දස අවුරුදු වැඩ සැලැස්ම
2600 සම්බුද්ධත්ව ජයන්තිය ඉතා සාර්ථකව පැවැත්වීම උදෙසා මෙහෙයුම් කමිටුවක් පත්කොට ඒ තුළින් ලාංකික සමාජය ශ්‍රද්ධාවෙන් හා ප්‍රඥාවෙන් පුබුදුවා අර්ථවත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පූර්ණ සහාය ලබාදීම පිළිබඳව ඉමහත් ප්‍රසාද පූර්වක ආශීර්වාදය අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත, පළමුව පිරිනමමු.
එකී වැඩ පිළිවෙළට සම්බන්ධ පහත දැක්වෙන සිව් වැදෑරුම් ක්ෂේත්‍රයන්ට අදාළ යෝජනාවලිය මෙහෙයුම් කමිටුව මඟින් සකසා සම්මත කොට දස වසරක කාලය තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමන් වෙත ශාසනාලයෙන් යුතුව ඉදිරිපත් කරමු.
1. ශාසනාභිවෘද්ධිය
යෝජනා අංක - 1
පහත දැක්වෙන ශාසනික පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුව මඟින් සම්මත කර ක්‍රියාත්මකකිරීම.
2600 සම්බුද්ධත්ව ජයන්ති විසිවැදෑරුම් වැඩ පිළිවෙළ යටතේ සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා වැදගත් වන ශාසනික අණපනත් කීපයක්ම සඳහන් වේ. මෙහෙයුම් කමිටුව විශේෂ අවධානයක් ඒ වෙනුවෙන් යොමුකරන ලද අතර මෙහෙයුම් කමිටුව විසින් පත්කරගත් අනුකමිටුව මාර්ගයෙන් වාර ගණනාවක් රැස්වී අදාළ පාර්ශ්වයන් කැඳවා සාකච්ඡා කොට අදාළ නිළධාරීන් මෙහෙයවා සමාලෝචනය කරවා ගන්නා ලද පනත් කෙටුම්පත් මෙසේ ය.
i. බෞද්ධ විහාර දේවාලගම් ආඥාපනත සංශෝධන කිරීමේ පනත් කෙටුම්පත
දීර්ඝ කාලයක් තිස්සේ පිළියෙළ කොට සාකච්ඡා කරමින් පැවතුනු මෙම සංශෝධන කෙටුම්පතේ විධිවිධාන සම්බන්ධයෙන් මල්වතු හා අස්ගිරි පාර්ශ්වයන්හි මහානායක මාහිමපාණන් වහන්සේලාගේ ද, අමරපුර හා රාමඤ්ඤ නිකායන්හි මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ ද ලිඛිත අනුමතිය මේ වන විට ලබා දී ඇත.
ඒ අනුව මෙම කෙටුම්පත සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග නොපමාව ගත යුතුව ඇත.
විනයානුකූල සංඝ සමාජයක පැවැත්ම තහවුරු කිරීමේ අරමුණින් කථිකාවත් ලියා පදිංචි කරවා ගැනීම ඒ ඒ නිකායේ අභිමතය හා අභිලාශය පරිදි ඉටුකරගත හැකි බවට ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලා එකඟතාව පළකර ඇත. ඒ ඒ නිකායන්ට සිය අභිමතය පරිදි තම කථිකාවත් ලියාපදිංචි කරවා ගැනීමට මෙමගින් අවස්ථාව සැලසේ.
ඉහත කී කෙටුම්පත් අතුරින් ඇතැම් ඒවා දැනටමත් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.
