දහම්-සිසිල

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com


    බුදු හාමුදුරුවො අපිත් දකින්නැති – බණත් අහන්නැති ඒ කාලේ
    නිවන් දකින්නට පින් මදි වෙන්නැති – ඒකයි තවමත් සංසාරේ


    යනුවෙන් ගීතයක් අපි සැවොම අසා ඇතිවාට සැක නැත. නමුත් මා හට පැන නැගුන ප්රකශ්නයක් නම් ඇත්තටම අපිට නිවන් දැකිය නොහැක්කේ අපට පින් මදි නිසා ද?


    මන්ද යත් එවකට(බුදුන් වැඩ සිටි සමයේ) නිවන් දුටු පුද්ගලයන් දෙස බැලූ කල ඔවුන් සියලු දෙනා පව් නොකර සිටිය අය නොවෙන බව බුද්ධ චරිතයේ එන කතා ඇසුරෙන් අපට පිලිගැනීමට සිදුවන සත්යබයකි.


    උදාහරණයක් ලෙසට අප අංගුලිමාල චරිතය මොහොතකට ගනිමු. එම කතාව අනුව අංගුලිමාල වනාහි මිනිසුන් දහසක් පමණ මරා දැමූ පුද්ගලයෙකි. නමුත් බුදුරදුන්ගේ එක් වචනයකින් ඔහු නිවන් මගට පිවිසුනි. නමුත් අප අනුව සිතන්නේ නම් ඔහුට නිවන් දැකිය නොහැකි විය යුතුය. මන්ද යත් මිනිසුන් දහසකට ආසන්න ප්ර මාණයක් මරා දැමූ පුද්ගලයකු කෙතරම් නම් පවු ප්රිමාණයක් කර ඇත්ද? එසේ පින් පවු අනුව නිවන් දකී නම් ඔහුට තව කොපමණ කලක් නිවන් නොදැක සිටිය යුතුද?



    මේ සඳහා මා හට තවති උදාහරණයක් කිව හැක. ඒ නම් අප බුදු රජාණන් වහන්සේගේ දකුණත් සව් වන මුගලන් තෙරුන වහන්සේය. උන්වහන්සේ පෙර ආත්ම භවයක මව් හා පියා මරා ආනන්තර්ය පාප කර්මයක් සිදු කර ඇති පුද්ගලයෙකි. එම පාප කර්මය හෙතු කොට ගෙන උන්වහන්සේ රහත් බව අත්කර ගත් පසුවද ඒ සඳහා අනන්ත දුක් පීඩා වින්දේය.


    එසේ නම් එයින් අදහස් වන්නේ පවු තිබියදී වුව එය වනාහි නිවනට බාධකයක් නොවන බව නොවේද?
    එනම් එයින් අපට එක් නිගමනයකට පැමිණිය හැක. එනම් පින් පව් වනාහි නිවනට බාධකයක් නොවන බවය. මා හට සිතෙන්නේ මෙසේය, එනම් මෙම මත වනාහි මිනිසුන් නිවන් මග ඇහිරීම පිණිස නිමවන ලද දේවල් ලෙසය.




    පඤ්ඤාවන්තස්ස ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස
    ලෙස බුදුරදුන් ප්රෝකාශ කර ඇත. එනම් ධර්මය වනාහි ප්රඇඤ්ඤාවන්තයන්ට බවය. එසේ නම් ප්ර ඤ්ඤාවන්තයන්ට නිවන් දැකිය හැක යනු එහි තේරුමය.



    නිවන සඳහා පින් පවු දෙස බලා නොසිට ධර්මය දෙස ප්රාඤ්ඤාව තුලින් බලා හැකි ඉක්මනින් සසරින් එතෙර වීමට අප විසින් කටයුතු කල යුතු නොවේද?


    බුදුරදුන්ගේ අවසන් වදන වන “අප්පමාදේන සම්පාදේත” යන බුදු වදන සිහි කරමින් සියලු දෙනාට නිවන් සුව පතමි.



    611.jpg

    1249447979492819528-2474352249484752987
     

    gaveshi

    Member
    May 13, 2009
    129
    38
    0
    ආනන්තරීය පාප කර්ම කල විට එම ආත්ම භාවයේ නිවන් යාමට නොහැකි බව මම අසා ඇත. දීර්ග කාලයක් දුක් චිදීමට සිදු වේ. එය නිවනට බාධාවක් බව මට සිතේ . මන්ද එයින් නිවන ප්‍රමාද වන බැවිනි . අනෙකුත් පින් පව් නම් නිවනට බාධාවක් වන්නටත් පුළුවන් නොවන්නටත් පුළුවන් . සමහර රහතන්වහෙසේලා පෙර කල පිනක් හේතු කර ගෙන නිවන් ලබපු බව ප්‍රකාශ කර ඇත. හොදම දෙය තමයි පින් පව් ගැන හිත හිත ඉන්නේ නැතුව නිවනට උත්සහ කිරීම. එසේ කරන අතරතුර පින් අතේ වැඩ ලැබෙන විදියට කරන එක හොදයි. බැරි වෙලාවත් නිවන් යන්න බැරි වුනොත් එම පින් ප්‍රයෝජනවත් වෙයි වෙනත් භවයක හෝ ඉක්මනින් නිවන් යාමට .
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    "අහෝසි කර්ම" බලපෑවොත් පව්, පින් නොලැබෙන්න පුලුවන් කියල නම් මම අහල තියෙනවා.. අංගුලිමාල තෙරුන්ගෙ කතාවෙ උනේ ඒක වෙන්න ඕනෙ
    මුගලන් තෙරුන් නම් රහත් උන ආත්මෙට කලින් සෑහෙන්න අපායෙ දුක් වින්දා නේද??

    පව් පින් වලින් බලපෑමක් නෑ කියල නම් කියන්න බෑ.. ඒත් නිවනට නම් බාධාවක් වෙන්නෙ නෑ වගේ තමයි :)