ද්විමාන තලයෙන් ඔබ්බට... Stereocopy
ත්‍රිමාණ රූප මැවීමේ තාක්ෂණය බොහෝ දෙනෙකුට ආගන්තුක ක්ෂේත්රයක් වුවද ඒ පිළිඹඳ සංකල්පය 1890 වැනි ඈත අතීතයට දිවෙන්නකි. හුදෙක් සරල සංකල්පයක් ලෙස කරලියට පිවිසි අද වන විට තාක්ෂණිකව විශාල ප්‍රගතියක් අත් කරගෙන ඇත.නමුත් මෙය තවදුරටත් දියුණු විය යුතු බැව් පිළිගැනේ. එබැවින් මෙම ලිපිය තාක්ෂණයේ දියුණුව පතන එය විඳිනු කැමති ඔබ වෙනුවෙනි. උත්තල කාචයක් තුලින් යන ආලෝකය දුෂ්ටි විතානය නම් වූ ආලෝක සංවේදී තිරයක් මත ප්‍රතිබිම්බගත කිරීම ඇසක සිදුවෙන ක්‍රියාවයි. එය සෑම විටම ද්විමාන රූපයක් මවයි. ඉතින් ඔබ දකින ද්විමාන දර්ශනය තුලින් තුන්වන මානය හෙවත් ගැඹුර අත්වින්දිනුයේ කෙසේද? මේ පිලිඹද අප විමසා බලමු. එක ක්‍රමයක් වන්නේ ඔබට දැක පුරුදු දර්ශනවල අඩංගු වස්තුන්ගේ විශාලත්වය සංසන්දනය කිරීමයි. වස්තුවක් ඈතින් තිබීම එය කුඩාවී පෙනීමට හේතු වේ. මෙය ඇසට ලැබෙන ආලෝකයේ පතන කෝණය කුඩා වීම නිසා සිදුවන්නකි. ඔබගේ හිස ඒ මේ අත හැරවීමද ත්‍රිමාණ බව ඇතිකරන්නකි.මන්ද හිස හැරවීමේදී ලඟින් ඇති වස්තු ඈතින් ඇති වස්තු වලට වඩා ඇසට සාපේක්ෂව වැඩිපුර හැරෙනු ඇත. මුලිකව මෙම ක්‍රම මගින් ඔබේ මනස තුල ගැඹුර පිලිඹද අදහසක් පැන නගී.ද්විමාන චිත්‍රපටයක් නැරඹීමේදී එතරම් අඩුපාඩුවක් අපට නොදැනෙන්නේ එබැවිනි. නමුත් එක සමාන ප්‍රමාණයේ වස්තු දෙකක් කුඩා පරතරයකින් තැබූ විට මෙය එතරම් සාර්ථක නොවනු ඇත.එහි ලා එලිය අඳුර එම වස්තු වලට පතිත වන ආකාරය (light occlusion) මගින්ද අදහසක් ලබාගත හැකිය
--------------------------------------------------------------------------------------
චීනයේ CCTVප්‍රධාන ගොඩනැගිල්ල මෙහි දැක්වේ. මෙහි ත්‍රිමාණ බව අවබෝධ කරගැනීමට ඔබ උපයෝගී කර ගනු ලබන්නේ එලිය අඳුර හා ලඟින් හා ඈතින් ඇති වස්තූන්ගේ ලොකු කුඩා බවයි.
නමුත් මින් එහා ගිය වඩා තාත්විකව ත්‍රිමාණ ස්වභාවයක් මවා පෑමේ ක්‍රමවේදයක් ඇස් හා මොලය එක්ව ක්‍රියාවට නංවයි. එහිදී ඔබට වඩාත් ලඟින් පිහිටි වස්තූන් දුර ඇති වස්තූන් පසුබිමේ ඉලිප්පී පෙනීම මගින් ඔබ ඉදිරියේ එක එල්ලේ ඇති වස්තු අතර දුර ප්‍රමාණය පිලිඹද අවබෝධයක් ලබාගැනීමට හැකිය. මෙයට හේතුව වන්නේ ඔබ සතුව අඟල් 2.5 ක් (64mmකට ආසන්නයි) පමණ පරතරයක් සහිතව ඇස් දෙකක් පිහිටා තිබීමයි. එකම දර්ශනයක් දෙසට නාභිගත කරන කල්හි එක් එක් ඇස එය දකින කෝණය හා දුර (පරිණාමය) එකිනෙකට සුළු වශයෙන් වෙනස් වනු ඇත. ( Different Perspective: parallax and offset differences) මෙම වෙනස්කම් සහිත දර්ශන යුගලය මොලය තුලදී එකිනෙක සම්පාත වී සෑදෙනුයේ ගැඹුර පිලිඹද අදහසක් ලබාගත හැකිවන සේය. පෙරකී සුළු වෙනස ගැඹුර පිලිඹද මිම්මක් වන බැවිනි. එබැවින් කිසිදු වැරදීමකින් තොරවම ඔබ ඉදිරියේ ඇති යමක් අල්වා ගැනීම සඳහා නිවැරදි දුරකට දෑත් යොමු කිරීමට ඔබට හැකිය. එලෙසම තම ඉදිරියෙන් පැමිණෙන බෝලයේ නිවැරදි පිහිටීම ක්‍රිකට් ක්‍රීඩාවේ නියුතු පිතිකරුවෙකු දනී. ඔහු ඒ අනුව තම පිත්ත හසුරුවනු ලබයි. මෙය අපගේ ඇස මොලය හා ශරීරය අතර ඇති සහසම්බන්ධතාවයයි.
ඉහත සඳහන් ස්වභාවික ක්‍රමවේද සියල්ල ප්‍රතිනිර්මාණය කිරීමට හැකි විනි නම් ද්විමාන තලයක ඇති රූපයක් වුව ත්‍රිමාණව දැකිය හැකිය. මෙම අනුකරණය සඳහා මුලිකව ඇස් දෙකට එකිනෙක වෙනස් කෝන හා දුරක් සහිත දර්ශන දෙකක් වෙන වෙනම ලබාදීම අපහසු කාරණයකි.මන්ද යත් එලිය අඳුර,ලොකු කුඩා බව ආදිය නිතැතින්ම කැමරා කාච මගින් ග්‍රහණය කරගත හැකි වුවද මොලය මගින් කරන දර්ශන සමපාතනය මගින් ත්‍රිමාණකරණයට අදාළ දර්ශන යුගලයක් ග්‍රහණය කර ගැනීමට ඒවා අපොහොසත් වීමය. එය වෙනත් ප්‍රයෝග මගින් සිදුකර ගැනීමට විද්‍යාඥයෝ එකල සිටම උත්සාහ කළහ.අපි දැන් එම ක්‍රමවේද පිලිඹද විමසා බලමු.
1. එකිනෙකට වෙනස් වර්ණ ගැන්වූ උපැස් යුවලක්පැළඳීම. ( Anaglyph 3D)
මෙහිදී අවශ්‍ය කරන වර්ණ තේරීම වැදගත් වේ. ප්‍රිස්මයක් තුලින් සුදු ආලෝකය වර්තනය වන විට උප වර්ණ 7 කට බෙදී යන බව ඔබ දනී. මෙය Isaac Newtonවිසින් පළමු වරට ආදර්ශනය කල බැව් කියවේ. එලෙස බෙදා වෙන්කළ වර්ණාවලිය, චක්‍රයක් ( Wheel) ලෙස පිළියෙළ කල විට එහි අඩංගු කිසියම් එක් වර්ණයකට විරුද්ධ පස පිහිටන වර්ණය මුල් වර්ණයට විරුද්ධ යැයි කියනු ලබයි. ( Chromatically opposite colours of the colour wheel) මෙලෙස එකිනෙක විරුද්ධ වර්ණ යුගලයක් සැලකූ විට එහි එක් වර්ණයක් තුලින් අනෙක් වර්ණය පෙරා ඉවත් කල හැකි බව පෙනී ගොස් ඇත. උදාහරණ වශයෙන් රතු/කොළ , රතු/නිල් වඩා සාර්ථකව මෙම කර්තව්‍යය ඉටුකරයි.
එසේ නම් යම් රූප රාමුවක් ත්‍රිමාණකරණයට ඔබින දර්ශන දෙකක් ( images with different perspectives)ලෙස වෙනකොට එකක් රතු පැහැයට හරවා අනෙක නිල් හෝ කොළ පැහැයට හරවා, රතු සමග කොළ හෝ නිල් උපැස් සහිත කන්නාඩියක් තුලින් බලු විට අදාල පැහැයෙන් යුතු දර්ශනය පමණක් ඒ ඒ ඇසට ලැබීමෙන් සාර්ථකව ත්‍රිමාණ දර්ශනයක් අත්දැකීමට පුළුවන.1920,1930 න් ඇරඹි දශකවල ත්‍රිමාණ සිතුවම්,වීඩියෝපට මෙම ක්‍රමය භාවිත කර ඇත.නමුත් මෙහිලා ගැටළු පවතී. සත්‍ය වශයෙන්ම සර්ව සම්පුර්ණ පෙරීමක් සිදු නොවීම එකකි. මෙමගින් එක් ඇසකින් දැකීමට පමණක් යෝග්‍ය රූප කොටස් අනෙක් ඇසින්ද දැකීමෙන් අභව්‍ය සෙවනැලි සමස්ත රුපය මතම හටගනී. ත්‍රිමාණ තාක්ෂණ ව්‍යවහාරයේදී මේ දර්ශන ghosts ලෙස හඳුන්වනු ලබයි.

Red-Cyan ක්‍රමයට නැරඹිය හැකි වනසේ නිර්මාණය කල රූපයක් හා Red-Cyan ක්‍රමය උපයෝගී කරගත් උපැස් යුවලක්.

අනෙක් කරුණ නම් පළඳින උපැස් යුවල හා එහි කාචවල දුර්වලතා වේ. ඉතා ස්වල්ප වෙනසක් වුව දර්ශන වලට බාධා ඇති කරයි.මෙවැනි බාධා සඳහා නිශ්චිත සම්මුතියක්ද නැත. නමුත් මෙවැනි බාධා මගහරිනු වස් රතු සමග කොළ හා නිල වර්ණ එක්වීමෙන් සෑදෙන cyan වර්ණය යොදා වඩා තියුණු රුප රාමු නැරඹිය හැකි බව පෙන්වා දෙන ලදී. මෙම ක්‍රමය “Red-Cyan method” ලෙස ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි.
පසු කලෙක මෙම ක්‍රමය යොදා චිත්‍රපට කිහිපයක්ද එලි දක්වන ලදී. විශේෂයෙන් වර්ණ චිත්‍රපට සඳහා මෙය ඉතාමත් යෝග්‍ය විය. නමුත් උපැස් යුවලේ තත්වය එකකින් එකකට නොගැලපීම හා අනෙකුත් ප්‍රශ්න සම්පුර්ණයෙන් නොවිසඳුන බව කිව මනාය. ඈත සිට බැලීමේ අපහසුතාද විය. එබැවින් යම් යම් දියුණු කිරීම් සිදු කල කන්නාඩි කාලානුරුපීව වෙළඳපොළට පැමිණුනි. නමුත් මෙම ක්‍රමය රිදී තිරයෙන් කෙමෙන් ගිලිහි යනු දක්නා ලදී. තවද මෙවැනි දර්ශන රූපගත කර සංස්කරණය කිරීම එකල බෙහෙවින් අපහසු කරුණක් විය.
පරිගණක භාවිතයත් සමග ඒවායේ පවතින පොස්පරස් (phosphor) ප්රතිදීපක වලට ගැලපෙන සේ මෙම කන්නාඩි දියුණු වුන අතර ඒ සමගින් මෙම තාක්ෂනය නව පණක් ලැබිය. මෘදුකාංග මගින් Red-Cyan ක්‍රමය ඔස්සේ නැරඹිය හැකි රුප කෘතිමව සාදාගත හැකි වින. අවැසි තනි රුපයක් සඳහා ඔබට Photoshop©වුව භාවිත කල හැකිය. 2D වීඩියෝපට 3D ලෙසට හරවා ගැනිමටද මෘදුකාංග ඇත. බහුතරයක් වීඩියෝ සංස්කරණ මෘදුකාංග මගින් මෙය කල හැකිය. ඒවා සුදුසු කන්නාඩියක් යොදා නැරඹිය යුතුය.
Red-cyan වලට අමතරව වර්ණ මිශ්‍ර කිරීමෙන් සාදාගත් වෙනත් ක්‍රම රාශියකි. Dark red-Cyan ( Anachrome method), Dark red+lense-Cyan ( mirachrome method), Green-Magenta ( Trioscopic method), Magenta-Cyan, ඉන් කීපයකි. තවද මෙම වර්ණවල ඉතාමත්ම ගැලපෙන සංඛ්‍යාත පවා සොයා බලමින්, කාච වල බලයන් වෙනස්කරමින් ඉතාමත්ම සංවේදී ක්‍රම සොයාගැනීමට විද්‍යාඥයන් උත්සුක වේ. මෙම තාක්ෂණික පෙරළියේ නුතන ජවනිකාව 2000 වැනි කාලයෙදී අරඹනු ලැබීමත් සමග තව තවත් වර්ණ සංයෝජන ඉදිරිපත් කෙරින. මේවා හුදෙක් ඉහතින් දක්වා ඇති විරුද්ධ වර්ණවල ක්‍රියාවට එහා ගිය තාක්ෂණයන්ගෙන් යුක්ත බැව් කිව යුතුය. එනම් සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය ක්‍රම වේ. උදාහරණ වශයෙන් 2003 පමණ කාලයේදී හඳුන්වා දුන් Colorcode® ක්‍රමය ගත හැක.
ඩෙන්මාර්ක් ජාතික පර්යේෂකයින් පිරිසක් විසින් සොයාගන්නට යෙදුනු මෙම ක්‍රමයේදී වම් ඇසට ඇම්බර් ( Amber) වර්ණයත් දකුණු ඇසට අඩු බල කාචයක් ඔස්සේ අඳුරු නිල් පැහැයත් ලබා දේ. මෙහිදී කන්නාඩිය ගලවා බලු විටද බොහෝ දුරට සාමාන්‍ය 2D රුපයක් සේ පෙනීම විශේෂත්වයකි. එබැවින් රුපවාහිනී ආයතන මෙම ක්‍රමයට වීඩියෝගත කල වැඩසටහන් ඉදිරිපත් කරනු ලබයි. මන්ද යත් කන්නාඩියක් සහිතව හෝ රහිතව නැරඹිය හැකි බැවිනි. කෙසේ වෙතත් ත්‍රිමාණව නැරඹීමට නම් උපැස් යුවල අවශ්‍යම වේ.
තවත් ක්‍රමයක් වන්නේ Infictec® නම් ක්‍රමයයි.
ජර්මනියේ සමාගමක් මගින් දියුණු කල මෙය සාමාන්‍ය තිර මගින් නැරඹිය නොහැක. රතු, කොළ , නිල් යන වර්ණ තුනම මිශ්‍ර කර සාදාගත් එකිනෙකට වෙනස් සුදුවර්ණ දෙකකින් එවන ආලෝකය බෙදා වෙන්කල හැකි පෙරන වලින් මෙවැනි කන්නාඩියක් සමන්විතය.මෙම සුදු වර්ණ වල සංඛ්‍යාත වෙනස් බැවිනි. මෙවැනි වෙනස් ක්‍රම රාශියක් ඇත.මේවා අතරින් වඩා පහසු හා හොඳ ත්රිමාණකරණයක් ඇති කිරීමට සමත් තාක්ෂනය වඩ වඩාත් ඉදිරියට දියුණු වනු ඇත.වෙළඳ සමාගම් අතරද විශාල තරඟයක් මෙවැනි නිෂ්පාදන වලට ඇත.
උපුටා ගැනීම ටෙක්නිකල් හංදිය වෙබ් අඩවියෙනි..