දරුවෝ ඉන්න දෙමාපියන් වෙත

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    දරුවෝ ඉන්න දෙමාපියන් වෙත




    මවක් විසින්ම විස්තර කරන ලද අවුරුදු 5 ක් වෙන්න කලින් දරුවන්ට ඉගැන්විය යුතු ගුණාංග 5 ක් ගැන මෙම ලිපියෙහි කියවන්න.

    දරුවන්ගේ ළදරු අවධිය ඔවුන්ගේ ජිවිතයේ ඉතාම වැදගත් අවධියක්. ඔවුන් මේ කාලය තුළ ගෙවන හා ලබන අත්දැකීම් ඔවුන්ගේ පසුකාලීන ජිවිතයට තදින්ම බලපානවා.

    Morning Ledger හි මවක් වන කරීම් දටෝයි විසින් අවුරුදු 5 ක් වෙන්න කලින් දරුවන්ට ඉගැන්විය යුතු ගුණාංග 5 ක් අපට කියා දෙනවා.

    1. අවංක කම

    අවංක කම දරුවන්ට උගන්වන්න පුළුවන් හොඳම විදිහ දෙමාපියන්ගේ අවංක භාවයයි. වචනයෙන්, හැසිරීමෙන් හරි දෙමපියන් බොරු කීම නොකළ යුතු වෙනවා. ඒ කිසි විටෙකත් දරුවාට ‘බොරු කාරයා’ කියන්න එපා. ඒ වෙනුවට ඔවුන් ඇත්ත නොකීම නරක බව ඔවුන්ට වටහා දීම වැදගත් වෙනවා.

    2. වගකීම

    පුංචි කාලේ ඉඳන් පුංචි පුංචි වගකීම් දරන්න ඔවුන්ට පුහුණු කිරීම නිසා ලොකු උනහමත් වගකීම් දරන්න ඔවුන් ඉගෙන ගන්නවා. ඒ විතරක් නෙමෙයි වගකීම් දැරීමට වීම අභියෝගයක් ලෙස ගන්න ඔවුන් පුරුදු වෙනවා. ඉන් අභියෝග ජය ගැනීමට ඔවුන්ට රුකුලක් ලැබෙනවා. ඔබේ දරුවන් අතින් හදිස්සියේ යම් වැරද්දක් වුනොත් වරද සිදුවූ පාර්ශවයෙන් සමාව ගන්න ඔහුට පුරුදු කරන්න. ඉන් ඔවුන් වගකීම කියන සිද්ධාන්තය ඉගෙන ගන්නවා.

    3. සුහද බව හා ගෞරවය

    වැඩිහිටියෙකු විදිහට කිසිවෙකුටත් ගෞරවයක් නැතිව, හරිම හිතුවක්කාරී ලෙස හැසිරීම තරම් අප්‍රසන්න දෙයක් තවත් නැති තරම්. දරුවන්ට සුහද බව, අන් අයට ගරු කළ යුතු බව හැඟවෙන කුඩා වචන පවා වැදගත් වෙනවා. ‘ස්තූතියි, කරුණාකරලා සමාවෙන්න’ වගේ වචන හා තේරුම ඔවුන්ට කියා දෙන්න. එවැනි දේ සරල වුවත් එහි අර්ථය ඉතා ගැඹුරු බව ඔවුන්ට වටහලා දෙන්න.

    4. ස්තූතිවන්ත බව

    ස්තූතිවන්ත වෙන්න කියා දීමෙන් ලෝකයෙන් අපට ලැබුණු බොහෝ දේ අගයන්නට ඔහු ඉගෙන ගනීවි. ඒ වගේම පුංචි පුංචි වැඩවලට සහභාගී කර ගත්තොත් වගකීම් හා එහි භාරදූර බව වගේම අවසානයේ ඉන් ලැබෙන ඇගයුම් වලින් ඔහු ස්තූතිවන්ත වීමේ අගය වටහා ගනීවි.

