දහ අට සන්නියේ එන සන්නි දහ අට part 01
සන්නි යකුන් යාගය හෙවත් දහ අට සන්නියේ එන සන්නි දහ අට
උපත් කතාව.
දේශීය නාට්‍ය කලාව ගැන අවධානය යොමු කිරීමේදී කෝළම්, නූර්ති, නාඩගම් මෙන්ම ශාන්ති කර්ම හා යාගද බෙහෙවින්ම වැදගත් වන්නේ දේශීය නාට්‍ය කලාවේ අංකුරයන් නිර්මාණය වූයේ එතුලින් බැවිණි.යාග කර්ම අතර යක්ෂයින් උදෙසා පවත්වන සන්නි යාග කර්ම වල අපට හමුවන එක් යාග කර්මයකි සන්නි යකුම හෙවත් දහ අට සන්නිය. මේ සටහන එහි උපත් කතාව පිළිබඳවයි.
පෙර එක් කළෙක දඹදිව විශාලා මහ නුවර සංඛපාල නම් රජ කෙනෙක් රාජ්‍ය කල අතර ඔහුට අසුරපාල හෙවත් ආයුපාල නමින් බිසවක් විය. මේ රජු දැහැමින් සෙමින් රාජ්‍ය කරන අතර හදිස්සියේම දඹදිව සංඛපාල රජුගේ රාජ්‍යට එරෙහිව කැරැල්ලක් පැන නැගුණි. ඒම කැරැල්ල අවසානයේ යුද්ධයක් තරමටම වර්ධනය වූ නිසා සංඛපාල රජු එය සංසිඳවීමට පිටත් වී ගියේය. ඒ යන විටදී සංඛපාල රජු තම රාජ්‍ය තම මහ ඇමතිට භාර දී ගියේය. මේ අවස්ථාව වන විට ආයුපාල බිසවට සංඛපාල රජු නිසා දරු ගැබක් හට ගෙන තිබුණි. යුද්ධයක් දිනාගෙන ඒම සඳහා පිටත්වන ස්වාමියාට ඕ ඒ බව නොදැන්වූවාය.
මේ අතර ආයුපාල බිසවට මී අඹ කෑමේ දොළදුකක් ඇතිවේ. ඇය මේ බව මහ ඇමතිට දන්වා තමන්ට කෙසේ හෝ මී අඹයක් සොයා දෙන ලෙස පවසයි. එකළ මී අඹ අවාරේ විය. එම නිසා මී අඹ තියා නිකන් අඹයක්වත් සොයා ගැනීම බෙහෙවින් අසීරු විය හැකි බව මහ ඇමතිට වැටහුණි. ඉතින් මේ මහ ඇමතියා රාජ්‍ය පුරා අණ බෙර ගස්වා කෙසේ හෝ එකම එක මී අඹයක් සොයා ගනී.
මේ අතරවාරයේ සිදුවන්නේ තවත් බලාපොරොත්තු නොවූ සිදුවීමකි. ආයුපාල බිසවට සේවිකාවක් විය. ඇයටද බිසවට මෙන්ම දරු ගැබක් මේ කාලයේම හටගෙන තිබුණි. බලාපොරොත්තු නොවූ සිදුවීම නම් ඇයටද මී අඹ කෑමේ දොළ දුකම ඇතිවී තිබුණි. තමන් මෙතෙක් කලක් ආදරයෙන් සේවය කළ ආයුපාල බිසව තමන්ටද මී අඹයෙන් කොටසක් දෙතැයි සිතූ සේවිකාව එයින් අඩක් ඉල්ලයි. තමන් අමාරුවෙන් සොයාගත් මී අඹයෙන් කොටසක් අහිමිවනු නොරිස්සූ ආයුපාල බිසව එය ප්‍රතික්ෂේප කරයි. ඉල්ලූ දේ නොලැබුණු සේවිකාව තම ස්වාමි දුව කෙරෙහි වෛර බඳගන්නේ නිරායාසයෙනි.තම ස්වාමි දුවණිය කෙරේ බැදී වෛරෙන් යුතු සේවිකාව ඇයගෙන් පලි ගැනීමට මාන බලයි. කෙසේ හෝ ඒ සඳහා පොටක් පාදාගන්නා සේවිකාව අවස්ථාවක් එන තුරු බලා සිටියි.
