දස්ස අසල්වැසියා
අපේ අසල්වැසි ඉන්දියාව කියපු ගමන් අපේ හිතට එන්නේ එතරම් මිත්‍රශීලී හැඟීමක් නම් නෙමේ තමයි.ලංකාව පැරදුනාට වඩා දුකයි ඉන්දියාව දිනුවම කියලා කියන්නේ නිකමට නෙමේනෙ පුතාලා. හැබැයි ඉන්දියාව මොන පිස්සු වැඩ කලත් ඉඳල හිටලා හොඳ වැඩත් කරනවා ඇති ඉතින්. ඉන්දියානු ෆන් ගැන හැමදාම කතා වෙන නිසා අද ලෝකෙට ෆන් දුන්නු ඉන්දියානුවෙක් ගැන කියන්නයි යන්නේ.

මෙයාගෙ නම ස්පාර්ශ් ශාහ්. 2003 ඇමරිකාවේ ඉපදුනු මෙයා උපතින්ම osteogenesis imperfecta කියන රෝගයත් අරන් මයි එන්නේ. ඒ කියන්නේ ශරීරයේ ඇට ඉතාමත් දුර්වල වලා පොඩි හෙල්ලීමකින් උනත් කැඩෙන තත්වයට පත් වීම.
දැනටමත් අස්ථි බිඳීම 40ක් පමන අත්විඳලා තියන මෙයාව වීදුරු දරුවෙක් කියලා හඳුන්වන එකේ වරදක් නැහැ.
ඒත් බොහොමයක් රෝගී දරුවන් වගේ මෙයා නම් ඇඳට හෝ රෝද පුටුවට සීමා උනු කෙනෙක් නෙමෙයි. තමන්ට පුලුවන් තරම් දුරට ලෝකයත් එක්ක සම්බන්ද වෙන්න ඕනි කියන එක තදින්ම ඔලුවට දා ගත්තු මෙයා ඒකට එයාට වඩාත්ම සුදුසු ක්‍රමය හොයා ගන්නවා. ඒ තමයි සංගීතය. ඒ අනුව දෙමාපියන්ගේ මග පෙන්වීම යටතේ සංගීතය හදාරන මේ වීදුරු පුතා වයස අවුරුදු 13 වෙනකොට ගායකයෙක් සහ ගීත රචකයෙක් බවට පත් වෙනවා. ඒත් එක්කම එයාගෙ නිර්මාන වලට ඉන්ටනැෂන්ල් සම්මාන කිහිපයක් ලබා ගන්නත් එයාට පුලුවන් වෙනවා.එයා එයාගේ මියුසික් ස්ටයිල් එකට කියන්නේ PURYTHEM කියලා. එයා එමිනෙම් ගෙ I'm not afraid කියන සින්දුවට කරපු cover song එක සෝෂල් මීඩියා හරහා ලෝකෙ පුරාම ජන්ප්‍රිය වෙන්නේ එක රැයින්. එයාව අගය කරලා දිරිමත් කරන් දහසක් දෙනා අතරේ හිප් පොප් කිංග් එමිනෙමුත් ඉන්න එක අනිවා විශේෂයි.

ඒත් එක්කම මෙයා එයාට ලැබුනු ජන්ප්‍රියත්වය ප්‍රයෝජනට අරගෙන් එයා වගේ ලෙඩ උනු තවත් දරුවන්ට උපකාර කරන්නත් ජීවිතේ කලකිරිලා ඉන්න අය වෙනුවෙන් දිරිගැන්වීම් ඒ කියන්නේ මෝර්ටිවේෂනල් ලෙක්චර්ස් දෙන්නත් පටන් අරන් තියෙන්නේ.
https://youtu.be/bC0hlK7WGcM
https://youtu.be/CqwzlMUt9oM
මනා භාශා හැසිරවීමේ කුසලතාවක් ඇති මේ දරුවා ගැන මම ප්‍රශංශා මුඛයෙන් කතා කිරීම අතිශයෝක්තියක් නොවේ. පොඩ්ඩක් ඩේටා වැය කරලා මේ වීඩීයෝ දෙක බැලුවොත් ඔයාලන් මෙයා ගැන ඒ මුඛයෙන්ම කතා කරයි කියලා මට ෂුවර්.
ඉතින් රට ඉන්දියාව උනත් මෙයා ගැන අගය කරන්න මට හිතුනේ ඇත්තෙන්ම එයාගේ කතාවෙන් අපිටත් ගන්න දෙයක් තියන් නිසා.
මේක බලලා මටත් රෙප් ටිකක් එහෙම දුන්නොත් මන් ඔයාලවත් අගය කරන එක කාටවත් නවත්තන්න බැ.

Last edited: