දහම් පාසලේ මලගමද ??

Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0
ඔය නෙලුම් මල් උඩින් ගිය කතා, තන්හා රතී රඟා ඇවිල්ල නටපු ඒව, අර රෝම කූප වලින් තල් කඳක් වගේ ජල කඳක් ගිනි කඳක් නිකුත්කලා කියන ඒව, කණ්ටක අස්සයගෙ පිටේ ගිහිල්ල ගංගාවල් උඩින් ගිය ඒව, මහා බ්‍රහ්මය ඇවිල්ල සිවුරු දුන්න ඒව මේ එකක්වත් ත්‍රිපිටකේ තියෙන කතා නෙවෙයි. පසු කාලීනව නොයෙක් අය එකතුකරපු දේවල්.මේව ලමයින්ට උගන්නපුවාම ලමයින්ගෙ ඔලුවට යන්නෙ බුදුහාමුදුරුවො කියන්නෙ මහ අත්භූත ආශ්චර්‍ය චරිතයක් කියල.අද ධර්මය පැත්තක තියල ඔයවගේ දේවල් උගන්නල ලමයි මෝඩයො කරනව.

ඔය ජාතක කතා කියන්නෙත් පොලොන්නරු යුගයෙ දඹදෙනි යුගයෙ රචනා උන දේවල්.ඒ කාලෙ ධර්මය පිරිහිල තිබ්බ නිසා ඔවැනි සාහිත්‍ය කතා බිහිඋනා.

කුඩාකලෙ ඉඳලම සරලව හරි ලමයින්ගෙ මනසට දාන්න ඕනෙ හේතුඵල ධර්මතාවය.තමන් කරන යහපත් දෙයින් යහපත් ප්‍රතිඵල ලැබෙන බවත් එය නිවන් මාර්ගයට උපකාරී වන බවත් අයහපත් දෙයක් කලොත් පසුකලෙක එහි අයහපත් ප්‍රතිඵල තමන්ටම භුක්ති විඳින්න වෙන බවත් ළමයින්ගෙ හිත් වලට කාවද්දන්න ඕනෙ.පොඩි කාලෙම ඒ අදහස ලබාදුන්නම තරුණ අවදියට ආවමත් ඉන් පස්සෙ මුලු ජීවිත කාලෙදිවත් ඒ අය නොමගට යොමුවෙන්නෙ නෑ.

මහාපදාන , අච්ඡරියබ්භුත වගේ සූත්‍ර දේශනා වල අඩංගු මහා පුරුෂ ලක්ෂණ , බුදුන්ගේ ඉපදීමේදී අසම සම කාරණා ආදියද ඔය ආකාරයට බොරු බොරු කියල බැහැර කරනවද? ත්‍රිපිටකයේ ඇති යම් යම් කරුණු වැරදි යයි දක්වමින් ඒ මැ කොටස් කප්පාදු කරන්නට උත්සහ ගන්නවද එය දහමේ පිරිහිමටම හේතුවෙන කාරණයක්.
නිකමට හිතල බලන්න, ත්‍රිපිටකයේ තියෙන සියලු කරුණු නිවැරදි යයි සම්මතයේ පවතින තාක් කල් ත්‍රිපිටකයට පිළිගැනීමක් තියෙනවා නේද? ත්‍රිපිටකයේ යම් යම් කොටස් වැරදි වැරදි කියන කල ත්‍රිපිටකයේ පිලිගැනීම නැතිවෙලා යනවනේ. මේ වගේම දේශනාවක් තියෙන මහා පරිනිර්වාණ සුත්‍රයේ, අජාසත්ත රජුන් වැදෑ රජුන් මඩින්න්නට යෑම ආශ්‍රිතව බුදුහාමුදුරුවෝ මෙහෙම දේශනා කරනවා,

“අනඳයෙනි, යම්තාක් වැදෑරජුහු පෙර වැදෑරජුන් නො පැනැවූවක් නො පනවන්නාහු ද, පැනැවූවක් නො සිඳින්නාහු ද, පනවන ලද පොරණ වැදෑ දහම්හි පිහිටා සිටින්නාහු ද, ඒ තාක් ම අනඳයෙනි, වැදෑ රජුන්ගේ වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ඇවෙක්සිය යුතු.”

ඔය විදියට කාලයක් තිස්සේ දරාගෙන එන දහම වෙනස් කරන්න යෑම එම දහමේ පරිහානියට හේතු වෙන කාරණයක්.

අනික ත්‍රිපිටකය අතීතයේ හිටිය රහතුන් වහන්සේලා අනාගතයේ ධර්ම පරිහානිය දැකල ග්‍රන්ථාරූධ කලා කියල හිතන්න පුළුවන්.

අද කලේ සිද්ද වෙන්නේ ඕකම නෙවෙයිද? එක එක භික්ෂුන් තම තම අභිමතය පරිදි දහම විග්‍රහ කරනවා, අලුත් කරුණු එකතු කරනවා, පද පරම කියල වචන කඩ කඩා තේරුම් හොයනවා. බුදුන් කෙරෙහි (දහම කෙරෙහි නොවේ) ශ්‍රධාවෙන් දරාන්න ඕනි කරුණු සුරඟන කතා කියල විවේචනය කරනවා. ඔහොම කලාම බුදුදහම තව කොච්චර කල් පවතීද?

තවත් ඕනි නම් මෙහෙම හිතන්න පුළුවන් , දැන් පවතින දහම වැරදි කියල හෝ හරි කියල හෝ සැකයක් තියෙනවා නම් කරන්න ඕනි එකම දේ ඒ දහමේ ගිහින් බලන එකමයි. අපි ඒ දහමේ නොගිහින් ඵලයක් ද නොලබා , එම දහම වැරදි යයි දේශනා කරන්නේ කොහොමද? ත්‍රිපිටක ධර්මය අපි විසින් විකෘති නොකර ඒ ආකාරයෙන්ම අනිත් අයට ලබදිමනේ එතකොට කරන්න පුළුවන් හොද ඩේ.

--

බුදුදහම හැමෝටම එක විදියට අවබෝධ වන දහමක් නෙවෙයි ණේ. එක තම තමන්ගේ නැණ පමණට , අවබෝධ කල යුතු දහමක්. එහෙම එකේ, හැමෝටම අභිදර්මය මැ පවසන්න පුළුවන් නම් හොදයි, නමුත් එක කරන්න අමාරු නිසා සූත්‍ර දේශනා බහුල ලෙස ගෙනහැර දැක්වීමේ වරදක් වෙන්නේ නැහැ. ඔය ත්‍රිපිටකයේ එන සුරඟන කතා කියල හදුන්වන කොටස් වලින් සමහැර අයට බුදුන් කෙරෙහි ශ්‍රධාවක් ඇතිවෙනවා. ප්‍රඥාව තියෙන අයට ධර්මය කෙරෙහි ශ්‍රධාවක් ඇතිවෙනවා.

--
මේ කට අදාල නැති උනත් ,
දැන් ඔබතුමා මැ සාහිත්‍ය කොටස් වල අතිශෝක්තිය ගැන මෙතන සදහන් කලාට -
"බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව" යන ත්‍රෙඩ් එකේ බහුතරයක් මැ සාහිත්‍ය කොටස් ණේ සදහන් කරලා තියෙන්නේ.