දහම් පාසලේ මලගමද ??

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    දහම් පාසලේ මලගමද ??

    daham%202_zpsv2kt210r.png
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,292
    1
    13,187
    113
    Gotham City
    ඕකට වග කියන්න ඕනෙ මෙ කාළකණ්ණි තරඟකාරි අධ්‍යාපන ක්‍රමය බන්.ආණ්ඩුවකින් පියවරක් නොගත්තොත් තව අවුරුදු ගාණකින් දහම්පාසල් නැතිවෙලා යාවි.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඕකට වග කියන්න ඕනෙ මෙ කාළකණ්ණි තරඟකාරි අධ්‍යාපන ක්‍රමය බන්.ආණ්ඩුවකින් පියවරක් නොගත්තොත් තව අවුරුදු ගාණකින් දහම්පාසල් නැතිවෙලා යාවි.

    දහම් පාසල කියන්නෙත් ලමයින්ව තරඟයකට සූදානම් කරන තැනක් මිස ගුණදහම් කියා දීල යහපත් පුරවැසියන් කරන තැනක් නෙවෙයි. දහම් පාසලින් එලියට එද්දි ලමයි තුල දැනුම තිබ්බට ගුනදහම් නෑ.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    දහම් පාසල කියන්නෙත් ලමයින්ව තරඟයකට සූදානම් කරන තැනක් මිස ගුණදහම් කියා දීල යහපත් පුරවැසියන් කරන තැනක් නෙවෙයි. දහම් පාසලින් එලියට එද්දි ලමයි තුල දැනුම තිබ්බට ගුනදහම් නෑ.

    එහෙම කියන්නෙ ඇයි

    ඒ කතාව වැරදියි

    දහම් පාසල් යන ලමයෙකුයි දහම් පාසල් නොයන ලමයෙකුයි ගත්තොත් කවුද හොඳ?
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    එහෙම කියන්නෙ ඇයි

    ඒ කතාව වැරදියි

    දහම් පාසල් යන ලමයෙකුයි දහම් පාසල් නොයන ලමයෙකුයි ගත්තොත් කවුද හොඳ?

    දහම් පාසල් යන ලමය සාපේක්ශව හොඳයි තමයි.ඒත් මම කියන්නෙ දහම් පාසල තුල ප්‍රමුඛත්වය දෙන්න ඕනෙ විශය නිර්දේශයක් උගන්නල විභාග වලට සූදානම් කරන එකට, තරඟයට යොමු කරන එකට වඩා ලමයින් තුල ගුණදහම් වර්ධනය කරල ඔවුන්ගෙ අධ්‍යාත්මය උසස් තත්වයට පත් කරන වැඩපිලිවෙලකට කියන එකයි.දැනට එහෙම කරන තැන් තියෙන්නෙ අතලොස්සක් විරයි.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මම දහමි පාසල් ගියේ ටික දවසයි.අසනිපයක් වුන නිසා එක මගහැරැනා.දහමි පැසැල් වලත් දැන් සමහර ලමයි පිස්සු නටනවා විනයක් නැහැ.දහමි පාසල් ගියත් නැතත් හැදෙන එකා හැදෙනවා.ඒත් හැම ලමයෙක් ම දහමි පාසැලට එක සරයක් හරි යවන්න ඔිනා.නැත්තමි ගෙදරින් හරි ලමයට බුද්ධ ධර්මය ගැන කියලා දෙන්න ඔිනා.ඒත් දැන් හැදෙන generation එක ආගමක් ධර්මයක් විනයක් නැහැ.අවුල්වෙලා,අතරමං වෙලා ඉන්නෙ..දහමි පැසැල අභාවයට යාමෙන් මෙි බෞද්ධ රටෙි අනාගතයට නමි හොද නැහැ.එකට වැඩි කාලයක් නැහැ.:(:sorry:
     
    Last edited:

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    දහම් පාසල් යන ලමය සාපේක්ශව හොඳයි තමයි.ඒත් මම කියන්නෙ දහම් පාසල තුල ප්‍රමුඛත්වය දෙන්න ඕනෙ විශය නිර්දේශයක් උගන්නල විභාග වලට සූදානම් කරන එකට, තරඟයට යොමු කරන එකට වඩා ලමයින් තුල ගුණදහම් වර්ධනය කරල ඔවුන්ගෙ අධ්‍යාත්මය උසස් තත්වයට පත් කරන වැඩපිලිවෙලකට කියන එකයි.දැනට එහෙම කරන තැන් තියෙන්නෙ අතලොස්සක් විරයි.

    හැම තැනම එහෙම නෑ බන්

    දැන් අපේ පුතා යන දහම් පාසලේ උදේට බුදුන් වඳිනකම් දෙමව්පියෝ කිහිප දෙනෙක් හරි ඉන්න ඕනෙ

    ඊට පස්සෙ මවට වැඳීම පියාට වැදීම කරන්න අර දෙමව්පියෝ කීප දෙනා ඉස්සරහට ඇවිල්ල තමන්ගෙ දරුව වඳිනව
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    අනිත් දේ තමයි ධර්මයේ නාමයෙන් අද ලමයින්ගෙ ඔලුවලට දාන්නෙ පසුකාල වල සාහිත්‍ය කාරයො ලියපු අත්බූත විකාර දේවල්.සැබෑ ධර්මය ලැබෙනවනම් කිසිම ලමයෙක් නොමග යන්නෙ නෑ.
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    අනිත් දේ තමයි ධර්මයේ නාමයෙන් අද ලමයින්ගෙ ඔලුවලට දාන්නෙ පසුකාල වල සාහිත්‍ය කාරයො ලියපු අත්බූත විකාර දේවල්.සැබෑ ධර්මය ලැබෙනවනම් කිසිම ලමයෙක් නොමග යන්නෙ නෑ.

