දලබුව කාලෙ
ඊයා දලබුව කියපු ඈයෝ
මම සමනලය උනාම
ශා උගෙ ලස්සන කියන්ව...
මම දලබුව කාලෙ
අල්ලන එපා කසයි කියපු ඈයෝ
දැන් ඒගොල්ලන්ගෙ අත්දෙකෙන්ම මගෙ
අත්තටු දිගහරින්න උදව් කරන්න එනව
ඒත් ඔය නෝනා මහත්වරු මතකතියාගන්න
මේ සමනලය හැදුනේ ඒ දලබුව මැරිල නෙමේ කියල
මේ සමනලය වෙලා ඉන්නෙ ඒ දලබුවම කියල
ඔක්කොටම වඩා තදට මතක තියාගන්න
මේ සමනලයට උඹල දලබුව කාලෙ සලකපු විදිහ හොදට මතකයි කියල



wihiluvata ban kiuuwe 
