දසශීීලය​ help

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,200
    2,099
    113
    සිල් රකින කෙනාට බෝග සම්පත් වැඩිවෙනවා කියනවා 'මහන්තන් බෝගක්ඛන්ධන්'
    මේක ඔනෑම කෙනෙක්ට අත්දකින්න පුලුවන්.


    පරලොව, සිල් රැකපු අය දිව්‍ය භවයන්වල උපදින්න ඉඩ වැඩී කියලා පේනවා විමාන වත්තු කොටස කියවපුවාම.දානය සීලය. බන අහලා රෑට සිල් අරගන දවල්ට විතරක් දඩයමේ ගිය වැද්ද මරණින් පසු දවල්ට ප්‍රේත දුක ලබද්දී රෑට දිව්‍ය සැප ලැබුවා කියනවා


    අනික සීලයෙන් තොරව සති සමාධි, පඥ්ඥා වලට යන්න බෑ.



     

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,475
    743
    113
    ඩොටේ
    සිල් රැකීමේ අනුසස්

    “සාසනේ කුලපුත්තානං පතිට්ඨා නත්ථි යං විනා
    ආනිසංසපරිච්ඡේදං තස්ස සීලස්ස කෝ වදේ.”

    තේරුම :
    ශාසනයෙහි කුලපුත්‍ර‍යන්ට ශීලය හැර අන් පිහිටක් නැත්තේ ය. ඒ ශීලයේ ආනිසංස ප්‍ර‍මාණය කවරෙක් කීමට සමත් වේ ද, නො වේ ම ය.
    සියලු ලෞකික ලෝකෝත්තර ගුණයන් ගේ මූලය ශීලය ම බවත් කියා නිම කළ නො හෙන තරමට එහි අනුසස් ඇති බවත් මේ ගාථාවෙන් ප්‍ර‍කාශිත ය.


    න ගංගා යමුනා චා පි සරභූවා සරස්සතී,
    නින්නගා වා චිරවතී මහී චාපි මහා නදී.
    සක්කුණන්ති විසොධෙතුං තං මලං ඉධ පාණිනං
    විසොධයන්ති සත්තානං යං වෙ සීලජලං මලං”

    තේරුම:
    සත්ත්වයන් ගේ යම් රාගාදි කෙලෙස් මලයක් ශීල නමැති ජලය පිරිසිදු කෙරේ ද, ඒ කෙලෙස් මල පිරිසිදු කිරීමට ගංගා නම් ගඟ ද, යමුනා නම් ගඟ ද, සරභු නම් ගඟ ද, සරස්වතී නම් ගඟ ද, කුඩා ගංගාවෝ ද, අචිරවතී මහී නම් වූ මහා ගංගාවෝ ද සමත් නො වන්නාහ.


    “න තං සජලදා වතා නචාපි හරිචන්දනං
    නේව හාරා න මණයෝ න චන්දකිරණංකුරා,
    සමයන්තී ධ සත්තානං පරිළාහං සුරක්ඛිතං
    යං සමෙති ඉදං අරියසීලං අච්චන්තසීතලං.”

    තේරුම :
    මනා කොට රක්නා ලද මේ ආර්ය වූ අත්‍යන්ත ශීතල වූ ශීලය සත්ත්වයන් ගේ යම් කෙලෙස් දැවිල්ලක් සන්සිඳවා ද, සිසිල් දිය වගුරුවන වලාකුළු ද ශීත වාතයෝ ද රන්වන් සඳුන් ද, සිසිල් මුතුහර ද, මැණික් ද, සඳරැස් ද යන මොහු ඒ ක්ලේශදාහය නො සන්සිඳ වන්නාහ.


    “සීලගන්ධසමෝ ගන්ධෝ කුතෝ නාම භවිස්සති,
    සෝ සමං අනුවාතේ ච පටිවාතේ ච වායති”

    තේරුම :
    සීල සුගන්ධය හා සම සුගන්ධයක් අන් කුමකින් ඇති වේ ද, නො වේ ම ය. එය වෙනසක් නැතුව යටි සුළඟට ද උඩු සුළඟට ද හමයි.


    “සග්ගාරෝහණසෝපානං අඤ්ඤං සීලසමං කුතෝ,
    ද්වාරං වා පන නිබ්බාන නගරස්ස පවේසනේ.”

    තේරුම :
    ස්වර්ගයට නැඟීමට සීලය වැනි අන් හිනක් කොයින් ද? නිර්වාණ නගරයට පිවිසීමට ශීලය හැර අන් දොරක් කොයින් ද?


    “සොභන්තේවං න රාජානෝ මුත්තා මණිවිභූසිතා,
    යථා සොභන්ති යතිනෝ සීලභූසන භූසිතා”

    තේරුම :
    ශීල නමැති ආභරණයෙන් සැරසුණා වූ යතීහු යම් සේ හොබිත් ද මුතු මැණික්වලින් සැරසුණා වූ රජවරු එසේ නො හොබිත්.


    “අප්පකම්පි කතා කාරා සීලවන්තේ මහප්ඵලා
    හොන්තීති සීලවා හෝති පූජාසක්කාර භාජනං.”

    තේරුම :
    සිල්වතා කෙරෙහි කළ ස්වල්ප වූ සත්කාරයෝ මහත්ඵල වෙති. එබැවින් සිල්වතා පූජා සත්කාරයන්ට භාජන වේ.


    “යා මනුස්සේසු සම්පත්ති යා ච දේවේසු සම්පදා,
    න සා සම්පන්නසීලස්ස ඉච්ඡිතෝ හෝති දුල්ලභා”

    තේරුම:
    මිනිස්ලොව යම් මිනිස් සැපතක් ඇත්තේ ද දෙව්ලොව යම් දෙව් සැපතක් ඇත්තේ ද ඒ සියල්ල සිල් ඇත්තහුට දුර්ලභ නැත.


    “අච්චන්තසන්තා පන යා අයං නිබ්බානසම්පදා
    සම්පන්නසීලස්ස මනෝ තමෙව අනුධාවති.”

    තේරුම :
    අතිශයින් ශාන්ත වූ යම් නිර්වාණ සම්පත්තියක් ඇත්තේ ද සිල්වතාගේ සිත ඒ නිවන කරා ම යන්නේ ය.
    සබ්‍ර‍හ්මචාරීන්ට ප්‍රියමනාප වීම ආදී කොට ඇති අනුසස් රාශියක් සීලයෙන් ලැබිය හැකි බව ආකංඛෙය්‍ය සූත්‍රාදියෙහි වදාරා ඇත්තේ ය. කොටින් කියත හොත් මේ ශීලය සකල ලෞකික ලෝකෝත්තර සම්පත් ම ලබා දෙන්නක් බව කිය යුතුය.



    ශාසනාවතරණය ග්‍රන්ථය / pitaka.lk