රොකට් එන්ජිමක ක්‍රියාකාරිත්වය හරි සරලයි. ඉන්ධනයක් සහ දහන පෝෂකයක් (විශේෂයෙන්ම අභ්‍යවකාශය තුල ගමන් කරද්දී දහන පෝෂකයක් අනිවාර්යෙන්ම ඕන වෙනවා.) කුටීරයක් තුල දහනය කරලා ඒ එන රත් උන වායුව ක්‍රමානුකුලව එක් අන්තයකින් පිට කිරීම මගීන් අනිත් අන්තයට ඒ හා සමානව බලයක් යෙදෙනවා. මෙන්න මේ බලය තමයි රොකට් එකක් පොළවෙන් ඉහලට එසවීමට යොදාගන්නේ.
මෙච්චරම සරල නම් ඉතින් මොකද ඔයතරම් රොකට් යවන්න අමාරුයි කියන්නේ?


“රොකට් එන්ජිමක් දහනය කරන එක සාපේක්ෂව පහසුයි. පුපුරවගන්නේ නැතුව රෝකට් එන්ජිමක් නවත්තන එක තරමක් අපහසුයි. විනාසයක් නැතුව රොකට් එන්ජිමක් පණගන්වන එක තමයි ලොකුම ප්‍රශ්නේ.” - ජෝන් ඩි. ක්ලාර්ක් (ignition!)
රොකට් එන්ජිමක් පනගන්වන්න ක්‍රම කිහිපයක් තියනවා.
1. විදුලි ස්විචයකින්(ස්පාර්ක් ප්ලග්)
2. ගිනිකෙළි මගීන් (නිලා කුරක් වගේ අයිටම් එකකින්)
3. හයිපර්ගොලික් (Hypergolics) මගීන්
මුල් ක්‍රම දෙකම තරමක් සරලයි. හැබැයි ක්‍රියාවට නංවන්න ගියාම තමයි ප්‍රශ්නේ. විදුලි ස්විචයකට නම් (වාහන වල ස්පාර්ක් ප්ලග් එක වගේ) සංකීරණ පරිපත වයර් අදින්න ඕන. ගිනිකෙළි ගැන නම් අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. රොකට් එන්ජිම හරි වෙලාවේදී පනගන්වුනේ නැත්නම් වීල් බැරෝවක තමයි රොකට් එක ගෙනියන්න වෙන්නේ.

