දරුවා සහ තුන් වැනි සිල් පදේ [?]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    දරුවා සහ තුන් වැනි සිල් පදේ [?]

    දරුවා සහ තුන් වැනි සිල් පදේ

    මේ ඉයේ පෙරෙදා මට ඇහැණු දෙයක් මම මේ කියන්න යන්නෙ - දැන් ඉස්සර වගේ නෙමෙයි නේ බුදු දහම ඉගෙන ගන්නත් ටියුශන් යනවා නේ - අනේ හැබැට ලංකාවට උනු දෙයක් :confused: - එ සෙන්ටර් එකේ බුදු දහම උගන්වන ගුරුතුමා එක ළමයෙක් ගෙන් මෙහෙම අහනවා "කවිශ කියන්න පන්සිල් පද පහේ තෙරුම් ටික නැගිටලා"

    මම සතුන් මැරිමෙන් වලකිමි
    මම සොරකම් කිරිමෙන් වලකිමි
    ගැණු අය වැඩිය අශ්‍රය කිරිමෙන්....:confused: ??//

    ඔන්න ඔහොම එකක් තමා තුන් වැනි සිල් පදයට එ ළමයා කිව්වෙ.
    ළමයා හයේ හරි හතේ හරි වෙන්න ඔන,ළමයා එක ලස්සනට කිව්වා එ කිව්ව පෙලිය නම් හරියට මතක නැ.

    එතන හිටි අපිට ලාවට හිනා :D

    මෙක හරියට දෙමාපියන්ට උගන්වන්න බැරි නිසා නේ ගුරුවරයෙක් ලඟට එවන්නෙ - ඉතින් ගුරුවරයාත් මෙක ළමයාට තෙරෙන විදියට පැහැදිලි කිරිමක් නොකර එකෙන් පලා යනවා නම් එක ලොකු වරදක් නේ - මේ ගුරුතුමාත් කලේ වචනෙන් දෙකෙන් අරකේ හරි පෙලිය ගැඹුරු වචන දාල කියලා එතනින් පලා යැමයි - එත් එ ළමයා එක හරියට ග්‍රහණය නොකරගත් බව ගුරුතුමාත් හොඳින් දන්නවා - ලංකාවේ ලිංගිකත්වය සම්බන්ධයෙක් ප්‍රසිද්ධියේ කතා කරන්න ගොඩක් අය හරි අකමැතියි - එ ඇයි කියන එක තවමත් හිතා ගන්න බැ - ලංකාව ලිංගිකත්වය ගැන බොහොම නිදහසේ කතා කරපු රටක් එකට සාධක තියනවා - නමුත් සුදු ජාතිකයින්ගේ පැමිනිමෙන් පසුව තමයි මෙවා වෙනස් වෙන්න ගත්තෙ (ඔයාලටත් පුදුම හිතෙනවා ඇති) එයාල තමයි කුඩා කාලයේ ඉඳන්ම ස්ත්‍රි පක්ශයයි පිරිමි පක්ශයයි බෙදන්න ගත්තෙ - පිරිමින්ට පිරිමි පාසැල් ගැහැණුන්ට ගැහැ
    ණු පාසැල් දාල.මෙක උනේ කොහොමද කියලා කතා කරනවා නම් ගොඩක් කතා කරන්න පුළුවන් එත් කාලය නැ,කොහොමත් එයාලාගේ ඩිවයිඩ් ඇන්ඩ් රුල් පොලිසිය නේ තිබ්බෙ - වැඩි යමක් මේ සමගම කියනවා නම් - ලංකාවේ ඔය අද දකින කුල භෙදයක් සිංහලයා අතර සුදු ජාතිකයෝ එන්න කලින් තිබ්බෙ නැ,ඉන්දියාවට ගොඩ බැස්ස සුද්දා දැක්කා එහේ මිනිස්සු කොටවන්න හොඳ ආයුධයක් - එ එහේ තියන කුල භෙදය,එහේ කුලය කියන එක නිර්නය වෙන්නෙ උප්පත්තියෙන්,නමුත් සිංහලයා අතර එහෙම එකක් තිබ්බෙ නැ,අපේ තිබ්බෙ රක්ශාවත් එක්ක බැඳුනු කුල ක්‍රමයක් - නමුත් එක ඉන්දියාවේ තිබ්බ ක්‍රමයත් එක්ක පටලවගන එකට වැරදි අර්ත කතනයක් ලබා දිලා එක කොටසක් තව කොටසකට වඩා උසස් යැයි කියලා සිංහල සමාජය හිං නුලෙන් බෙදන්න එයාල වැඩ කලා,සිංහලයෝ පොශණය උනේ බුදු දහමෙන්,බුදු දහමේ ඔය බහුබුත වලට තැනක් නැ - මමත් ඔක බහුබුතයක් කියලා අවබෝධ කර ගත්තෙ මැතක.මුලින් සුද්දා දැන ගත්තා ලංකාව තමුන්ලාගේ ග්‍රහණයට ගැනිම බෞද්ධ ස්වාමින්වහන්සේලා ඉන්න කන් ලෙසි නැති විත්තිය,එයාලව විනාශ කරන්න බැරි නිසා,එයාල එයාල අතරත් කුලය කියන සාධකය මත බෙදන්න ගත්තා,කාලයක් සියන් නිකායේ පන්සලකට අනික් නිකායවල් වල ස්වාමින්වහන්සේලා වද්ද ගන්නෙ නැති තත්වයක් තිබිලත් තියනවා.

    නැවත අපේ මාතෘකාවට එමු :D

    දැන් සුදු ජාතිකයින්ටත් තෙරිලා තියෙන්නෙ ගැහැණු පිරිමි කියලා පාසැල් බෙදිල්ල එච්චර හරි නැති විත්තිය - එ කොහොම බෙදුනත් එ රටවල් වල ලිංගිකත්වය ගැන දැන් ප්‍රසිද්ධියේ කතා කරනවා - දෙමාපියන් සමගත් කතා කරලා එ තියෙනෙ ගැටලු නිරාකරණය කර ගන්නවා - නමුත් අපේ රටේ බහුතරයක් තවම එහෙම කතා කරන්නෙ නැ,අපේ බොහෝ අයට මේ ලිංගිකත්වය පිලිබඳ හරි හමන් දැනුමකුත් නැ - හැබැයි හිතා ගන ඉන්නවා දන්නවා කියලා හි - මෙවා ඉතින් වෙනස් වෙන්න ඔන දෙවල් - මෙවා ගැන හරි දැනිමක් ළමයින්ට පොඩි කාලයේ ඉඳන්ම දිය යුතුයි කියන එක මගේ මතයයි තව ඔය ගැණු පිරිමි වශයෙන් පාසැල් බෙදිමත් නුසුදුසු වැඩක්,කොහොමත් මිනිස්සු දැන් බෙදිලා වැඩි - ජාති ආගම් කුල මල පක්ශ පාට කළු සුදු එ මදිවට ගැණු පිරිමි.

    ඔය අධ්‍යපනය පොඩි සංදියේ ඉඳන් ළමයින්ට දෙනවා නම් එ සම්බන්ධව පසු කාලයේ එ උදවියට පැන නගින ගොඩක් ප්‍රශන නැති වෙයි - මගේ හිතේ අපේ ආණ්ඩුවේ පාසැල් වල හරියට උගන්වන්නෙ නැති විශයත් ඔකමනේ.අපේ පොඩි එවුන්ගේ ඇස් පාදන්න,බලධාරින්ගේ ඇස් පැදෙවා :)
     

    blue_in_rio

    Well-known member
  • මට තේරුණ විදියට නම්...... :confused::confused::confused::confused::confused:

    2wrjd37.jpg