දහුවා කැම් දාමු

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    දහුවා කැම්

    ඔන්න කතාව:-
    දහුවා කැම් 4 ක් දාන්න කල්පනා උනේ 2019 වගේ හැබැයි දැනට වඩා කැම් ඒ කාලේ වැඩී ඉන්ස්ටෝල් කරන උන් මරන් කනවා ඒ මදිවට අහස පෙන්නලා, අඩු කුලේ 4 චැනල් එකක් ගහලා ලක්ස ගනන් අරන් මාරු වෙනවා මලාට එන්නෙ නෑ. ඔය සීන් වලින් මම හිතාගත්තා සිස්ටම් එකක් DIY කරගන්න. ඔහොම හොයල බලනකොට තමයි හම්බ උනේ සෙන්ස් මයික්‍රෝ SENSEMICRO ඒජන්ට් කෙනෙක් කියලා දහුවා වලට. ගියා සයිට් එකට මාර්කට් ප්‍රයිස් එකට වඩා අඩුයි දැම්මා ඔඩර් කැමරා 4 ක්. උන්ගේ XVR එක තිබුනේ නැහැ ඒක උන්ගේ ඒජන්ට් කෙනෙක්ගෙන් ගන්න යනකොට තමයි ඔක ඉන්ස්ටෝල් කරගන්න උන්ටික සෙට් උනේ. උන් කිව්වා මම ගත්ත කැම් 4 දාල උන්ගේ අනික් බඩු දාල මේ ගානට කරල දෙන්නම් කියලා. හැබැයි ඒ දවස්වල හැටියට උන් ලොකුගානක් ගත්තා. කිසිම සර්විස් එකක් නැහැ උන්ගෙන් ෆුල් සිස්ටම් එක ගත්තේ නැති නිසා. අනික මට තව කැම් 3 ක් දාගන්න උවමනාවත් තිබ්බ නිසා කෙනෙක් හොයදදි තමයි @Dhanushka.N කිරියෙන් සෙට් උනේ. පොර ලොකු සීන් නැති පොරක් දිනයක් දීලා ඒදා ඇවිත් කැම් 3 දාල දුන්නා ගොඩක්ම අඩුවට ගෙදර ඉදන් මීටර් 20 වගේ දුරට තාම කිසිම හෙනයක් නෑ මේව මාරම ඩ්යුරබල් :love:. අනික මේ ලගකදි මම අතින් සෙටින්ග්ස් වෙනස් වෙලා රෙසලුසන් අවුල් ගියා කැම් එකක ඒක අද ඇවිත් අලුත් එකක් දාල කැමරාවේ ගාන විතරක් ඉල්ලපු නිසයි මේ ත්‍රේඩ් එක දාන්න හේතුව. හොද කොල්ලෙක් වැඩේ කරලා ගියා නුවර ඉදල ඇවිත් වෙන වැඩකට, මගේ එකත් කලා. අරුන්ට කිව්වා නම් සිසිටිව්වි එපා වෙන්න ගනන් කියනවා.
    උබලත් ලොකු සිස්ටම් එකක් කරනවා නම් රෙකම්න්ඩ් කරනවා පට්ටම සදානර නිසා. මම දාල තියෙන්නෙ ෆුල් කලර් විත් වොයිස් දෙකයි නයිට් විසන් කැම් 5 යි, ආ තව එකක් මේවගේ කොමන් පවර් සප්ලයි දානවනම් ටිකක් හොද බ්‍රෑන්ඩ් එකක් දාපන් මොකද කාලයක් යද්දි ඩ්‍රොප් වෙනවා. පවර් කේබල් බ්‍රැන්ඩඩ්ම දාපන්. අනින් කැම් දාද්දි නිකම්ම ඔපන් ඒරියා වල නොදා සෙඩ් එකක් යටින් වගේ එන තැනක දාපන්. UPS එකක් අනිවා ඔන ඊට අමතරව නෙට් කනෙක්සන් එකක් මොනිටර් එකක් දාපන් වැඩේ පිලිවෙලයි. මගේ 2019 ගැහුව එක දාන්න උනේ HDD එකයි කොමන් පවර් සප්ලයි එක විතරයි. Power කට් අම්බානක ගිය නිසා ඔව ගියේ පහුහිය ටිකේ. එහෙනම් කොටේසන් එකක් අරන් කරගන්න බලපන් ඔන නම් එකක් - ජය

    IMG-9187.png


    IMG-9189.png
     
    Last edited: