දළදා ප්‍රහාරයේ බුද්ධි ඔත්තුව මග හැරපු හැටි ගැන මහා හෙළිදරව්වක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    60,876
    56,390
    113
    පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව බුද්ධි අංශ කලින් ම තොරතුරු හෙළිකර තිබියදීත් එය වළක්වා ගැනීමට අසමත් වූ අන්දමින් ම, දළදා මාලිගයට 1998 ජනවාරි 25 වන දා එල්ල වූ ප්‍රහාරය ගැන ද බුද්ධි අංශ කලින් ම තොරතුරු හෙළි කළ ත්, නිසි පියවර ගෙන නැතැයි ‘මව්බිම’ට වාර්තා වේ.

    රජයට ලිඛිතව මේ බව දන්වා සිටිය ත් කිසිදු පියවරක් නොගත් බව ත්, අවසානයේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් සමග සාකච්ඡා කොට දළදා සමිඳුන් වෙනත් සුරක්ෂිත ස්ථානයකට ගෙන ගොස් තැන්පත් කර තැබීමට කටයුතු කළ බව ත්, එවකට දියවඩන නිලමේ නෙරන්ජන් විජේරත්න ‘මව්බිම’ සමග කළ විශේෂ සාකච්ඡාවකදී පැවසීය.

    දළදා සමිඳුන් එසේ සුරක්ෂිතව වෙනත් තැනක තැබු බව එවකට දැන සිටියේ තමන් හා මහනාහිමිවරුන් දෙන ම පමණක් බව ද එය මාධ්‍යට හෙළිකරන්නේ පළමු වතාවට බ වද හිටපු දියවඩන නිලමේවරයා කියා සිටියේ ය.

    නෙරන්ජන් විජේරත්න මහතා හෙළි කළ තොරතුරු පිළිබඳව එවකට මධ්‍යම පළාත භාරව සිටි රාජ්‍ය බුද්ධි සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයාගෙන් විමසූ අවස්ථාවේ එම ප්‍රහාරය පිළිබඳව බුද්ධි අංශ කලින් ම තොරතුරු හෙළිකළ පුවත සැබෑවක් යැයි ඔහු කියා සිටියේ ය.

    මහනුවරදී නිදහස් සමරුව පැවැත්වීමට රජය ගෙන තිබු තිරණයත් සමග මහනුවර කේන්ද්‍ර කොට ගෙන යම් ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදුවිය හැකි බවට තොරතුරු ලැබුණ බැවින් ඒ සඳහා විශේෂ ආවේක්ෂණ වැඩපිළිවෙළක් සකස් කළ බව ද හෙතෙම පැවැසීය.

    හන්තානේ සවිකළ සංඥා උපකරණ මගින් එල්ටීටීඊ සංවිධානයේ පණිවුඩ හුවමාරු නිරීක්ෂණය කරන අතර නුවර ප්‍රදේශයට ඇතුළු වූ බෝම්බ ඇටවූ ලොරියක් ගැන නිශ්චිත තොරතුරු අනාවරණය වූ බව ද ඔහු කියා සිටියේ ය.

    “පුපුරණ ද්‍රව්‍ය සහිත ලොරි රථයක් නුවර ප්‍රදේශයට ඇතුළු වූ බවට ස්ථිර නිගමනයකට පැමිණීමෙන් පසු මා විසින් එවකට ආරක්ෂක ලේකම් චන්දානන්ද ද සිල්වා මහතාට ඒ බව ලිඛිතව දැනුම් දුන්නා.

    මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ද ලිඛිතව දැනුම් දුන් අතර සහකාර පොලිස් අධිකාරිවරයෙකු මගින් වාචිකව ද දැනුම් දුන්නා.

    මෙම දැන්වීම රාජ්‍ය බුද්ධි අංශය විසින් සිදුකරන ලද්දේ බෝම්බ පිපිරීම සිදුවීමට සතියකට පෙර වන නමුත් රජය ඒ සම්බන්ධව ආරක්ෂක වැඩ පිළිවෙළක් නොයෙදූ බව 25 වන දා දළදා මාලිගාවට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් සනාථ වුණා.

    අදාළ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියත්මක වූ අතර ත්‍රිපුද්ගල කොමිසමක් ද පත් කළ නමුත් කිසි ම දවසක ඒ කමිටුවේ වාර්තාව එළියට ආවේ නැහැ.”
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    24,387
    47,170
    113
    65LCnqL.jpeg
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,378
    6,219
    113
    ඉන්දීය අමරිකානු... ගේමක්

    කතෝලික එවුන් හිතලම අතාරින්න ඇති
    ------ Post added on Jul 8, 2023 at 7:09 AM
     
    • Like
    Reactions: NRTG

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,207
    3,025
    113
    6°54′N 79°54′E
    අදාළ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියත්මක වූ අතර ත්‍රිපුද්ගල කොමිසමක් ද පත් කළ නමුත් කිසි ම දවසක ඒ කමිටුවේ වාර්තාව එළියට ආවේ නැහැ.
    :sorry::sorry::sorry::sorry:
     
    • Like
    Reactions: NRTG

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,582
    5,575
    113
    පුදුමයිනේ දැනගෙනත් ඇයි දන්නේ නැහැ වලක්වා ගත්තේ නැත්තේ :unsure:
    මෙහෙමනේ, ගහනවා කියලා දන්නවා, ඒත් මෙච්චර සැරට ගහයි කියලා හිතුවේ නැහැ.
     
    • Haha
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,033
    113
    ඉන්දීය අමරිකානු... ගේමක්

    කතෝලික එවුන් හිතලම අතාරින්න ඇති
    ------ Post added on Jul 8, 2023 at 7:09 AM
    බුදුහාමුදුරුවො හිටියනං දලදාව විතරක් ආරක්ෂිත කරන්න කියයිද, එන මිනිස්සු ආරක්ෂා කරන්න කියයිද? @elajani
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    7,265
    1
    23,205
    113
    පර බැල්ලි පස්සේ කාලෙක කිව්වේ යුද්දෙ හතරෙන් තුනක් ඉවර කලේ ඒකිගේ කාලෙදී කියලා. කොටි නම් ඒකිගේ කාලෙදී යුද්ධෙන් හතරෙන් තුනක් ඉවර කරලා තිබුනේ.
     
    • Like
    Reactions: kinkon and NRTG