දලදා බිම කෙලෙසූ රතනට වැඩ වරදී

csss

Banned
  • Mar 8, 2009
    221
    8
    18
    දලදා බිම කෙලෙසූ රතනට වැඩ වරදී

    රතන හිමිගේ උපවාසයට මල්වතු – අස්ගිරි නාහිමිවරුන්ගේ දැඩි විරෝධය

    By admin on June 5, 2019 රතන හිමිගේ උපවාසයට මල්වතු – අස්ගිරි නාහිමිවරුන්ගේ දැඩි විරෝධය2019-06-05T07:34:39+00:00 under Amazing, Article, News



    එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් මහනුවර දළදා මාලිගාවේ උඩ මළුවේ මාරාන්තික උපවාසයක් සිදුකිරීම සම්බන්ධයෙන් මල්වතු-අස්ගිරි පාර්ශවයන්හි දැඩි විරෝධය එල්ල වී තිබේ. තමන් වහන්සේ උපවාසයක් කරන්නේ යැයි මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක රතන හිමියන් පවසා ඇතත් එසේ කරන්නේ කුමන ස්ථානයකදැයි පැහැදිලි නොකර දළදා මාලිගාවේ උඩ මළුවේ රතන හිමියන්ගේ උපවාසය ආරම්භ කර ඇති බව එම නිකායන් ප්‍රධාන හිමිවරුන් කියා සිටිති.

    මේ සම්බන්ධයෙන් අද දිනයේ රැස්වීම් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද එම නායක හිමිවරුරන් කතියා සිටී. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාද යම් ප්‍රමාණයක දැනුවත් කිරීමක් දැනටමත් සිදු කර තිබේ. ශ්‍රී දළදා මාලිගාවේ උඩ මළුවේ සිදු කරන ලද උපවාසය හේතුවෙන් එම පූජනීය ස්ථානයේ අනවශ්‍ය කෑකෝ ගැසීම්, හූ කීම්, වෛර වෛරීසහගත ප්‍රකාශ මෙන්ම ස්ථානය දැඩිලෙස අපිරිසුදු වීමක් සිදුව ඇතැයි ද දළදා මාලිගාවේ භාරකරුවන් වන අස්ගිරි මල්වතු මහනායක හිමිවරුන්ට මාලිගාවේ තේවා කටයුතු කරන්නන් විසින් පෙන්වා දී තිබේ.

    මීට පෙර කිසිදු අවස්ථාවක දළදා මාලිගාව මේ ආකාරයේ අවභාවිතාව නැති බවද ඔවුන් මහනාහිමිවරුන්ට පෙන්වා දී ඇත. බෞද්ධයන්ගේ මුදුන්මල්කඩක් වන් දළදා මාලිගාව උඩ මළුවේ සිට වෛරීසහගත ප්‍රකාශ සිදු කිරීම, සියදිවි නසාගැනීමට උත්සාහ දැරීම ආදී කටයුතු සඳහා කිසිදු ඉඩක් නොමැති බවත් එය බුද්ධ දර්ශනයේ මුලික හරයන්ට අනුකූල නොවන බවත් රතන හිමියන්ගේ උපවාසය සහමුලින්ම දේශපාලනික උවමනාවත් වෙනුවෙන් කරන ලද කටයුත්තක් යයිද නිකායන්හි ප්‍රධාන හිමි වරුන්ගේ මතය වී ඇත