දහතුන් දෙදෙනා බෙිරාගැනිමෙි මෙහෙයුම

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මේකෙ අනිත් පැත්ත නෙමෙයිද බන් කරන්නෙ. Weak සෙට් එක නේද මුලින්ම එලියට ගන්නෙ
    :yes::yes::yes:

    නැව් සීන් වලදිනම් ඔය ප්‍රොසිඩියර් එක නේද මචන්.
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    දැන් කොහොමද තත්වේ මචං

    ඔක්කොම 8ක් දැනට අරන් තියනව. අදට වැඩ ඉවරයි. ඉතුරු ටික හෙට අරන් ඉවර කරල දායි.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    කොහොමද බේරගෙන තියෙන්නේ ට්‍රැයිනින් එකක් දීල එලියට අරගෙනද ?

    ප.ලි - හප්පට මෙහෙම අරන් අැවිත් තියෙන්නේ...

    Last edited:

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Four more boys were successfully retrieved on Monday, bringing the total to eight young members of the Wild Boars football team now recovering in hospital. All are said to be in "good" health.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Danna ekek kiyahanko mona karanna gihinda hira wela thiyenne?

    mun cave ekakathulata awidagena gihin.e atharaware eliye wahala ganwathura thathwayak athiwela.lene thanin thana wathura pirila.mun ekekwath peenannath danne nathi nisa un thawa thawath athata gihin lene .wathura nathi hariyata.(singlish walin ketuwata samaweyan.hadisiye ketuwe.umbe parashneta puluwan widiyata uththarayak denna.)

    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    mun cave ekakathulata awidagena gihin.e atharaware eliye wahala ganwathura thathwayak athiwela.lene thanin thana wathura pirila.mun ekekwath peenannath danne nathi nisa un thawa thawath athata gihin lene .wathura nathi hariyata.(singlish walin ketuwata samaweyan.hadisiye ketuwe.umbe parashneta puluwan widiyata uththarayak denna.)

    Ah ehema ekakda. Ela machan. Mama oka gana mukuth danagena hitiye na. Rep+
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    36825332_279167822822986_7090105765691654144_n.jpg

    ඌරු පැටවුන්ව පරෙස්සමෙන් ගෙදර ගෙන ඒම ( The Journey of Wild Boar)

    තායිලන්තයේ ගුහාවක අතරමංව සිටින දරුවන් බේරා ගැනීමේ මෙහෙයුම දියත් වන අතරේ ලොව පුරා පුද්ගලයින් මෙම සිදුවීම පාදක කරගෙන විවිධ නිර්මාණ සිදු කර තිබෙනවා. එම නිර්මාණ අතර සමාජ මාධ්‍ය අතර බෙහෙවින් ප්‍රචලිත වූ නිර්මාණයක් මෙහි දැක්වෙනවා. මෙම මෙහෙයුමට හවුල් වූ සියලුම පාර්ශව අලංකාර ලෙස නිරුපනය කර තිබීම මෙම චිත්‍රයේ විශේෂත්වයක්. මෙහි එක් එක් සංකේත වලින් හැඟවෙන දේ පහත විස්තර කෙරෙනවා.

    සුදු අලියා - මෙම ගුහාව පවතින තායිලන්තයේ Chiang Rai පළාතේ සංකේතයයි. එහි ප්‍රධානි ආණ්ඩුකාර වරයා ඇතුළු පිරිස මෙහෙයුමට නායකත්වය දෙන පිරිස සංකේතවත් කරයි.