හයිපර්ගොලික් කියන්නේ ස්වයං දහනය වන ද්‍රාවන , වායු වලට. හයිපර්ගොලික් ඔක්සිජන් සමග මිශ්‍රවුන ගනම් ස්පොටන විදියට ගිනිගන්නවා. මේවා යොදාගෙන තමයි රොකට් එකක් මුලින්ම පනගන්වන්නේ. හැබැයි මේ ද්‍රාවන ඉතාමත් විෂ සහිතයි. ඒ නිසා මේ ද්‍රාවන රොකට් ඉන්දන විදියට බහුලව භාවිතා කරන්න නැහැ. නමුත් අදටත් චීනය මේ ද්‍රාවන ඔවුන්ගේ රොකට් වල ඉන්ධන ලෙස යොදාගන්න්නවා. (කොලපාට වායුවක් පිටවෙනවා නම් ඒ හයිපර්ගොලික්)හඳට ගිය සැටර්න් V රොකට්ටුවේ පළමු අදියරේ එන්ජින් පනගැන් වුනේ මේ හයිපර්ගොලික් වලින් තමයි. ඒ වගේම වර්තමානයේ කාගේත් අවදානයට ලක්වෙලා තියන ස්පේස් එක්ස් ආයතනයේ ෆැල්කන් 9 රොකට්ටුවේ එන්ජින් 9 ම පනගන්වන්නේ හයිපර්ගොලික් වලින් තමයි. නමුත් අදටත් අභ්‍යවකාශයට යන රුසියාවේ සෝයූස් රොකට්ටුවේ එන්ජින් පනගන්වන්නේ ගිනිකෙළි මගීන්. කාටත් හුරු පුරුදු ස්පේස් ශටල් එක පනගන්වුනේ ස්පාර්ක් ප්ලග් එකක් අධාරයෙන්.
මේ විදියට පණගන්වන රොකට් එකක් කොහොමද නිවෙන්නේ නැතුව ස්ටාර්ට් එකේ තියාගන්නේ?
ඒක කලින් කිව්වා වගේ තරමක් සරල දෙයක්. බොහෝවිට ඉන්දන විදියට ගන්නේ ද්‍රව හයිඩ්‍රජන් හෝ ද්‍රව භූමිතෙල්. දහන පෝෂක විදියට ගන්නේ ද්‍රව ඔක්සිජන් තමයි බහුලවම. මේ දෙක කුටීරයක් තුල එක එක අනුපාත වලින් කවලම් කරලා නොසලයක් හරහා එලියට විදින එක තමයි මුලිකවම කරන්නේ. මේ ඉන්දන වේගෙන් විදින්න ටර්බෝ පොම්පයක් මේ හැම එන්ජිමකම තියනවා. මම පොඩිකාලේ ඉඳලම කල්පනා කල දෙයක් තමයි අච්චර රත්වෙන නොසල් එක උනුවෙලා යන්නේ නැත්තේ මොකද කියන එක. ඒකට හේතුව තමයි සෙල්සියස් අංශක -200 ක වගේ තියන ද්‍රව ඉන්දන (මේවා ද්‍රව අවස්ථාවේ තියාගන්නේ සීතල කරලා.) නොසල් එක වටේටම තියන කුඩා බට දිගේ ටර්බෝ පොම්පයට යනවා. මෙන්න මේ නිසා එන්ජිම ඉතාමත් සිසිල්ව තියාගන්න හැකිවෙලා තියනවා. මේ වැඩෙන් දේවල් දෙකක් සිද්ද වෙනවා. පලවෙනි එක තමයි එන්ජිම සිතල වෙන එක. අනිත් දේ තමයි ඉන්දන රත්වෙලා නැවත වායු බවට පත්වෙන එක. මේ විදියට ටර්බෝ පොම්පය තුලින් යන ඉන්දන දහන පෝෂක එක්ක ඉන්ජෙක්ටර් එකක් හරහා ක්‍රමානුකුලව විදිනවා. ඉතින් ස්ටාර්ට් උන එන්ජිම පත්තුවෙනවා දිගටම.
ප්‍රසිද්ද රොකට් එන්ජින් කිහිපයක්,
මිනිස්සු හඳට අරන් ගිය සැටර්න් V රොකට් එකේ මුල් අදියරේ F-1 එන්ජින් 5 සමග ඒවායේ නිර්මාතෘ වෙර්න්හර් වොන් බ්‍රෝන්.
වර්තමානයේ බොහෝදෙනා කතා කරන ස්පේස් එක්ස් ආයතනයේ ෆැල්කන් 9 රොකට්ටුවේ Merlin 1D එන්ජින්. මේවයේ විශේෂත්වය තමයි කිහිප සැරයක් නැවත්වීමට සහ පණගැන්වීමට පහසු වීම.
කවුරුත් දැකල තියන අභ්‍යවකාශ ෂටලයේ RS-25 ප්‍රධාන එන්ජින් 3.මතකද ලඟදි වීඩියෝ එකක් ශෙයා උනා නාසා එක කෘතීම වැසි ඇති කරනවා කියල. මෙන්න මේ එන්ජිමක ටෙස්ට් එකක් තමයි ඒ. මේ එන්ජිමට යොදාගන්නේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන්. ඒ නිසා මේ දෙක එකතු උනාම ජලය තමයි හැදෙන්නේ. ඒ කෘතීම වැසි නෙවෙයි හොඳේ.
මේ තියන්නේ අභ්‍යවකාශ ෂටලයේ ප්‍රධාන එන්ජින් 3 පණගැන්වෙන අකාරය. ස්ලෝමොෂන් විදියට තියන්නේ.

එන්ජින් 3 නම එක සැරේ ස්ටාර්ට් කරන්නේ නෑ. මිලි තත්පර කිහිපයක පරතරයක් තියල තමයි ස්ටාර්ට් කරන්නේ. නැත්නම් එන බලය නිසා ශටල් එකට හානි වෙන්න පුළුවන්. අනික් එක තමයි අර ගිනි පුලිඟු විසි කරන්නේ වැඩිපුර තියන හයිඩ්‍රජන් දහනය කරන්න මිසක් එන්ජින් පනගන්වන්න නෙවෙයි. එන්ජින් පනගන්වන්න ස්පාර්ක් කරන්නේ එන්ජිම ඇතුලේ දහන කුටීරයේ.ස්පේස් එක්ස් ආයතනයේ මීළඟ රොකට්ටුව වන BFR හි ප්‍රධාන එන්ජින් Raptor (තවමත් පර්යේෂණ මට්ටමේ පවතින්නේ.)
ස්පේස් එක්ස් ආයතනයේ ප්‍රධාන තරන්ගකාරයා වන ජෙෆ් බේසොස් ට අයත් බ්ලූ ඔරිජින් ආයතනයේ මුළඟ රොකට්ටුවේ ප්‍රධාන එන්ජිම BE-4. (මේකත් තවම පර්යේෂණ මට්ටමේ පවතින්නේ.)
රොකට් එන්ජින් ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් Ignition! An Informal History of Liquid Rocket Propellants by John D. Clark කියන පොතෙන්.
Last edited:



