දානයෙන් දානය උතුම් දානයයි..!

Oct 10, 2012
17
4
0
දානයෙන් දානය උතුම් දානයයි..!

භික්ෂුන්ට දානය පිළිගන්වා පිං අනුමෝදන් කරවාගැනීමට බෞද්ධ බැතිමතුන් කැමතිය. තමන්ට ලැබෙන දෙය බෙදාහදා ගැනීම කොහොමත් අගනාය. මේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ සාමණේරයන් වහන්සේලා දෙදෙනෙකු තමන්ට ලැබුණු දිවා දානය වන සතුන් හා බෙදාගත් අයුරුය



799203337rusara-M.jpg





ඇසට කඳුලක් නැගුනි නම් එය හැඟුම් බර මනසකි:(


බුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා
බුදු සුවඳ බුදු එලිය පැල පුරා ඉහිරිලා
බුදු පුතේ නුඹ දිනෙක බුදු වෙයන් කියාලා
නියත විවරණ දෙන්න යමු මැණිකේ නැගිටලා.


හැබයි ඉස්සර වගේ මගේ පුතේ කියාලා
තුරුලු කරගන්න නම් එපා ඉක්මන් වෙලා
බත් කටක් කවන්නට හිත ගියත් ලංවෙලා
එපා සිල් ඇවිස්සෙයි මව් සෙනෙහෙ සිහිවෙලා


හැබයි ඉස්සර වගේ මගේ පුතේ කියාලා
තුරුලු කරගන්න නම් එපා ඉක්මන් වෙලා
බත් කටක් කවන්නට හිත ගියත් ලංවෙලා
එපා සිල් ඇවිස්සෙයි මව් සෙනෙහෙ සිහිවෙලා



බණ කතා කියනකොට හුරතලෙන් මුව විදා
කඳුලු පිස දුක නිවෙන බණ අසමු නෙතු පියා
හැඟුම් නැති සිතින් පුතු දකින්නට දිරි පතා
අපිත් විවරණ ලබමු වැටී වැඳ පුතු දෙපා


 
  • Like
Reactions: Rosswell