දාර්ශනිකයෝ ඉන්නවාද?
මනස යන්නට දී ඇති අර්ථකථන අතරින් වඩාත් පිළිගැනීමට ලක්වූ අර්ථකථනයට අනුව මනස යනු ජීවියකු ජීවත්වන පරිසරය කෙරෙහි සංවේදී වීම සහ ඒ ඔස්සේ ලෝකය අත්දැකීම සක්‍රිය කරවන්නාවූ ඓන්ද්‍රීය ක්‍රියාවලියකි. වෙනත් විදියකින් කිවහොත් මනස යනු සිහිය, පරිකල්පනය, අවබෝධය, සිතීම, තීරණ ගැනීම, භාෂාව සහ මතකය වැනි චෛතසික ප්රපන්චයන්ගේ සම්ප්‍රයුක්ත ප්රපන්චයයි. බෞද්ධ ඉගැන්වීමට අනුව එය පාරභෞතික ඉන්ද්‍රියකි. මේ ගැන සැබෑ බෞද්ධ ඉගැන්වීම පිළිබඳ විග්‍රහයක් දන්න කෙනෙක් ඉදිරිපත් කරන්න.
ඒත් මගේ පුද්ගලික අදහස නම් සාම්ප්‍රදායික බටහිර භෞතික විද්‍යාවේ මතය නිවැරදි වියයුතුයි. මනස යනුවෙන් සත්වයා තුල ඉන්ද්‍රජාලිය ශක්තියක් පවතින බව පිළිගන්න සාධක නෑ. මනස යනු ශරීරය විසින් සංජානනය කෙරෙන දේවල් හේතුවෙන් මොළය තුල සිදුවන ජෛව රසායනික විපර්යාසයන් ගේ ප්‍රතිඵලයක් වියයුතුයි. ඒ නිසා මනස දියුණු කිරීම කියන්නේ මිත්‍යාවක්. මනස නිරන්තරයෙන් වෙනස්කම් වලට ලක්වෙමින් විකසනය වෙනවා. පරිනාමණයට ලක්වෙනවා. එය දියුණුවක් හෝ පරිහානියක් නොවේ. මේ ගැන නිදහස්ව කතාකරන්න ඕන.