දස මහා යෝධයන්ගේ කතාව
දස මහා යෝධයන්ගේ කතාව
රොෂාන් ප්‍රසන්න බණ්ඩාර රජරට විශ්වවිද්‍යාලය
කාවන්තිස්ස රජුගේ ආරක්ෂක සංවිධානය යටතේ ඔහු කළ ප්‍රධානතම කාර්යය වන්නේ තම හමුදාවට නායකත්වය දීම සඳහා ප්‍රධාන යෝධයන් දස දෙනකු තෝරා පත් කර ගැනීමයි. ඔහුට පෙර රජ කළ ඔහුගේ පියාගේ (ගෝඨාභය) යුධ හමුදාව සිටිය දී ඔහු මෙසේ දසමහා යෝධයන් රැස්කොට විශාල හමුදාවක් නිර්මාණය කළේ නිසැකවම රෝහණ රාජ්‍යය ආරක්ෂා කිරීමටත්, අනුරාධපුර රාජධානිය සතුරු උවදුරින් බේරා ගැනීමටත් බව හඳුනාගත හැකිය. තෙපි එක එකා යෝධයන් දස දෙනා සොයව්’යි කීවේය. (මහාවංසය, පරි.23, ගාථා 97-101) මේ සිද්ධිය සද්ධර්මාලංකාරයේ ද මෙයට සමානව දක්වා ඇත. (සද්ධර්මාලංකාරය, පිටුව 527) ඔහු එය සිදු කළේ ඒ ඒ ගම්වල පැවති නායක කුලවල පිරිසගෙනි.
දස මහා යෝධයන් පිළිබඳව මහාවංස කතුවරයා එක් පරිච්ඡේදයක් වෙන් කර පාලි පද්‍ය 102 කින් ඔවුන් පිළිබ`ද විස්තර කිරීම ඉතා වැදගත් අවස්ථාවකි. මහාවංස කතුවරයා විසින් ශ්‍රී ලංකා දAවීපය විදේශ ආධිපත්‍යයෙන් මුඳවා ගනිමින් නිරවුල් දේශයක් බවට පත් කර බුදුසසුනේ උන්නතිය උදෙසා දස මහා යෝධයන් කළ කැපවීම අගය කිරීමටත් ඔවුන්ට ගෞරවයක් ලෙස ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය, පෞර්ෂත්වය, විස්මයජනකභාවය ආදී සියල්ල විස්තර කිරීම කතුවරයාගේ අභිලාශය වන්නට ඇත. දසමහා යෝධයන් ලෙස නන්දිමිත්ර, සුරනිමල, මහාසෝණ, ගෝඨයිම්බර, ථෙරපුත්ථාභය, භරණ, වේළුසුමණ, ඛංජදේව, ඵුස්සදේව, සහ ලභිය වසභ දැක්විය හැකිය. (මහාවංසය, පරි.23, ගාථා 02-03)
මහාවංසයේ පමණක් නොව සහස්සවත්ථුප්පකරණය, රසවාහිනිය, සද්ධර්මාලංකාරය ආදී වංශකතාවල ද ඒ පිළිබඳව ස`දහන් වී ඇති අතර ඒවායෙහි ඔවුන් පිළිබ`ද සවිස්තරව දක්වා ඇත. මෙම වංශකතාවල දැකිය හැකි සුවිශේෂි ලක්ෂණ වන්නේ මහාවංසයේ ස`දහන් නොවන, යෝධයන්ගේ පෙර ආත්මභව ගැන තොරතුරු ඉදිරිපත් කර තිබීමයි.
නන්දිමිත්ර යෝධයා
එළාර රජතුමා රාජ්‍යය කරන කාලයේ මිත්ත නම් සෙනෙවියෙක් වූහ. ඒ සෙනෙවියාගේ නැගණියක් සිතුල්පව්ව සමීපයෙහි කඩරොද්ද නම් ගමෙහි විසුවාය. මෙම නැගණියටත් කුල පුත්‍රයාටත් පුතෙකු විය. ඔහුට නම් තබන දෙමාපියෝ මළණුවන්ගේ නම එලෙසම ගෙන ‘මිත්ත’ යෑයි නම් තැබුවේය. ඔහු ඉතා ළදරු අවස්ථාවෙහිම මහත් වූ බලයක් ඇති ශක්ති සම්පන්න පුද්ගලයෙක් වූවේය. දෙමව්පියෝ ඔහු ඇවිදීමට පටන් ගත් අවස්ථාවේ ඔහු රඳවා යන විට ඔහුව වරපටින් බැඳ ඇඹරුම් ගලක බැඳ යන්නෝය. ඔහු එය ඇදගෙන තමන්ගේ දෙමාපියන් සිටින ස්ථානයට යන්නේය. ඒ දැක ඔහුගේ දෙමාපියන් ඔහුව ගෙන ගොස් උණ පඳුරක් ළඟ ඉන්නට සලස්වා ඔහුව එහි බැඳ තබයි. පසුව ඔහු උණ පඳුර මුලින් උදුරා ඇදගෙන ගොස් ඇත. මෙසේ විශාල බරක් ඇති දෑ ඇදගෙන යන නිසා මොහු නන්දිමිත්ර නම් විය. ඔහුට ඇතුන් දස දෙනකුගේ බලය ඇති බව කියවේ.
නන්දිමිත්ර දොළොස් හැවිරිදි වියේදී අනුරාධපුරයට ගොස් මිත්ත සෙනෙවිට සේවය කරයි. ඒ කාලයේ රජ කළ එළාර රජු දෙව්ලොවක් මෙන් තිබූ අනුරාධපුරය අමු සොහොනක් මෙන් විනාශ කර ඇත. ඒ කාලයේ දී දාගැබ් බිඳ දැමූහ. ශක්ති සම්පන්න ඔහු ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස මළුවේ අයථා පිළිපැදිම්වල යෙදුණු දෙමළ තරුණයන් දැක එක් පයකින් කලවය පාගා හස්තයෙන් ඉදිරි කලවය ගෙන දෙපළු කරන ලදී. ඔහු විසින් දමන ලද සිරුරු දෙවියෝ අතුරුදන් කර ඇත. මේ ආකාරයට නන්දිමිත්ර රාත්‍රියේ ගොස් දවස ගානේ දෙමළ පිරිස් මරණයට පත් කරයි. දෙමළ පිරිස අඩුවනු දැක ඇමතිවරු රජුට ඒ බව දැන්වූහ. මොවුන් අඩු වන්නේ යක්ෂයන් විසින් කරන ලද දෙයක් නිසා ද යන්න හඳුනාගත නොහැකි විය. එළාර රජු රාත්‍රියේ හැසිරෙන මිනීමරුවන් අල්ලාගෙන එන ලෙස නියෝග කළේය.