යුද්ධය සංසිඳවීම සඳහා ගිය සංඛපාල රජු එය නිමකොට ආපසු තම රාජ්‍ය කරා පැමිණෙන්නේ මේ අතරවාරයේදීය. තම අභිප්‍රාය ඉටුකර ගැනීමේ වෙලාව මෙයයැයි සිතූ බිසවගේ සේවිකාව රජුගේ පෙරමගට දිවගෙන යයි. ඉන්පසු ඇය රජුට පවසන්නේ මහ ඇමති නිසා ආයුපාල බිසව ගැබ්ගෙන ඇති බවයි. බිසව ගැබ් ගෙන ඇති බව දුටු සංඛපාල රජුද කරුණු සොයා නොබලාම තම බිසව මරා දැමීම සඳහා රාජ පුරුෂයන්ට අණකරයි.
වධකයෝ ඇයව මරා දැමීම සඳහා අණබෙර ගස්වා අමු සොහොනට ගෙන යති. එහිදී බිසවගේ එක් පාදයක් බර ගලක තබා බඳින අතර අනික් කකුල අසල තිබුණු පුබ්බේරිය ගසක් නවා එහි ගැට ගසයි. ඉන්පසු වධකයන් විසින් නමා තිබූ පුබ්බේරිය ගස අත හරින්නේ බිසව දෙපළු කර දමමිනි. කෙසේ වෙතත් බිහිවීමට සිටි දරුවාගේ පෙර පින් බෙලෙන් මහා සුළඟක් හමා පුබ්බේරිය ගස නැවත නැමේ. එහිදී එම දරුවා බිහි වන අතර ආයුපාල බිසව මියයයි. ඉපදුන දරුවාට බීම සඳහා මව් කිරි නොමැති නිසාවෙන් ඔහු තම මව මිය යාමෙන් වහනය වුණු රක්ත රුධිරය බී වැඩෙයි. ඔහු රුධිරය පානය කර වැඩුණු නිසා යක්ෂයෙක් බවට පත්වූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. පසු කළෙකදී මහා කෝළ සන්නි යක්ෂයා නමින් ප්‍රසිද්ධ වන්නේ මේ යක්ෂයාම වේ.
සොළොස් වියට පැමිණි මහා කෝළ සන්නි යක්ෂයා හට පුර්ව ආත්මය පිළිබඳ ඥාණයක් පහළ විය. තම මව මැරු පළිය ගැනිමට සිතූ හෙතෙම වනයට ගොස් බෙහෙත් වර්ග රාශියක් එක් කොට අඹරා ඉන් ගුලි දහ අටක් සදා එයින් පිරිවර යකුන් දහ අට දෙනෙක් මවා ගත්තේය. ඉන් පිරිවර සමග විශාලා මහනුවරට ගොස් නගරය විනාශකරන්නට විය.මෙහි වැසියන් හට තුන් බිය හට ගත්තේය.
"දුන්න අත දරුවා
සන්නි පිරිවර එකතු කෙරුවා
ඔන්න හුඩ තැලූවා
ඔන්න එනවා සන්නි මරුවා"
මෙයින් නගරය විනාශයට පත්වෙද්දි එහි රාජ්‍ය කල ලිච්චවියන්ගේ ආරධනයෙන් බුදුන් වහන්සේ නුවරට වැඩම කොට රතන සුත්‍රය දේශනා කොට පිරිත් පැන් ඉස යක්ෂ, දුර්භික්ෂ සහ රෝග බිය දුරු කළේය. (බුද්ධ චරිතයේ එන විශාලා මහනුවර තුන්බිය දුරු කිරීමේ අවස්ථාවද මෙයම වෙයි) ඉන් පසු මහා කෝළ සන්නි යක්ෂයා ප්‍රධාන අනෙත් යකුන් දහඅට දෙනා මිනිසුන් හට රෝග ඇති කරවා එ සදහා ලැබෙන පුද පුජා වලින් ජිවත් වන්නේ යැයි පුරාවෘත්ත වල සදහන්වේ.
දහ අට සන්නියේ එන සන්නි දහ අට part 02
Source:

Code:
http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**