියන් බොහෝමයකට අද උරුම වී ඇත්තේ කවර ඉරණමක් ද?. මේ සීයා පොළොන්නරුව නගරයට මීට වසර 2ට ඉහතදී කවරෙකු හෝ ගෙනැවිත් දමා ඇත. නම, ගම, බිරිඳ හා දරුවන් ගැන කිසිත් හෙළිනොකර ඔවුන්ගේ ගෞරවය රකින මේ සීයා කියන එකම දේ තමාට වැස්සකට හෝ නොතෙමී ඉන්නට මේ පැල සාදා දුන්නේ හමුදාවේ මහත්මයෙකු බවයි. රටක් වටිනා දරුවන් ලොවට බිහි කළ මෙවැනි වැඩිහිටියන් කොතෙකුත් මේ ලොව පුරා සිටීද. ළමුන් මල් වගේ යැයි කියයි. එසේ නම් මල් වැනි ළමුන් ලොවට දයාද කළ මෙවැනි වැඩිහිටියන්ට කිව හැක්කේ කුමක්ද?