මෙසේ රජතුමා නියෝග කළ බව අසා නන්දිමිත්ර රුහුණේ වාසය කරන රජ දරුවන් වෙත ගොස් රාජ්‍යය එක්සත් කර ලෝක ශාසනය බැබළවීමට සිතා ගත්තේය. (මහා වංසය, පරි. 23, ගාථා 9-11) අනුරාධපුරයේ සිට දෙමාව්පියන් සමඟ රුහුණට ගොස් ‘කුඹුබන්’ නම් ගමේ වාසය කර ඇත. පසුව කාවන්තිස්ස රජු ආයුධ ශාලාවේ සිටින අවස්ථාවක එහි ගොස් විස්තර පවසා සිටියේය. එහි දී රජු කඩුවක් ගෙන නන්දිමිත්රට මුවහත් තැබීමට දුන්නේය. නන්දිමිත්ර කඩුව ගෙන පර්වතයක් කපා යන සේ එය මුවහත් කළේය. ඒ දැක කාවන්තිස්ස රජු සතුටු වී මහ විථියෙහි ගෙයක් ලබා දී මාගම විසීමට සලස්වා තම යුද්ධ සේනාවට නන්දිමිත්ර බඳවා ගත්තේය. (සද්ධර්මාලංකාරය, පිටු 556-571á සහස්සවත්ථුප්පකරණය, පිටු 26-28á මහාවංසය, පරි. 23, ගාථා 04-15á වංසත්ථප්පකාසිනිය, පිටුව 351á රසවාහිනිය, පිටු 78-81á රාජාවලිය, පිටුව 22á සිංහල ථූපවංසය, පිටු 132-134)
වංශකතාවල මෙන්ම ශිලා ලේඛනවල ද දසමහා යෝධයන් පිළිබඳව සඳහන් වන නිසා මහාවංසයේ කරුණු සනාථ කරගත හැකිය. සිතුල්පව්ව භූමියේ කොරවක්ගල ලිපියක මිත නම් සෙන්පතියෙකු පිළිබඳව සඳහන් වේ. “දීදෙවනපිය රජ අභියස සෙනපති පරුමක මිත ලෙනෙ අගත අනගත – චතුදිශ සගස දිනෙ” (^Inscription Of Ceylon – Volume I, p.47) යනුවෙන් දක්වා ඇත. නැට්ටුක්කන්ද සෙල්ලිපියේ නන්දිමිත්ර දුටුගැමුණුගේ සෙන්පතියා බව දක්වා තිබේ. පරුමක නදිත පුත පරුමක මිතහ ලෙන ම ඤහ සුදශන අගත අනගත චතුදි ඤශ% ශශශ දිනෙ” (^Inscription Of Ceylon – Volume I, p.13) යනුවෙන් එහි දක්වා ඇත. කුඩුම්බිගල සෙල්ලිපියේ දැක්වෙන්නේ පහත අයුරිනි. පරුමක නදික පුතශ පරුමක මිතශ ලෙන මහා සුදශන ශශශ දිනෙ” (Inscription Of Ceylon –
Volume I, p.38) යනුවෙනි.
වේළුසුමන යෝධයා
ගිරි නම් දනව්වේ කුටුම්බියංගන නම් ගමේ කුටුම්බි වසභ නම් අයෙකුට වේලු නම් ගමෙහි වේළු නම් මිත්‍රයෙකු හා මාගම සුමන නම් යහළුවන් දෙදෙනකු විය. ඔවුන් දෙදෙනා තමන්ගේ මිත්‍රයෙකු වූ වසභ නම් අයට පුතකු උපන්නෙයි අසා බොහෝ පඬරු ගෙනවිත් පුතණුවන් දැක නම් තබන මංගල්ලයෙහි යහළුවන් දෙදෙනා තමන් දෙදෙනාගේ ‘වේළු’, ‘සුමන’ යන නම් දෙක එක්කොට වේළු සුමන යනුවෙන් නම් තබා තමන්ගේ ගමට ගියේය. එකල එක් අශ්වයකු කිසිම පුරුෂයකුට ඔහුගේ අසු පිටට නැඟීමට ඉඩ දුන්නේ නැත. ඒ අශ්වයා වේළුසුමන දැක මේ මට සුදුසුම අසරුය යෑයි සිතා සතුටු වී හේෂාරාවයක්a කර ඇත. ඒ දැක ගිරිභෝජක නම් අයෙක් අසු පිටට නගින ලෙස වේළුසුමනට කීවේය. වේළුසුමන අසු පිටට නැගී ඉතා දක්ෂ ලෙස අසු මෙහෙයවීය. ඒ දැක මොහු රාජ සේවයට සුදුසු යෑයි සිතා වේළුසුමනට කහවණු දස දහසක් දී කාවන්තිස්ස රජු වෙත යෑවූ බව කියවේ. (සද්ධර්මාලංකාරය, පිටු 591-596á සහස්සවත්ථුප්පකරණය, පිටු 83-87á මහාවංසය, පරි. 23, ගාථා 68-76á වංසත්ථප්පකාසිනිය, පිටු 358,359á සිංහල ථූපවංසය, පිටුව 139)
වේළුසුමන යෝධයා අශ්ව ශිල්පයේ හසල වූ දක්ෂ අශ්වාරෝහකයකු විය.
සුරනිමල යෝධයා
කෙලිවාර ජනපදයෙහි කඩවිටි නම් ගමෙහි සංඝ නම් බොහෝ සම්පත් ඇති අයකුට පුතුන් හත්දෙනෙක් වූහ. ඔහුට පුතුන් හත් දෙනකු සිටියේය. ඒ හත්දෙනා අතරින් ‘නිමිල’ නම් පුතු එසේ රාජ කුමාරවරුන්ගේ සේවයට ඉල්ලා සිටියේය. ඔහු ඇතුන් දස දෙනකුට සමාන බලයක් ඇත්තේය. එසේ බලය ඇතත් කිසිම කාර්යයක් දෙමාපියන් වෙනුවෙන් ඔහු ඉටු කළේ නැත. ඒ නිසා ඒ හත්දෙනා අතරින් නිමිල නම් පුත්‍රයා කුමාරයන් සමීපයට යෑවූහ. දෙමාපියන් ඔහුව එසේ යෑවීමට අකමැති වූවත් අනෙක් සහෝදරවරු ඔහු එයට පෙළඹවීය. ඔහු ඔවුන් සමග උරණ වී කඩවිට නම් ගමෙන් නික්ම දොළොස් ගව්වක් ගෙවා කසාතොටට ගොස් දීඝාභය කුමරු හමුවිය. දීඝාභය කුමරු ඔහුගෙන් විස්තර අසා සිටි විට ඔහු දොළොස් ගව්වක් ගෙවා හිරු නැගීමට පෙර පැමිණි බව පැවසුවේය.
දීඝාභය කුමරු ඔහුගේ ගමන පරීක්ෂා කිරීමට සිතා මිහින්තලා ගල සමීපයෙහි වූ කුණ්ඩල නම් බමුණා ළඟට ගොස් සඳුන්, කස්තුරි, කපුරු හා කළුවැල් ආදිය සුවඳ බඩු ද ගෙන එන ලෙස ඔහුට බත් කවා ලියුමක් දී යවා ඇත. මේ වන විට ඔහුට අවුරුදු දොළහක් පමණ විය. මහවැලි ගඟ ආසන්නයේ කසාතොට සිට මිහින්තලාවට ද, දොරමඩලාවට ද ඉන්පසු අනුරාධපුර නගරයේ වීථිවල සැරිසරා තිසා වැවෙන් දිය නා ශ්‍රී මහා බෝධිය, ථූපාරාමය වැඳපුදාගෙන පැමිණි කාර්යය ඉටු කර නැවත දොරමඩලාව, මිහින්තලය හරහා කසාතොටට පැමිණීමට ඔහුට ගත වී ඇත්තේ දින අඩකි. (මහාවංසය, පරි.23, ගාථා 19-34)
මහාවංසයේ මෙන්ම වංසත්ථප්පකාසිනීය, රසවාහිනිය, සද්ධර්මලංකාරය ආදී ග්‍රන්ථවල මේ පිළිබඳව විස්තර කර ඇත. ඒවායේ ඇතැම් ග්‍රන්ථවල සවිස්තරව මොහු පිළිබඳව දක්වා ඇත. සහස්සවත්ථූපකරණයේ දැක්වෙන ආකාරයට සුරනිමල පිළිබඳව මහාවංසයේ සඳහන් කර නොමැති කරුණු ද දක්වා තිබේ. කාවන්තිස්ස රජු ආයුධ කර්මාන්තශාලාවේදී බැහැදැකීම, කඩු 16ක් මුවහත් කිරීමට නියෝග කිරීම, එක කඩු පහරින් කර්මාන්තශාලාවේ සිටි කර්මාන්තකරුවන් 500ක් මරණයට පත්කිරීම ආදී කරුණු දක්වා ඇත්තේ මහාවංසයේ සඳහන් නොවන ඒවා ලෙසය. (සහස්සවත්ථුප්පකරණය, පිටු 91-93) මේ කරුණු අනුව සුරනිමල යෝධයා වේගවත්ව ගමන් කිරීමට හැකියාවක් ඇති අයකු බව පැහැදිලිය. එමෙන්ම ඔහු දක්ෂ දුනුවායෙක් ද විය.
මහාසෝණ යෝධයා
හුන්දිරිවාපී නම් ගමේ තිස්ස නම් අයකුට සෝණ නම් අටවෙනි පුතෙක් විය. සත් හැවිරිදි කළ ඔහු තල් ගස් ගලවා දමයි. කල්යාමෙන් ඔහු ඇතුන් දස දෙනකුගේ බලයට සමාන ශක්ති සම්පන්න අයකු විය. (මහාවංසය, පරි.23, ගාථා 45-48) සද්ධර්මාලංකාරයේ දැක්වෙන ආකාරයට සොළොස් හැවිරිදි කල තල් කොල ආදී වෘක්ෂයන් බාහුවෙන් පහරමින් ඇවිදිති. (සද්ධර්මාලංකාරය, පිටු 569,570) යනුවෙන් දක්වා ඇත. මෙම පුවත අසා කාවන්තිස්ස රජු තිස්ස නම් අයට දහසින් බැඳි පියල්ලක් යවා මොහු සතුටු කර ඔහුව ගැමුණු කුමාරයා සමීපයෙහි සිටීමට සලස්වා ඇත. වංසත්තප්පකාසිනිය, සහස්සවත්ථුප්පකරණය, රසවාහිනිය ආදී ග්‍රන්ථවල මේ පිළිබඳව කෙටියෙන් දක්වා ඇත.
ථෙරපුත්ථාභය යෝධයා
කොටගල් ප්‍රදේශයේ කිත්ති නම් ගමේ ප්‍රධානියා වූ රෝහණ ගෘහපතිගේ පුත්‍රයා ථෙරපුත්ථාභය විය. (මහාවංසය, පරි.23, ගාථාව 61) ථෙරපුත්ථාභයගේ පියා මහා සුම්ම ස්ථවිරයන්ගේ උපස්ථායක විය. ස්ථවිරයන්ගෙන් බණ අසා ඔහු කොටගම වෙහෙරේදී සෝවාන් බවට පැමිණ සසර කලකිරී ඔහුගේ පුතු රජුට භාරදී පැවදි වූයේය. භාවනාවේ යෙදී රහත් බවට පැමිණි නිසා මේ තෙරුන්ගේ පුතු ථෙරපුත්ථාභය ලෙස හැඳින්වේ.
අවුරුදු දහය දොළහ කාලයේ හතර පස්දෙනකුට ඉසිළිය නොහැකි සුවිශාල ගල් එසවීමට හැකියාව තිබූ අයෙක් ලෙසත් වයස 16 පමණ වන විට සොළොස් රියන් දිග වට අටතිස් අඟල් ඇති යගදාවකින් පොල්, තල් කඳන් පැහැර බිමහෙලා ඇත. (මහාවංසය, පරි.23, ගාථා 55-63) ථෙරපුත්ථාභය යෝධයා ද මහා සටනින් පසුව පැවිදි විය. පසුව රහත් බව ලැබූ ථෙරපුත්ථාභය තෙරුන් දුටුගැමුණු රජුගේ මරණ මංචකයේදී රජුට සිත සකසා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය. රසවාහිනිය, සද්ධර්මාලංකාරය, සහස්සවත්ථුප්පකරණය ආදී ග්‍රන්ථවල ද මොහු පිළිබඳව බොහෝ කරුණු දක්වමින් විස්තර කර ඇත.
ගෝඨයිම්බර යෝධයා
ගිරි නම් දනව්වේ ‘නිසෙල්විටි’ නම් ගම මහා නාග නම් තැනැත්තෙකුගේ පුත්‍රයා වූ කලී දස ඇත් බල ඇත්තෙක් විය. මිටි සිරුරක් ඇති නිසා ‘ගෝඨක’ නම් විය. මොහු ඉඹුරු ගස් උදුරා දමමින් උඳු වැපිරීම පිණිස විශාල බිමක් දිනකින් සමතලා කිරීමට හැකි අයෙකු විය. (මහාවංසය, පරි.23, ගාථා 49-54) ගෝඨයිම්බර පිළිබඳව සද්ධර්මාලංකාරය, රසවාහිනිය ආදී ග්‍රන්ථවල කරුණු දැක්වෙන අතර ඒවායේ දැක්වෙන කරුණු මහාවංසයට වඩා වැඩි විස්තරයක් දක්වමින් ඉදිරිපත් කර ඇත. (සද්ධර්මාලංකාරය, පිටු 571-583ඳ රසවාහිනිය, පිටු, 87-89) පෙර ජන්මය පිළිබඳව ද, පුණ්යකර්ම ද, ගෝඨයිම්බර වැද්දන් සම`ග දඩයමේ ගිය පසු වැදි උගුලට හසු නොවී බේරී ගිය මුවෙකු පසු පස ලූහුබැඳ ගොස් පසු පස කකුල් දෙකෙන් අල්ලාගෙන හිසවටා කරකවා ඉඹුරු ගසක ගසා දෙකඩ කිරීම, පොල්ගස් සොළවා කුරුම්බා ගෙඩි බිම හෙලීම හා විලූඹෙන් ඇන ලෙලි ගසා රජුගේ පිරිවරට කසපැන් ලබාදීම, රිටිගල විසූ ජයසේන නම් යක්ෂයා සම`ග සටන් කිරීම ආදිය ඉතාමත් විශ්මය ජනක ලෙස ඉදිරිපත් කර ඇත.
ඉසුරුමුණි වාහල්කඩ සමීපයෙහි වූ විශාල උණ පඳුරු මුලින් බැඳ වමතින් අල්ලා ඇ`ද, උණ පඳුරු මුලින් උපුටා හිසවටා කරකවා දුරට විසිකිරීම ආදී වූ ගෝඨයිම්බරගේ කතා පුවත් යෝධයන් පිළිබඳව දක්වා ඇති කතන්දරවලින් ඉතා රසවත්ම කතා පුවතක් බව හඳුනාගත හැකිය. රිටිගල යක්ෂයා සමඟ ගෝඨයිම්බර යෝධයා සටන් කළේ දුටුගැමුණු රජු අනුරාධපුර සිහසුන දැරීමෙන් පසුව බව සහස්සවත්ථුප්පකරණය, සද්ධර්මලංකාරය යන කෘතිවල සඳහන්ව තිබේ. ගෝඨයිම්බර ජයසේන සමඟ සටන් කර පසුව දුටුගැමුණු රජු සම`ග අමනාප වී ගෝඨයිම්බර රට අතහැර කාවේරි පටුනට යාමත් හිමාලයේදී පැවිදි වූ බවත් පසුව රහත් වූ බවත් සඳහන් තොරතුරු නිර්මාණාත්මක ජන කතා පමණක් ද යන්න විමසා බැලිය යුතුය. මොහු උපත ලබා ඇත්තේ ගිsරි ජනපදයේ බව සද්ධර්මාලංකාරය, වංසත්තප්පකාසිනිය, සහස්සවත්ථුප්පකරණය ආදී සාහිත්‍ය ග්‍රන්ථවල සඳහන් කරයි. (සද්ධර්මාලංකාරය, පිටු 571-583ඳ වංසත්ථප්පකාසිනී, පිටු 355,356( සහස්සවත්ථුප්පකරණය, පිටු 94-100)