    :P ඔව් ඔව් මොන දහම් පන්සල් ද , මිවල පලානේ හාමුදුරුවන්ගේ පද පරම බණ ටිකක් අහන්න තිබ්බම මදැයි.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    :P ඔව් ඔව් මොන දහම් පන්සල් ද , මිවල පලානේ හාමුදුරුවන්ගේ පද පරම බණ ටිකක් අහන්න තිබ්බම මදැයි.

    ඔහොම ගරහන්න ගිහිල්ල ස්කයිලාක්ට උන දේ ඇස්පනාපිටම දැක්ක නේද ? ඔයත් එහෙම සිහිය විකල් කරගන්න කැමතිද ?
     
    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    daham pasal wala ugannana aya thamanta labena prathilaabayak balagena nevei ban ugannanne. mama danne na mama podi kaale dahampasal giya pansale nam ehemai. niwadu davas deken ekak paya 4k kapa karana eka ee ayata loku deyak nevei. ee aya deshapalana pai**k gana hithanneth na saasaneta, ratata karana service ekak widiyata thama ugannanne awilla.
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    ඔහොම ගරහන්න ගිහිල්ල ස්කයිලාක්ට උන දේ ඇස්පනාපිටම දැක්ක නේද ? ඔයත් එහෙම සිහිය විකල් කරගන්න කැමතිද ?

    ගැරහුවාම නෙවෙයි , මම ඕක දැම්මේ ඔබතුමන් පන්සලේ , පාසලේ බුදුදහම ලෙස උගන්වන්නේ විකෘති වූ බුදුදහමක් යන අදහසක් ඉදිරිපත් කල නිසා. මම හිතනවා ඔබතුමන් සැබෑ ධර්මය ලැබෙනා ක්‍රමය සදහන් කලා නම් බොහෝ දෙනෙකුගේ හිත සුව පිණිස වෙයි කියල.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ගැරහුවාම නෙවෙයි , මම ඕක දැම්මේ ඔබතුමන් පන්සලේ , පාසලේ බුදුදහම ලෙස උගන්වන්නේ විකෘති වූ බුදුදහමක් යන අදහසක් ඉදිරිපත් කල නිසා. මම හිතනවා ඔබතුමන් සැබෑ ධර්මය ලැබෙනා ක්‍රමය සදහන් කලා නම් බොහෝ දෙනෙකුගේ හිත සුව පිණිස වෙයි කියල.

    ඔය නෙලුම් මල් උඩින් ගිය කතා, තන්හා රතී රඟා ඇවිල්ල නටපු ඒව, අර රෝම කූප වලින් තල් කඳක් වගේ ජල කඳක් ගිනි කඳක් නිකුත්කලා කියන ඒව, කණ්ටක අස්සයගෙ පිටේ ගිහිල්ල ගංගාවල් උඩින් ගිය ඒව, මහා බ්‍රහ්මය ඇවිල්ල සිවුරු දුන්න ඒව මේ එකක්වත් ත්‍රිපිටකේ තියෙන කතා නෙවෙයි. පසු කාලීනව නොයෙක් අය එකතුකරපු දේවල්.මේව ලමයින්ට උගන්නපුවාම ලමයින්ගෙ ඔලුවට යන්නෙ බුදුහාමුදුරුවො කියන්නෙ මහ අත්භූත ආශ්චර්‍ය චරිතයක් කියල.අද ධර්මය පැත්තක තියල ඔයවගේ දේවල් උගන්නල ලමයි මෝඩයො කරනව.

    ඔය ජාතක කතා කියන්නෙත් පොලොන්නරු යුගයෙ දඹදෙනි යුගයෙ රචනා උන දේවල්.ඒ කාලෙ ධර්මය පිරිහිල තිබ්බ නිසා ඔවැනි සාහිත්‍ය කතා බිහිඋනා.

    කුඩාකලෙ ඉඳලම සරලව හරි ලමයින්ගෙ මනසට දාන්න ඕනෙ හේතුඵල ධර්මතාවය.තමන් කරන යහපත් දෙයින් යහපත් ප්‍රතිඵල ලැබෙන බවත් එය නිවන් මාර්ගයට උපකාරී වන බවත් අයහපත් දෙයක් කලොත් පසුකලෙක එහි අයහපත් ප්‍රතිඵල තමන්ටම භුක්ති විඳින්න වෙන බවත් ළමයින්ගෙ හිත් වලට කාවද්දන්න ඕනෙ.පොඩි කාලෙම ඒ අදහස ලබාදුන්නම තරුණ අවදියට ආවමත් ඉන් පස්සෙ මුලු ජීවිත කාලෙදිවත් ඒ අය නොමගට යොමුවෙන්නෙ නෑ.
     
    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    දහම් පාසල් සිකුරාදාට ගෙනාවනම් ඉවරයි. එක්කෝ ඉස්කෝලෙම සිකුරාදා දවස හාමුදුරුවොත් ගෙනල්ලා දහම් පාසල් දවසක් කරානම් හරි