https://media.licdn.com/dms/documen...t=5ujBoinI2scAPaP-uvGtkvexT2ioRfD9WFzEUCMyUf4
Google nathath Arimac hari yanna puluwan wei DSA tika goda da gaththoth

මෙහෙමනෙ දරුවා, සමහරු ඉන්නවා උඩ තියෙන පොල්ම කඩාගන්න හිතාගෙන පොල් ගහට නගින අය. නගින්න දන් නැතිව පොල් ගස් නැග්ගාම මාර වැඩක් වෙන්නෙ. බාගයක් නගිද්දි තව නගින්න අතපය හයිය නැති වෙනවා. හැබැයි බාගයක් නැගලා නිසා බහින්නත් අමාරුයි. නගින්න දන් නැති එකා බහින්ඩ දන්නෙත් නෑනෙ. ඉතින් අතපය පපුව හූරගෙනම බිමට රූටගෙන එන්ඩ ඕන. හැබැයි එ්ක කරන්ඩත් බයයි. ඉතින් ඉන්න අමාරු වෙනකල්ම නගින්නෙත් නැතිව, බහින්නෙත් නැතිව, හැබැයි අංගජාතකේත් පොල් ගස් කඳට හේත්තු කරගෙන උගුඩුවා වගේ බලාගෙන ඉන්නවා. ඉන්නකල් ඉන්න පුළුවන්, හැබැයි ඕකෙන් බහින්න වෙන්නෙ අතපය පපුව ලෙලි ගහගෙන. අන්තිමට නැගපු ගහකුත් නෑ, කඩපු පොල් ගෙඩියකුත් නෑ, අතපය ලෙලි ගහ ගත්තා විතරයි. ඉතින් ඕවට කියන්නෙ ගස් නගින්ඩ බැරි එකා පොල් කඩන්ඩ ගිය ජාතියෙ වැඩ කියලා. ඔයාලා එහෙම නොවී ඉන්ඩ බලන්ඩ. එක්කො උඩ තියෙන පොල් ඕනම නම් නගින්ඩ ඉගෙනගෙන පොල් ගහට නැගහං, නැත්නම් පණ්ඩිතකම් නැතිව පුළුවන් එකෙක්ට කියලා කඩව ගනින්. නැත්නම් වැටිලා තියෙන ගෙඩියක්, කඩේ තියෙන ගෙඩියක් අරන් හිත හදා ගනින්. ගෞරවයෙන් බුදු සරණයි. කතා කරන එක වැරදි නෑ, හැබැයි හොඳට මතක තියා ගන්න මේක. Rejection එක දරා ගන්න බැරි පිරිසක් ඉන්නවා. එයාලට ගෑනු ළමයෙක් කියන්නෙ target එකක් වගේ. කාට හරි අාදරෙයි කියලා බෑ කිව්වාම එයාලගෙ මොළේ වයර් එකක් මාරු වෙනවා වගේ. ඊට පස්සෙ එයාලා උත්සාහ කරන්නෙ මොනවා හරි කරලා අදාළ කෙනාව දිනා ගන්න. එ්කට ලෝකෙ නැති ගේම් ගහනවා. රටේ නැති වැල් බයිලා කියනවා. කිසිම අාදරයකට එහෙම නෙවෙයි. Rejection එක දරා ගන්න බැරි නිසා කොහොම හරි කැමති කර ගැනීමේ හුදු අරමුණකින් විතරයි. අපේ භාෂාවෙන් කිව්වොත් බෑ බෑ කියපු එකීටත් ගැහුවා කියන මානසික fulfillment එකට විතරයි. අන්න එ් නිසා ඔයත්, මේක දකින අනිත් ගෑනු ළමයි හැමෝමත් එ්ක හොඳ පාඩමකට ගන්න. කෙනෙක් බෑ කිව්වට පස්සෙ දිගටම පස්සෙන් එ්ම වැඩි වෙනවා නම් තමනුත් එහෙම target එකක් වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. එහෙම කෙනෙකුට ඕන ඔයාගෙ හිත වෙනස් කරගෙන, ඔයාව නම්මගෙන, ඔයාව එයාට අාදරේ කරන්න සලස්වගෙන, ගොඩක් වෙලාවට ඔයාව අැඳකටත් අරගෙන එ් හඹා යාම ජයග්රහණයකින් අවසන් කරන්න. අර ඉස්සර පොත්වල තිබුණු එකම සතා කොහොම හරි හඹා ගිහින් දඩයම් කරන දඩයක්කාරයො වගේ. එ්ක අාදරයක් නෙවෙයි, thrill seeking endeavor එකක්. ඉතින් එතනට වැටෙන්න කලින් බොහොම ප්රවේශම් වෙන්න. ගෑණු ළමයෙක් විදිහට තමන්ට වටිනාකමක් දී ගන්න. කාගෙවත් සයිඩ් බඩුවක් විතරක් වෙනවා කියන දැනීම අැතිව, එහෙම හොඳයි නම් විතරක් එ් සම්බන්ධයට යන්න. හැබැයි කවදාවත් එ්කට අාදරේ කියලා රැවටෙන්න නම් එපා. Good luck.https://media.licdn.com/dms/documen...t=5ujBoinI2scAPaP-uvGtkvexT2ioRfD9WFzEUCMyUf4
Google nathath Arimac hari yanna puluwan wei DSA tika goda da gaththoth![]()
![]()