දහදුක් වින්දෙ

SIC

Well-known member
  • Dec 3, 2012
    10,652
    5,782
    113
    KALUTHARA

    දහදුක් වින්දෙ දරුවො හදන්නයි
    දහදුක් වින්දෙ මං //

    කරදඬු උස්වී ඒ දරුවන්ගේ
    මව්පියො අද හඳුනන්නෙ නෑනේ
    දහදුක් වින්දෙ ... //

    දෑසේ කඳුළු හංගා... කලුවර කුට්යේ මා උන්නා...
    දුක් ගින්දර එළි දල්වා... පොඩ් පුතාට ලිපියක් ලීවා..
    දරුවන් කුමටද ලැබුවේ... එය වේ පලදුන් මේ කරුමේ...
    දෑතේ සවි නැති දවසේ... කවුදෝ දිය බිඳුවක් දෙන්නේ..
    නොබලා ඉන්නට බෑ නුඹලා මට
    ලොකුම දුකනෙ දරු දුක මා පුතුනේ

    දහදුක් වින්දෙ ... //

    අම්මයි අප්පයි දෙන්නා... මේ මහළු මඩමෙ තනි කෙරුනේ..
    අපේ දරුවො මහ මැඳුරෙ... රජ සම්පත් අද වළදන්නේ...
    පුත ඇවිදින් යන්නට බැරිනම්... ඈතින් විත් මට අත වනපන්...
    බොරුවට හෝ මා සිහි කරපන්... සිහිනෙන් වත් මට නුඹ පෙනියන්..
    ලෝකයෙ හොඳනම ගන්නට පුළුවනි
    මා ලස්සන ලෙස වලදාපන් හෙට

    දහදුක් වින්දෙ ... //





    අද කෝච්චියේ යනකොට අහම්බෙන් අහන්න ලැබුණු සින්දුවක් ,සමහර විට අහලත් ඇති ,නැතුවත් ඇති ,හොයල බැලුවම ජෝතිපාල මහත්තයගේ ගීතයක්..
    අපි හැමෝටම අම්මල තාත්තල ඉන්නවා ,සමහර අයගේ නැතිවෙලත් ඇති,වැඩත් එක්ක අපිට එයාල වෙනුවෙන් වැය කරන්න තියෙන කාලය අඩුවෙන්න පුළුවන් ,එත් පුළුවන් වෙලාවට එයාල එක්ක කතා කරන්න ,අම්ම කෑවද බිවුවද අහන්න, ආස කෑමක් බිමක් ගෙනත් දෙන්න , කොහේ හරි ආස තැනක එක්කන් යන්න අමතක කරන්න එපා .ගොඩක් අය එහෙම කරනවත් ඇති ,එත් එහෙම නොකරන ,නැත්තම් බැරිඋන කෙනෙක්ට මේ සින්දුව අහලවත්, මේක දැකලවත් එහෙම හිතුනොත් එක ලොකු දෙයක්
    දහදුක් වින්දෙ දරුවො හදන්නයි!:yes:

     
    • Like
    Reactions: samsri and IKL