දාන පාරමී

ncbrando

Member
Jan 31, 2014
838
115
0
දාන පාරමී:yes::yes:


රුපියලට මොර දෙන
කඳුල සතුටට විකිණෙන
බෝසත්තු අවැසිය අදට
දාන පාරමී පුරනට

කිසිත් ළඟ නොවු සඳ
හාමතින් සිටිනු දැක
පැන්නේය බෝසත්තු
එදවස හා මසක් දෙන අටින

එහෙත් කවුරුන්ද අද
පාරමී දම් පුරනු මෙලෙස
ලේ බිඳක් අයැදින සඳ
ලෙයට ලෙයක් ඉල්ලයි නම් හෙට

සංකල්පය - මාලන් විදානපතිරණ