දවසේ_විහිලුව

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    ගොඩනැගිලි ද්‍රව්‍ය ගෙන්වන මුවාවෙන් බෝල්ට් ඇණ සමග පාකිස්ථානයේ සිට ගෙන්වූ කන්ටේනරයක තිබී හෙරොයින් කිලෝ 36 පසුගියදා සොයාගැනුණි. එහි වටිනාකම රුපියල් කෝටි 36 ක් බව පැවසේ.

    මීට පෙරද ගෙන්වූ හෙරොයින් කිලෝ ගණන් වරායේදී හසුවුණු අතර හික්කඩුව ප‍්‍රදේශයේදී හොරොයින් කිලෝ 10ක් සොයාගැනුණි.

    කුඩු පමණක් නොව එතනෝල් ගෙන්වීමද පසුගිය කාලයේ ජයටම කෙරුණු අතර ඒවාට චෝදනා එල්ලවූයේ බාර් සියයකට ආසන්න සං‍ඛ්‍යාවක් අයිති රජයේ ඇමතිවරයෙකුට, රජයේ පාර්ලිමේන්තු මංත්‍රීවරයෙකුට හා ඔවුන්ගේ ගෝලබාලයන්ය.

    පසුගිය කාලයේ කිරිපිටි පැකට් වෙළඳපොළේ හිඟ වෙද්දී කුඩු පැකට් හිඟ නොවන තත්වයක් තිබූ බව එක්සත් ජාතික පක්ෂය පැවසූ අතර අගමැතිවරයාට එල්ලවූ කුඩු කන්ටේනරයක් ගෙන්වීමේ චෝදනාව යට ගියේ ගයේෂා හා ජින්ජර්ට පිංසිද්ධ වෙන්නටයි.

    වරක් මාදුළුවාවේ සෝභිත හිමියන් මෙම කුඩු ගෙන්වීම පිළිබඳව ප්‍රකාශ කර තිබුණේ "මැති ඇමතිවරු කුඩු ගේනවා. පොලීසිය කුඩු විකුණනවා" යනුවෙන් බව අප විසින් හෙළි කරන ලදි.

    කුඩු ගෙන්වීම හා බෙදාහැරීම පිළිබඳ කැළණිය ප්‍රදේශයේ හා කොළොන්නාව ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකුට චෝදනා එල්ලවූවත් කුඩු ගෙන්වීමට මූලික වන එම පුද්ගලයා ලංකාවේ නීතිය අනුව හසුකරගැනීමට මෙතෙක් කල් සිදු නොවුනේ ඔවුන් රජයේ ප්‍රබල තනතුරු දරන්නන් නිසාය.

    මීගමුව ප්‍රදේශයේ කුඩු සෙවීම සඳහා වරක් හමුදාව විසින් නිමල් ලංසාගේ නිවසා සෝදිසි කළ අවස්ථාවේ පසුවදාම එහි ගොස් එම සෝදිසි කිරීම පිළිබඳව සිය කණගාටුව ප්‍රකාශ කර තිබුණේ ජනාධිපතිවරයා විසිනි.

    ලංකාව කුඩු පාරාදේසයක් වීම පිළිබඳව ජනාධිපතිවරයාගෙන් ජනතාව ප්‍රශ්නකර තිබූ අතර ඔහු පිළිතුරුදී තිබුණේ කුඩු ගෙන්වීමට මූලික වන පුද්ගලයන් ඇල්ලීමට රජය කිසිවිටෙක පසුබට නොවන බවයි.

    "කුඩු බොන අය නෙවෙයි අල්ලන්න ඕනේ කියන එකයි මගේ නම් විශ්වාසය. කුඩු මේ කට්ටියට පොවන අය අල්ලා ගැනීම තමයි අපේ මූලික පරමාර්ථය වෙලා තියෙන්නේ. ඒ සඳහා අවශ්‍ය සෑම වැඩ පිළිවෙලක්ම ගන්න කියලා හමුදාවට හා පොලීසියට අපි දන්වලා තියනවා. මත්ද්‍රව්‍ය පිළිබඳව කටයුතු කිරීමට අපි කිසිවිටෙකත් පසුබට වෙන්නේ නෑ. තරාතිරම බලන්නේ නෑ."


    33000
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    Fac.jpg
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    deanxx wadabari tarson, deanxx+screwsl

    පොන්ස් tags දාලා ගිහින්..


    dan harida?™:lol::lol:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මචන් 33000 ට යන්න බැහැනෙ , ආය බ්ලොක් කරලද ?
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    මචන් 33000 ට යන්න බැහැනෙ , ආය බ්ලොක් කරලද ?

    ඔව් බන් ආයෙත් block කරලා..ආණ්ඩුව හොදටම බය වෙලා ඒ සයිට් එකට මොකද ඇත්ත දාන නිසා..මෙන්න මේ browser එක install කරගෙන ඒකෙන් පලයන්..


    https://www.torproject.org/projects/torbrowser.html.en

    https://www.torproject.org/download/download-easy.html.en
     
    • Like
    Reactions: marachoon

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දේශද්‍රෝහියො.. අපේ ආර් දුමින්ද සිල්වා මහතා ගෙන්නන්නෙ බෙහෙත් යකෝ... මේ දේශද්‍රෝහී කාලකන්නි එන් ජී ඕ කාරයො දැන් මේ නොකිය කියන්නෙ එතුමා ඇතුලු පිරිස ලඞ්කාවට කුඩු ගෙන්නනව කියලද ? ඕකුන්ගෙ කටවල් ව්අලට පණුවො ගහන්න ඕනෙ .. ලඞ්කාවට කුඩු ගෙන්නන්නෙ ඇමරිකාවයි, නෝර්වෙයි අනික් යුරෝපා රටවල් ටිකයි.. අපේ රටේ වාසනාවට පහල වෙලා ඉන්න එක්සත් ජනතා නිදහස් සන්ධානෙ කිසිම ඇමතිවරයෙක් කුඩු ගෙන්නන්නෙ නෑ කියල දේශප්‍රේමියෙක් විදිහට මං වගකීමෙන් ප්‍රකාශ කරනව.. එහෙම ගෙන්නනවනං ඔප්පු කල්ල පෙන්නන්න.. මේව සේරම ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලඞ්කා රජය අපහසුතාවයට පත් කරන්න කරන එන් ජී ඕ කාරයන්ගෙ කුමන්ත්‍රණ.. ලඞ්කාව කුඩු පාරාදීසයක් කරන එන් ජී ඕ සංවිධාන ශ්‍රී ලඞ්කාවෙන් තුරන් කිරීමට අපි හැමෝම එකාවන්ව අත්වැල් බැඳගන්න ඕනෙ.. එහෙම කරන්න පුළුවන් එකම ක්‍රමෙ මෙවර පළාත් සභා මැතිවරණය එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉහළින්ම දිනවීමයි.. ඔබට ජයවේවා
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔව් බන් ආයෙත් block කරලා..ආණ්ඩුව හොදටම බය වෙලා ඒ සයිට් එකට මොකද ඇත්ත දාන නිසා..මෙන්න මේ browser එක install කරගෙන ඒකෙන් පලයන්..


    https://www.torproject.org/projects/torbrowser.html.en

    https://www.torproject.org/download/download-easy.html.en

    මාර සින් එක, දැන් කිපරක්ද බන් .:oo::oo: .. තැන්ක්ස් මචන්
    11.gif