ක්‍රියාත්මක කිරීම සහ අවසන්කළයුතු ඉලක්ක වර්ෂය
ක්‍රියාත්මක කළ යුතු ආයතනය :-
I. බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය
යෝජනා අංක - 2
ත්‍රිපිටක ධර්මය ලියැවී ඇති පාලි භාෂාවශ්‍රී ලංකාව තුළ සුරක්ෂිත කිරීමට සහ එහි අභිවෘදධිය උදෙසා පියවර ගැනීම. 2015 වෙසක් පුණු පෝ දිනට පෙර
පාලි භාෂාවෙන් (මාගධි භාෂාවෙන්) ලියැවී ඇති සූත්‍ර විනය හා, අභිධර්ම යන ත්‍රිපිටක බුද්ධ ධර්මය හරියාකාරවත් අංග සම්පූර්ණවත් හැදෑරීමටත්, ශ්‍රාවකයන්ට හා දායකයන්ට පැහැදිලිව දේශනා කිරිමටත් පාලි භාෂාව පරතෙරට ඉගෙනගත් පැවිදි හා ගිහි පිරිසක් බිහිවීම සම්බුද්ධශාසනයේ ආරක්ෂාවටත්, චිරස්ථිතියටත්, පෝෂණයටත් ඉවහල්වන අත්‍යවශ්‍ය සාධකය වේ. මේ බැව් මැනවින් වටහාගත් මෙම මෙහෙයුම් කමිටුව ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ පාලි භාෂා ප්‍රවිනයන් වශයෙන් චිර ප්‍රසිද්ධව වැඩ සිටින හා කටයුතු කරන සම්භාවනීය පැවිදි සහ ගිහි යන දෙපාර්ශ්වයේම වියතුන් විශේෂ අනුකමිටුවක් වශයෙන්, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ද, අනුමැතිය ඇතිව පත්කර ගෙන, වාර කීපයක්ම රැස්කරවා ගෙන පාලි භාෂාව මේ රටතුළ තවදුරටත් සුරක්ෂිතව ජීව භාෂාවක් වශයෙන් පවත්වා ගැනීමේ අරමුණින් පාලි භාෂාවේ අභිවර්ධනය පිණිස යෝජනාවලියක් නිර්දේශ කරවා ගන්නා ලදි.
ඒ අනුව කමිටුව විසින් ගන්නා ලද තීරණය පරිදි බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලය හා බුද්ධශාවක භික්ෂු විශ්ව විද්‍යාලය මඟින් එම කටයුතු ඉටු කරවා ගැනීමට ඇති හැකියාව විමසා බැලීම අමාත්‍ය මණ්ඩලයේ තීරණය වී ඇත. පාලි භාෂාවේ අභිවර්ධනය පිණිස ගතයුතු සම්පූර්ණ ක්‍රියාමාර්ග පැහැදිලි කරමින් මෙහෙයුම් කමිටුව විසින් බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය වෙත නැවත යොමු කළ කරුණු හා නිරීක්ෂණ කෙරෙහි විශේෂයෙන් සැළකිලිමත් විය යුතු බව කමිටුවේ පිළිගැනීමය.
ක්‍රි.පූ 3 වැනි ශතවර්ෂයේදී මිහිඳු මහරහතන් වහන්සේ විසින් බුදුදහම ශ්‍රී ලංකාවට හඳුන්වාදීමත් එය මේ රටේ ස්ථාපිතවිමත් නිසා බුදුදහමේ මුලස්ථානය වෙමින් ඉන්දියාව ඇතුළු අනිකුත් රටවලත් බුදුදහම පතුරුවාලීමෙහිලා ප්‍රධානම කාර්යභාරය උසුලමින් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුළු ලෝකය තුළම සැමදාම සිහිපත් කරවන තත්වයට පත් කරවීමට ශ්‍රී ලංකාව සමත් වූයේ පාලි භාෂාව මුල්කරගෙන බව කමිටුව සිහිපත් කරයි.
ශ්‍රි ලංකාවේ සම්බුද්ධශාසනයේ පැවැත්ම තහවුරු විමට නම් පාලි භාෂාව මැනවින් උගත් පැවිදි හා ගිහි පිරිසක් බිහිවීමේ වැදගත්කම, ශ්‍රි ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුසසුනේ ආරක්ෂාව චිරස්ථිතිය හා පෝෂණය ගැන වගකීම භාරව සිටින ශ්‍රී ලංකා රජය විසින් මැනවින් අවබෝධ කර ගෙන, පාලි භාෂාවේ ප්‍රවර්ධනය උදෙසා අවශ්‍ය සියළු අනුශාංගික පියවරවල් රජයේ මැදිහත්වීමෙන් ගත යුතුව තිබෙන බව, මෙහෙයුම් කමිටුව දැඩිව විශ්වාස කරයි. සංස්කෘත භාෂාවේ අභිවර්ධනය උදෙසා ඉන්දියානු රජය ගෙන ඇති පියවර හා සමානව පාලි භාෂාවේ අභිවර්ධනය උදෙසා පියවර ගත යුතු බව මෙහෙයුම් කමිටුව රජයේ අවධානයට යොමු කර සිටී. ඒ අනුව බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සහ පාලි භාෂා අධ්‍යයන අංශ සහිත විශ්වවිද්‍යාල, ප්‍රාචීනභාෂෝපකාර සමිතිය ආදි වශයෙන් විවිධ රාජ්‍ය ආයතන වෙතින් පාලි භාෂාවේ උන්නතිය වෙනුවෙන් ඉටුවිය යුතු වගකිම් ඉටුකරවා ගැනීමේ සහ එම සියළුම ආයතන මෙහයවීමේ අධිකාරි බලය සහිත ව්‍යවස්ථාපිත ආයතනයක් ඇති කොට ඊට පාලි භාෂාවේ ප්‍රවීණ වියතුන් පත්කරවා පාලි භාෂාවේ සුරක්ෂිතතාව හා එහි අභිවර්ධනය උදෙසා අවශ්‍ය විධිවිධාන සලසා දෙන ලෙසට 2600 සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුව අතිගරු ජනාධිපති තුමාගේ අවධානයට විශේෂ කාරණයක් වශයෙන් යොමු කරවා සිටී.
මෙම කටයුතු පාසල් මට්ටමේ සිට ආරම්භ විය යුතු බවද කමිටුව පෙන්වා දෙයි.
ක්‍රියාත්මක කළ යුතු ආයතන :-
I. බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව
II. අධ්‍යාපන අමාත්‍යංශය
III. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය
යෝජනා අංක -3
භික්ෂූත්වයට ප්‍රමුඛත්වය ලැබෙන පරිදි පිරිවෙන් අධ්‍යාපනය සැකසීම. 2015 වෙසක් පුණු
පෝ දිනට පෙර
ආරම්භයේදී පිරිවෙන් අධ්‍යාපනය පාලි, සිංහල, සංස්කෘත ආදී භාෂාවනුත් ත්‍රිපිටක ධර්මයත් පමණක් ඉගැන්වීමට සීමාවීම නිසා ඒ මඟින් බිහි වූ ධර්මධර හා විනයධර භික්ෂූන් වහන්සේලා සම්බුද්ධශාසනයට ආලෝකයක් වූ නමුදු පසු කාලීනව අධ්‍යයන පොදු සහතික පත්‍ර පාථමාලාවට අයත් විෂයයන් ද ඉගැන්වීම පිණිස පිරිවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය පුළුල් කිරීම හේතුවෙන් භික්ෂූන් වහන්සේලා ද එම නව විෂයයන් ඉගෙනිමට පෙළඹීම නිසා සහ වර්තමානය වන විට එම විෂයයන් ඉගැන්වීම පිණිස පිරිවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය පුළුල් කිරීම හේතුවෙන් වර්තමානය වන විට පිරිවෙන්වල පාලි භාෂාව ආදිය ඉගෙනීම මෙන්ම ඉගැන්වීම ද පිරිහී ගිය බවත්, ඒ නිසා ධර්මධර, විනයධර භික්ෂු සමාජයක් බිහිකිරීමේ අපේක්ෂාව ද ඉටුකර ගත නොහැකි වන බවත්, මෙහෙයුම් කමිටුව විශේෂයෙන් සැළකිල්ලට ගන්නා ලදි.
යහපත් භික්ෂු ආකල්පවලින් යුත් ධර්මධර හා විනයධර භික්ෂු පරපුරක් බිහිකර ගනිමින් සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව හා චිරස්ථිතිය තහවුරු කර ගැනීම හා ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල යෙදෙන පරිදි පිරිවෙන් අධ්‍යාපනය සකස් විය යුතු බවද මෙහෙයුම් කමිටුව අදහස් කරයි.
ඒ අනුව භික්ෂූත්වයට ද ප්‍රමුඛතාවය හිමිවන පරිදි පිරිවෙන් අධ්‍යාපනය සකස් විය යුතු බවට කමිටුව යෝජනා කරයි.
ක්‍රියාත්මක කළ යුතු ආයතනය :-
I. අධ්‍යාපන අමාත්‍යාංශය
යෝජනා අංක - 4
සිල් මාතාවන්ගේ දැනුම හා කුසලතා ප්‍රවර්ධනය සඳහා පහසුකම් සැලසීම. 2013 වෙසක් පුණු
පෝ දිනට පෙර
දිවයින පුරා සිටින සිල්මාතාවන්ගේ දහම් දැනුම හා උපදේශන කුසලතා වැඩි දියුණු කර දෙමින් වඩා පුළුල් ශාසනික හා සාමාජික සේවාවක් ඉටුකර දිමට අවස්ථාව සැළසීමක් වශයෙන් අවම වශයෙන් එක දිස්ත්‍රික්කයකට එක අධ්‍යාපන ආයතනයක් බැගින් පිහිටුවීමට කටයුතු කළ යුතු බවත්, ඒවාට රාජ්‍ය අනුග්‍රහය ලබාදිය යුතු බවත්, මෙහෙයුම් කමිටුව යෝජනා කරයි.
තවද ප්‍රාචීන භාෂෝපකාර සමිතිය පවත්වන විභාගවලට සිල්මාතාවන්ට පෙනී සිටීමේ ඉඩප්‍රස්ථා හා පහසුකම් පුළුල් කළ යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය අනුශාංගික ක්‍රියාමාර්ග ගත යුතු බවත්, කමිටුව පෙන්වා දෙයි.
ක්‍රියාත්මක කළ යුතු ආයතන :-
I. බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය,
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව
II. අධ්‍යාපන අමාත්‍යංශය
යෝජනා අංක - 5
පුරා විද්‍යා භුමි ආරක්ෂා කිරීම, පුරා විද්‍යා ස්ථාන සංරක්ෂණය කිරීම, සහ සංඥා නාමපුවරු සවිකිරීම හා එම ස්ථානයන්හි භිකෂුන් වහන්සේලාට විහාරස්ථාන පවත්වා ගෙනයමින් ආරක්ෂිතව වන්දනාමාන කිරීමට ඉඩකඩ සැලසීම සහ අනුශාංශික නීතිමය ප්‍රතිපාදන සැළසීම. වාර්ෂිකව අඛණ්ඩව
2600 සම්බුද්ධත්ව ජයන්ති විසිවැදෑරුම් වැඩ පිළිවෙළ යටතේ ශ්‍රි ලංකාව තුළ විවිධ ප්‍රදේශවල පිහිටි පුරා විද්‍යා භූමි ආරක්ෂා කිරීම, පුරා විද්‍යාස්ථානයන්හි පිහිටා ඇති චෛත්‍යය, ස්ථූප , දාගැබ් ආදී පෞරාණික බෞද්ධ සංකේත සංරක්ෂණය කිරීම, එම පුරා විද්‍යා ස්ථාන හඳුන්වාදෙන සංඥා නාම පුවරු සවිකිරිම මෙන්ම එම පුරා විද්‍යා ස්ථානයන්හි විහාරස්ථාන පවත්වා ගෙන යන භික්ෂූන් වහන්සේලාට ඒ සඳහා ඉඩකඩ දෙමින් බෞද්ධ මහජනතාවට වන්දනා මාන කර ගැනීමට පහසුකම් සලසාදීමට සහ ඊට අනුශාංගික නෛතික විධිවිධාන යෙදීමට පියවර ගත යුතු බව මෙහෙයුම් කමිටුව අවස්ථා ගණනාවක දී සාකච්ඡා කොට එම විෂයයන් හා සම්බන්ධ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වෙත දන්වා ඇත. මෙම කාරණා සම්බන්ධයෙන් මෙහෙයුම් කමිටුව විශේෂයෙන් ජාතික උරුම අමාත්‍යාංශය, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, එවකට පැවති පූජා භූමි සංවර්ධන හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව හා වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආදී විෂය පැවරි ඇති රාජ්‍ය ආයතන නියෝජිතයන්ද එම ස්ථානයන්හි විහාරස්ථාන පවත්වා ගෙන යමින් ඒවායේ ආරක්ෂාව සළසා දෙන භික්ෂුන් වහන්සේලා ද අවස්ථා ගණනාවකදීම කැඳවා සාකච්ඡා පවත්වා සුදුසු තීරණ ගෙන ඒ අනුව එම කාර්ය භාරයන් ඉටුකරවා දෙන මෙන් අදාල ආයතන වලට විශේෂයෙන් දැනුම් දෙන ලදි.
එහෙත් පුරා විද්‍යා භූමි සම්බන්ධයෙන් විවිධ ගැටලු මතුවී තිබූ දීඝවාපිය, හෙනන්නේගල, කූරගල, මුහුදු මහා විහාරය, මගුල් මහා විහාරය, ගෝකණ්ණ විහාරය, ආදී ස්ථාන වල පවත්නා ගැටළු පිළිබඳව මෙතෙක් විසඳුම් ලැබී නැත.
දිවයිනේ පිහිටි පුරාවිද්‍යා ස්ථාන, ඒවා නරඹන සංචාරකයන් උදෙසා සංරක්ෂණය කිරිමටත්, ශ්‍රී ලාංකික ළමා පරපුරට සිය ප්‍රෞඩ ඉතිහාසය ගැන දැන ගැනීමටත්, එම ස්ථාන හඳුන්වා දීමේදී පුරාණයේදී භාවිතාවූ නම් ද දක්වමින් සංඥානාම පුවරු සවි කිරීමටත් පියවර ගැනිමට ජාතික උරුම අමාත්‍යාංශය හා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව වෙත ද මෙහෙයුම් කමිටුව විසින් උපදෙස් දි ඇත. එම නාම පුවරු සාදවා දීමට ඉදිරිපත්වීම අගය කරන අතර ලාහුගල පිහිටි මඟුල් මහා විහාර පුරා විද්‍යා භූමිය තුළ ද යම් සංවර්ධන කටයුතු ඉටුකළ යුතුව ඇති බවද පෙන්වා දෙයි.
විශේෂයෙන් 2013 වර්ෂයේ දැයට කිරුල ප්‍රදර්ශනය හා සමගාමීව නැගෙනහිර පළාතේ ඉහත කී පුරා විද්‍යා ස්ථාන මහජනතාවගේ වැඳුම් පිඳුම් පිණිස සංරක්ෂණය කොට සංවර්ධනය කර ගැනිම අරභයා විධිමත් මෙහෙයවීමක් කළ යුතුව ඇති බව මෙහෙයුම් කමිටුව විශේෂයෙන් අවධාරණය කර සිටී.
ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ද රජය විසින් සළසා දිය යුතු බවද කමිටුව යෝජනා කරයි.
ක්‍රියාත්මක කළ යුතු ආයතන :-
I. ජාතික උරුමය අමාත්‍යංශය, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව
II. පරිසර අමාත්‍යංශය, වන ජීවි සංරක්ෂණ දෙර්පාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
III. බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය , බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව,
-------------------------------------------------------------

බුදු දහමේ චිරස්ථිතිය පිණිස දස අවුරුදු වැඩ සැලැස්ම

2600 සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුව
(2012 වෙසක් පෝදා සිට ඉදිරියට)
2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන්
2012 වෙසක් පෝ දින සිට ඉදිරි දස වසරක කාලය තුළ
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා සහ සදාචාරවත්
ශ්‍රී ලාංකික සමාජයක් බිහිකිරීම සඳහා
ක්‍රියාත්මක කිරීම පිණිස
සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුව විසින්
යෝජනා කරන වැඩ සටහන.
2600 සම්බුද්ධත්ව ජයන්තිය ඉතා සාර්ථකව පැවැත්වීම උදෙසා මෙහෙයුම් කමිටුවක් පත්කොට ඒ තුළින් ලාංකික සමාජය ශ්‍රද්ධාවෙන් හා ප්‍රඥාවෙන් පුබුදුවා අර්ථවත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පූර්ණ සහාය ලබාදීම පිළිබඳව ඉමහත් ප්‍රසාද පූර්වක ආශීර්වාදය අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත, පළමුව පිරිනමමු.
එකී වැඩ පිළිවෙළට සම්බන්ධ පහත දැක්වෙන සිව් වැදෑරුම් ක්ෂේත්‍රයන්ට අදාළ යෝජනාවලිය මෙහෙයුම් කමිටුව මඟින් සකසා සම්මත කොට දස වසරක කාලය තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමන් වෙත ශාසනාලයෙන් යුතුව ඉදිරිපත් කරමු.
- I. ශාසනාභිවෘද්ධිය
- II. සදාචාර වර්ධනය
- III. දහම් අධ්‍යාපනය
- IV. මාධ්‍ය දායකත්වය
1. ශාසනාභිවෘද්ධිය
යෝජනා අංක - 1
පහත දැක්වෙන ශාසනික පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුව මඟින් සම්මත කර ක්‍රියාත්මකකිරීම.
2600 සම්බුද්ධත්ව ජයන්ති විසිවැදෑරුම් වැඩ පිළිවෙළ යටතේ සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා වැදගත් වන ශාසනික අණපනත් කීපයක්ම සඳහන් වේ. මෙහෙයුම් කමිටුව විශේෂ අවධානයක් ඒ වෙනුවෙන් යොමුකරන ලද අතර මෙහෙයුම් කමිටුව විසින් පත්කරගත් අනුකමිටුව මාර්ගයෙන් වාර ගණනාවක් රැස්වී අදාළ පාර්ශ්වයන් කැඳවා සාකච්ඡා කොට අදාළ නිළධාරීන් මෙහෙයවා සමාලෝචනය කරවා ගන්නා ලද පනත් කෙටුම්පත් මෙසේ ය.
i. බෞද්ධ විහාර දේවාලගම් ආඥාපනත සංශෝධන කිරීමේ පනත් කෙටුම්පත
දීර්ඝ කාලයක් තිස්සේ පිළියෙළ කොට සාකච්ඡා කරමින් පැවතුනු මෙම සංශෝධන කෙටුම්පතේ විධිවිධාන සම්බන්ධයෙන් මල්වතු හා අස්ගිරි පාර්ශ්වයන්හි මහානායක මාහිමපාණන් වහන්සේලාගේ ද, අමරපුර හා රාමඤ්ඤ නිකායන්හි මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ ද ලිඛිත අනුමතිය මේ වන විට ලබා දී ඇත.
ඒ අනුව මෙම කෙටුම්පත සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග නොපමාව ගත යුතුව ඇත.
- ii. බුද්ධශාසන පනත් කෙටුම්පත -
- iii. බෞද්ධ ප්‍රකාශන නියාමනය කිරීමේ පනත් කෙටුම්පත -
- iv. දසසිල්මාතාවන් හා එම ආරාම සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පත
- v. කථිකාවත් ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පත
විනයානුකූල සංඝ සමාජයක පැවැත්ම තහවුරු කිරීමේ අරමුණින් කථිකාවත් ලියා පදිංචි කරවා ගැනීම ඒ ඒ නිකායේ අභිමතය හා අභිලාශය පරිදි ඉටුකරගත හැකි බවට ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලා එකඟතාව පළකර ඇත. ඒ ඒ නිකායන්ට සිය අභිමතය පරිදි තම කථිකාවත් ලියාපදිංචි කරවා ගැනීමට මෙමගින් අවස්ථාව සැලසේ.
- vi. අසම්මත ලෙස ආගම්වලට හරවා ගැනීම් වැළැක්වීමේ පනත් කෙටුම්පත
ඉහත කී කෙටුම්පත් අතුරින් ඇතැම් ඒවා දැනටමත් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.
ක්‍රියාත්මක කිරීම සහ අවසන්කළයුතු ඉලක්ක වර්ෂය
- I. බෞද්ධ විහාර දේවාලගම් ආඥාපනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත - 2013 වෙසක් පුණු පෝ දිනට පෙර
- II. බුද්ධ ශාසන පනත් කෙටුම්පත - එම
- III. බෞද්ධ ප්‍රකාශන නියාමනය කිරීමේ පනත් කෙටුම්පත - එම
- IV දස සිල්මාතාවන් හා සිල්මාතා ආරාම පිළිබඳ පනත් කෙටුම්පත - එම
- V. කතිකාවත් ලියා පදිංචි කිරීමේ පනත් කෙටුම්පත - එම
- VI අසම්මත ලෙසට ආගම්වලට හරවා ගැනීම් වැළැක්වීමේ පනත් කෙටුම්පත. - එම