භරණ යෝධයා
කප් කදුරු නම් ගම්හි කුමාර කෙළෙඹි හට ‘භාර්ණ’ නම් වූ පුතෙක් විය. කුමාර නම් කෙළෙඹි භා_යාවට භරණ, කුස තුළ දස මාසයක් තබා ඔහු මව් කුසින් බිහි වූ වේලාවෙහි මව්පියන්ට රක්ෂාව පිණිස මහත් නිධානයක් ලැබිණි. ඒ දැක ඔහුගේ දෙමව්පියෝ අපගේ පුතණුවෝ අපට රක්ෂාව පිණිස නිධානයක් රැගෙන ආවා යෑයි ඇතිවූ සන්තෝසය හේතුවෙන් ඔහුට භරණ ලෙස නම් තැබූහ. (සද්ධර්මාලංකාරය, පිටු 589,590) ඔහු අවුරුදු දහය දොළහ පමණ වන විට සාවුන් ලූහු බැඳ පයින් පහර දී දෙකඩ කොට බිම ගැසූ බවත් අවුරුදු දහයේදී මොහු වනයට ගොස් මුවන්, ගෝනුන්, ඌරන් බිම දැමූ බවත් වංශකතාවල ස`දහන් කර ඇත. (මහාවංසය, පරි.23, ගාථා 65,66( රසවාහිනිය, පිටු, 96,97)
ඵුස්සදේව යෝධයා
සිතුල්පව්වේ ‘කපිට්ඨ’ නම් ගමේ උත්පල තැනැත්තෙකුගේ පුත්‍රයෙක් ලෙස ‘ඵුස්සදේව’ හඳුන්වා ඇත. ඔහු කුඩා කළ ගමේ මිතුරන් සමග විහාරයට ගොස් බෝධියට පුදන ලද හක්ගෙඩියක් ගෙන තරයේ පිඹීය. ඒ ශබ්දය විශාල ප්‍රදේශයක් පුරා පැතිරිණි. ගමේ මිතුරන් සියල්ලෝම බිය වී උමතු වූවන් සේ සිටියහ. ඒ හේතුවෙන් ඔහුට ‘උන්මාද ඵුස්ස් යෑයි නම් පට බැඳිණි. ඵුස්සදේව දක්ෂ දුනුවායෙකි. ඔහු විදින හී විදුලි වේගයක් බ`දු විය. වැලි පිරුණු ගැල අටගුල් පියා ලැහැල්ල සොළසාගුල් දිඹුල් ලැහැල්ල, යපට සතරගුල් ලොහොපට හීයෙන් විද එකී දැයින් විනිවිද යවයි. ඔහු දියෙහි ඉස්බක් දුර විදින අතර ගොඩදී අට ඉස්බක් දුර හී විදියි. (මහාවංසය, පරි.23, ගාථා 82-89) මහාවංසයට සමානව සද්ධර්මාලංකාරයේ ද මොහු පිළිබදව තොරතුරු දක්වා ඇත. (සද්ධර්මාලංකාරය, පිටු 598,599) වංශකතාවල මෙන්ම ශිලා ලේඛනවල ඵුස්සදේව ගැන ස`දහන් වේ.
ලභිය වසභ යෝධයා
තුලාධර පර්වත සමීපයේ වෙහෙර වෑගම විසූ මත්ත නම් අයකුගේ පුතු ‘වසභ’ නම් විය. ඔහුගේ ශරීර ලක්ෂණ නිසා ඔහු ‘ලභිය වසභ’ විය. ඔහු අවුරුදු විස්සක් පමණ වන විට මහත් කාය ශක්තියක් ඇති කෙනෙකු වූයේය. මොහු දහ දොළොස් අයෙකු විසින් ඉසිලිය යුතු පස් ගොඩවල් ඔසවා මහ වැවක් නිර්මාණය කළ බව දැක්වේ. (මහාවංසය, පරි.23, ගාථා 90-95)
මහාවංසය ඇතු`ඵ සාහිත්‍ය ග්රන්ථ කිහිපයකම දස මහා යෝධයන් පිළිබදව කරුණු දක්වා ඇති අතර එහිදී ඔවුන්ගේ ශක්ති සම්පන්නභාවය පිළිබ`දව අතිශයෝක්ති වර්ණනා ඇතුළත් කරමින් ඉදිරිපත් කර තිබේ. සද්ධර්මාලංකාරයේ යෝධයන් දස දෙනා ගැනම ස`දහන් වූවත් සහස්සවත්ථුප්පකරණයේ දැක්වෙන්නේ යෝධයන් කිහිපදෙනකු පමණි. සද්ධර්මාලංකාරයේ ස`දහන් කරුණු සහස්සවත්ථුප්පකරණයේ දැක්වෙන්නේ සංක්ෂිප්තවය. මහාවංසයේ දැක්වෙන දස මහා යෝධයන්ට අමතරව ‘දාඨාසේන’ හා ‘මහානෙල’ නම් යෝධයන් දෙදෙනකු පිළිබඳව සද්ධර්මාලංකාරය, රසවාහිනිය ආදී ග්‍රන්ථවල අන්තර්ගත වී ඇත. (සද්ධ_මාලංකාරය, පිටු 604-622 රසවාහිනිය, පිටු, 104-114) මහානෙල යොAධයා පිළිබඳව පමණක් සහස්සවත්ථුප්පකරණයේ කරුණු දැක්වේ. (සහස්සවත්ථුප්පකරණය, පිටු 100-103) මෙම දස මහා යෝධයන් පිළිබදව වංශකතාවල දක්වා තිබීමෙන් පැහැදිලි කර ගත හැකි ප්‍රධාන කරුණ වන්නේ ඇත්, අස්, රිය, පාබල ආදී චතුරංගනී සේනාවට අයත් ක්ෂේත්‍ර මේ කාලය වන විට පැවත තිබුණ බවයි. මෙසේ චතුරංගනී සේනාවක් සකසා එක් දස මහා යෝධයකු යටතට සේනාවක් භාර දී ඇත.
මහාවංස කතුවරයා මොවුන් පිළිබදව දැක්වීමට මූලික හේතුව වන්නට ඇත්තේ තමා රචනා කළ වීරයාගේ වීරවත්වයට සහය දුන් අයට සුවිශේෂි ස්ථානයක් ලබාදීමටත් ඔවුන්ගේ බල සම්පන්න භාවයත් පෙන්වීමට විය හැකිය. විහාරමහා දේවිය, දුටුගැමුණු රජුගේ බිසව, දරුවන් ආදිය පිළිබදව මහාවංස කතුවරයා දක්වා ඇත්තේ ඉතා අල්ප විස්තරයකි. එහෙත් යුද්ධයට මූලික වූ දස මහා යෝධයන්ට පරිච්ඡේදයක්ම වෙන් කර තිබේ. එයිනුත් කතුවරයා කිසිම විටක අදෘශ්‍යමාන බලවේග සම`ග මෙම චරිත සම්බන්ධ කර නොමැත. සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ හමුවන සිදුවීම් පමණක් ඔවුන් විස්තර කිරීමට යොදාගෙන ඇත. මහාවංස කතුවරයා පුරාණ ඉන්දියාවේ රාමායනය, මහාභාරතය වැනි ග්‍රන්ථවල අධිමානුෂික වීර ක්‍රියාවන් පිළිබඳව අතිශයෝක්තියෙන්, අද්භූත ආකාරයෙන් යුතුව කතන්දර ලියා ඇත්තා සේම මහානාම හිමියන් ද ලංකා ඉතිහාසයේ විශේෂ වීරවරයකුගේ කතා පුවතක් නිර්මාණය කර ඇත. ඒ සඳහා දස මහා යෝධයන්ගේ චරිතයන් ද අද්භූතාකාරයෙන් හා අතිශයෝක්තියෙන් යුතුව නිර්මාණය කර ඇත්තේ තමාගේ වීර කාව්‍ය තවදුරටත් සාර්ථක කර ගැනීමට අරමුණු කරගෙන විය හැකිය.
උපුටා ගැනීම-http://www.divaina.com