    වල් ඌරු පැටවූ - මුලින් ගමන් කරන කුඩා පැටවුන් දොළොස් දෙනා පාපන්දු කණ්ඩායමේ දරුවන්. ඊට පිටුපසින් යන ඊට ප්‍රමාණයෙන් මදක් විශාල පැටවා පුහුණුකරුයි. විසිපස් හැවිරිදි ඔහු ඔහු කණ්ඩායමේ සුරක්ෂිතතාව ගැන සොයාබැලීම නිරුපනය වේ. ( මෙම පාපන්දු කණ්ඩායමේ නම wild boars වේ. එහි අර්ථය වල් ඌරු රංචුව යන්නයි)

    සුදු අශ්වයා - මෙහෙයුමට සහභාගී වූ සියලු දෙනා නිරුපනය වේ. කිසිවකුත් විශේෂ නොවන අතර සෑම කෙනෙක්ම චෙස් ක්‍රීඩාවේ අර්ථයෙන් ගතහොත් නයිට් වරයෙක් වේ.

    සීල් මත්ස්‍යයා - තායි සීල් සෙබළුන්.

    ගෙම්බා - සියලු කිමිදුම් කරුවන්

    සිංහයා - මෙහෙයුමේ බ්‍රිතාන්‍ය දායකත්වය

    කැන්ගරු - මෙහෙයුමේ ඕස්ට්‍රේලියානු දායකත්වය

    පැන්ඩා - මෙහෙයුමේ චීන දායකත්වය

    කුරුල්ලා - මෙහෙයුමේ ජපාන දායකත්වය

    මුවා - මෙහෙයුමේ ස්වීඩන දායකත්වය

    කොටියා - මෙහෙයුමේ මියන්මාර දායකත්වය

    දුඹුරු අලියා - මෙහෙයුමට ලාඕසයේ දායකත්වය

    බල්ලා - K 9 අංශය ( පොලිස් සුනඛ අංශය )

    මකරා - ගුහාවේ වතුර ඉවත් කරන පොම්ප කරුවන් කණ්ඩායම

    iron man - ඊලොන් මස්ක් නම් සුප්‍රකට ඇමෙරිකානු ටෙක් දැවැන්තයා. iron man කතා පෙලේ ප්‍රධාන චරිතය වන ස්ටාක්ට සමාන ලෙස තම ධනය සහ දැනුම ලෝකයේ යහපත වෙනුවෙන් යොදවන්නෙක් ඊලොන් මස්ක් නමක් දිනාගෙන සිටි.

    ඉහලින් සිටින ලා පැහැති කුරුළු රංචුව - මී සියල්ල දෙස විමසිල්ලෙන් සිටින ලොව පුරා මාධ්‍ය සංකේතවත් වේ.

    කපුටු රංචුව සහ ලා පැහැති කුරුළු රංචුව අතර සිටින කළු කුරුල්ලා - අයහපත් ලෙස මේ සිදුවීම ගැන ප්‍රකාශ නිකුත් කරන්නන්. විවේචකයින්.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163

    ශා පට්ටනේ බන්.. :love::D අර මැරුන වීරයටත් එකක් තිබ්බනම් පට්ටම පට්ට :(
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    36840322_463043144120544_7068961856441810944_n.jpg
    36840322_463043144120544_7068961856441810944_n.jpg

    36840322_463043144120544_7068961856441810944_n.jpg

    මේ තමා ඊලොන් මස්ක් මහතාගේ සබ්මැරීනය.....
    https://twitter.com/elonmusk/status/1016063173139427329

    සබ්මැරීනයක් කිව්වට මේකට මැරීන් ප්‍රොපල්ෂන් ක්‍රමවේදයක් නෑ.....මේක ඉතාම සැහැල්ලුවට හදල තියෙන්නෙ, ඒ නිසා, දරුවාව මේක ඇතුලේ හාන්සි කරවා, කිමිදුම් කරුවන් දෙදෙනා විසින් මේක රැගෙන යන එක තමයි ක්‍රමවේදය.....
    එතනදි තියෙන වාසිය තමයි, දරුවා පිහිනීමෙන් වෙහෙසට පත් නොවීම,

    පිහිනිය නොහැකි දරුවෙක් නම්, ඔහුව ඇදගෙන පිහිනීම තුළ කිමිදුම් කරුවන් වෙහෙසට පත්වීම අවම වීම.... මෙය සාදා ඇත්තේ මිනිස් සිරුරකට වඩා උත්ප්ලවනතාවයක් ජලයේදී දෙන විදියට......ඒ නිසා මිනිස් සිරුරක් රැගෙන පිහිනනවාට වඩා, මෙය රැගෙන පිහිනීම පහසුයි....

    ඔහු පළමුව යෝජනා කලේ රබර් ඩිංගි බෝට්ටු සාදන ස්ටෆ්ඩ් රබර් සහ ප්ලාස්ටික් යොදාගෙන මෙවැනි "එස්කේප් පොඩ්" එකක් හදන්න.... නම් උල් සහ තියුණු ආරුක්කු සහිත ගමන් මාර්ගය තුළ, එවැනි අමුද්‍රව්‍යයක් යොදාගෙන සාදන සබ්මැරීන් එකක්, හෝ පොඩ් එකක් කෙතරම් ආරක්ෂා සහිතද කියන ප්‍රශ්ණය මතුවුනා....

    එතනදි විකල්පයක් හැටියට යෝජනා උනේ ඔහුගේ "ස්පේස් එක්ස්" සමාගම සතු "ෆෝල්කන් - 9 " රොකට් වල ද්‍රව හයිඩ්‍රජන් ඉන්ධන සහ ද්‍රව ඔක්සිජන් දහන පෝෂක අඩු ඌෂ්ණත්ව තත්වයන් තුළ ගබඩා කරල තියලා, එන්ජින් වලට ලබා දීම සඳහා ඔස්ට්‍රියාවේ මැග්නා ස්ටියර් සමාගම විසින් නිපදවා එවන ලද සෙරමික්, ඇලුමීනියම් මිශ්‍රිත ඇලෝයි එකක් සහිත නළයකින් මෙවැන්නක් තැනීම ... ( "ඇලෝයි" යනු ලෝහයන් කිහිපයක මිශ්‍රණයක් යන්නය )

    ඇත්තටම ඔහු මෙම සබ්මැරීනයේ බඳ සඳහා යොදාගත් අමුද්‍රව්‍ය වල සංයුතිය පිළිබඳව නිශ්චිත තොරතුරක් නෑ....නමුත් දැනට අපි දන්නේ ඒක ෆෝල්කන් රොකට් වල හයිඩ්‍රජන් සහ ඔක්සිජන් නළ වල අමුද්‍රව්‍ය සංයුතිය බවයි.....

    මේකෙ අභ්‍යන්තර විෂ්කම්භය අඟල් 12.2 ක් පමණ වෙනවා.....ඒ තුළට දරුවෙකු ඇතුලු කර, ඔහුට දෑත් කතිරයක ආකාරයෙන් පපුව මත තබාගෙන සිටින ලෙස උපදෙස් දී, එහි පසෙක දරුවා සඳහා වෙන් කරන ලද ඔක්සිජන් ටැංකිය සවි කර, එහි සිට නළයක් මාර්ගයෙන් අදාළ කුටීරයට ඔක්සිජන් සැපයීම තමයි ක්‍රමවේදය.....මෙහි බර කිලෝ 40 ක් පමණ වනවා...

    මේ වනවිට මෙම කුඩා සබ්මැරීනය පැය අටක් තිස්සේ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ පාසැලක පිහිණුම් තටාකයේ පරීක්ෂාවට ලක් කර තිබෙන අතර, තායිලන්තයේ බළධාරීන් ඉල්ලූ වහාම, මෙම සබ්මැරීනය ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයක් මගින් යැවීමට සූදානම් කර ඇති බව ඊලොන් මස්ක් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා
     
    Last edited:

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    An eleventh person was rescued on Tuesday from a flooded Thai cave complex where 12 boys and their football coach were trapped for more than two weeks, raising hopes all 13 would be out by the end of the day.
    A Reuters witness saw three people being carried out of the Tham Luang cave on stretchers separately on Tuesday, the third day of the rescue operation.:yes::yes::yes::yes: