දශකයේ_හොඳම_නළුවා

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
දශකයේ_හොඳම_නළුවා

දා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු දේශපාලන ක්ෂේත්‍රය පුරා කටකතාවක් පැතිර ගියේ මෛත්‍රීපාල සිරිසේන මහතා විපක්ෂයේ පොදු අපේක්ෂකයා වන බවයි. මින් තැතිගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එකළ සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතා අරලියගහ මැදුරට ගෙන්වාගෙන ලුණුමිරිස් සමග ආප්ප කමින් පැතිර යන කටකතාව පිළිබඳව සාකච්ඡා කළ අතර එහිදී තමා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් නොවන බව වත්මන් ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයාට සපථ විය. ඉන් දින කිහිපයකට පසු මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනාධිපතිවරයාට කොකා පෙන්වමින් පොදු අපේක්ෂකයා තමා බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.

ඒ එදා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රංගනයයි.

එම රංගනයෙහි දෙවැනි කොටස පසුගිය බ්‍රහස්පතින්දා (25) මිරිහාන ගල්වලපාරේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ බෑණා කෙනෙකුගේ නිවසේදී රඟදැක්වූ අතර ඒ තමා විසින් පළමු ආප්ප රංගනයෙන් කොකා පෙන්වූ මහින්ද රාජපක්ෂ සමගින් සම්බන්ධවෙමිනි. එහිදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හා ඔහු වෙනුවෙන් පෙනී සිටින සියලු හිටපු මන්ත්‍රීවරුන්ට - මේ වනවිට නොයෙක් චෝදනා එල්ලවී ඇති හිටපු මන්ත්‍රීවරුන් ඇතුළුව - නාමයෝජනා ලබාදීමට එකඟ වී තිබේ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ එම එකඟතාවයෙන් අනතුරුවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එදා මහින්ද රාජපක්ෂට කොකා පෙන්වූ ආකාරයෙන්ම දැන් ජනවාරි 08 වැනි දින බහුතර මහජනතාව විසින් ගෙදර යැවූ මහින්ද රාජපක්ෂ හා එකතුවී ජනතාවට කොකා පෙන්වීමට සූදානම් වෙයි.

මේ මෙදා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රංගනයයි.