දවසේ ඔවදන් 2ක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,429
    77,557
    113

    මේ කතාවෙ අවුලක් තියෙනවා. අපි සාමන්යෙන් කියන්නෙ ප්‍රශ්න piroratize කරන්න කියලා. හේතු තමා අපිට හැම එකම විසඳන්න බෑ, වෙලාව නෑ වගේ හේතු. එහෙම ගත්තාම මේ කියන ජාතියේ ප්‍රශ්න තමා අර "විසඳන්න යන්නෙ නැති" ලෙවල් එකේ තියෙන්නෙ. :yes: :yes:
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,912
    963
    113
    United States
    අද දවසේ ලොකුම කතා දෙකම එක පෝස්ට් එකේ දැම්මට ස්තූතියි මචං 📰 මේ දෙක ගැනම කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා.
     
    • Like
    • Dislike
    Reactions: NRTG and kanakaJ

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,202
    1,993
    113
    London, United Kingdom
    මේ කතාවෙ අවුලක් තියෙනවා. අපි සාමන්යෙන් කියන්නෙ ප්‍රශ්න piroratize කරන්න කියලා. හේතු තමා අපිට හැම එකම විසඳන්න බෑ, වෙලාව නෑ වගේ හේතු. එහෙම ගත්තාම මේ කියන ජාතියේ ප්‍රශ්න තමා අර "විසඳන්න යන්නෙ නැති" ලෙවල් එකේ තියෙන්නෙ. :yes: :yes:

    නෑ බන්, සරලව කියනවනම් නියපොත්තෙන් කඩන්න පුළුවන් එක පොරොවෙන් කපන්න වෙනකන් බලන් ඉන්න එපා කියල කියන්නේ....
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,429
    77,557
    113
    නෑ බන්, සරලව කියනවනම් නියපොත්තෙන් කඩන්න පුළුවන් එක පොරොවෙන් කපන්න වෙනකන් බලන් ඉන්න එපා කියල කියන්නේ....
    ඒ කතාව හරි උනාට නියපොත්තෙන් කඩන්න පුලුවන් එක කවදාවත් ප්‍රශ්න තියෙන මිනිහෙක්ට "දැන්ම විසඳන්න ඕන ප්‍රශ්න" ලිස්ට් එකට එන්නෙ නෑ. මොකද ඌට ඊට වඩා ප්‍රශ්න තියෙනවා.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,559
    18,850
    113
    35
    Spain
    ඒ කතාව හරි උනාට නියපොත්තෙන් කඩන්න පුලුවන් එක කවදාවත් ප්‍රශ්න තියෙන මිනිහෙක්ට "දැන්ම විසඳන්න ඕන ප්‍රශ්න" ලිස්ට් එකට එන්නෙ නෑ. මොකද ඌට ඊට වඩා ප්‍රශ්න තියෙනවා.
    ඒක තමයි බන් අවුල. හික වෙනකම් ඉන්නේ නැතිව ප්‍රශ්නය විසඳගන්න ඕන.
     
    • Like
    Reactions: NRTG

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,202
    1,993
    113
    London, United Kingdom
    ඒ කතාව හරි උනාට නියපොත්තෙන් කඩන්න පුලුවන් එක කවදාවත් ප්‍රශ්න තියෙන මිනිහෙක්ට "දැන්ම විසඳන්න ඕන ප්‍රශ්න" ලිස්ට් එකට එන්නෙ නෑ. මොකද ඌට ඊට වඩා ප්‍රශ්න තියෙනවා.

    ඒකම තමයි ඒ advice එකේ කියන්නෙත්.

    ප්‍රශ්ණේ දුර දිග යන්න කලින් විසඳගන්න කියල

    ප්‍රශ්ණ ගොඩ ගැහුණාම විසඳන්න අමාරුයි

    ගොඩක් අය කරන්නේ ප්‍රශ්ණ එද්දි ඒවාට උත්තර හොයන්නේ නැතුව

    ගණන් ගන්නේ නැතුව time pass කර කර ඔහේ ඉන්නවා

    අන්තිමට කලින් තිබුණ ප්‍රශ්ණෙත් වැඩි වෙලා, අළුත් ඒවත් එකතු වෙලා

    සරලම උදාහරණයක් ගමු. ඔයාගේ bike එකේ හරි කාර් එකේ හරි oil ලීක් එකක් තියනවා

    ඔයා කරන්නේ මට තව ප්‍රශ්ණ තියනවා කිය කිය අරක හදන්නේ නැතුව

    ඔයිල් බෝතලයක් තියාගෙන අඩු වෙන ඔයිල් ටික ටික දදා දුවනවා.

    ඔයා දන්නෙම නැතුව ලීක් එක වැඩි වෙලා, දුර ගමනක් යද්දි ඔයිල් ටික ඔක්කොම ගිහින් මගදී එන්ජිම හිර වෙනවා.

    දැන් බලන්න එන්ජිම ගලවලා හදන්න යන ගානද, ඔයිල් ලීක් එක හදන්න යන ගානද වැඩි

    ඔයා credit කාර්ඩ් එකට ගෙවන්න තියන් හිටපු ලක්ෂයක් අරන් එන්ජිම හදාගන්නවා.

    දැන් credit කාර්ඩ් එක ගෙවාගන්න විදියක් නෑ ඒක arreas වෙලා ඒකට පොළී එකතු වෙනවා

    ඒකට කියන්නේ fire fighting කියල.

    හැමවෙලේම fire fighting කර කර ඉන්න වෙන්නේ එක ප්‍රශ්ණයක් විසඳන්න තව ප්‍රශ්ණයක් ඇතිකරගන්න වෙනවා

    නිතරම ප්‍රශ්ණ ගොඩක් ඔළුවේ, පට්ට stress එකක්. නින්ද යන්නේ නෑ

    මේක perfect example එකක් නෙමෙයි, නිකන් සරල දෙයක් කිව්වේ.