දවසක හමුවෙමු හමුවී හිනැහෙමු හිනැහී වැලපෙ

Dark Wolf

Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    දවසක හමුවෙමු හමුවී හිනැහෙමු හිනැහී වැලපෙ

    ජිවිතේ ගෙවුණු කලේ ගැන මතක් වෙද්දී අහන්න ලැබුන හොදම සින්දුවක් තමා ගුණදාස කපුගේ මහත්තයේගේ මේ සින්දුව..හැමෝම මේක ගැන දන්නවා ඇති..නොදන්නා කෙනෙක් ඉන්නවනම් පුදුමයක් අපි අතර..ගුණදාස කපුගේ මහත්තයාගේ ගොඩක් සින්දු අහද්දී ගොඩක් දේවල් මතක් වෙන්වා මන් හ්ටිඅන්නේ මට විතරක් නෙමේ අපි හැමෝටම එහෙම ඇති..

    කවුරුත් එන්නැති කව්රුත් දන්නැති
    මල් පෙති ඉහිරුනු මල් පාරේ
    දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
    හිනැහී වැලපෙමු අපි ආයේ...


    සඳකැන් බොඳවුනු වළා කැදැල්ලේ
    තරුකැට අහුරක සිනා මොඳුකර
    කඳුලෙන් ඉපදුන ඉන්ද්‍රචාපයේ
    උදානොවුන සිහිනයක් දකින්නට
    දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
    හිනැහී වැලපෙමු අපි ආයේ...


    සියොලඟ මීදුම් සළු අතුරාලා
    මන්දාකිණියේ ඔබ හිනැහෙද්දී
    උදා ළහිරැ සේ මීහිඳුම් සඟවා
    නොකී රහස් දෙනයනට කියන්නට
    දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
    හිනැහී වැලපෙමු අපි ආයේ...​