    5. ආදරය

    මං ඔබට ආදරෙයි කියනවට වඩා ඔබේ පවුලේ අය, අම්මා, තාත්තා එකිනෙකා ළංකර ගන්න. තුරුළු කරගන්න, සිප ගන්න අවස්ථාවන් ඔවුන් ඉදිරියේ දැකීමෙන් ඔවුන් ආදරය පෙන්වන හැටි ඉගෙන ගන්නවා. ඒ වගේම ඔබ ඔවුන්ට කෙතරම් ආදරය කරනවා දැයි කියා දෙන්න කරීම් කියනවා.

    ඒ වගේම මම පුතාට හරි ආදරෙයි කියලා කොළයක ලියලා ඔහුගේ කෑම පෙට්ටියේ රඳවන්න. ඔහුට අම්මාගේ ආදරය සිහි වෙනවා වගේම ඔහු වැඩිහිටියන් වුනහම අන් අයට, තම සැමියාට, බිරිඳට ආදරය පෙන්වන්න ඉගෙන ගන්නවා.

    ආදරය කරන්නත්, ආදරය ලබන්නත් අපි හොඳ ඇවතුම් පැවතුම් දරුවාට හුරුකළයුතු වෙනවා. කුඩාම කාලයේ පටන් ඔබට එය පටන් ගන්න පුළුවන්. theAsianparent Sri Lanka අපි ඔබට මේ මතක් කිරීම කළේ ඒ නිසාමයි.

    theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

    පරිවර්තනය: නිසංසලා ලියනගේ


     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,295
    13,190
    113
    33
    ෆින්ලන්ඩ්
    owa uganwala num ada hari yan nehe kollo...

    awurudu 16 wenkota puke ki denek aerala tiyei da dan nehe...
    ada kale lamaita upakramshili wela samajaye wena jara seen thama isselama ugan na na wenney..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පළිගන්නත් උගන්නන්න ඕනෙ කොහෙ හරි පුටුවක වගේ හැප්පිලා රිදිල අඬද්දි පුටුවට ගහල පලි ගැනීමෙන් වේදනාව අඩු වෙන බවත් පුරුදු කරන්න ඕනෙ :yes: :yes:
    මොන්ටිසෝරි යද්දි වගේ මොකක් හරි උත්සවේකට වගේ යද්දි බොරුවට වයස අඩුවෙන් කියල ටිකට් ගන්නැතුව ගිහිං තමන්ට වාසියක් වෙනවනං බොරු කිව්වට කමක් නෑ කියලත් උගන්නන්න ඕනෙ :yes: :yes:

    Rep
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    පළිගන්නත් උගන්නන්න ඕනෙ කොහෙ හරි පුටුවක වගේ හැප්පිලා රිදිල අඬද්දි පුටුවට ගහල පලි ගැනීමෙන් වේදනාව අඩු වෙන බවත් පුරුදු කරන්න ඕනෙ :yes: :yes:
    මොන්ටිසෝරි යද්දි වගේ මොකක් හරි උත්සවේකට වගේ යද්දි බොරුවට වයස අඩුවෙන් කියල ටිකට් ගන්නැතුව ගිහිං තමන්ට වාසියක් වෙනවනං බොරු කිව්වට කමක් නෑ කියලත් උගන්නන්න ඕනෙ :yes: :yes:

    Rep

    මචන් ඒව පොඩි උන්ට උගන්වන දේවල් නෙවෙ. උන් සමාජයෙ ගැවසෙනකොට ඔනිනම් ඒව ඉගෙනගනී. එහෙම නැතිඋනොත් උබල වගේ උන් බිහිවෙනව මචො.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,687
    113

    මචන් ඒව පොඩි උන්ට උගන්වන දේවල් නෙවෙ. උන් සමාජයෙ ගැවසෙනකොට ඔනිනම් ඒව ඉගෙනගනී. එහෙම නැතිඋනොත් උබල වගේ උන් බිහිවෙනව මචො.

    :lol: